IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දරුපල නැති අයට උපදෙස් කීපයක්

දරු පල නොමැති අයටත් වාසානාවන්ත දරුවන් බලාපොරොත්තු සැමටත් විවාහය කල් ගත වූ අයට ස්ථිරව ජය ගන්නට උපදෙස් කීපයකි.   


දරු පල නොමැති අයටත් විවාහක හා විවාහ වීමට සිටින සියලු දෙනාටම  වැදගත් වන ක්‍රියාවක් මෙලෙස පහත සඳහන් කරන්නෙමි. ඔබ කිසිම ආරාධනාවකින්  තොරව දරුවන් ලැබීම සිදු වන විට යකුන් රාක්ෂයන් වැනි රටට බරක් වන සමාජයට  හිරිහැරයක් වන දරුවන් ලැබන්නේය. කුසල් සහිතව තමන් පිං සිතුවිලි තුළ සිට  ආරාධනා කර දරුවකු ලැබුවොත් ඉතාම යහපත් ගුණගරුක ධාර්මික වාසනාවන්ත රටටම  වැඩදායක දරුවකු ලැබෙන බව නියත ලෙසටම සිදු වන්නේය. 

  
මෙසේ නොකරන නිසාම දැන් උපදින දරුවන් එන්න එන්නම ඉතාමත් නරක  අමානුෂික දෙමාපියන්ට නොසලකන ගුරු ගෞරවයෙන් තොර මහා විනාශ කාරී ක්‍රියාවල  යෙදෙන රටට දැයට ආදරය නොකරන පිරිසක් බිහි වී සිටින්නේය. ඉදිරියටවත් මෙම  තත්ත්වයෙන් නිදහස් වී යහගුණවත් දරුවන් ලබා ගන්නට කළ යුතු මහා කුසලකර්මයක්  ඉටුකරගන්නා ආකාරය මෙලෙස පෙන්වා දෙන්නෙමි.   


ඒ සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් ආරක්ෂා කරමින් වැඩ වෙසෙන කළු දේවතාවුන් වහන්සේට කරනු ලබන කන්නලව්ව.   


පස්වන් දහසකට මෙම ශ්‍රී ලංකාදීපයත් සකල සත්වයාත් සම්බුද්ධ  ශාසනයේ යහතින්ම දිවැස් කරුණාකර බලා වදාරමින් සකල සුරනර බඹුන්ගේ භක්ති  ප්‍රණාමයට පාත්‍ර වූ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිපතිව යහතින්ම  වැඩ වසන උන්තුංග දේව විලාසයෙන් ආලෝකමත් වූ අනන්ත බල පරාක්‍රමයෙන් පූජිත  සිද්ධ කළු දේවතාවුන්වහන්සේගේ නාමයට දොහොත් මුදුන් තබා කියා සිටින කන්නලව්ව  දිව්‍ය සවන් ​ෙයාමු කර දිව්‍ය දෑසින් බලා වදාරා ඔබ වහන්සේ දිව්‍ය කරුණාවට  ගෙන පිනට පිහිට වන සේක්වා.   


තවද සැලකර සිටින්නේ සකල ක්ලේශ මාර පරාජය කොට ලොව්තුරා බුද්ධ  රාජ්‍යයට පැමිණි සකල සුර නරන් මුදුන් සැදී අප භාග්‍යවත්‍් ගෞතම සම්බුද්ධ  රාජෝත්තමයාණන් පිට දී බුදුව අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලද ගයා හිස ශ්‍රී  මහා බෝධි දාම රාජයාණන් වහන්සේ දක්ෂිණ ශාඛා උන්වහන්සේ සපිරිවරින් සිරිලකට  වැඩම වන කල්හි උන්වහන්සේගේ ආරක්ෂාව සලසා දෙමිහයි සපිරිවරින් ලකට වැඩ දහම්  සිත වඩවමින් අදමි හැම දුරලමින් නිමල් බෝ සෙවනයට නිරන්තර වැඩ වසන උතුම් කළු  දේවතාවුන් වහන්ස ඔබ වහන්සේට සැලකර සිටින කන්නලව්ව දිවැස් එළියේදී දිවැස්  කරුණාවට ගෙන අපේ සකලාරිෂ්ට නිවාරණය පිණිස සෙත් ශාන්ති මංගල්‍යයක් සලසා දී  වදාරාණ සේක්වා.   


