IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ග්‍රහයින් ගැනත් ටිකක් දැනගනිමු

 

රවි ග්‍රහයා  


ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාය. ගෞරවය, ප්‍රසිද්ධිය ලබා දෙයි. ​ආත්මයට අධිපතිය. වෘත්තියට බලපායි. ඉදිරිපත් වීමේ හැකියාව ලබා දේ. ප්‍රිය කාරකය. රජය හා සම්බන්ධ රැකියා රවිට අයත්ය. ප්‍රභූන් නියෝජනය කරයි. පිතට අධිපතිය. හෘදය රෝග, ​ඇස්, රෝග, හිසේ අමාරු, ඌෂ්ණාධික රෝග, වණ රෝග, වමනය, කන් ආබාධ, උගුරේ, නාසයේ, මොළයේ ආබාධ, සමේ රෝග, භගන්දරා ආදී රෝග රවිට අයත්ය. හෘදය, මුඛය, හිස, උගුර, දකුණු ඇස, (පිරිමි), වම් ඇස (ගැහැනු) මොළය, උදරය, කොඳු ඇට, අස්ථි, සම රවිගෙන් නියෝජනය වන ශාරීරාංගයි. දැඩි බව, තරුණ කාලය, ස්ථිර ආදරය, විශ්වාසය, රජය, පියාගෙන් උරුම වන දෙය, ප්‍රසිද්ධිය, සිවුපා සතුන්, රළු ගතිය, ජනප්‍රිය වීම, ආලෝකය, ඉරිද‌ා දවස, නායකත්වය රවිට කාරක වන බව දත යුතුය.  


සඳු ග්‍රහයා  


සඳු ග්‍රහ මණ්ඩලයේ රැජීණ හෙවත් බිසව වන්නේය. මවට අධිපතිය. සිතටද අධිපතිය. ගේ දොර, මුහුදු ගමන්, කාන්තා පක්‍ෂය, සෞඛ්‍ය තත්ත්වය, මාතෘ භූමිය සාමාන්‍ය ජනතාව, ජනප්‍රියතාව, රැකියාවක් ලැබීම, රෙදිපිළි, දියර වර්ග, සුවඳ විලවුන්, මල් වර්ග, පලතුරු, ගැබ් ගැනීම, කම්මැලිකම, වන්දනා චාරිකා, ගොවීන්, වශී ගුරුකම්, විදෙස් ගමන්, ඔසප් වීම, ළදරුවා, වීදුරු, දවල් ආහාරය, මගීන්, ධීවරයන්, සිරිත් විරිත්, රාත්‍රිය ආදියට බලපවත්වයි. වමනය, පණු රෝග, අක්ෂි ආබාධ, ඔසප් රෝග, දද, උමතු රෝග, පීනස, මුත්‍රාබාධ, අපස්මාරය, පිළිකා, නහර ගැට ගැසීම, ක්ෂය රෝග, සෙම් රෝග, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඳුම, නියුමෝනියාව, මැලේරියාව, සෙංගමාලය, උරහිසේ අමාරු, ලිංගික රෝග, කෙට්ටු වීම, සඳුගෙන් නියෝජනය වන්නා වූ රෝගාබාධයන්ය. දකුණු ඇස (ගැහැනු), වම් ඇස (පිරිමි) උගුර, පයෝධර, ආමාශය, හෘදය, ගර්භාෂය, මුත්‍රාශය, බඩවැල්, ස්නායු පද්ධතිය සඳුගෙන් නියෝජනය වෙයි. ජල ආශ්‍රිත රැකියා, දියර ආහාර වෙළෙඳ‌ාම, පදික වේදිකාව, සාත්තු සේවය සඳුට අයත් රැකියාවන්ය.  


