භාරත දේව සභාව
තුරු පත් සෙලවෙන හඬ හැර අන් කිසිඳු හඬක් වනයකින් නොනැගිණි. තුරු වදුලකට වී වන පෙත දෙස බලා ගෙන සිටින ගුරුද්රුට මේ නිහඬතාව වදයකි. මුවකු, හාවකු හෝ මී මින්නෙකු වැනි දඩයකමක් එළා ගනු රිසින් දුණු හා ඊතලවලින් සන්නද්ධව සිටින ඉන්ද්‍ර හා ඊතල වලින් සන්නද්ධව සිටින ගුරුද්රූ බැරිම තැන තුරු වදුලෙන් ඉවතට පා තැබුවේය.
මෙතෙක් වෙලා ඇසුණු තුරු පත් සෙලවෙන හඬ වෙනුවට තුරු පත් පෑගෙන හඬක් ගුරුද්රු ගේ සවනෙහි වැකිණි. එහෙත් අවාසනාවකට මෙන් ඒ හඬ නැගුණේ වන සතකුගේ පා ගැටී නොවේ. ගුරුද්රුගේ දෙපා වියැළුණු කොළ රොඩු මත තබන විට කොළ රොඩු පොඩි වීමෙනි.
දුන්න සහ ඊතලය එක අතකින් ගත් ගුරුද්රු වනයේ වෙනත් ඉසව්වක් වෙත ඇවිද ගියේය. එහෙත් තවමත් එකද වන මෘගයකු වත් ගුරුද්රුගේ ඇස ගැටුණේ නැත.
“මේ කැලේ හිටපු සතුන්ට මොනව වුණාද මන්දා?” නැවත වරක් තුරු හිසක් යට හිටගෙන සංසුන් වූ ඔහු වන මෘගයකු ගේ රුව ප්‍රාර්ථනා කළේය.
කාලය ගෙවී ගියා පමණි. අඩුම තරමින් මීයකුවත් ඔහුගේ ඇස ගැටුණේ නැත. “හරියන්නෙම නෑ. කැලේ මැදට වත් ගිහින් බලන්නෙ ඕනෑ.”
ගුරුද්රු තමන්ටම කියා ගනිමින් එතෙක් කිසි දවසක නොගිය වන මැදට ඇවිද ගියේය.
එවර ඔහුට වෙනස් හඬක් ඇෙසන්නට විය. හැබැයි ඒ හඬ බියපත් වූ වන සතකුගේ නොවේ. පන්සලකින් අැසෙන වන්දනා හඬකි. නොඑසේ නම් යාච්ඤාවකි. ගුරුද්රු කෝවිල දෙසට ඇවිද ගියේය. ඔහු දුටුවේ බැතිමතුන්ගෙන් පිරුණු කෝවිල් බිමයි. අත වූ දුන්නත් ඊතලත් ගසක අතු අතර රැඳවූ ගුරුද්රු කෝවිල් බිමට ගියේය. එක් රැස්ව සිටි සිය ගණනක් වූ බැතිමත්තු ශිව, ශිව ඕම් නමඃශීව යනුවෙන් ගීතවත් ලෙස ගයමින් සිටියහ. ඉන් පෙර කිසි දවසක අසා නොතිබුණු මේ අපූරු යාච්ඤාව ගුරුද්රුගේ හිත ගත්තේ නැත. කෝවිල් බිමෙන් පිටත් වූ ඔහු තුරු කඳක රඳවා තැබූ දුන්නත් ඊතලයත් ගෙන ආපසු දඩයමේ ගියේය.
“කොහොම හරි සතෙක් එලා නොගත්තොත් මට බඩගින්නෙයි ඉන්න වෙන්නේ.”
ගුරුද්රු තමන්ටම කියා ගත්තේය. එහෙත් එක සතකුවත් ඇසට හසු නොවූ තැන ඔහු වනයේ ඈතින් ඈතට ඇවිද ගියේය.