තවද මෙම ශ්‍රී ලංකාදීපයේ සත හට විපත් වන කල්හි දුටු  ඇසිල්ලෙහි තුමුල් බෝ රඳුන් ගත බබලවන්නා වූ පත්‍ර රැස පිළිවෙළින් මළානික  කරමින් ද විපත් හැම දුර ගැසී රටට සෙත් සෑදෙන කල ළපලුපත් පිරි ඇති අංකුරයක්  පහළ කරමින් ද පෙර නිමිති දක්වා වරාදන්නා වූ මහානුභාව සම්පන්න කළු දේවතාවුන්  වහන්සේ ඔබ වහන්සේගේ නාමයට පුදන ලද සුවඳ දුම්මල් පහන් පූජාවන් කෙරෙහි  දිව්‍ය නේත්‍රය යොමු කර බලා මෙම ශරීර පංචස්කන්දය වෙනුවෙන් කියා සිටින  සකලාභිමතාර්යන්ම අද පටන් ඉටු වෙන්නට වරන් දී පිනට පිහිට වන සේක්වා.   


තවද අපට වැදී වැළඳී එන්නා වූ යක්ෂ භූත ප්‍රේත පිශාචාදීන්ගෙන්  වන්නා වූ දෝෂාන්ධකාරයන් ද නවග්‍රහ නවදෙනා වහන්සේලාගෙන් වැදී වැළඳී එන්නා  දෝෂාන්ධකාරයන් ද වාතෙන් පිතෙන් ශ්ලෙෂමාවෙන් වන්නා වූ ​දෙ‌ා්ෂාන්ධකාරයන් ද  මව් පිය ගුරුවරාදීන් දෙස් කොට දිවිරීමකින් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරයන් ද  සසර ගතව සිටියදී දන්නා පමණකින් නොදන්නා කමකින් කරන ලද අකුසල කර්මයන් ද  ඇතුළුව මෙකී ​ෙනාකී සකල දෝෂාන්ධකාරයන් සියල්ලම ඔබ කළු දේවතාවුන්වහන්සේගේ  දිව්‍ය කීර්ති රශ්මි ධාරාවන් විහිදවා උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ  අන නමින් ශුභ සෙත් ශාන්තියක් සලසා දෙනවයි කීර්ති පස් වහන් දහසක් ආයු බෝ  වේවා.   


අප මස් මාන්සයෙන් වැළකී පුරා තෙමසක් මුළුල්ලේ නුරුවනේ සීලයේ  සිටිමින් ධර්මානුකූලව සිටි උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට සපැමිණ  හැකි පමණින් ඉතා භක්ත්‍යාදරව නොඉඳුල්ව පිස සකස් කර ගන්නා ලද කිරි පිඩු  සහිත සුවඳ දුම් මල් පහන් පූජාවන් පැන් ගිලන් පස සහිත සියලු පූජාවෝ උතුම් වූ  ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස හැකි යුරින් සුපිරිසිදුව තබා ඉන් අනතුරුව අප  සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා කරනු ලැබීමෙන් ජනිත වූවාවූ කුසල්  සම්හාරයෙන් කොටසක් ඔබ වහන්සේ ඇතුළුව සපිරිවර සියලු දෙවි දේවතාවුන් වහන්සේලා  අනු​ෙමා්දන් වේවා.   


ඔබ වහන්සේලාගේ සියලු දෙව් සැප ලැබීමට එම පිං හේතු වාසනා වේවා.  කළු දේවතාවුන් වහන්සේගේ දිව්‍ය දෑසින් අප දෙස බලා අපගේ සසරගත අකුසල් යටපත්  කර දී සසර කුසල්ම මුදුන් පත් කර දී අප බලාපො​රොත්තු වන දරුසම්පතක් ලබා  දීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමු. එසේම ශ්‍රී මහා  බෝධිරාජයාණන්වහන්සේට අරග්ගෙන මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට කැමැත්තෙන් වැඩමවා  සිටින දේවතාවෙක් හෝ දෙව් දුවක් සිටී නම් අපට දුවෙක් ​ෙහා් පුතෙක් වී මගේ  ගැබට වැඩමවා ලමින් උපදින්න, මෙලෙස ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කර සිටිමු. අප  ආදරය ගෞරවය ලබා දෙමින් සෙනෙහසින් හදා වඩා ගනිමින් රටට දැයට වැඩදායක ලෙස  ලොකු මහත් කරන බවට දිවුරා පොරොන්දු වන්නෙමු.   


ඒසේ ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ අනුහසින් හා කළු  දේවතාවුන් වහන්සේගේ දේව ආශිර්වාදයෙන් දරුවකු ගැබ්ගත වී දරුවකු ලැබුණු පසුව  මාස තුනකින් අතුරුව දරු සිඟිත්තා සමග අප ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේගේ  අභියසට පැමිණ කිරිපිඩු සහිත සුවඳ දුම් මල් පහන් පූජවන් පැන් ගිලන් පස සහිත  සියලු පූජාවෝ උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස හැකි අයුරින්  සුපිරිසිදුව තබා ඉන් අනතුරුව අපට හැකි අයුරින් දුගී මගී යාචකාදීන්ට ආහාරමය  දානයක් පිරිනමන බවට හදවතින්ම සහතික වී පොරොන්දු වන්නෙමු. එම දානමය පිංකමින්  සහ අප සම්මාසම්බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූ පූජාවන් තුළින් ජනිත වූ  කුසල් සම්හාරයෙන් කොටසක් කළුදේවතාවුන්වහන්සේ ඇතුළුව සපිරිවර සියලු දෙවි  දේවතාවුන්වහන්සේලාට එම පිං අනුමෝදන් කරන බවට දිවුරා පොරොන්දු වන්නෙමු.   