කුජ ග්‍රහයා  


ග්‍රහ මඩුල්ලේ සෙන්පතියාය වික්‍රමයට අධිපතිය. පාලනය කරයි. රණ්ඩු දබර කරයි, නිර්භීතයි. විශාල බලාපොරොත්තු තබයි. වස විස වලට අධිපතිය. රාගාධිකය. ශක්තිය ලබාදේ. පුරුෂ පක්‍ෂයේ ඥාතීන්ට අධිපතිය. ඉදිරියට යන ගතිය, සතුරන්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල, බිහිසුණු පිපිරීම්, තුවාල, කැපුම්, කෙටුම්, බාධක, තරුණ විය, ක්ෂණික කෝපය, සටන් කලාව, නිදන් වස්තුද කුජගෙන් නියෝජනය වෙයි. නාසය, නළල, හිස, අධෝමාර්ගය, දෙ අත්, දෑස් කුජගෙන් නියෝජනය කෙරේ. පිටත අධිපතිය. උණ, ඌෂ්ණ රෝග, රුධිර රෝග, කැපීම්, පිළිස්සීම්, ලේ අර්ශස්, රක්තවාදය, පිටගැස්ම, ශල්‍යක ඇස්වල ආබාධ, ගඩු, වණ, දද, කැසීම් හා විෂ වර්ග වලින් සිදු වන අනතුරු. ඇට මිදුලු හා සම්බන්ධ රෝගාබාධ කුජට අයිතිය. ආරක්‍ෂක අංශය, කාර්මික අංශය, වෛද්‍ය වෘත්තිය, ක්‍රීඩාව කුජ නියෝජනය කරන රැකියාවන්ය.  


බුධ ග්‍රහයා   


ග්‍රහමණ්ඩලයේ කුමරු ලෙස බුධ හැඳින්වේ. මනසට ද අධිපති ග්‍රහයාය. වචනයට, බුද්ධියට, ඉගෙනීමට, ලේඛන කලාවට බලපායි. මතක ශක්තිය බුධට අයිතිය. උපාය, අහිංසකකම, අස්ථිර ගතිය, මවගේ ඥතීන්, මෙහෙකරුවන්, ගොඩබිම ගමන් බිමන්, රෙදිපිළි, රෝගී බව, ආහාර, සිර්රේ වර්ධනය, හිසකෙස්, සම, ආනයනය, අපනයනය, වාදය, කපටිකම, රැවටීම, පක්‍ෂීන්, බුධගෙන් නියෝජනය වෙයි. පෙනහළු, දිව, දෙඅත්, හිසකෙස්, රුධිරවාහිනී, මුඛයේ ස්නායුද බුධට අයත්ය. ගොළු බව, මීමැස්මොරය, සිහිය දුර්වල වීම, සමේ රෝග, ගෙලෙහි ආබාධ, අප්‍රාණික බව, තුන් දොසම කිපීමෙන් හට ගන්නා රෝග බුධට අයත්ය. ලිපිකරුවන්, ලේඛකයන්, ලේඛම්කරුවන් ආදීන් බුධගෙන් නියෝජනය කිරීම, පොත්පත් ප්‍රකාශකයින්ද විකුණන්නන්ද අයත්ය. වෙළෙඳ‌ාම් කිරීම, පෙදරේරුවා, කවියා, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ලිත තානාපති ද බුධට කාරකය.   


