IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දුම්රියේ හැපී මිය ගිය තරුණියක් යළි උපදී

පෙර භවයේ  ප්‍රබල සාක්ෂි

 

 

දුම්රිය මාර්ගවලදී සිදු වන විවිධ අනතුරු පිළිබඳව නිතර අසන්නට ලැබේ. ඇතැම් විට දුම්රිය මාර්ග සංඥා නොසැලකීම නිසා සිදු වන අනතුරුද අධිකය. දුම්රිය මාර්ග අසල ගැවසීම නිසා දුම්රියවල ගැටීමෙන් මරණයට පත් වන්නන්ද ඕනෑ තරම්ය. දුම්රිය අනතුරු අනාවරණය වූ පුනර්භව සිදුවීම් ද රැසක් තිබේ. ඒ අතරින් දුම්රිය මාර්ගයේ සිටීම නිසා දුම්රියේ ගැටුණු බැව් අනාවරණය කළ පුනර්භව සාධක කීපයක් ඇත.   

දුම්රිය ගැටීම නිසා මරණය සිදු වූ බැව් හෙළි කළ දැරියකගේ පුනර්භව සාධකයක් ප්‍රථම වරට අනාවරණය වූයේ බුරුමයෙනි. දුම්රිය මගීන්ට මල් සහ වතුර බෝතල් අලෙවි කරමින් සිටිය දී දුම්රියට යට වී මරණය සිදු වූ බැව් හෙළි කළ එම දැරියගේ උපත සිදු වූයේ 1967 වසරේදීය. දුම්රිය මාර්ගයේ සිට මල් අලෙවි කරමින් සිටිය දී දුම්රියට යට වූ බැව් එම දැරිය ප්‍රකාශ කළාය. පෙර භවයේදී ඇයගේ මරණය සිදු වූ දුම්රිය අනතුරු බුරුමයේ ටැට්කොන් හිදී සිදු වී තිබිණි.   


රැන්ගුන් හි පදිංචිව සිටි දහසය හැවිරිදි තරුණියක වූ නිවා පවුලේ ආර්ථිකය ගොඩ නැගී​ෙම් කාර්යය සඳහා වෙහෙස වූවාය. දුම්රිය මගීන්ට ජල බෝතල් සහ මල් විකිණීමට ඇගේ අතිරේක ආදායම් මාර්ගය විය. ඇය වෙළෙඳාමේ යෙදී සිටි දුම්රිය ස්ථානයේ මාර්ග කීපයක් පිහිටා තිබිණි. දුම්රිය මාර්ග අතර රැඳී සිට වෙළෙඳාමේ යෙදීම ඇගේ සිරිතය. ඇය සමග තවත් කාන්තාවෝ ඒ අයුරින්ම වෙළෙඳාමේ නිරතව සිටියහ.   
එදා 1966 අගෝස්තු අට වැනිදාය.   


සිරිත් පිරිදි නිවා දැරිය දුම්රිය මගීන්ට අලෙවි කිරීම සඳහා ජල බෝතල් සහ මල් ගොනු රැසක් සකස් කළාය.   


දුම්රිය පැමිණෙන වේලාවල් සහ ඒවා ධාවනය වන මංතීරු ද ඇය හොඳින් දැන සිටියාය.   


ඒ අනුව දුම්රිය නතර කළ විට වහා දුම්රිය මගීන්ට තම වෙළෙඳාම කර ගනිමින් ජල බෝතල් වෙළෙඳාමේ නියැලීමට ඇය පුරුදුව සිටියාය.   


එදා ඔවුන් ඒ අයුරින්ම වෙළෙඳාමේ යෙදී සිටිය දී දුම්රියක් පැමිණ නතර කැරිණි. ඔවුහු සුපුරුදු පරිදි වෙළඳාම සඳහා මාර්ගයේ රැඳී සිටියහ. එහෙත් වෙනදා දුම්රිය ධාවනය නොවු මං තීරුවකට වෙනත් දුම්රියක් පැමිණියේය. නවතා තිබු දුම්රියේ ඇන්ජිමේ ශබ්දය නිසා දුම්රිය පැමිණි මං තීරුවේ ඇය රැඳී සිටියාය. දුම්රිය මගීන් සිය ගණනක් එම සිදුවීම දුටු විගස ඉන් ඉවත්වන ලෙස නීවාට හඬ නගා කීවෝය. එහෙත් දුම්රියේ හඬ නිසා ඒ කිසිවක් ඇයට නැසුණි.   


​ෙව්දිකාවේ රැඳී සිටි මගී ජනතාවගේ දෑස් ඉදිරියේම ඇය දුම්රියට යට විණි. සිරුර කැබලි බවට පත් වූයේ දුටුවන් හද කම්පා කරවමිනි.   