පෙර සඳහන් කන්නලව්ව ඉතාම භක්තියෙන් කලබලයකින් තොරව 09 වරක් හෝ  21 ක් වරක් කියා සුදු රෙදි පටියක සෝදාගත් පඬුරක් ගැටගසා ගන්න. එම පඬුර  රැගෙන ගොස් තමන්ගේ නිවසේ බුදුන් වඳින තැන ​ෙබා්තලයක් තුළ දමා තියාගෙන  දිනපතා බුදුන් වඳින වේලාවේදී නැවත නැවතත් භාරය සිහි කර ගන්න ශ්‍රී මහා  බෝධිරාජයාණන්වහන්සේගේ පූජා තබා භාරවීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය දකුණු  වාසල් දොර පැත්තේ ඉතා පහසුවෙන් සිට මීටර් 05 ක පමණ පිරිසිදු පැන් බෝතලයක්  සහ ඉතා පිරිසිදු පොල් තෙල් බෝතලයක් රැගෙන වතුර සහ ​ෙතල්වලට ස්පර්ෂ වන ලෙස  බෝතල් තුළට තුන් නූල් ඇතුළු කර එය අතින් අල්ලාගෙන රතන සූත්‍රය 09 වරක්, මෝර  පිරිත 09 වරක්, චන්ද පිරිත 09 වරක්, ​ෙබාජ්ජංග පිරිත 09 වරක් ඉතාම  භක්තියෙන් නොපසුබට උත්සාහයෙන් පිරිත් කර ගන්න.   


එම තෙල් ගෙන ගොස් සැමියා සහ බිරිඳ හිසේ ගාන්න. පිරිත් පැන්  ඔසප් නැති සරු දිනයන් වල හිස් බඩ ටික ටික ​ෙබාන්න. එසේම තමන් හැකි සෑම  අවස්ථාවේදීම බුදුන්ට පූජා පවත්වන්න. එම පූජාවන් අවසානයේ ශ්‍රී මහා  බෝධිරාජයාණන්වහන්සේ අභියස වූ භාරය නැවත නැවතත් සිහි ගන්වන්න. ගැබ් ගන්නා  සරු කාලය තුළ සංසර්ගය අවස්ථාවට පෙර ශ්‍රී මහා බෝධිරාජයාණන්වහන්සේට අරග්ගෙන  මනුෂ ආත්මයක් ලබා ගැනීමට කැමැත්තෙන් වැඩමවා සිටින දේවතාවෙක් හෝ දෙව් දුවක්  සිටී නම් අපට දුවෙක් හෝ පුතෙක් වී මගේ ගැබට වැඩමවා ලමින් උපදින්න ආරාධනා කර  ඉන් පසු සතුටින් සංසර්ගයේ යෙදෙන්න.   


​ෙමලෙස කිරීමෙන් ඉතාම යහපත් ගුණගරුක ධාර්මික වාසනාවන්ත දරුවකු  ලැබෙන්නේය. එසේ දරුවකු ලැබුණු පසු ඔබ විසින්ම භාරවුණු ආකාරයටම දරුවාට තුන්  මස පිරුණු පසු හාරය නිදහස් කරන්න. මෙම පූජා කළ ද සසර අකුසල් බල වැඩි අයට  දරුවන් නොලැබෙන බව කනගාටුවෙන් වුවද සඳහන් කරන්නට වන්නේය. එය ස්ථිරවම යුවළගේ  හඳහන් නිවැරදි පරීක්ෂා කළ හොත් නිවැරදිවම පිළිතුරු දිය හැකි බවද සඳහන්  කරමි. එසේම විවාහය කර ගන්නට බැරිව කල් ගත වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටත්  මෙම පූජාව තුළින් විවාහයක් ඉටු කර ගන්නටත් හැකි බව සඳහන් කරන්නෙමි. ගැටලු  ඇතොත් විමසන්න.   

 

 

 

 


දෙවිනුවර, කිරළවැල්ලේ ආචාර්ය 
ජී.ජී. කේමන් කුලසිරි   
​ෙකාටුවේගොඩ මාතර.  



අදහස් (0)

දරුපල නැති අයට උපදෙස් කීපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 368 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1641 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site