තමන් ප්‍රතිපත්ති ගරුකව කාලි මෑණියන් අදහනවා නම් අනිවාර්යයන්ම පිහිටක් අපේක්‍ෂා කළ හැකි බව විජය කුමාර කපුමහතා සඳහන් කරයි. බොහෝ දෙනකු කාලි මෑණියන් ඉදිරියට ගොස් තවත් අයකුට වින කිරීමට කරන ඉල්ලීම් අනුමත කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ. කාලි මෑණියන් අවතාර අටකින් පෙනී සිටිමින් නිර්දෝෂි පුද්ගලයන්ට සහනයක් වෙන බවත් එසේ නොමැති අයට දඬුවම් ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ අපි කථා කළේ කාලි මෑණියන්ගේ අවතාර අටෙන් තුනක් පිළිබඳවයි. ඒ භද්‍ර කාලී, සොහොන් කාලී සහ ගිනි කාලි පිළිබඳවයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ කාලී මෑණියන්ගේ සෙසු අවතාර පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නයි. ඒ පිළිබඳව විජය කුමාර කපු මහතාගෙන් විමසීමක් කළෙමි.
ප්‍රශ්නය:- කාලි මෑණියන්ගේ සෙසු අවතාර පිළිබඳව කථා කළොත්?
පිළිතුර:- කාලි මෑණියන් ගේ සෙසු අවතාරයක් තමයි වඳුරු කාලී කියන්නේ. ඊට අමතරව ඊරි කාලි, පුළුටු කාලි, ලේ කාලි වශයෙන් අවතාර කිහිපයක් තිබෙනවා.
ප්‍රශ්නය:- වඳුරු කාලි කියන්නේ කවුද?
පිළිතුර: වඳුරු කාලි කියන්නේ වසංගත රෝග යනාදිය පතුරවා ලීමට අධිපතිනිය හැටියටයි. ඒ කියන්නේ පැපොල, සරම්ප වගේ රෝග. අපි කියන්ෙන් දෙවියන්ගේ ලෙඩ කියලා. අන්න ඒවා පතුරුවන්නේ වඳුරු කාලී අවතාරය මැවුනාම. එයාට කෝපයක් ඇති වුණාම දේව ශාපයක් ඇති වුණාම අපේ අතින් යම් වරදක් සිදු වුණාම එයාගෙන් දෙන දඬුවම තමයි වසංගත රෝග පතුරවන එක. ඒ කියන්නේ බෝවන රෝග වලින් පීඩා ඇති කරනවා. අන්න ඒ ආවේගශිලිත්වයෙන් මැවෙන කාලී තමයි වඳුරු කාලි කියලා අපි හඳුන්වන්නේ.
ප්‍රශ්නය:- එකට අපි මොන වගේ පුද පුජාද කළ යුත්තේ?
පිළිතුර:- වඳුරු කාලී වසංගත රෝග බෝකරනවා කියලා අපි කිව්වානේ, මූලිකවම කළ යුත්තේ අපිට එවැනි වසංගත රෝග තත්ත්වයක් ඇති වුණාම අපි දින හතක් මෑණියන්ට පේ වෙන්න ඕනෑ. ඕක පත්තිනි මෑණියන්ගෙන් හට ගන්නවා කියලා කියනවානේ, එ්ත් කාලි මෑණියන්ගේම අවතාරයක්නේ. මෙන්න මේ වඳුරු කාලීගේ අවතාරයෙන් තමයි වසංගත රෝග බෝ කරන්නේ. අන්න ඒ අවස්ථාවේ අපි කන බොන අපි ගන්න පානයක් පාසා ඉඳුල් කරන සියලු ෙද් මේ රෝගය අපට හැදුනාම. පැපොල සරම්ප වගේ රෝගයක් බෝ වුණාම අපිට ඒ රෝගය වැළඳිලා තියන දිනයේ ඉඳලා අපි දැනගත්තහම අපි ඒ මොහොතේ ඉඳලා කන බොන පානයක් පාසාම අපි අනුභව කරලා අවසන් වන සියලු දේ එක තැනකට එක් රැස් කරන්න ඕනෑ විසි නොකර. ඊට පස්සේ ඒ රෝගියාට යන්න බැරි වුණත් මෑණියෝ ළඟට පවුලේ කෙනෙක් හරි ගිහින් මෑණියන්ට සැල කරන්න ඕනෑ. කවුරු හරි ගිහින් මෑණියන්ට කියන්න ඕනෑ අපේ අතින් යම් වරදක් සිදු වුණා. ඒකට සමාවක් ලබාදෙන්න කියලා. අපේ අතින් කිල්ලක්, කුණක් සිදු වුණා කියලා සමාව අරගෙන අපි දින හතක් මේ ආකාරයට පේ වෙනවා කියලා.
