2019 ජනවාරි මස 01 වැනිදා අඟහරුවාදා දවසකි.
එසේම දවසේ ශුභ තත්ත්වයක්ද නැත.
ඒ නිසා මේ උදා වන අඟහරුවාදා දවසේ කිරි ඉතිර වීමට ශුභ නැකතක් සෑදීමට නොහැකි තත්ත්වයක් පවතී.
එනමුත් නව වසරක් උදාවන දවසේ කිරි ඉතිරවීමට සහ කිරි බතක් පිසීමට බොහෝ දෙනෙකු කැමතිය.
ඒ නිසා නව වසරක් උදා වන 2019 ජනවාරි 01 වන අඟහරුවාදා දිව්‍යමය ශුභ මුහූර්ථ උදාවන ශුභ මුහුර්ථ වේලාවක් යොදාගෙන පහත සඳහන් නැකත් ඉදිරිපත් කරන්නෙමු.
එම වේලාවන්හි දී තෙරුවන් සිහිකර කටයුතු ඇරඹීමෙන් සෙත සැලසේ.
කිරි ඉතිරවීම
2019 ජනවාරි 01 වැනි අඟහරුවාදා
1. උදේ 06.30 ට උතුර බලා තෙරුවනට පහන් දල්වා පහත සඳහන් ගාථාව කියා ළිප ගිනි මොළවා කිරි උතුරවන්න.
නමෝතස්ස....
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුමේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුමේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුමේ
03 වරක් කියන්න
කිරිබත පිසීම
2. උදේ 6.48 ට උතුර බලා පහත සඳහන් ගාථාව කියා කිරිබත පිසින්න.
ගාථාව
නමෝතස්ස
යං කිංචි චිත්තං ඉධවාහුරංවා
සග්ගේසු වායං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගතේන
ඉදම්මි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
03 වරක් කියන්න
බුද්ධ පූජාව
කිරිබත ඉදුණ පසු බුද්ධ පූජාව තබා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට පිං අනුමෝදන් කරවන්න.
අනුභවය
ඉන්පසු පහත සඳහන් ගාථාව කියා ආහාර අනුභව කරන්න. සෙත සැලසේ
ගාථාව
නමෝතස්ස....
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජ යෝහි
උග්ඝෝසයුං දේව ගණා පස්සනා
ඒතේන සච්චේන ජයස්සු මයිහං
03 න් වරක් කියන්න.
ජ්‍යොතීර්වේදී
වසන්ත කුරුප්පු
රම්මුතුගල, කඩවත
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව වසර සරුවෙන්න නැකතට කිරි උතුරවන්න