රැස්ව සිටි පිරිසගේ දුක් අඳෝනා මැද ඇය අවසන් ගමන් ගියාය. ඇගේ සිරුර කැබලි වලට කැඩි ගොස් විසිරි තිබුණ අතර එම කැබලි එකතු කර ගනු ලැබුවේ ගෝනියක් මගිනි.   


එම අනතුර සිදුවීම පිළිබඳ දුම්රිය රියැදුරු කළ ප්‍රකාශයෙන් හෙළි වූයේ ඇය මාර්ගයේ සිටින විට දුම්රිය රියැදුරු කීප විටත්ම නළාව ශබ්ද කළ බවකි. එහෙත් නවතා තිබු දුම්රිය එන්ජිමේ ශබ්දය නිසා ඇයට එම නළා හඬ නැසී තිබු බවය. එම දැරියගේ සිරුර කැබලි වී ඇයට සිදු වූ අකල් මරණය පිළිබඳව එදා මල් වෙළඳාමේ යෙදි සිටි අනෙකුත් කාන්තාවෝ බලවත් කම්පනයට පත්ව සිටියහ. ඔවුන්ගේ දුක් අඳෝනා මැද ඇගේ සිරුර භූමිදානය සිදු කැරිණි.   


එදා මල් වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාවන් අතර නීවාගේ මවගේ මිතුරිකද වූවාය. නීවාට සිදු වූ අවාසනාවන්ත මරණය ගැන දුකට පත් පිරිස අතර මවගේ එම මිතුරිය ද වූවාය. නීවාගේ වියෝ වීම පිළිබඳ මහත් දුක් වේදනා වෙන් සිටි මවට මෙන්ම ඇගේ මිතුරු කාන්තාව ද මිය ගිය නීවාව සිහිනෙන් දර්ශනය වී තිබිණි.   


මිය ගිය තරුණියව සිහිනෙන් දකින බැව් මවගේ මිතුරිය නීවාගේ මවට හෙළි කළාය. සිය දියණියට පිළිබඳ අගේ සිත තුළ පවතින ශෝකය නිසා ඇයට සිහිනෙන් දර්ශනය වන්නට ඇතැයි නීවාගේ මව පැවසුවාය. මාස කීපයක් ගත විණි. නීවාගේ මවගේ මිතුරියට දරු පිළිසිඳ ගැනීමක් සිදු විය. නියමිත කාලය සම්පූර්ණ වීමෙන් පසු 1967 ජුලි මාසයේ දී ඇය දියණියක මෙලොවට බිහි කළාය.   


උපතින්ම එම දැරියගේ දක්නට තිබු විශේෂත්වය වුයේ ඇය අබාධිත දැරියක වීමය. උපතින්ම ඇගේ පාදයක් අහිමි වී තිබිණි. අත්වලඳ ඇඟිලි කීපයක් අහිමිව පිහිටා තිබීම ද තවත් ආබාධිත තත්ත්වයක් විය. දෙවසරක් පමණ ගත විය. බහ තෝරණ වියට පත් වූ ඇය පෙරභවය පිළිබඳව අනාවරණය කළාය.   


දුම්රියේ මල් විකිණීමේ යෙදී සිටිය බැව් ඇය ප්‍රකාශ කළාය. දුම්රිය මාර්ගයේදී දුම්රිය මගීන්ට මල් අලෙවි කරමින් සිටියදී දුම්රියක හැපීම සිදු වූ අයුරු ඇය හෙළි කළාය. දියණිය බිහි වීමට සිටිය දී දුටු සිහිනය බවට සිහිපත් විය.   


තම දියණිය මිය ගිය තරුණියගේ ජීවන තොරතුරු හෙළි කරන බැව් මවට අවබෝධ විය. ඒ පිළිබඳව තොරතුරු විමසීමට මව උනන්දු වුවාය. පෙරාභවයේ දී ඇයට ඇගේ මව විසින් ආදර නමකින් ඇමතූ බැව් හෙළි කළ එම දැරිය මව ඇයට ඇමතූ වදන ද අනාවරණය කළාය. එය ප්‍රකාශ කිරීමෙන් පසු සිය දියණිය හෙළි කරනු ලබන්නේ මිය ගිය තරුණියගේ ජීවන තොරතුරු බැව් තහවුරු කැරිණි.   