මූලිකවම කරන්නේ ඒ මෑණියන් උදෙසා අපි කිසි දෙයක් ඉඳුල් නොකර ඒ කියන්නේ භූමියට කිසි දෙයක් විසි නොකර ඒවා රැස් කරන එකයි.
ඒ සියලු දේවල් එක තැනකට එකතු කරනවා.
ඒ කියන්නේ මෑණියන්ට පොරොන්දුවක් වෙනවා. අන්න ඒ වගේ පිරිසිදුභාවයෙන් රැකිලා ඉන්න ඕනෑ.
ප්‍රශ්නය:- රෝගි වූ අවස්ථාවේ සිට අපි අනුභව කරන සියලු දෙයක්ම එක තැනකට එක් රැස් කරනවාද?
පිළිතුර:- පොඩ්ඩක් අයින් කරනවා නොවෙයි.
අපි අනුභව කරලා අවසන් වූ සියලු දේම එක තැනකට එක් රැස් කරනවා. අපි කියමුකෝ අපි බත් එළවලුත් එක්ක අනුභව කරනවා කියලා. අපි එදින මස් මාංශ වලින් වැළකී සිටිය යුතුයි. අපි බොහොම පිරිසිදුභාවයෙන් තමයි ඒ රෝගය හැදුනහම අපි ඉන්නේ. මෙතනදි අපි බත් කාලා අත සෝදන ඉඳුල් වතුර ටිකත් එකතු කරන්න ඕනෑ. අපි ඉඳුල් වතුර ටිකවත් විසිකරන්නේ නැහැ. අපි ඒ සියලු දේම එක බඳුනකට එකතු කරනවා. මේක ඇගේ උෂ්ණත්වයට හට ගන්න දෙයක්නේ. අපි තැඹිලි වගේ දෙයක් ඇඟ නිවෙන්න පානය කරනවානේ අන්න ඒ ඉතුරු වෙන ටිකත් විසි කරන්න හොඳ නැහැ.
ඇඟේ උෂ්ණය නිසා හටගන්න රෝගයක් කියලා වෛද්‍ය විද්‍යාවේ සඳහන් වුණාට මේක වඳුරු කාලී මෑණියන්ගෙන් හටගන්න රෝගයක් කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. ඒකට තමයි වසංගත රෝග කියලා කියන්නේ. අන්න ඒ වෙලේ අම්මට එහෙමත් නැත්නම් මෑණියන්ට වරදක් සිදුවෙයි කියලා අපි සියලු දේ දින හතක් පුරා එක් රැස් කරනවා. අපි මස් මාංශ වලඳන් නැතුව එළවලුයි බතුයි අනුභව කරලා පේ කිරීමක් වගේ තමයි වෙන්නේ
අපි ඒ දින හත යහපත් විදියට ඉන්න කොට අපේ රෝගයේ තිබෙන අමාරුතාවය අඩු වෙලා යනවා. දද කුෂ්ඨ වාගේ දේවල් මතු වෙනවා. නමුත් අර අමාරු ගතිය ක්‍රමයෙන් අඩුවෙලා යනවා. ඊට පස්සේ අපි දේවස්ථානයකට බාර වෙලා තිබෙනවානේ අපි ඒ වගේ වසංගත රෝගයක් වැළඳුනාම භාර හාර වෙනවානේ.
අන්න ඒ බාර හාර ඔප්පු කරන්නට කලින් අපි කොහොඹ කොළ ඉස්මයි අමු කහයි ගාලා ස්නානය කළ යුතුයි. අපි ඒවා ගාලා ස්නානය කරලා පිරිසිදු වෙනවානේ. පස්සේ තමයි මෑණියො ළඟට ගිහින් අපි කියනවා අපි මේ වගේ පරිස්සම් වෙලා පේ වෙලා දවස් හතක් සිටියා කියලා. අපේ හදවතට පිරිසිදුවෙන් මෙවැනි භාරහාර දෙනවා කියලා ඔප්පු කළාම අපට සහනයක් ලැබෙනවා. අන්න ඒක බොහොම සුභවාදියි. අන්න ඒ වගේ පුද පූජා පවත්වලා මෑණියන් ඉදිරිෙය් සමාව ඉල්ලලා අපි බාර හාර ඔප්පු කළාම අපට එවැනි වසංගත රෝගයක් මින් ඉදිරියට වැළදෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- එතකොට අපි අනුභව කරලා ඉතුරු වෙන සියලු දේ වෙනම භාජනයකට අයින් කළාෙන්. ඒකට මොකද කරන්නේ?
