යක්‍ෂයින්ගේ බැල්ම නිසා ලෙඩ වෙන බොහෝ දෙනාට එකල පිහිට වූයේ තොවිලයක් නැටීම බව පැරැණ්නෝ පවසති. යකුන්ගේ බැල්මක් යනු යක්‍ෂයෙකුගේ හෝ යක්‍ෂණියකගේ හෝ බන්ධනයක් බව පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේ යක්‍ෂ බන්ධනයන් ගැන තවදුරටත් අවධාරණය කරමිණි.
යක්‍ෂ බන්ධනයන්ගෙන් ගැලවෙන්නට නම් පිදේනි කාරි තොවිලයක් නටන හැටි පසුගිය සතියේ අනාවරණය කෙරිණි. යක්‍ෂ බන්ධනයකින් ගැලවෙන්නටත් දරු ඵල නැති අයට දරු ඵල ලබා ගන්නටත් කටිනා රූප රීරී යක් බලි තොවිලය නටන සැටි මෙවර අනාවරණය කෙරේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ දිගාමඩුල්ලේ උතුරු වැව් ගම්පත්තුවේ පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ (80) මෙසේ ද සඳහන් කළේය.
“යක්‍ෂ බන්ධනයන් නිසා ඇති වෙන තනිකන් දෝෂ සඳහාත් දරු ඵල නැති අය සඳහාත් තමා මේ තොවිලේ නටන්නේ. මේ තොවිලේ නටන එක හරිම අමාරු වැඩක්. මේ සඳහා සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ. මේ තනිකන් දෝෂ වැඩි වශයෙන් ඇති වෙන්නේ වැඩිවියට පත්වෙන තරුණියන්ට. වැඩිවියට පත් වීමක් කියන්නේ රුධිරය පිට වීමක්. යක්‍ෂයින් ලේ සහ මස්වලට හරිම පෙරේතයි. උන් නිතරම බැල්ම දාගෙන ඉන්නේ මේ වගේ අවස්ථාවන් එනකම්. දැරියක් වැඩිවියට පත් වෙන ඇතැම් අවස්ථාවලදී ඒ මොහොතේ එයා ළඟ කවුරු හරි නොහිටියා නම් ඒ තරුණියට රීරී යකා බැල්ම දාලා බන්ධනය කර ගන්නවා. එතැන ඉඳලා මේ තරුණියට නොයෙක් ලෙඩ හැදෙනවා. අනිත් යකුන්ගේ බැල්මවල් වගේ නෙවෙයි මේ බැල්ම. මේක හරිම තද බැල්මක්. තද බන්ධනයක්. මේ බැල්ම නිසා මුලින්ම ටික ටික ඔළුව රිදෙන්න පටන් ගන්නවා. තද උණ නැතිව සාමාන්‍ය උණ ගන්නවා. ඇෙඟ් වේදනාව නිතරම දැනෙනවා. කෑම අරුචිය ඇති වෙනවා. වැඩිය කතා බහක් නෑ. කවුරු හරි කතා කළොත් රුස්සන්නේ නෑ. ඒ තුළින් දැඩි මානසික ආතතියකුත් ඇති වෙනවා. දැන් ඉතින් දෙමව්පියන් යනවා ගුරුන්නාන්සේ කෙනෙක් හොයාගෙන. ගුරුන්නාන්සේ ගෙදරට ඇවිත් මේ තරුණියගේ හෝ කාන්තාවගෙන් විස්තර අහනවා.
එහෙම ඇහුවම හුඟක් දෙනෙක් ඉහත කියපු ලෙඩ වගේම තවත් බොහෝ කාරණා කියනවා. රාත්‍රියේ දී තමන් හොඳට ආහාර ගන්නා බව, නමුත් ඇහැරුණාට පස්සේ කාපු කෑමක් නෑ. ඒ සියල්ල මේ ලෙඩා හීනෙන් දැකපු දේවල්. හීනෙන් හොඳට බත් කනවා. මස්, මාළු, බත් ආදිය කනවා. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ කෙළ ගිලීමක් පමණයි. දිගින් දිගටම මේ විදිහට කෙළ ගිලුනහම බඩේ ලොකු ගුලියක් හැදිලා ඒක බඩේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ දීර්ඝ කාලයක් තියෙනවා. ලෙඩාට දිගටම උදරාබාධය තියෙනවා. මේ බඩේ ගෙඩිය නිතරම එහාට මෙහාට යනවා වගේ දැනෙනවා කියලා ලෙඩා කියනවා. නිතරම උඟුරට එන බවත් සඳහන් කරනවා. අන්තිමට බඩේ අජීර්ණය ඇති වෙලා තත්ත්වය තවත් උත්සන්න වෙනවා.
