2016 වසරේදී, චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් එරට ෂැංග්ඩොන් පළාතේ නටබුන් වී ගිය ඉපැරැණි ගම්මානයක කැණීම් සිදු කළහ. ගම්මානයේ සොහොන් ගැබ් තුළ තිබී හමුවුණු සිරුරු දැකීමෙන්, විද්‍යාඥයෝ මවිතයෙන් මවිතයට පත් වූහ. ඒ, එම සිරුරු අසාමාන්‍ය ලෙස උසින් වැඩි වීම නිසාය. විද්‍යාඥයන්ට හමුවී තිබුණේ යෝධයන්ගේ සිරුරුය. චීනයේ කහ ගංගාව ගලා බසින්නේ මෙම ෂැංග්ඩොන් පළාත හරහාය. නව ශිලා යුගයට අයත් යැයි සැලකෙන ශිෂ්ටාචාර රැසක් ගංගාව ආශ්‍රිතව අතීතයේ බිහිවිය. පුරා විද්‍යාඥයන් කැණීම් කළේ ද එවැනි මානව ශිෂ්ටාචාරයක යටගියාවේ සුලමුල සොයමිනි.
චීන පුරාවිද්‍යාඥයන්ට ජියෝජියෝ නමැති ඉපැරැණි ගම්මානයෙන් හමුවුණු ශේෂ වුණු යෝධ ඇටසැකිළි ජානමය විකෘතිතාවට ලක් වූවන්ගේ නොවන බවත්, අතීතයේ ජීවත් වුණු මෙම අසාමාන්‍ය මිනිසුන් සැබැවින්ම උසින් මෙන්ම සවි ශක්තියෙන් ද වැඩි පිරිසක් වූ බවත් පසුගිය දා කළ නවතම පරීක්ෂණයකින් අනාවරණය විය. අතීතයේ වාසය කළ මෙම ‘යෝධයින්’ගේ උස අඩි 7 ට වැඩිය. මෙම යෝධ මිනිසුන් වර්ගය ජීවත් වන්න ඇත්තේ මීට වසර 5,000 කට පෙර යැයි අස්ථි පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන් විසින් තහවුරු කර ගනු ලැබ තිබේ. චීන පුරාවිද්‍යාඥයන් කැණීම් සිදු කරන ඉපැරැණි ගම්මානයේ නටබුන් වී ගිය නිවාස 104 ක් ඇත. ඊට අමතරව සොහොන් 205 ක් සහ බිලි පූජා පැවැත්වීමට යොදා ගත් වළවල් 20 ක් ද සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.
‘කහ ගංගාව අශ්‍රිතව නව ශිලා යුගයට අයත් මෙම යෝධයින්ගේ ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ බව අපට තහවුරු වී තිබෙනවා. මෙම යෝධ මිනිසුන් ගොවිපොල සතුන් ඇති කළා. ඒ අතර ඌරන් බොහෝ සිටියා. තිරිඟු වගා කළා. ඒ බවට සාක්ෂි අපට හමුවෙලා තිබෙනවා’ යැයි පුරාවිද්‍යා කණ්ඩායම මෙහෙයවන චීනයේ ෂැංග්ඩොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍ය ෆෙන්ග් හුවී කියයි. මෙම පුරාණ මිනිසුන් මේ අයුරින් ශක්ති සම්පන්න යෝධයන් බවට පත්වී ඇත්තේ ඔවුන් ආහාරපානාදියෙන් ඔවුන්ට හොඳ පෝෂණයක් ලැබුණු නිසා යැයි ද මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කර සිටී.



අදත් ෂැංග්ඩොන් පළාතේ වාසය කරන චීන වැසියන් අනෙක් පළාත්වල වැසියන්ට වඩා උසින් වැඩි යැයි ද පැවැසෙයි. 2015 වසරේ චීන රජය කළ නිල සංගණනයකට අනුව මේ බව තහවුරු වී ඇත. 18 හැවිරිදි වියෙහි පසුවන තරුණයන්ගේ උස අඩි 5.75 කි. පුරාණයේ වාසය කළ යෝධ මිනිසුන් කුඹල් කර්මාන්තයට විශේෂ දක්ෂතාවක් දැක්වූ බව ද පුරාවිද්‍යා සාක්ෂිවලින් පැහැදිලි වී ඇතැයි මහාචාර්ය ෆෙන්ග් හුවී වැඩිදුරටත් පැහැදිලි කර සිටී. මේ අතර ෂැංග්ඩොන් පළාතේ සංස්කෘතික උරුම සුරැකීමේ කාර්යාංශයේ නියෝජ්‍ය ප්‍රධානී ෂෝ සියාබෝ පවසන්නේ ‘යෝධයින්’ ගැනත් ඔවුන්ගේ පුරාණ ගම්මානය ගැනත් වැඩිදුර පරීක්ෂණ දිගටම සිදු කරන බවය. ඉදිරියේ දී මෙම ‘යෝධයන්’ ගැන තව තවත් කරුණු කාරණා අනාවරණය වනු ඇතැයි ද ෂෝ සියාබෝ වැඩි දුරටත් කියා සිටී.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයෙන් යෝධයන්ගේ ඇටකටු මතුවෙලා