පිළිතුර:- මම කලින් සඳහන් කළානේ කොහොඹ පත් යුෂ මිශ්‍ර කරලා ස්නානය කරනවා කියලා. අන්න ඒ වෙලාවේදි ඒ ඉඳුල් සියල්ලම ගසාගෙන යන වතුරකට දැමිය යුතුයි. ඒ සියලු දේවල් ඔක්කොම පා කරලා යවනවා.
ප්‍රශ්නය:- පිළුනු වුණා කියලා අවැඩක් වෙන්නේ නැද්ද?
පිළිතුර:- අපි මෑණියන්ට කියන්නේ මහ පොළවට ඒ සියල්ල දමලා සාපයක් ඇති කරවන්න එපා කියලා. අපිට කෝපයක් ඇති කරලා මේ දේවල් සිද්ධ වුණානේ. ඒකට සමාවෙන්න කියලා වඳුරු කාලිගෙන් සිදුවුණු කෝපයක් නිසා හටගත්ත රෝගයක් කියලා අපි මුලින්ම සඳහන් කළානේ. අපේ අතින් වරදක් වෙයි කියලා යන හැඟීමෙන් තමයි අපි අර සියලු දේවල් මහ පොළවට නොදමා එකතු කරලා ගසා ගෙන යන වතුරකට දමන්නේ. ඒ සියලු දේවල් ගසාගෙන යන වතුරකට දමලා අපි ස්නානය කරලා පිරිසිදු වෙලානේ මෑණියන්ට බාර ඔප්පු කරන්න යන්නේ. දින හතක් ස්නානය කරන්නේ නැහැ. අවසන් දිනයේ තමයි ස්නානය කරන්නේ.
ප්‍රශ්නය:- ඊළඟ අවතාරය ගැන කථා කළොත්?
පිළිතුර:- රීරි කාලි අවතාරය ගැන කථා කළොත් ඒත් කාලි මෑණියන්ගේ අවතාර වලින් එකක්
ප්‍රශ්නය:- ඒ ගැන සඳහන් කළොත්?
පිළිතුර:- රිරී කාලි කියන්නේ අපේ පංචස්කන්ධෙය් තිබෙන ලේවලට බැල්ම හෙලන රුධිරයට බාරව ඉන්නවා කියලා තමයි කියන්නේ. රුධිරයට ආධිපත්‍යයක් කරගෙන ඒ කියන්නේ ඇට මස් කාලා ලේ උරාබොනවා කියලා සොහොන් කාලි සමඟ තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. මිනී කඳක් ළඟ තබාගෙන. මිනී ඔලු මාලයක් දාගෙන ඒ කියන්නේ ඒ විදියට යක්‍ෂ අවතාරයකින් සිටින කොට මේ රිරී කාලි රුධිරයට අධිපති වෙනවා. රුධිර සම්බන්ධ රෝග පීඩා ඇති කරනවා. රීරි කාලිෙගන් ඇති වන කෝපයක් තමයි ඒ විදියට හඳුන්වන්නේ. රුධිරය සම්බන්ධව තමයි ඔය රීරි කාලි කියන්නේ. රීරි කියන කොටම තේරෙනවනේ අපිට රුධිරයට කෝප වෙලා රුධිර රෝග ඇති කරනවා.
ප්‍රශ්නය:- ඒකට අපි කළ යුත්තේ කුමක්ද?