ගුරු ග්‍රහයා  


ග්‍රහ මණ්ඩලයේ පුරෝහිතයාය. ගුණනුවනට, සැපතට අධිපතිය. දරුඵල කෙරෙහි බලපායි. පියපස ඥ‌ාතීන් නියෝජනය කරයි, ධනකාරකයාය. සියල්ලෙහිම වර්ධනය පෙන්වයි. ගුරු බලවත් වීම බොහෝ දෝෂ භංගයට හේතුය. භාරකරුවන්, දීර්ඝ ගමන්, ආගම, ගුරුවරයා, ආකර්ෂණය, අධ්‍යාපනය, නීතිඥයන්, අවන්හල්, පදවි, වෛද්‍යවරුන්, මිතුරන්, විවාහය අහස, ජනතාව, විරාගය ආදියට ගුරු කාරකයාය. අක්මාව, දකුණු කන, පෙනහළු, ආවරණය, ශක්‍ර තරලය, නාභියෙන් පහළ ප්‍රදේශය ගුරු නියෝජනය කරනු ලබයි. ආමාශයේ රෝග, සමේ අමාරු, පිත්තාශයේ ගල්, ලේ විෂ වීම ආදී රෝගාබාධවලට බලපායි. ගුරු සෙමට අධිපතිය. ගුරුවරුන්, නීතිඥයන්, විනිශ්චයකරුවන්, කථිකාචාර්යවරුන්, ඇමැතිවරුන් ආදීන් ගුරුගෙන් නියෝජනය වෙති.  


ශක්‍ර ග්‍රහයා.  


ග්‍රහ මණ්ඩලයේ කුමාරිකාව ලෙස සිකුරු ග්‍රහයා හඳුන්වයි. කාමයට අධිපතිය. මුදල්, රන්, ආභරණ, ඇඳුම්, මැණික්, ඉගෙනීම, විවාහය, විනෝදය, කාන්තා ඥ‌ාතීන්, කලා නිර්මාණ, පරද‌ාර සේවනය, ​ප්‍රේමය, රහස, විසිතුරු දේ, රැවටීම, මනමාලකම, නිරුවත, ඇඳ ආදිය සිකුරුගේ නියෝජනයන්ය. නිකට, කම්මුල්, වම් කන, ගලනාළය සිකුරුට හිමිය. අක්ෂි ආබාධ, බෙල්ලේ වායු ගෙඩි, රහස් රෝග, දියවැඩියාව, මුත්‍රා රෝග, අලස බව, ඉදිමුම, වා සෙම් දෝෂ සිකුරුගේ බලපෑමට යටත්ය. නාට්‍යකරුවන්, කවියන්, චිත්‍රපට නිෂ්පාදකයින්, රෙදිපිළි වෙළෙඳුන්, ස්වර්ණාභාරණ වෙළෙඳුන් සිකුරු නියෝජනය කරයි. ගමනා ගමන සේවා හිමියන් සිකුරුගේ බලයට යටත්ය. නළු නිළියෝ සිකුරු අධිපති වෙති.  


ශනි ග්‍රහයා  


ග්‍රහ මණ්ඩලයේ කම්කරුවාය. දුකට අධිපතිය. රෝගකාරකයාය. බාධා ඇති කරයි. ප්‍රමාද කරයි. දුප්පත් කරයි. මෝඩකම, මෙහෙකාරකම, නපුර, හිරබන්ධනය, අලසකම, හදිසි අනතුරු, මරණය, දඬුවම්, මත් වතුරපානය, පාපය, කපටිකම, පතල්, දුෂ්කර ක්‍රියා, සූදුව, අසරණකම, ලෝභකම, ආයුෂ ආදියට ශනි බලපායි. දුක සැප දෙකම විඳදරා ගනී. දීර්ඝ කාලීන සබඳකම් ඇති කරයි. ගස්වැල්, ශරීර දිරවයි. දණහිස්, දත්, සන්ධි, අස්ථි, සෙම් ධාතුව, ශනිට හිමිය. ශනි වාතයට අධිපතිය. හන්දිපත් ඉදිමුම, පාදවල ආබාධ, උදරාබාධ, කොර ගතිය, හොරි, වණ, දද,  දාහ, වාත රෝග, ආමවාත, හෘදයාබාධ, නහර දුර්වලතා, ශනි​ෙගන් ඇතිවෙයි. බර වැඩ, කම්කරු වැඩ ආදිය ශනිට හිමිය. හෙවත් වෙහෙස මන්සිය වැඩි රැකියාවන්ය.  