​ෙමම දැරියගේ පුනර්භව පර්යේෂණය මෙහෙය වුයේ බුරුමයේ පුනර්භව පර්යේෂකයෙකු වූ යු වින්ග් මන්ග් විසිනි. නීවා දැරිය හෙළි කළ පරිදි දුම්රිය අනතුර සිදු වූ අන්දම මෙම පර්යේෂණයේ දී නිරීක්ෂණය කැරිණ.   
දුම්රිය මාර්ගයේ තිබු මංතීරු දෙකක් අතර රැඳී සිටියදී මල් විකිණීම සිදු කළ තරුණිය දුම්රියේ ගැටි තිබිණි. එම අනතුරෙන් ඇගේ සිරුරේ අත් පා වෙන් වීමක් ද සිදුව තිබු බැව් මරණ පරික්ෂණයේදී අනාවරණය විය. පෙර භවයේදී සිරුරට සිදු වී තිබු හානියට සමානව යළි උපන් දැරියගේ සිරුරේ පිහිටීම් ද දක්නට ලැබීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබලතම සාක්ෂිය බවට පත් විය. අනතුර සිදු වන අවස්ථාව ඇය සිටි දුම්රිය මාර්ග මංතීරු පැහැදිලිව හෙළි කිරීමට මෙම දැරියට හැකි වීම ද ඇති විශේෂ දැනීමක් ලෙස ද මෙහිදී පිළි ගැනුණි. මෙම අනතුර සිදු වූයේ බුරුමයේ ටැටිකොන් දුම්රිය ස්ථානයේ දී මෙම පුනර්භව සිදු වීමේ තවත් විශේෂත්වයක් වූයේ පෙර භවය හෙළි කළ දරුවාගේ සහ සිදු වීමට පෙර ඔබ විසින් දක්නට ලැබු සිහිනයක් අනාවරණය වීමය. පුනර්භව සිදුවීම් වලදී අවධානය යොමු කරනු ලබන සංඥා (Announcing Dreams) ලෙස පිළිගැනෙන මනෝ විද්‍යාත්මක සිදු වීමක් මෙහි ඇතුළත් වීම විශේෂත්වයක් වීය.   

 

 

එම දැරිය ප්‍රකාශ කළ තවත් සිදුවීමක් මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට වැදගත් වී තිබේ. එනම් පෙර භවය හෙළි කළ දැරිය කියා සිටියේ යළි උපත ලැබීමට පෙර දුම්රිය ස්ථානය අසල පසෙක රැඳී සිටි බවයි. එවැනි සිදුවීම් (Different Types Of Evidence For Survival After Death) යනුවෙන් පර්යේෂණවලදී හඳුන්වනු ලැබේ.   


මෙම පුනර්භව සාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී මහාචාර්ය ස්වීවන්සන් විසින් ලියන ලද පර්යේෂණ වර්තාවකට ද ඒ බැව් ඇතුළත් කර තිබේ. මරණින් පසු දුම්රිය ස්ථානය අසල ගසක සිටි බැව් හෙළි කළ එම දැරියගේ ප්‍රකාශය මාහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කර ඇත්තේ (She Said That After The Death She Stayed For Some Time (In A Discriminate State) At a Letpan Tree Located On The Southern Side Of The Railway Station At Tatkon) යනුවෙනි.   


දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියක ගැටීමෙන් මරණයට පත් වූ බැව් හෙළි කළ දැරියක් පිළිබඳව මීට වසර ගණනකට උඩ දී ශ්‍රී ලංකාවෙන් ද අනාවරණය වීය. එම දැරිය හෙළි කළ පරිදි දුම්රියේ ගැටී මරණයට පත් වූයේ අම්බලන්ගොඩ ප්‍ර​ෙද්ශයේ ජීවත්ව සිටි තරුණියෙකි.   


ඒ වන විට අතිරේක අධ්‍යාපන ආයතනයක ඉගෙනීම ලැබු ඉන්දිරා නම් තරුණියක් සවස පන්තියට යෑමට සූදානමින් සිටියාය. වැසි සහිත දිනයක් වූ එදින ඇය දහවල් ආහාර ගැනීමෙන් පසු අධ්‍යාපන පන්තිය වෙත ගියාය. එහිදී ඉගෙනීමේ යෙදී සිටියදී එම ගොඩනැගිල්ලේ ආලෝකය අවහිර වීමෙන් ඉගැන්වීම නතර කිරීමට ගුරුවරයාට සිදු විය. ඒ වන විට වේලාව සවස හතර පමණ වී තිබිණි. තවත් මිතුරියක් සමග ඇය ආපසු නිවස බලා ගමන් කළාය. ඔවුන්ට ගමන් කළ යුතු කෙටි මාර්ගය වූයේ දුම්රිය මාර්ගයේය. ඒ වන විට පැවති වර්ෂාව නිසා ඔවුන්ගේ කුඩයට වැසි ජලය වැටීම නිසා වෙනත් ශබ්ද ඇසීම ද සිදු නොවිණි. ඒ වන විට කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රිය අම්බලන්ගොඩ ප්‍ර​ෙද්ශයට ළඟා වෙමින් තිබිණි.   


