IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දියුණුව ගෙනෙන වන්දනා ක්‍රම

ධර්ම ගවේෂී

 

නූතනය වනවිට මිනිසා ඉතා කාර්ය බහුල වී තිබෙන්නේ, ආර්ථිකය නමැති තරගයට මුහුණ දෙන නිසාය. එම තරගය සමඟ මානුෂීය සබඳතා දෙදරා ගොස් තිබේ. ඒත් සමග ආධ්‍යාත්මික පරිසරය මිනිසාගේ මනසින් ඈත්ව යන්ට පටන්ගෙන තිබේ. එවිට මනුෂ්‍ය සිත් තුළ මානසික පීඩනය උත්සන්නව පවතී.   


දෙමාපියන් දරුවන් අතර ප්‍රශ්න ආදිය උග්‍රවී තිබේ. ගුරු ගෝල සම්බන්ධය පිරිහීම තුළින් සාර්ථක නිර්මාණයක් සමාජයට අහිමිවී තිබේ. මෙයට හේතුන් විවිධ අංශයන්ගෙන් විවිධ පැතිකඩ ඔස්සේ විග්‍රහ කළ හැකිය. ආධ්‍යාත්මික පරිසරය ගිලිහී ගිය තැන මනුෂ්‍යයාගේ සිතිවිලිවල පිරිසුදු භාවයද ගිලිහී ගොස් තිබේ.   


එබැවින් මෙයට විසඳුම් වශයෙන් විවිධ මත ඉදිරිපත් කළ හැකිය. එහිදී වඩාත් වැදගත්ම විසඳුමක් වන්නේ බුදුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව ඇති කරගත යුතු අවබෝධයයි. වන්දනාව මෙයට එක් ක්‍රමයකි. එක වරම ප්‍රඥාව අවධි වන්නට සංසාරික පුරන ලද පාරමිතා තිබිය යුතුය. නමුත් එය ඇති කර ගන්නට ශ්‍රද්ධාව තිබිය යුතුය. එම ශ්‍රද්ධාවද අමූලිකා ශ්‍රද්ධාවෙන් තොරවිය යුතුය. ශ්‍රද්ධාව යනු භක්තියට වඩා උසස් දෙයක් ලෙස හැඳින්විය හැකිය.   


භක්තිය උපදින්නේ භය කරන කොට ගෙනය. දෙවියන් කෙරෙහි ඇති බිය නිසාවෙන් භක්තිය උපදී. ශ්‍රද්ධාව උපැදීමට නම් ප්‍රසන්න වූ සිතක් තිබිය යුතුය. එම සිතට ශ්‍රද්ධා ගලා පැමිණේ. එය විනිශ්චය කර ගැනීමට ප්‍රාඥාව උපකාරී වේ. එවිට ශ්‍රද්ධාව හා බැඳුණු ප්‍රඥාව පුද්ගලයා දීප්තිමත් කරනු ඇත. එවිට මෙලෙස පුද්ගලයන් සමූහයක් එකතු වූ තැන සමාජයම බබළයි.   


බුදුරජාණන් වහන්සේ මෙළොව පහළවූ ශ්‍රේෂ්ඨම ප්‍රඥාවන්තයාය. එයට බොහෝ කරුණු උන්වහන්සේගේ යථාවාදී තථාකාරි ගුණයෙන්ම පෙන්නුම් කරයි. එනම් කියන දේ කරන ගුණය හා කරන දේ කියන ගුණයයි. එවැනි පුද්ගලයකුගේ උදාරත්වය අවබෝධ කර ගැනීමට වෙර දරන පුද්ගලයා වෙන සෑම ක්‍රියාවකම සාර්ථකභාවය ඇතිවනු ඇත. වන්දනා ක්‍රම බොහොමයක් ආමිස පූජාවෝ වෙති. එසේ වුවද ඒ තුළට ප්‍රතිපත්තියක් මුසුවූ විට ප්‍රාඥාව මුහුකුරා යාමට පටන් ගනු ඇත. 

 
අද වනවිට බොහෝ දූ දරුවන් තමන්ගේ පාසල් ජීවිතවල විවිධ මානසික ප්‍රශ්නයන් වෙත සිරව සිටියි. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට නිවැරැදි මාර්ගයන් ඇහැරී ගොස් ඇත. එැබැවින් එය දිය හැකි නිවැරැදි උපදේශයක් වන්නේ බුදුන් වහන්සේගේ ගුණයන් පිළිබඳ අවබෝධ කරවීමය. එසේ නම් එය කිරීමට වන්දනා ක්‍රමයක් එක් මාර්ගයක් ලෙස යොදාගත හැකිය.   


