IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


නස්කා රේඛා අතර අබ්රහස් සතෙක්...

 

පේරු රටේ අන්දීස් කඳුකරය අසල කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා (Naska) නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අතිදැවැන්ත අපූරු චිත‍්‍රයි. රාජාලියන්, වඳුරන් ආදී අප හොඳින් දන්නා සතුන්ගේ රූප පමණක් නොව විවිධාකාරයේ සංකේත සහ රටාවන් ද මෙම නස්කා රේඛා අතර දකින්න ලැබේ. 

අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැක. එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසාද? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද? දෙවියන්ට පෙනෙන්නද? කවුරුන්ද මේ දෙවියන්? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද? මේ අයුරින් නොවිසඳුණු ප්‍රශ්න ඉදිරිපත් වෙද්දී, ඉකුත්දා නස්කා රේඛා සම්බන්ධයෙන් නව පුවතක් ලොවට අනාවරණය විය. ඒ, ජපන් ජාතික විද්‍යාඥයන් දෙදෙනකු විසිනි. 


නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ ක්‍රි.පූ. 200දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්ස්’ (Geoglyphs) හෙවත් ‘භූ ලේඛන’ (Earth Writings) යනුවෙනි. යමගාටා විශ්වවිද්‍යාලයේ ජපන් විද්‍යාඥ මසාටෝ සකායි සහ ජෝර්ජ් ඔලානෝ විසින් සොයා ගත් නව සත්ත්ව රූපයෙන් පිළිඹිබු වන සත්ත්වයා මිත්‍යා සත්ත්වයෙකි. පාද රැසක් උගේ මුඛයෙන් පිටතට පැමිණෙන අයුරු රූපයෙන් දිස්වෙයි. මීට පෙර, නස්කා රේඛා අතරින් නව රූපයක් සොයා ගත්තේ 2001 වසරේදීය. 


ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කාහි විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශතවර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි. 


බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඩ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබාදුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟපෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරීවන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඩ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුණත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි. 

 


සමහර විද්‍යාඥයන්ගේ මතයවන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදාගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එද‌ා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි. 

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 



අදහස් (0)

නස්කා රේඛා අතර අබ්රහස් සතෙක්...

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6082 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 274 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 315 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site