අප්පුහාමි ගුරුන්නාන්සේ
ඒ විතරක් නෙවෙයි. හීනෙන් නිතරම විකාර රූපී හීන පේන බව මේ වගේ ලෙඩ්ඩු අපට සඳහන් කරලා තියෙනවා. කළුම කළු මිනිස්සු, සුදුම සුදු මිනිස්සු තමන් හමුවට ඇවිත් බියට පත් කරන බවත් රතු පාට බල්ලෝ, කළු පාට බල්ලෝ, වන අලි, ඌරෝ, කොටි වැනි සත්තු තමන් පස්සෙන් එන බවත් කියනවා.
මේකට ගුරුන්නාන්සේලා ළඟ තියෙන සාමාන්‍ය ප‍්‍රතිකාරය තමයි මිරිස් හොදි මතුරලා බොන්න දීමත්, දෙහි මතුරලා බොන්න දීමත් සිදු කිරීම. ඉන් පසුව සතියකින් පසුව සනීපයක් නොලැබුණොත් පස් ඇඹුල් මතුරලා බොන්න දීලා ඒ සමගම නූලක් මතුරලා ඉණේ බඳිනවා. දෙහි, දොඩම්, නාරං, කාමරංගා, ගැට අන්නාසි තමා පස් ඇඹුල්වලට ගන්නේ. මේවයෙන් ස්වල්පය ගානේ අරගෙන සාමාන්‍ය පීරිසි කොප්පයක් අරගෙන ඒකෙන් බාගයක් විතර ඇඹුලෙන් පුරවනවා. කහ කෑල්ලක් හරි තරමක් ඝනට අඹරා ගත්ත කහ ටිකකුත් මේකට දානවා. එහෙම දාලා ඉවර වෙලා නූලක් අරගෙන ඒක හත්පොටකට නමලා ඒකෙත් කහ ගාලා තරමක් බුරුල් ගැට හතක් ගහලා අර පීරිසි කෝප්පය උඩින් තියනවා. මේ වැඩේට පොඩි පොඩි පිදේනි තටුවකුත් හදන්න ඕනෑ. එ්ක උඩ තමයි අර පීරිසි කෝප්පය තියන්නේ. ඒ කාලේ නම් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අනිත් පැත්ත ගහලා ඒක උඩට සුදු රෙද්දක් තියලා ඒක උඩ කෙසෙල් කොළයකුත් තියලා ඒ මත තමා පිදේනි තටුව හදන්නේ. ඒ තටුවට බුලත් කොළ පහක් හෝ හයක් රවුම් හැඩේට තියනවා. පුවක් කෑලි ටිකකුත් තියනවා. අර බුලත් කොළයක හුණු ටිකකුත් තවරනවා. පඬුරු වශයෙන් කාසියකුත් තියන්න ඕනෑ අර පීරිසිය වටේට නොවරදවාම සුදු මල් ටිකකුත් තියන්නම ඕනෑ. ඊට පස්සේ අර ලෙඩාගේ අජීරණයට මතුරනවා.”
මැතිරීම ආරම්භ කරන්නේ මෙවැනි මන්ත‍්‍රයකින් බව අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේය.
“ඕං රීං නාමා හස්තු-කයිරේ පේසුන්
සුර වෙට්ටු අසුර මේල
ඉගිල වා වා වා - ආකාසේ තරු ඉගිල වා වා
බූ මස්තු බූමියෙන් - විනෙයි
ඉගිල වා වා වා
ඕ රාට්ට ඕං රූං මෙකුංගේ
සරුවාංගේ ගැවසී තිබෙන යක්‍ෂ අජීරණ
අංගුලි මාල අනින් වා වා වා
බත් අජීරණ ඊෂ්වර අනින් ඉගිල වා වා වා
බුලත් අජීරණේ විෂ්ණු දෙවියන් ඉගිල වා වා වා
මස් අජීරණ බහිරව දෙවියන් ඉගිල වා වා වා
කිරි අජීරණ කෙලක් මහ රහතුන් අනින් ඉගිල වා වා වා......”
මෙලෙස ආරම්භ කරන මැතීරීම පැය දෙක තුනක් තිස්සේ සිදු කෙරෙන බවත් ඒ සඳහා භාවිතා වෙන්නේ මන්ත‍්‍ර තුන හතරක් පමණක් බවත් අප්පුහාමි ගුරුන්නාන්සේ පවසයි.
