IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජීවය ඇරැඹුණු ‘ඒදන්’ උයන විද්‍යාඥයන්ට හමුවෙලා

 

බයිබලයේ උප්පත්ති කතාවට අනුව, යෙහෝවා දෙවියන්, පොළොවේ එක් සුවිශේෂී තැනක් තෝරා ගනිමින්, ලස්සන උද්‍යානයක් නිර්මාණය කළේය. ගස්වැල් මවමින්, ලොකු සතුන් පොඩි සතුන් මවමින් මේ උද්‍යානය ජීවයෙන් පිරුණු තැනක් බවට පත් කළේය. ගස්වැල්වලින් සහ සතුන්ගෙන් පිරුණු මේ උද්‍යානයේ එක් අඩුවක් තිබුණි. දෙවියන් පළමු මිනිසා ලෙස ආදම් ද පළමු ස්ත්‍රිය ලෙස ඒව ද නිර්මාණය කළේ එම අඩුව පිරවීමටය. දෙවියන් මැවූ මේ උද්‍යානය ‘ඒදන්’ උද්‍යානයයි. 


වසර ලක්ෂ දෙකකට පමණ පෙර, මනුෂ්‍යයාගේත් මිහිමත වාසය කරන සියලූම ජීවීන්ගේත් ආරම්භය සිදුවුණැයි පැවැසෙන ‘ඒදන් (ඊඩ්න්/ඒඩ්න්) උද්‍යානය’ තිබෙන්නට ඇත්තේ කොහේදැයි යන්න බොහෝ දෙනාගේ වාද විවාදයට හේතු විය. කෙසේ නමුත් මේ වනවිට ජගත් පර්යේෂකයන් පිරිසක් ලොවට අනාවරණය කර ඇත්තේ, ඔවුන්ට ඒදන් උද්‍යානය පිහිටි ස්ථානය සොයා ගැනීමට හැකිවුණු බවය. ඔවුන් පෙන්වා දෙන අන්දමට ඒදන් උද්‍යානය ඇත්තේ අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යයේය. 


මානව වර්ගයාගේ ආරම්භය අප්‍රිකාවෙන් සිදුවුණු බව විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ අද ඊයේ නොවෙයි. එහෙයින්, මානව වර්ගයාගේ ආරම්භය සිදුවුණැයි පැවැසෙන ඒදන් උද්‍යානය අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවීම අරුමයක් නොවේ යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ‘ඒදන්’ උද්‍යානය පිහිටා තිබෙන්නට ඇත්තේ, බොට්ස්වානා රාජ්‍යයේ උතුරු දෙසින්, සැම්බීසි නදියට දකුණින්ය. අද මෙම ප‍්‍රදේශය අතීතයේ මෙන් සරුසාර තැනක් නොවෙයි. අද මෙම ප‍්‍රදේශය අයත් වන්නේ මක්ගඩිකාඩි තෙත් බිම් කලාපයටය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, අතීතයේ මෙහි දැවැන්ත විලක් තිබුණු බවය.

 


වසර 70,000 ක් හෝමෝ සේපියන් සේපියන් මානවයන්ගේ නිවහන වූයේ මෙතැනය. අපේ ආදීතම මුතුන්මිත්තන් වූ හෝමෝ සේපියන් සේපියන්ට කාලගුණ විපර්යාස බාධාවක් වුණු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ආදි මානවයන් එදා මෙම සරු බිමෙන් පමණක් නොව අප්‍රිකාවෙන් ද සංක‍්‍රමණය වී, ලොව නන්දෙස ව්‍යාප්ත වූයේ එම කාලගුණ විපර්යාස නිසා සිදුවුණු බලපෑම් හේතුවෙනි.
ජගත් විද්‍යාඥයන් සහ පර්යේෂකයන්, ඒදන් උද්‍යානය මෙම ස්ථානයේ තිබෙන්නට ඇතැයි තහවුරු කර ගෙන ඇත්තේ, භූගෝලීය වශයෙන් සහ ජානමය වශයෙන් මෙම ප‍්‍රදේශයේ වෙසෙන සතුන්, ශාක සහ පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. පුළුල් අයුරින් කළ එම අධ්‍යයනයට වසර කීපයක් ගත වුණු බව ද පැවැසෙයි. ඔස්ට්‍රේලියාවේ ගර්වාන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියක වන වෙනේසා හේස් මෙම අධ්‍යයනයට දායක වූ තැනැත්තියකි. ‘මානවයාගේ පමණක් නොව, මිහිමත සියලූම ජීවීන්ගේ පහළවීම සිදුවූයේ ඒදන් උද්‍යානයෙන් යැයි බයිබලයේ උප්පත්ති කතාවේ සඳහන් වෙනවා. මානවයා පහළ වූයේ අප්‍රිකාවෙන් බව විද්‍යාඥයන් තහවුරු කර තිබෙනවා. ඒ තහවුරු කිරීමට මෙම නව සොයා ගැනීම හොඳින් පෑහෙනවා. ඒදන් උයනේ පිහිටීම තහවුරු කර ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙයයි.’ යැයි වෙනේසා හේස් පවසා ඇත.

 


ලූසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි



අදහස් (0)

ජීවය ඇරැඹුණු ‘ඒදන්’ උයන විද්‍යාඥයන්ට හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site