දුම්රිය මාර්ගයේ, දුම්රියක ගමන් කරන මගීන් වන අපට නම් දුම්රිය ගමන ඉතාම ප්‍රියජනකයි. එහෙමත් නැත්නම් කලාතුරකින් කෝච්චියේ යන අපට ඒක නැවුම්ම වූ අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නෑ. දුම්රිය නිවැරදි දුම්රිය මාර්ගයක යවනවා කියන එක ඉතාම වෙහෙසකාරී වැඩක්. වර්ෂා දිනයක්, මීදුමෙන් වැසී ගිය දිනයක් එහෙමත් නැත්නම් රාත්‍රියේ දී දුම්රිය නිවැරදි මාර්ගයේ යවන එක ඉතාම වෙහෙසකාරී වැඩක්. ඒ ඇයි? රාත්‍රි කාලයේ දී ආලෝකය නොමැති නිසා දුම්රිය සංඥා දුම්රිය රියැදුරුට පැහැදිලිව පෙනෙන්නේ නෑ. අද නම් විදුලි බලය තියෙනවා. විදුලි බලය නැති දවසක් නම් මොකද වෙන්නේ?
අන්න ඒ සඳහා තමයි දුම්රිය මාර්ගයේ දී ලන්තෑරුම් ඉතා පුරාණයේ ඉඳලාම භාවිතයට ගැනෙන්නේ. විදුලි ආලෝකය තිබුණත් අදත් දුම්රිය මාර්ගයේ දී ලන්තෑරුම් භාවිතයට ගන්නවා. අපේ නිවෙස්වල භාවිත කරන ලන්තෑරුම්වලට වඩා ක්‍රියාකාරිත්වයෙන් දුම්රිය මාර්ගයේ ලන්තෑරුම් වෙනස් වෙනවා.
වාෂ්ප බලැති දුම්රිය ධාවනය වූ කාලයේත්, මුලින්ම ඩීසල් දුම්රිය එංජින් භාවිතයට පැමිණි මුල් වකවානුවේදිත්, ෂිමෝෆෝර් කොඩි සංඥා වශයෙන් භාවිතයට ගත්තා. ඒ වුණාට රාත්‍රි කාලයේ දී කොඩි සංඥා පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා, ලන්තෑරුම් භාවිතයට ගැනීමට පුරුදු වුණා. එයින් සංඥා නිකුත් කිරීමට ද පහසු වුණා. (ලන්තෑරුම් සඳහා ද ෂිමෝෆෝර් ලන්තෑරුම් සංඥා ක්‍රමයක් ද තියෙනවා). එක් එක් දිශාවලට උස් පහත් කිරීමෙන් කැරකැවීමෙන් ආදී ක්‍රියා මගින් තමයි ලන්තෑරුමෙන් සංඥා යවන්නේ.
නොයෙක් වර්ගයේ හැඩයේ ලන්තෑරුම් තිබුණත් විශේෂ භූමිතෙල් දුම්රිය ලන්තෑරුම් තමයි දුම්රිය මාර්ගයේ භාවිතයේ ඉතාම ජනප්‍රිය වුණේ. භුමිතෙල් දුම්රිය ලන්තෑරුම කොටස් තුනකින් සමන්විත වෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පළමු කොටස සඳහා භූමිතෙල් රඳවා ගන්නා ටැංකියත්, තිරය සවි කරන කොටසත්, තිරය උස් පහත් කරන කොටසත් අයත් වෙනවා. මීළඟට ලන්තෑරුම මධ්‍යයේ ඇති භ්‍රමණය කළ හැකි ප්‍රකාශ වීදුරු කාචය සහිත කොටසත්, (මෙම භ්‍රමණය කළ හැකි කොටස භ්‍රමණය කිරීමෙන් සංඥා සඳහා අවශ්‍ය රතු වර්ණයත්, නිල් වර්ණයත්, සාමාන්‍ය භාවිතයට වර්ණ රහිතව ද ලබා ගත හැක), තුන් වන කොටස වශයෙන් ආරක්ෂිත පිටත ආවරණයත්, ආරක්ෂිත හැඬලයත් අඩංගු වෙනවා.
දුම්රිය ලන්තෑරුම්වල අභ්‍යන්තර භ්‍රමණය කළ හැකි කොටස 1854 ට පෙර ග්‍රීන්වුඩ්ස් සහ සැක්ස්බයි යන දෙදෙනා විසින් නිර්මාණය කරලා තියෙන්නේ. 1920 දී පමණ සංඥා විදුලි පන්දම් නිෂ්පාදනයේදීත් ග්‍රීන්වුඩ් සහ සැක්ස්බයිගේ මෙම ක්‍රමය තමයි උපයෝගී කරගෙන තියෙන්නේ.
දුම්රිය ලන්තෑරුම් මගින් නිකුත් කරන රතු වර්ණය අනතුරක් හෝ නතරවීම සඳහා කරනු ලබන සංඥාවයි. නිල් වර්ණය ගමන් කිරීම සඳහා නිකුත් කරනු ලබන සංඥාවයි.
ඒ වාගේම විදුලි බලය නොතිබුණු කාලයේ දී බොහෝමයක් දුම්රිය ස්ථානවල රාත්‍රි කාලයේ දී භාවිතයට අරගෙන තියෙන්නේ ද ලන්තෑරුම්ය. ඒවා දුම්රිය ස්ථානයේ වේදිකාව ආලෝකමත් කිරීම සඳහාත් භාවිතයට අරගෙන තියෙනවා. එහෙම භාවිතයට අරගෙන තියෙන ලන්තෑරුම් විශේෂ කුලුනක් මත තමයි රඳවලා තියෙන්නේ. එය යතුරක් මගින් කුලුනේ පහත සිට උස් පහත් කරන්න පුළුවන් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දුම්රිය මාර්ගයේ තියෙන ෂිමෆෝර් සංඥ අත සඳහා ද විදුලි බලය නොමැති කාලයේ දී ලන්තෑරුම් භාවිත කරලා තමයි සංඥා ආලෝකමත් කරලා තියෙන්නේ.
අද දුම්රිය මාර්ගයේ, සහ දුම්රිය ස්ථානවල ලන්තෑරුම් භාවිතයෙන් ඉවත් කරලා තිබුණත්, අවශ්‍ය සෑම විටකම, ලන්තෑරුම් භාවිතයට ගන්නවා. රාත්‍රි ජංගම මුරකරු වැනි අය අදත් ලන්තෑරුම් රාත්‍රි කාලයේ දී භාවිතයට ගන්නවා දැක ගන්න පුළුවන්. විදුලි බලය ඇනහිටිය අවස්ථාවල දී අවශ්‍යවුවහොත් අදටත් දුම්රිය ලන්තෑරුම් දුම්රිය මාර්ගයේ දී භාවිතයට ගන්නවා.
ඉන්දක කරුණාදාස
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රියට සංඥා දෙන ලන්තෑරුම් එළි