“අඩුම තරමින් හාවකු වත් එළා නොගන්න බැරි වුණොත් ගෙදර ගිහිනුත් වැඩක් නෑ. මමයි පවුලයි ඊට පස්සේ කන්නෙ මොනවද?” ගුරුද්රු ඈනුමක් පිට කළේය. බඩගින්න පිපාසය සේම වෙහෙසද දැන් වැඩිය. මින් පෙර කිසිම දවසක ඔහුට මේ අයුරින් දඩයම් වැරැදී නැත.
වනයේ ඇතුළටම ඇවිද ගිය ගුරුද්රු විමතියට පත් විය. ඒ හරියේ වනය තනිකරම අඳුරුය. එක ළඟ විහිදුණු රූස්ස ගස්ය. තුරු අතුඉති අතරින් අහස යම්තමින් වත් නොපෙනුණි. එහෙත් වනයේ වෙනස නිසාවත් ඔහු අාපසු හැරුණේ නැත. කෙසේ හෝ දඩයමක් කර නොගෙන ගෙදර යන්නට නොහැකි නිසාය.
වන මැද තිබුණු එකම අඩි පාර දිගේ ඇවිද ගිය ගුරුද්රුට හමු වූයේ වැවකි. මේ වැව අවට වූ ගස් කොළන් රැස අඳුරේ සැඟවී තිබුණත් වැව නිසා ඒ අවට ආලෝකයක් විය.
“වැවෙන් වතුර බොන්න සත්තු එනවනෙ. ඒ ආ වෙලාවක එකෙක් මරා ගන්නවා.” ගුරුද්රු තමන්ටම කියා ගනිමින් දුනු ඊතල සකස් කර ගත්තේය. ගසට පිටදුන් ඔහු අවට නිරීක්ෂණය කළේය.
ඔහුට යන්තමින් පෙනුණේ බැස යන ඉරයි. ගස් අතු අතරින් යම්තමට පෙනුණු ඉර ඒ වන විටත් විලිකුන් ඵලයක් මෙන් රක්තවර්ණ වී තිබිණි. එහි සෙවණැල්ල වැව් දියෙන් පෙනුණු අතර සරැලි නැගෙන වැව් දියෙන් මළ හිරුගේ සෙවනැල්ල පෙනුනේ සිත්තමක් ලෙසය.
එහෙත් ඒ සුන්දරත්වය. ගුරුද්රු දුටුවේ නැත. ඔහුට දැන්නම් ලෝකයේ තිබෙන එකම සුන්දර දර්ශනය සතකුම පමණි. ඔහු නැවත වතාවක් වැවේ එහා මෙහා නෙත් යොමු කළේය.
“මේ කොතැනක හරි ඇති සත්තු වතුර බොන්න එන තොටුපොළක්. ඒත් මම මෙහෙම ඉඳල බැහැ. මේ ගහකට නැගලා අතු අස්සෙන් වැව දිහා බලන් ඉන්න ඕනෑ. එතකොට සත්තුන්ට පෙන්නේ නැත්තේ. ගගේ අතු අස්සෙන්ම ඊතලයක් විද්දම වතුර බොන්න ඔලුව නමන් ඉන්න සත්තුන්ට ඊතලේ පේන්නේ නැහැ.”
ගුරුද්රු තම දඩයම් සැලසුම සකස් කළේය.
එක් වරම ඇසුණේ සතෙකුගේ බිරුම් හඬකි. ඒ සමග පොකුණට යමක් වැටෙන හඬ ඇසුණු අතර අර බිරුම් නතර වූයේය.
“මොකක්ද?”
දුන්න හා ඊතලය සුරතින් ගත් ගුරුද්රු අතු ඉති අස්සෙන් පොකුණට එබී බැලුවේය. එක් තැනක වතුර කැළතෙමින් තිබූ අතර පෙණ බුබුළු ඉහළ නැගෙන්නට විය.
කිසියම් සතෙක් පොකුණට පැන ඇති බව ගුරුද්රු වටහා ගත්තේය.
“මං දැක්කේ නැහැනෙ මේ සතාව” ගුරුද්රු තමන්ටම කියා ගත්තේය.