පිළිතුර:- ඊරි කාලි මෑණියන්ට අපි ශාන්ති කර්මයක් හැටියට කරනවනම් මුලින්ම රුධිර රෝගයක් ඇති වුණාම අපි එක් තැන් වෙලා අර වසංගත රෝගයක් බෝ වුණා වගේ එක් තැන් වෙලා සිටින්නේ නැහැ. අපි එ්ත් මෑණියන්ට අපි බොහොම පිරිසිදුවෙන් තැඹිලි ගෙඩියක් කොහොඹ කොළ උස් තැනකින් තියලා තල තෙල් පහනක් දල්වලා අපි මෑණියන්ට බාර කරනවා. මේ ශරීර පංචස්කන්ධයට මෙහෙම රෝගයක් වැළඳිලා තිබෙනවා රීරි කාලි මෑණියන් වහන්සේගෙන් කෝපයක් සාපයක් ඇති වෙලා තිබෙනවා. අපට සමාවක් ලබා ෙදන්න කියලා. පෙර අකුසලයක් එක්ක රෝගයක් ඇතිවෙලා තිබෙනවානම් ඒක වළක්වලා දෙන්න කියලා රීරි කාලි මෑණියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ විදියට බාර හාර වෙලා මෑණියන්ට අපි පුද සත්කාර කරනවා කිරි ආහාර පූජා කරන්න පුළුවන් රුධිර පීඩාවෙන් සිදුවන අසනීපය සුව කරලා දෙන්න කියලා, වස්ත්‍රයක් තව කෙනෙකුට පූජා කරලා ඒ සාපයෙන් මිදිලා මේ වගේ රෝගයක් ඇති වෙලා තිබෙනවා. එයින් අපිව මුදවලා දෙන්න කියලා රීරි කාලිට පිං දෙන්න පුළුවන්. ඔය වාගේ ශාන්ති කර්ම කරලා පුද සත්කාර කරන්න පුළුවන්. මෑණියෝ ඉල්ලන්නේ නැහැ මේ මේ දේවල් ලබාදෙන්න කියලා. නමුත් රීරි කාලි ප්‍රියකරන දේවල්නේ. ඒ කියන්නේ පලතුරු පූජාවක් කියලා තව කෙනෙකුට පිනක් කරලා ඒ පින මෑණියන්ට අනුමෝදම් කරනවා. ඒ කුසල් අනුමෝදන් කරලා මෑණියන්ව සතුටු කරන්න පුළුවන්. තල තෙල් පහණක් දල්වලා පූජාවක් පවත්වනවා නම් මෑණියෝ බොහොම සතුටු කරන්න පුළුවන්. ඒක බොහොම සුභවාදියි කියලා කියනවා.
ප්‍රශ්නය:- එතකොට මේ සියලු දේවල් කරන්නේ කාලී මෑණියන්ගේ අවතාරවලින්ද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම ඒ අවතාර අටක් ගත්ත මෑණියෝ තමයි මේ සියලු දේවල් ම කරන්නේ. සියලු දේවල්වලට දුක, සැප, අයුක්තිය අසාධාරණයට අපේ තිබෙන අකුසල්වලදී ඒ ඒ කාලවලදී විවිධ රෝග ඇතිවෙනවා. එහෙම නැතිනම් අපේ අතින් සිදුවුණ වැරදි නිසාත් එයට සමාව අයදින ලෙසත් තමා හොඳ. ඔය දඬුවමක් කියලා අපට මෑණියෝ දඬුවම් කරනවා කියන්නේ ඔය වගේ දේවල්වලින් පීඩා කෙරෙන නිසායි. අපි තව කෙනකුට හිංසාවක් කරලා දඬුවමක් ලබාදෙන්න කියලා කියනවානේ. දැන් කපු මහත්තයෙකුට හරි සාමි කෙනකුට කියනවානේ අපට මේ මේ අසාධාරණයට ලක්වෙලා තිබෙනවා. අපිට සහනයක් ලබාදෙන්න කියලා. අන්න එතනදි රීරි කාලි මෑණියන්ට භාර කරනවා. අර පුද්ගලයාගේ දුකට පිහිටවෙනවා නම් දඬුවමක් හෝ සහනයක් ලැබෙනවා. මෑණියන්ගේ අවතාරය බලවත් වුණත් කපලා, කොටලා පීඩාවට පත් කරනවා නොවෙයි. ඔය වගේ ලෙඩ රෝග පතුරවලා පීඩාවට පත් කරනවා.
ප්‍රශ්නය:- කාලි මෑණියන්ගේ තවත් අවතාරයක් තමයි පුළුටු කාලි කියන්නේ. ඒ පිළිබඳව කථා කළොත්?
පිළිතුර:- පුළුටු කාලි කියලා කියන්නේ මස්, මාළු, කරවල, බිත්තර බැඳපුවා වගේ පුළුටුවලට අධිපති වෙලා ඉන්න නිසා. අපි ශාන්තිකර්මවලදි කියනවනේ ගොඩ-දිය මස් කියලා. ඔය පුළුටු කාලි කියන්නේ පුළුටුවලට අධිපති වෙලා ඉන්න නිසා. අපි ශාන්ති කර්මයක් කරන කොට එක එක ක්‍රමවේදයන් තිබෙනවානේ. දෙවි කෙනෙක්ගෙන් මොනයම් දේකට පිහිට පතනවානම්, තව කෙනෙකුට දඬුවමක් ලබාදෙන්න කියලා අපි මෑණියන් සතුටු කරන්න ඕනැ. පුළුටු කාලි කියන කෙනාට මස් දීලා මස් බැදලා තෙල් කෑම දීලා ඔය වගේ පුළුටු දේවල් දීලා පුද සත්කාර කරපුවහම එයා ඒවට බැල්ම හෙලනවා කියනවා පුළුටුවලට. එතනදි කාලි අට වේශයෙන් පුළුටු කාලි කියලා හඳුන්වන්නේ අන්න ඒ වේශයෙන් සිටින විටයි.
