IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නිවස ඉදිරිපිට සිටුවන ගහේ සුබ අසුබ

 

තම නිවස ඉදිරිපිට ගහකොළ සිටුවන්නට අප සැම දෙනා තුළම ඇත්තේ ඉතාමත් ඉහළ කැමැත්තකි.   


සිටුවිය යුතු ශාක මොනවාද? සුබ පළ වගේම අසුබ ශාක වර්ග බොහොමයක් ඇත. මේවා පිළිබඳව අප දන්නා කරුණු ඉතා අල්පයි. මේ කෙටි කරුණු කිහිපය තුළින් ඔබට සුබ ශාක පිළිබඳ අව​බෝධයක් ලබා ගත ​නොහැකිය. 
  
නිවස ඉදිරිපිට කොහොඹ ගසක් සිටුවී​ෙමන් නිවැසියන්ට දීර්ඝායුෂ ලැබීම හා වාසනාව ළඟා වීම සිදු වේ.   

නිවස ඉදිරිපිට දෙළුම් වෘක්ෂයක් සිටුවීමෙන් නිවැසියෝ සැපත ලබති.   

නිවස ඉදිරිපිට කෑල ගසක් සිටුවීමෙන් නිවැසියන්ට ආරක්ෂාව ලැබේ. නිවස ඉදිරිපිට බෙලි වෘක්ෂයත් සිටු වීමෙන් නිවසට සිරිකත පැමිණීම සිදු වේ   

නිවස ඉදිරිපස දෑ සමන් පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට අධික සැප (දිවිය සැප) ලබා ගත හැකිය.   

නිවස ඉදිරිපස පළොල් ගසක් සිටුවීමෙන් අධික සැප (දිවිය සැප) ලබා ගත හැකිය.   

නිවස ඉදිරිපස ඇට්ටේරියා වෘක්ෂයක් සිටුවී​ෙමන් නිවැසියන්ට ආශ්චර්යවත් ප්‍රීතියක් දෙවඟනක් සමඟ ජීවත්වීමේ භාග්‍ය ලබා ගත හැකිය.   

නිවස ඉදිරිපස මී ගසක් සිටුවීමෙන් නිවැසියන් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීම සිදු වේ.   

නිවස ඉදිරිපස බුලු වෘක්ෂයත් / මුණමල් වෘක්ෂයත් සිටුවී​ෙමන් නිවැසියන්ට දැසිදස්සන් ලැබීම සිදු වේ.   

නිවස ඉදිරිපිට අශෝක / දොඹ / සපු වෘක්ෂ සිටුවීමෙන් නිවැසියන්ට වාසනාව ළඟා වීම සිදු වේ.   

නිවස ඉදිරිපිට කෝමාරිකා පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට ඇස්වහ කටවහවලින් ආරක්ෂාව ලැබේ.   

නිවස ඉදිරිපිට දුටුසතුටු පැළයක් සිටුවී​ෙමන් නිවැසියන්ට සතුට සම්පත ළඟා කර ගත හැකිය.   

අමනාප වී සිටින දෙදෙනෙකුගේ අත්වලට සමාදාන පැළැටියක පත්‍රයක් දෙකඩ කඩා දී​ෙමන් එම දෙදෙනා මිත්‍ර වන බව සඳහන්   

නිවසක ඉදිරිපස උස් වෘක්ෂ පේළි වශයෙන් නොවැඩිය යුතු අතර එහි ඡායාවන් නිවසට වැටීම අසුභදායි වේ.   

නිවස ඉදිරිපිට තල ගසක් සිටුවී​ෙමන් එම නිවසේ දරුවන්ගේ විනාශය සිදු වේ.   

නිවස ඉදිරිපිට වැටකේ ගසක් සිටුවී​ෙමන් එම නිවැසියන්ගේ විනාශය සිදු විය හැකිය. නිවසක නිරිත හා ගිනිකොණ දිගින් උද්‍යානයක් සිටුවීම නිසා නිවැසියන්ට දුක් කරදර ඇති විය හැකිය.   

නිවස ඉදිරිපිට ආරිය ගසක් හෝ කොබෝ නීල ගසක් සිටුවී​ෙමන් නිවැසියන්ට දුක් කරදර ඇතිවිය හැකිය.   

 

 

 


අජිත් ප්‍රියන්ත නවරත්න

 



අදහස් (2)

නිවස ඉදිරිපිට සිටුවන ගහේ සුබ අසුබ

අමිල රුවන් අමරසිංහ Wednesday, 23 September 2020 06:09 AM

අති විශිෂ්ඨයි මෙවැනි විශේෂ තොරතුරු තවතවත් දැමීමට ශත්තිය ධෛර්යය ලැබේවා!

:       0       0

Gamini Fernando Sunday, 04 October 2020 08:00 AM

රෝස මෙරි සහ ගම්මිරිස් පැල. මා සිටුවිය යුත්තේ කොතැනද? විස්තර අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site