බොහෝ දේව වන්දනා අපි සිදුකරනු ලබන්නේ විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහාය. නමුදු බුදුන් වහන්සේ යනු රාග, ද්වේශ, මෝහ ආදි සියළු ක්ලේශනයන් නසා පිදුමට සුදුසු උසස්ම පුද්ගලයාය. දෙවියන් එලෙස ක්ලේශයන් ප්‍රහීණය කළ පිරිසක් නොවේ. එබැවින් බුද්ධ වන්දනා කර දෙවියන්ට පින් දීමත් දෙවියන්ගේ ප්‍රසාදයටද හේතුවිය හැකිය. බොහෝ සම්‍යක්දෘෂ්ටික දෙවියන් බුදු ගුණ දන්නා බැවින් බුදුන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදුණු පිරිසක් වෙති. එබැවින් එවැන්නෝ එලෙස එම මඟ යන යහපත් පුද්ගලයාට නිරායාසයෙන් දෙවියන්ගේ පිහිට හිමි වෙති.   


නිවසක බුදුන් වහන්සේ වෙනුවෙන් ගේ මුල්ලක් වෙන් කිරීම සුදුසු නැත. උන්වහන්සේට අප වෙන් කළ යුත්තේ නිවස තුළ ඇති වටිනාම ස්ථානයයි. මක්නිසාදයත් උන්වහන්සේ එ් තරමටම ගුණවත් භාවයට සමකළ හැකි කෙනෙකු නොමැති බැවිනි. ප්‍රධාන වශයෙන් උදේ සවස පහසු ආකාරයෙන් බුද්ධ වන්දනාව ඉටු කිරීම මැනවි. පහන් පූජා, මල් පූජා, සුවඳ පූජා ආදිය පූජා කිරීම යහපති.   


උදෑසන බුද්ධ වන්දනාවේදී ජය පිරිත, සීවලී පිරිතද එකතු කර ගැනීම ඉතා වටිනු ඇත. සවස බුද්ධ වන්දනාවේදී රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ධජග්ග සූත්‍රය ආදිය එකතු කර ගැනීම සුභය. තමන්ට පහසු ආකාරයෙන් මේවා සකස් කරගත යුතුය. පිරිසුදු සිතින් මේවා ඉටු කිරීම තමන්ගේ සුඛ විහරණය සඳහා උපකාරී වේ.   


මෙලෙස අපගේ වන්දනා ක්‍රම ඈත්වීම හේතුවෙන් අප විවිධ ප්‍රශ්නයන්ට පත්වී තිබේ. වන්දනා ක්‍රමයක් තුළින් ප්‍රධාන වශයෙන්ම අපගේ ආරක්ෂාව, දියුණුව ළඟා වේ. වන්දනාව කෙරෙහි සිත් පහන් කරගත් පුද්ගලයා සෑම විටම අන්‍යයන්ට කරුණාවෙන් සංග්‍රහ කිරීමට ද ඉටා ගත යුතුය. හුදෙක් වන්දනාව පමණක් කර මානුෂීය ගුණධර්ම අත්හැර දමා කරන වන්දනාවෙන් ඵලයක් ලැබිය හැකිද? යන්න ප්‍රඥා සම්පන්නව සිතිය යුතුය.   


වන්දනා ක්‍රමයක් දවසක් දෙකක් සිදුකොට එකවරම එහි ප්‍රතිඵල ලැබිය නොහැකිය. එය කාලයක් කරන විට පෙර අවුරුද්දට වඩා ඊළඟ වර්ෂයෙන් බලාපොරොත්තු විය හැකිය. මෙය සත්‍යයකි. මා අත්දැකීමෙන් දනී. එබැවින් බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සිත පිහිටා යමක් පූජා කරයිද හෙතෙම හට සැප විපාක උරුම වේ. වන්දනාව සමඟ ප්‍රතිපත්ති දියුණු කරගත යුතුය. තමුන් යමක් මෙම වන්දනා ක්‍රම මඟින් බලාපොරොත්තුවේ නම් තමන්ගේ චරිතය තුළ පවතින අයහපත් ගති පැවතුම් යහපත් ලෙස දියුණු කරගත යුතුය.   
එවිට බුදුන් වහන්සේ පෙන්වා වදාරා ඇති නිවන් මඟටද ගමන් කිරීමට මෙම ක්‍රමයන් උපකාරී වේ. කලක් මෙලෙස වන්දනා කිරීමෙන් තමන්ගේ සිත තුළින් විවිධ ශක්තීන් උද්දීපනය වේ. එවිට තමන් වෙත පැමිණෙන නොයෙක් උවදුරු, තමන්ට ලඟා නොවීමට හේතුවේ. ග්‍රහ උවදුරු, භූත උවදුරු, සොරසතුරු උවදුරු දුරුව යති. මානසික නිදහස, ධන ධාන්‍ය අාඪ්‍ය භාවයද කෙමෙන් කෙමෙන් උදාවීම පුදුමයට කරුණක් නොවනු ඇත.

 

ආර්. රධික ජීවන්ත  



අදහස් (0)

දියුණුව ගෙනෙන වන්දනා ක්‍රම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 229 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 732 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site