එසේ වුවත් ඔහුගේ හිතට වේදනාවක් දැනුණේ නැත. උන් හිටි තැනින් ඉවත් වූ ඔහු පොකුණ අද්දරටම පැමිණ නිසොල්මනේ හිට ගත්තේය. යළිත් පොකුණේ ජල තලය නිසල වූ අතර වනාන්තරය ද නිහඬ තාවයේ ගිලී ගියේය.
ඒ පොකුණ සේම ඒ වනය සේම නිහඬතාවයේ ගිලුණු ගුරුද්රුට එක් වරම සිහිපත් වූයේ වන මැද පිහිටි කෝවිල් බිමයි. එහි එක් රැස්ව සිටි දහසක් බැතිමත්තු ගායනා කළ නාරායන යන වදන ඔහුට යළි ඇෙසන්නාක් මෙන් විය. එවැන්නක් ඔහු මින් පෙර කිසිදු දවසක අසා දැක තිබුණේ නැත.
ඒ සමගම ඔහුගේ මතකයට ආවේ ශිව දෙවිඳුන්ගේ නාමයයි. ශිව ඔව් ශිව ශිව ගුරුද්රු හෙමින් මිමිනුවේය. කෝවිල් ගැන හෝ භක්තිය ගැන හෝ මෙලෝ හසරක් ෙනාදත් ගුරුද්රු වූ කලී වනයේ ගැවසෙන මිනිසෙකු පමණි. ඒ නිසාම ඔහු භක්තියේ විශ්වාසයේ බලය පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත.
එවිටම ඔහුට ඇසුණේ වාසි වාසි යන ශබ්දයයි.
වාඩි වී සිටි තැනින් මඳක් සෙලවුණු ඔහු ඒ හඬ පැමිණි ඉසව්වට නෙත් යොමු කළේය.
ගුරුද්රුට තිබුණේ තියුණු දෙනෙතකි. අඳුර පවා විනිවිද දැකිය හැකි තරමටම ඒ දෑස තියුණුය. ඔහු එක් වරම දුටුවේ ගස්වල පත්‍ර සෙලවෙන ආකාරයයි.
අනතුරුව එතැන වූ ශාක පත්‍ර එක එක බිමට පතිත වන්නට වූයේය.
සන්ධ්‍යාවේ හිරු කෙමෙන් අස්ථංගත වනුත් රන් පැහැති අව්ව වැව් දියේ පෙනෙනුත් ගුරුද්රු නීරීක්ෂණය කළේය. ළා අඳුර ක්‍රමයෙන් වැව වසා ගන්නට උත්සහ ගත්තේය. එහෙත් ගුරුද්රු බලා සිටියේ බැස යන හිරුගේ සුන්දරත්වය නොව ශාක පත්‍ර බිම වැටෙන ඉසව්ව දෙසය. එතැන කිසියම් සතකු ගැවසෙන බව ඔහුට ඉවෙන් මෙන් වැටහිණි.
“වාසි... වාසි...”
අර අමුතු හඬ යළිත් වතාවක් ඇසිණි.
ගුරුද්රු තදින් හුස්මක් ගෙන හිතේ බලාපොරොත්තු ගොඩ ගසා ගත්තේය.
දුන්න සහ ඊතලය සූදානම් කර ගත් ඔහු දඩයමට සූදානම් වූයේය. අර වාසි හඬ යම්කිසි සත්වයෙකුගේය. ඔහු නිවැරැදිය.
ඊළඟ මොහොතේ ඔහුගේ තියුණු දෙනෙතට හසු වූයේ වනයෙන් එළි බසින මුවෙකි. පිපාසයෙන් පීඩිත වූ ඌ පොකුණට පැමිණ පොකුණ දියට මුව තැබුවේය.
එහෙත් ගුරුද්රුට දුන්න සහ ඊතලය අමතකව ගියේය. මන්දයත් අර මුවාගේ සිරුරෙහි තිබුණු අලංකාරය නිසාය. ඒ තරම් ලස්සන මුවෙක් ඔහු මුළු ජීවිත කාලයටම දැක තිබුණේ නැත. එනිසාම ඔහු ඒ මුවාගේ ලස්සන දෙස බලා සිටියේය.