මැතීරීම් කටයුතු අවසන් වීමෙන් පසුව පීරිසි කෝප්පයේ ඇඹුල් ටික ලෙඩාට බොන්නට දෙන අතර කෝප්පය මත තැබූ නූල් සත් පොට ගෙන එහි බුරුලට ගැසූ ගැට හත තද කිරීම සිදු කරනු ලබන බවත් එසේ සිදු කරනු ලබන්නේ තරුණියට හෝ කාන්තාවට බන්ධනය වූ යක්‍ෂයාට රිදවා ඔහු ඇගේ සිරුරෙන් පලවා හැරීමට බව ද ගුරුන්නාන්සේ සඳහන් කළේය. මතුරන්නට පෙර පිදේනිය මත තැබූ පොල් තෙල් ස්වල්පයක් ගෙන ගුරුන්නාන්සේ විසින්ම ලෙඩාගේ හිසේ සහ හන්දිපත්වල ගානු ලබන බවත් ඉතිරිය නිවසට ගෙන ගොස් රෝගියාටම වරින් වර ගා ගන්නා ලෙසට උපදෙස් දෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම කටයුත්තෙන් කෙම්මුර තුනක් එනම් සති තුනක් ගිය තැන ලෙඩා සුව වූයේ නැත්නම් කටිනා ඍරූප රීරී යක් බලි තොවිලය නටන්න සූදානම් කරනවා.
ඉන් පසුව සිදු වෙන දෑ පිළිබඳව අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේ මෙසේය.
“මේ තොවිලය නටන්න බලි රූප දෙකක් අඹනවා. තොවිලය නටන දවසට කලින් දවසේ තමා මේ බලි රූප අඹන්නේ. ඒවා අඹන්නේ සාමාන්‍ය මැටියෙන්. තොවිලයේ ප‍්‍රධාන ගුරුන්නාන්සේ තමා ඒ කටයුත්තත් සිද්ධ කරන්නේ. පළමුවෙන්ම කටිනා රූප බලිය හදනවා. ඒකට හොඳ ප‍්‍රවීණත්වයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව බලියක් හදන්න බෑ. කටිනා රූප බලිය අඹන්නේ වාඩිවෙලා ඉන්න විදිහට. මුලින්ම ඒකට ලී දඬු අරගෙන පුටුවක් හදා ගන්නවා. ගෙදර පාවිච්චි කරන පුටු මේ සඳහා භාවිතා කරන්නේ නෑ. ඊට පස්සේ කටිනා රූපය අඹනවා. මේ අඹන්නේ කුවේණියගේ රූපය. විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් ඉඳලා තියෙනවා. කුවේණිය යක්‍ෂ ගෝත‍්‍රික කාන්තාවක්. මෙන්න මේ කුවේණිය කියන යක්‍ෂණියට තමා මේ තොවිලයේ දොළ සහ පුළුටු පුදන්නේ. ඒ අනුහසින් යක්‍ෂ බන්ධනයට ලක් වුණ කාන්තාවගේ ලෙඩ සුව වෙනවා. දරු ඵල නැත්නම් දරු ඵල ලැබෙනවා. කුවේණියගේ රූපය අඹනකොට ඇය අසුන්ගෙන කපු කටිමින් ඉන්න විදිහට තමා ඇඹීම සිද්ධ කරන්නේ. දකුණු අත දකුණු කකුල පැත්තට බරවත් වම් කකුල වම් උරහිසටත් වඩා ටිකක් ඉහළට ඔසොවාගෙන ඉන්න විදිහත් නිරූපණය කරනවා. බලිය හැදුවම සාමාන්‍ය කාන්තා රූපයක් විදිහට තමා පේන්නේ. හැට්ටයක් ඇඳගෙන චීත්තයක් ඇඳගෙන ඉන්න විදිහට හදන මේ රූපය ඉතා ලස්සනට පාට කරනවා. හැබැයි ඒකේ ලස්සන බවක් නෑ. මොකද මේක බලි රූපයක්නේ. මේ බලියේ කකුල් දෙකට පිදෙන්නක් හදනවා. ඒ පිදෙන්නේ තට්ටුව උඩ තමා කකුල් දෙක තියාගෙන ඉන්නේ. පිදේනි තටුවට අවශ්‍ය අඩුම කුඩුම දාලා පා දෙක ළඟම කිරිබත් ගුලි දෙකකුත් තියලා තියෙනවා. දොළ කැවිලි පුළුටු සියල්ලෙන්ගෙන්ම මේ පිදෙන්න සම්පූර්ණ කරනවා. බලියේ අත් දෙකට නූලක් සම්බන්ධ කරනවා. ඒ නූල දිගටම අරගෙන ගිහිල්ලා ආතුරයගේ අතට තමයි දෙන්නේ.
