
වයස අවුරුදු 2 සම්පූර්ණ වී 3 සම්පූර්ණ නොවුණු ඔබේ දරුවාට අකුරු කියවීමට කදිම සරස්වතී යෝගයක් සැප්තැම්බර් 19 වන දිනට යෙදී ඇත. එදින නැකත ගැන මෙම පුවත්පත ඔස්සේම මීට පෙර ඔබ හොඳින් දැනුවත් කර තිබුණි. එදින ඔබේ දරුවාට නොසීහේ නම් තවත් එවැනිම බලගතු නැකතක් ඔක්තෝබර් 01 වැනිදාට යෙදේ සුබ මුහුර්තිය වන්නේ එදින පෙරවරු 6.22 ය. සුබ දිශාව දකුණය.
මෙදින පංචාංග ශුද්ධිය නොමැති වුවද මෙම අවස්ථාවේ තත්කාල ග්‍රහබලය ඉතා ප්‍රබලය. සඳුදා දිනය වී සඳු වෘෂභ රාශියේ උච්චව 9 වැන්නේ සිටී. බුධ උච්චව ලග්නයේ රවි සමග යෝගව සිටී. ගුරු ද 2 වැන්නේ සිකුරු සමග සිටී. 5 වැන්නේ කුජ සිටින්නේද උච්ච බලයෙනි.
මුවසිරස නැකත අකුරු කියවීමට නිර්දේශිත නැකතකි. සඳුදා දින මුවසිරස නැකත යෙදීම ආනන්ද යෝගයකි. අකුරු කියවීමේදී පළමු ‘‘ස්වස්ති සිද්ධම්’’ යන වැකිය දරුවාට කියවීම සුදුසුය. එසේම දරුවාට අකුරු කියවන පුද්ගලයා ද දරුවා කෙරෙහි ඉමහත් ආදරයක් කරුණාවක් ඇති දරුවා ඉතා හොඳින් ඉගෙන ගෙන ඉහළම තැනකට යා යුතු යැයි අවංකවම ප්‍රාර්ථනා කරන මුදිතා ගුණය ඇති අයෙකු විය යුතුය.
අකුරු කියවීමට ප්‍රථම සරස්වතී පූජාවක් හා ගණදෙවි පූජාවක් තැබීම මෙන්ම සැරියුත් මහරහතන් වහන්සේ වෙනුවෙන් ද මල් පහන් පුදා ආශිර්වාද ලැබීම සුදුසුය.
සඳු හා බුද උච්ච බලයෙන් සිටින සඳුදා දිනක සඳු හෝරාවේ බුද පංචම කාල හෝරාවේ යෙදී ඇති මෙම සුබ මුහුර්තයේ අකුරු කියවීමෙන් ඔබේ දරුවා අනාගතයේ දැන උගත් දරුවෙකු වනු ඇත.
මේෂ, තුලා, කුම්භ ලග්නවලින් උපන් දරුවන්ටද කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, සිත, දෙනට, මුවසිරස නැකත්වලින් උපන් දරුවන්ට ද මෙම නැකත නොසීහේ. මෙහි සඳහන් වේලාව තම ප්‍රදේශයට ගැලපෙන ලෙස සකසා ගත යුතුය.

ජ්‍යොතිර්වේදී සාමවිනිසුරු
කපිල ඉන්දික ගුණදාස
2025 දෙසැම්බර් මස 18
279
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවාට අකුරු කියවන්න අතිප්‍රබල නැකතක්