අස්විදාදී නැකැත් සත් විස්සකි. ස්ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස් දෙකකට ද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක් මුඛ නැකත් වශයෙන් කොටස් තුනකට ද බෙදෙයි. ස්ථිර සහ චංචල නැකත් වර්ග දෙකට පිළිවෙළින් සවස නැකත් සහ අප සව්‍ය නැකත් යනුවෙන් ද පර්යාය වේ. සව්‍ය කොටසට අයත් වනුයේ අස්විද, බෙරණ, මුව සිරස, පුෂ, මා, උත්‍රපල්, හත, සා, උත්‍රසල, දෙනට, සියාවස, පුව පුටුප යන නැකත්ය. අප සවස කොටසට අයත් වනුයේ කැති, රෙහෙණ, අද, පුනාවස, අස්ලිය, පුවපල්, සිත, විසා, අනුර, දෙනට, මුල, පුවසල, සුවණ, උත්‍රපුටුප, රේවතී යන නැකත්ය.  
 
මෙසේ නැකැත් විසිහත කොටස් දෙකකට බෙදා දැක්වූවා සේම යළි තවත් කොටස් තුනකට බෙදෙන බව ඉහත දැක්වුණි. ඒ අනුව මුල, අස්ලිය, කැති, විසා, පුවල්, පුවසල, මා, බෙරණ යන නැකත් නවය අධෝමුඛ නැකත් වේ. අද, පුෂ, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රෙහෙණ යන නැකත් නවය ඌර්ධව මුඛ නැකත් වේ. මුව සිරස, හත, සිත, සා, අනුර, දෙට, පුනාවස, අස්විද, රේවතී යන නැකත් නවය තීර්යක් මුඛ නැකත් වේ. ඒ ඒ කොටස අයත් නැකත් වලින් කළ යුතු කටයුතු ද තිබේ. ඒවා ද ඔබගේ දැන ගැනීම පිණිස දක්වතොත් මැනවි යැයි සිතේ.   


ළිං පොකුණු ආදියෙහි කටයුතු, අධ්‍යාපන කටයුතු (ගණිතය හා ජ්‍යොතිෂ්‍ විශේෂයෙන්), නිධන් වස්තු ලබා ගැනීමට, ගෘහාරම්භය වැනි කටයුතුවලට ශූභයි.   


උෟර්ධව මුඛ නැකත් ශූභ වන්නේ රාජ්‍යභිෂේකය, වෙස් බැඳීම, නිල ඇඳුම් ඇඳීම යන කටයුතුවලටය. තීර්යක් මුඛ නැකත් ශුභ වන්නේ රථ වාහන සම්බන්ධ කටයුතු, ඇත්, අස්, ගව ආදී සතුන් හික්මවීම, වී ආදී ධාන්‍ය වැපිරීම, නැව් ඔරු පාරු ආදියේ ගමන් ගැනීම යන කටයුතුවලටය.   


මෙකී කරුණු කාරණාවලට අමතරව තවත් බොහෝ දෑ සඳහා නැකත් විසිහත ඒ ඒ අවශ්‍යතාව අනුව තෝරා ගනී. ​ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, සතුන් සම්බන්ධ කටයුතු, රුක් රෝපණය, රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, බත් කැවීම, හිස කෙස් කැපීම, කන් විදීම, අකුරු කියවීම ආදී කුඩා දරුවන්ගේ තවත් කටයුතු ද නැකත් මුල් කරගෙනම සිදුවේ.   


ඉහත සඳහන් සියල්ල දුහුනන් දැනුම් සඳහා ඉදිරිපත් කරන ලද ඒවා වන අතර මෙහි ලිවීමට අදහස් කරන ලද්දේ නැකත් විසිහතෙන් පටන් ගත යුතු ශිල්ප ශාස්ත්‍රාදිය පිළිබඳවයි.   


අස්විඳ - ආයුර්වේදය, නැකත් ශාස්ත්‍රය, රථ වාහන හැසිරවීම   
​ෙබරණ - අස්, ඇත්, ගව ආදී සතුන් හික්මවීම   
කැති - ගිනි සිසිල කර්ම අග්නි පූජා   
රෙහෙණ - ආර්ථීක විද්‍යාව, ගෘහ විද්‍යාව, නක්ෂත්‍රය, වේද ශාස්ත්‍ර, කඩු ශිල්පය   
මුව සිරස - සංගීතය, ගෘහ විද්‍යාව, සටන් කලාව   
අද - ගණිතය, ගෘහ විද්‍යාව, සටන් කලාව, නැටුම්   
පුනාවස - හස්ත රේඛා ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය, නැකත් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, ආයුර්වේදය, සංගීතය, නිමිති ශාස්ත්‍රය, නැටුම්   
පුෂ - ගණිත ශාස්ත්‍රය, සටන් කලාව, නැකත් ශාස්ත්‍රය, ආයුර්වේද, ගෘහ විද්‍යාව, ආයුධ අභ්‍යාස   
අස්ලිය - රසායනික විද්‍යාව, ඉතිහාසය   
මා - ඉතිහාසය   
පුවපල් - මන්ත්‍ර ශාස්ත්‍රය, මරණ කර්ම   
උත්‍රපල් - තර්ක ශාස්ත්‍රය, ආයුධ අභ්‍යාස   
හත - හස්ත රේඛා ශාස්ත්‍රය, නක්ෂත්‍රය, ගණිතය, නාට්‍ය කරණය.   
සිත - තර්ක ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය   
සා - ජ්‍යොතිෂය, සූප ශාස්ත්‍රය, සටන් කලාව, සංගීතය   
විසා - ජ්‍යොතිෂ්‍, තාරකා විද්‍යාව   
අනුර - නක්ෂත්‍රය, නීති ශාස්ත්‍රය, කාව්‍යකරණය හා නාට්‍ය කරණය, ගෘහ විද්‍යාව   
දෙට - ඉතිහාසය, නීතිය, දුනු ශිල්පය   
මුල - මන්ත්‍ර ශාස්ත්‍රය   
පුවසල - රසායන විද්‍යාව, කිමිඳුම් ශිල්පය   
උත්‍රසල - රසායන විද්‍යාව, සටන් කලාව   
සුවණ - ධර්ම ශාස්ත්‍ර, නක්ෂත්‍රය, ආයුධ ශිල්පය, සටන් කලාව   
දෙනට - ආයුර්වේදය   
සියාවස - සතුන් පිළිබඳ කටයුතු, ආයුර්වේදය   
පුව පුටුප - ගෘහ විද්‍යාව, මැණික් පිළිබඳ හැදෑරීම   
උත්‍ර පුටුප - ධර්ම ශාස්ත්‍ර, සටන් කලාව හා ආයුධ ශිල්පය   
රේවතී - ආයුර්වේදය, ධර්ම ශාස්ත්‍ර, ගණිතය, වාදනය, සටන් කලාව   

 

 

 


මංජුල තරුකෙම වැල්ලවාය.