IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාසා ගගනගාමිනියගෙන් තවත් වාර්තාවක්

 

අභ්‍යවකාශයේ ගගන සක්මනකට එක්වුණු පළමු කාන්තාවන් දෙදෙනා මතකද? ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමිනියන්. ඔවුන්ගෙන් එක් අයකු ජෙසිකා මියර් ය. අනෙක් තැනැත්තිය ක්‍රිස්ටිනා කොක්ය. ගගන සක්මනක් යනු අභ්‍යවකාශයේ පාවෙමින් යම් කිසි කාර්යයක හෝ ගවේෂණයක නියැලීමය. ඉංග්‍රීසියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ස්පේස් වෝක්’ යනුවෙනි. පසුගිය ඔක්තෝබර් 18 වැනිදා එම ගගන සක්මනට සහභාගී වීමෙන් පසු 40 හැවිරිදි ක්‍රිස්ටිනා කොක් තවමත් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටී. 40 හැවිරිදි ක්‍රිස්ටිනා පසුගිය 28 වැනිදා, යළිත් වාර්තාවක් පිහිටුවූවාය. ඒ, වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැදී සිටි කාන්තාව වෙමිනි.


ක්‍රිස්ටිනා කොක් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ පසුගිය මාර්තු 14 වැනිදාය. පසුගිය සැප්තැම්බර් 28 වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළ දින ගණන 288 කි. මීට පෙර අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් රැඳී සිටි ගගනගාමිනිය පෙගී විට්සන් ය. පෙගී ද නාසා ගගනගාමිනියකි. කෙසේ නමුත් ක්‍රිස්ටිනා දැන්ම පෘථිවියට පැමිණෙන්නේ නැත. ඇය පෘථිවියට යළි පැමිණෙනු ඇත්තේ ලබන පෙබරවාරියේ ය. ඒ වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින දින ගණන දින 300 පසු කරනු ඇති බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ක්‍රිස්ටිනා කොක් මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටින්නේ ‘එක්ස්පෙඩිෂන් 61’ නමින් නම් කළ ගගනගාමීන් කණ්ඩායමේ පියසැරි ඉන්ජිනේරුවරිය ලෙසිනි. මේ වනවිට පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින්නේ ක්‍රිස්ටිනා කොක් පමණක් නොවෙයි. තවත් ගගනගාමීහු පස් දෙනෙක් විවිධ පර්​ෙ‌ය්ෂණ කරමින්, කඩත්තු කටයුතුවල යෙදෙමින් නැවැතුම්පොළේ රැඳී සිටිති.


ක්‍රිස්ටිනා හැමොක් කොක් උපන්නේ 1979 ජනවාරි 29 වැනිදාය. ඇය විවාහකය. ක්‍රිස්ටිනා නාසා ගගනගාමිනියක බවට පත් වූයේ 2013 වසරේදීය. නාසා ආයතනය 2024 දී ගගනගාමිනියක සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, ‘ආටිමීස්’ නමැති ගගන මෙහෙයුම යටතේය. පළමු වරට කාන්තාවක සඳ මත පය තබනු ඇත්තේ මෙම මෙහෙයුමේදීය. ඒ සඳහා තෝරාගෙන සිටින ගගනගාමිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ද ක්‍රිස්ටිනා කොක්ගේ නම යැයි පැවැසෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් ගත කළ පිරිමියා එසේත් නැතිනම් ගගනගාමියා ද නාසා සාමාජිකයෙකි. ඔහු ස්කොට් කෙලී ය. කෙලී 2015 සහ 2016 කාලයේ දින 340 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටියේය.

 

 

 


ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 



අදහස් (0)

නාසා ගගනගාමිනියගෙන් තවත් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site