
මනුෂ්‍යයන් ඇතුළු බහු ෙසෙල ජීවීන්ට ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය වෙයි. ආහාර හෝ ජලය මෙන් නොව ඔක්සිජන් නැතිව අපට ජීවත් විය නොහැකිය. ඒත් ඔක්සිජන් නොමැතිව ජීවත් වන ජීවියකු ද සිටින බව ඔබ දන්නවාද? මෙම ජීවියා සම්බන්ධයෙන් ලොවට ආනවරණ කළේ ඊශ‍්‍රායල විද්‍යාඥයන් කණ්ඩායමකි. එය සත්ව විද්‍යාවේ නව පෙරැළියක් ඇති කිරීමට සමත් විය.
ඔක්සිජන් නොමැතිව ජීවත් වන මෙම ජිවියා ක්ෂුද්‍රජීවී පරපෝෂිතයෙකි. සත්ව විද්‍යාත්මකව මේ පරපෝෂිතයා හැඳින්වෙන්නේ ‘හෙන්නෙගුයා සැල්මිනිකෝලා’ යන නමිනි. මේ පරපෝෂිතයා විද්‍යාඥයන්ට ආගන්තුකයකු නොවෙයි. උන් ජීවත් වන්නේ සැමන් මසුන්ගේ සිරුර තුළය. කෙසේ නමුත් මෙම පරපෝෂිතයාට ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය නොවන බව විද්‍යාඥයන් මීට පෙර දැන සිටියේ නැත.
‘හෙන්නෙගුයා සැල්මිනිකෝලා’ පරපෝෂිත ජීවියා ජෙලි ෆිෂ් (ලොඩියකු) සත්වයකු වැනිය. මේ ජීවියාට මයිටොකොන්ඩ්රියම් ජානමය ද්‍රව්‍ය නොමැත. මයිටොකොන්ඩ්රියම් යනු සජීවී ෙසෙලවල ඇති ශ්වසනයට (හුස්ම ගැනීමට) හා ශක්තිය නිපදවීමට බලපාන ව්‍යුහයයි. ඒ අනුව, පරපෝෂිත ජීවියා හුස්ම ගැනීමක් නොකරයි. ජීවියා ගත කරන්නේ ඔක්සිජන් රහිත ජීවිතයකි.
මෙම නව සොයා ගැනීමත් සමඟ පෘථිවියේ ජීවය පිළිබඳ රහස් අනාවරණය කර ගැනීමටත් විශ්වයේ ඈත පිටසක්වළ ජීවීන් සොයා කරන ගවේෂණ මෙහෙයුම් සාර්ථක කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇතැයි මෙම නව සොයා ගැනීමට දායක වූ ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ඩයනා යහලෝමී පැහැදිලි කර ඇත.
‘හෙන්නෙගුයා සැල්මිනිකෝලා’ ජීවියා සිනිඬේරියන් පවුලේ සාමාජිකයෙකි. ජෙලිෆිෂ් පමණක් නොව කොරල් ජීවීන් පවා අයත් වන්නේ මෙම පවුලටය. බිත්තරයෙන් උපත ලබා සැමන් මසුන් මියයනතුරු පරපෝෂිත ජීවියා සැමන් මත්ස්‍යයාගේ සිරුරේ ජීවත් වෙයි. ‘හෙන්නෙගුයා සැල්මිනිකෝලා හරිම අපූරු පරපෝෂිතයෙක්. මේ සත්වයා විද්‍යාවට අමුත්තෙකු නොවෙයි. අප මේ සතා ගැන කලින් දැන සිටියා. ඒත් මේ සතාට ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍ය නොවන බව අප කලින් දැන සිටියේ නැහැ, යැයි විද්‍යාඥ ඩයනා යහලෝමී මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ලූසිත ජයමාන්න ‘රොයිටර්’ ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවත් වෙන්න ඔක්සිජන් ඕනෑ නැති සතා