කටිනා රූප බලිය හැදුවට පස්සේ රීරී යක් බලිය හදන්න පටන් ගන්නවා. ඒ බලිය හදන්නේ කෝටුවලින් හදපු මැස්සක් උඩ. මේ බලි දෙකම සාමාන්‍ය මිනිස් සහ කාන්තා සිරුරුවලට තරමක් ආසන්න ප‍්‍රමාණයට තමයි හදන්නේ. ඒක හදන විදිහත් මෙන්න මෙහෙම කවියෙන් කියනවා.”
“සත් වියත් දිග මැස්ස බඳිමින්
තුන් වියත් පළලින් ද ගන්නේ
ගත් එරන් පෑ සළුව බරණින්
ගොක් හෙලා සිව් කොණ තබන්නේ”
“ඔය විදිහට කිව්වට පරිමාව තරමක් වැඩිවෙනවා. මැස්ස හදලා ඒ මැස්ස පොළෙවේ තමා තියෙන්නේ. ඒ මැස්ස උඩ තමා බලිය අඹන්නේ. මේක රීරී යක්‍ෂයාගේ බලිය. මිනිස් රූපයක හැඩයට සමානව ඔළුව හදලා ඒකේ මූණ යක්‍ෂයෙකුගේ විලාසයට හදනවා. ඇස් ගෙඩි දෙක එළියට පැනලා, දත් විළිස්සගෙන තව දත් දෙකක් දළ වගේ දෙපැත්තෙන් එළියට ඇවිත් තියෙනවා. මේවටත් එක එක පාට ගානවා. කලින් වගේම මේ බලිය අඹන්නත් ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් මේ වැඩේට මහන්සි වෙනවා. යක්‍ෂයාගේ බඩ මැදින් පොඩි වළක් වගේ හාරලා ඒකට ලේ පුරවනවා. සාමාන්‍යයෙන් ලේ ලීටර් කාලකටත් අඩු ප‍්‍රමාණයක් තමා දාන්නේ. වඳුරු ලේ, මුව ලේ, ගෝන ලේ, ගිරා ලේ වැනි ලේ තමා මේ වැඩේට ගන්නේ. රීරී යක්‍ෂයා නිතරම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ ලේ සහ මස්. එ් නිසා තමයි හැම දේකටම ලේ ගන්න සිද්ධ වෙන්නේ. ඒ දොළ පිදේනි හරියට නොදුන්නොත් යක්‍ෂයා ආතුරයගෙන් ගලවා ගන්න හරි අමාරුයි. මේ බලියේ එක අතක කඩුවකුත් තවත් අතක කුකුළෙකුත් අඹනවා. ඒ දෙකත් අවශ්‍ය විදිහට පාට කරනවා. දැන් මේ බලිය සිටගෙන ඉන්නේ එළුවෙකුගේ පිට උඩ. ඒ නිසා එළුවෙක් අඹලා ඒක උඩ යක් බලිය හිටගෙන ඉන්න විදිහට තමා හදන්නේ. ඒ අසලම ලේ ගොටු, කිරි ගොටු, මස් ගොටු ආදී සියලු දොළ අඩංගු පිදෙන්නකුත් හදනවා (පිදේනි තටුවක්). මේ සේරම වැඩ අවසන් කරලා හොඳට බලිය වේළෙන්න අරින්න ඕනෑ. ඊට පස්සේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා බොහෝම පරිස්සමට මේ බලිය පොඩි ආනතියක් ඇතිව කෙළින් කරලා කලින් සකස් කර ගත් අාධාරක සහිත ලීයක් මතින් තියනවා. මේක මුළුමනින්ම කෙළින් කරන්නේ නෑ. මේ වැඩ කටයුතුවලට මුළු ගමම සම්බන්ධ වෙනවා. හවස් වෙනකොට සෙනඟත් පිරෙනවා. ඒ අයට පුරුදු පරිදි කැවිලි පෙවිලිවලින් සංග‍්‍රහ කරනවා. ගුරුන්නාන්සේලා ඇතුළු ආවතේවකරුවන්ටත් රාත‍්‍රී ආහාරය සපයනවා. දැන් කටිනා රූප රීරී යක් බලි තොවිලය නටන්න සියල්ල සූදානම්.
ඉතිරිය ලබන සතියට...
දිගාමඩුල්ලේ සමන් දිසානායක
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දරු ඵල නැති අයට තනිකම් දෝෂයට නටන තොවිලෙ මෙන්න...