“වන මෘගයෙක් මේ තරම් ලස්සන වෙන්න ඉඩක් නැහැ” ගුරුද්රු තමන්ටම කියා ගත්තේය.
ෙකාහොම වුණත් මෙයා තමයි අද මට නියමිත දඩයම. මම මේ දඩයම හොයා ගන්න කොයිතරම් මහන්සි වුණාද? කොයිතරම් දුර ඇවිද්ද? දැන් ඉතින් මේ දඩයම අතාරින්න බෑ.
ගුරුද්රු ඊළඟ මොහොතේ දුනු දිය ඇද ඊතලය දඩයම වෙත මුදා හරින්නට සැරසුණේය.
එවිටම හිස එස වූ මුවා “මාව මරන්න එපා” යැයි ගුරුද්රුගෙන් ඉල්ලා සිටියේය.
ගුරුද්රු සසල විය. භූත බලවේගයක බලපෑමක් එල්ල වූ කලෙක මෙන් ඔහු සසල වන්නට පටන් ගත්තේය. බියෙන් ගැහෙන්නට වූ ඔහුගේ අතින් ඊතලය සහ දුන්න ගිලිහී ගියේය. ඉහින් කනින් දහඩිය වැගිරෙන්නට වූ අතර දඩයක්කාරයා බොහෝ සේ අසරණ වූයේය. බියපත් ඇසින් අර විසිතුරු මුවා දෙසම බලා සිටියේය.
එහෙත් ඊළඟ මොහොතේ ඔහුට දැනුණේ බඩගින්නයි. නිවසේ සිටින බිරිඳගේ සහ දරුවන්ගේ බඩගින්නයි. ඔවුන්ගේත් තමන්ගේත් බඩගින්න නිවාගන්නට නම් තමා ඉදිරියේ ඇති මේ දඩයමට ඉවත යන්නට දිය නොහැක.
ගුරුද්රු යළිත් ශක්තිය ගෙන දුන්න සහ ඊතලය සකස් කර ගත්තේය. එය අර මුවා වෙත ඉලක්ක කර දුනුදිය මුදා හරින්නට සැරසෙන විටම මුවා යළි කතා කළේය.
“කරුණාකරලා මට අනුකම්පා කරන්න. මට යන්න දෙන්න. මාව මරා දාන්න එපා” මෙය සිහිනයකැයි ගුරුද්රුට සිතිණි.
“අැයි මම උඹට යන්න දෙන්නේ. එතකොට කෝ මට ආහාරයක්. මමයි මගේ දරු පවුලටයි බඩගින්නෙද ඉන්න වෙන්නේ” ගුරුද්රු විමසුවේය.
“බෑ ඒක කොහොමටවත් කරන්න බෑ. මට සිද්ධ වෙන්නේ උඹව මරන්න.”
මුවාගේ ඇස්වල කඳුළු පිරිණි. ඒ කඳුළු නෙතඟින් ඌ ගුරුද්රු දෙස බැලුවේය.
“ඔබ කියන දේ ඇත්ත කියලා මට තේරෙනවා. ඒත් ඔබ මාව මේ මොහොතෙදී මැරුවෙ නැත්නම් මම ඔබේ දරු පවුල රකින්න පොරොන්දුවෙනවා.”
“ඒ කොහොමද?”
“දැන් මට යන්න දෙන්න. මම පෙරොන්දු වෙනවා. ඔබට ගොදුරක් වීමට මා ආපසු එන බවට. එතකොට ඔබ මාව දඩයම් කර ගන්න. ඔබේ බිරිඳගේ සහ දරු පැටවුන්ගේ කුස ගින්දර නිවා ගන්නට එවිට ඔබට හැකියි.”
ලබන සතියට
ශාන්ත කුමාර විතාන
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දඩයක්කාරයා වෙත පැමිණි ලෝකයේ ලස්සනම මුවා