මිතුරියන් දෙදෙනාගේ කතා බහ මැද දුම්රිය පැමිණියේය. එහෙත් ඔවුන්ට ඒ හඬ නොඅැසුණි. මාර්ගයේ ගමන් කරමින් සිසුවියන් දෙදෙනා ගැටි විසි වී ගියෝය. දෙදෙනාම එම අනතුරෙන් බිලි ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් කම්පනයට පත් කරවමිනි. ඒ අසුරින් ඉන්දිරා සිසුවියගේ ජීවිතය අවසන් වූයේ 1975 ​අප්‍රේල් මාසයේදීය. දියණියගේ අකල් මරණ පිළිබඳ පවුලේ ඥාතීහු ඉමහත් ශෝකයට පත් ව සිටියහ. කාලය ගෙවී ගියේය. අනුරාධපුර ප්‍ර​දේශයේ උපන් දැරියක් තම මව සමග රූපවාහිනිය නරඹමින් සිටියාය. 1983 දී උපත ලද එම දැරිය ඒ වන විට බහ තෝරන වියට පත්ව සිටියාය. රූපවාහිනියේ දර්ශනයක් අනුව අම්බලන්ගොඩ ප්‍ර​ෙද්ශයේ ගැන පුවතක් ගැන කියමිනි. එය ඇසු සැනින් මව දෙසට හැරුණු දැරිය ‘‘අන්න අපේ ගම’’ යැයි ක්ෂණිකව පැවසුවාය.   

 

 

ඒ පිළිබඳව විමසීමක් කළ මව ‘‘ඒ ඔයාගේ ගම වෙන්නේ කොහොමද? යැයි ප්‍රශ්න කළාය. එමගින් පෙර භවය සිහි කළ දැරිය ​ෙපර ජීවිත තොරතුරු අනාවරණය කරන්නට වූවාය.   


පෙරභවයේදී ඇය ඉගෙනීම ලබමින් සිටි බවත් නිවස පිළිබඳවත් අැය හෙළි කලාය.   


අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගැන නිතර හෙළි කළ දැරිය එහි සිටිය දී දිග කොණ්ඩයක් තිබු බවත් කීවාය. අනතුරුව දෙමාපියන්ගේ නම් ද හෙළි කළ දැරිය පෙර භවයේ දී ඇගේ ජීවිතය අවසන් වූ අන්දම ද කීවාය.   
එදා අපි කෝච්චි පාරේ එන කොට කෝච්චියේ හැපුණා. මගේ ඔලුවත් කකුලත් තුවාල වුණා. යැයි ද ඇය මතකයෙන් හෙළි කළාය. මෙම දැරිය පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට අපට ද අවස්ථාව ලැබිණි. ඒ වන විට පෙර භවයේ නිවස සොයා ගැනීමට එදා ඇයට හැකියාව ලැබී තිබිණි. ඇය පෙර භවය පිළිබඳව හෙළි කළ තොරතුරු විමර්ශනය කිරීමේ දී සනාථ වූ කරුණු රැසක් තිබිණි. ඒ අතරින් පැහැදිලිව දක්නට ලැබුණු දැරිය හෙළි කළ තොරතුරු මෙසේය.   


අම්බලන්ගොඩ හිටිය   
නංගිලා දෙන්නෙක් හිටියා   
පාසල තිබුණේ පන්සල අසල   
කොණ්ඩය දිගට තිබුණා   
නිවස අසල කොට්ටන් ගහක් තිබුණා.   
දුම්රිය මාර්ගයේ ගමන් කළා   
දුම්රියේ හැපී තුවාල වුණා   


පෙර භවයේ මවගේ නමද නිවැරදිව හෙළි කිරීමට ඇයට එදා හැකියාව ලැබිණි. මේ අතර ඇගේ පෙර භවයේ මිතුරියකගේ නමක් ද එම දැරිය නිවැරදිව අනාවරණය කළාය. පෙර භවය හෙළි කළ දැරිය ඇගේ පෙර නිවසටම පැමිණි දිනයේ මව හඳුනා ගැනීම ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට පත් විය. ඒ සමගම ඇගේ පෙර භව මිතුරියන්ද ඇය විසින් හඳුනා ගනු ලැබුවාය.   

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

දුම්රියේ හැපී මිය ගිය තරුණියක් යළි උපදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 225 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site