ප්‍රශ්නය:- ඇයි මිනිස්සුන්ට මෑණියෝ දඬුවම් දෙන්නේ
පිළිතුර:- මම මුලින්ම සඳහන් කළානේ මෑණියෝ දඬුවම් දෙන්නේ අසාධාරණයක්, අයහපතක් මේ සමාජයේ ජිවත්වෙන කොට ඊර්ෂ්‍යාව තන්හාව වගේ දේවල් ඇතිවෙනවනේ. ඒ නිසා සාධාරණයෙන් ඉන්න මනුස්සයකුට ඇත්තටම කට වැරැද්දක් සිද්ධ වුණොත් මරනවා කියන හැඟීම ඉස්මතු වෙනවා. ඊර්ෂ්‍යාව, තන්හාව, ක්‍රෝධය කියන තැනදි තමයි ඕක ඇති වෙන්නේ. ඔතනදි කට්ටඩි මහත්තයෙක් හෝ සාමි කෙනෙක් හෝ වේවා ශාන්ති කර්ම කරන අයකු හෝ වේවා එයාට මේ මේ දේවල් ගිහින් කියපුවහම සුභවාදීව ද අසුභවාදීව ද කියලා සොයා බැලීමක් සිදු නොකර ඒ මොහොතේ දැකපු ආවේග ශිලිත්වයට මේ මනුස්සයා සාධාරණ වෙන්න ඇති කියලා හිත තබාගෙන අර භද්‍ර කාලි මෑණියන්ට ආරාධනා කරනවා මේ පුළුටු කාලි කියන කෙනාට ඒ කියන්නේ පුළුටු පහ බැඳගෙන එන්න මස් මාංශ බැඳ ගෙන එන්න කියලා.
ප්‍රශ්නය:- පුළුටු පහ කියන්නේ මොනවාද?
පිළිතුර:- පුළුටු පහ කියන්නේ ඇට ඇටි පහට තමයි. පුළුටු පහට ධාන්‍ය වර්ග වී පොරි වගේ දේවල් අයත් වෙනවා. එතකොට දියමස් ගොඩ මස් කියලා කියන්නේ දියේ ජිවත් වන හාල් මැස්සෙක් වගේ දෙයක් ගන්නවා. ගොඩ මස් කියපුවහම හම් කෑල්ලක් වගේ දෙයක් අරගන්නවා. පුළුටු පහ කිවුවහම මේ ඇට ඇටි පහ බැදලා ගන්නවා. එතකොට අල සහ ගොඩ පහ කියලත් හඳුන්වනවා. ගස් වල හටගන්නා අල වර්ග පහක් මස් කෑල්ලක් හෝ මාළු බැදලා ගන්නවා. මොකද මෑණියන්ව සතුටු කරන්න. ආකර්ෂණය කරන්න. පුළුටු වලට අධිපති වෙලා ඉන්න නිසයි ඒ වගේ දේවල් දෙන්නේ. අපි එයාට ආරාධනා කරලා මේ වගේ දෙයක් දීලා එයාව සතුටු කරලා අපේ කාරණාව කියනවා. හැබැයි ඒ පුද්ගලයාගේ ඇත්ත නැත්ත සාධාරණත්වය සොයා බලන් නැතුව ඊට පස්සේ අර පුළුටුවලට බැල්ම හෙලා අර පුද්ගලයා කියන දේ ඉටු කරන්න උත්සහ ගන්නවා.
හැබැයි මෙතනදි වැදගත් විය යුතුයි පුළුටු කාලි කියන්නේ ඉතා භයානක කෙනෙක්. එතනදි ඒ වගේ වැඩක් කරන කොට අපි සාධාරණ නොවුනහොත් අපිට ඒ දඬුවම් ආපසු අපේ පිටින් යනවා. අපි දෙන පුළුටු වලට වඩා වැඩි දෙයක් අපි වින කරන කෙනා දුන්නහොත් මෑණියෝ බලලා අපට දෙන දඬුවම භයානකයි. ඒකයි පුළුටු කාලි ඉතා භයානකයි කිව්වේ.
ලබන සතියට...
සටහන:-
නිශාන්ත කුමාර බණ්ඩාර
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
නිර්දෝෂි අයට කාලි මෑණියන් වින කරන්නෙ නෑ