රාහු ග්‍රහයා  


වෙනස් කරවන සුළු, කඩාකප්පල්කාරී ග්‍රහයාය. ගමන් බිමන් ඇති කරයි. ඥ‌ාති විරෝධතා ඇති කරයි. වාහන අනතුරුවලට, පාපී ක්‍රියාවලට, වසංගත රෝගවලට ක්‍රිස්තු භක්තිකයන්, දේශපාලන කුමන්ත්‍රණ, දෛවඥයන් රාහුගෙන් නියෝජනය වෙයි. චර්ම රෝග, වස විෂ, පාචන රෝග, හෘදයාබාධ, ලාදුරු, හේතු සෙවීමට අපහසු රෝග රාහුගෙන් ගෙන දෙයි. ගෙල රාහුට අයත්ය. ගුප්ත කටයුතු, දේශපාලන කටයුතු, දේශනා කරන්නන් රාහුගෙන් නියෝජනය කරයි.  


කේතු ග්‍රහයා  


අපකීර්තිය ප්‍රකට කරයි. ඥ‌ානයට ඉගෙනීමට හොඳයි, දිළිඳු බව, සැකය, යාචකයා, බොරුකීම, රහස් කතිකා, කෙට්ටු වීම, අමනුෂ්‍ය දෝෂ, කේලම්, රණ්ඩු දබර, ගිනි බය, පදවි නියෝජනය කරයි. ​ෙගාත ගැසීම, වසංගත රෝග, මුඛ දුර්ගන්ධය, පිළිකා, ගඩු, වණ, කෑම අරුචිය, කැපුම් තුවාල, පිලිස්සුම්, අංශභාගය, වස විශවලින් හානි, ක්ෂය රෝගය ආදිය ඇති කරයි. අැස්වහ, කටවහ, භූත දෝෂවලට බලපායි. කේතුගෙන් පාද නියෝජනය වේ.   


සියලු ලෞකික සම්පත් ලැබෙන මහා භාග්‍යා යෝගයෙන් උපන් අය.  


ඔබ ‘මහ භාග්‍යා යෝගයෙන්’ උපත ලබා ඇත්නම් සියලු ලෞකික සැප සම්පත් භුක්ති විඳීමට හැකි වාසනාවන්තයෙකි. එපමණක්ද?  


ඉගෙනීමෙන්, රැකියාවෙන්, තනතුරුවලින් ඉතා උසස් තත්ත්වයකට පත්වේ. පිනට දහමට කැමැතියි. තම පරම්පරාවම බබළවයි. රජයේ මැති ඇමැති තනතුරු දරන අධිකාරි බලය, පාලන බලය, ත්‍යාගවන්තකම, ධනබලය, කීර්ති ප්‍රශංසා ලබන අය වෙති. විශාල දේපොළවලට හිමිකම් ලැබේ.  


‘‘මහ භාග්‍යා යෝගය’’ පුරුෂයින්ට සහ ස්ත්‍රීන්ට පිහිටන්නේ දෙයාකාරයකටය.  


යම් පුරුෂයෙක් හිරු උද‌ා වූ මොහොතේ සිට එදින හිරු බැසයන කාලය අතරතුර උපත ලබා ඔහු අස්විඳ, බෙරණ, අද, පුනාවස, මා, සිත, සා, පුවපුටුප නැකත්වී, පුරුෂ රාශි වූ මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන ලග්නයක් වී, ‘‘සඳු’’ ග්‍රහයා සහ රවි ග්‍රහයා මෙහි දක්වා රාශියක නම් ‘මහ භාග්‍ය යෝගයෙන්’ උපන් වාසනාවන්තයෙකි.  


ඊළඟට ස්ත්‍රියකට මෙම ‘‘මහ භාග්‍යා යෝගය පිහිටි ආකාරය බලමු.   


යම් දිනයක හිරු බැස ගිය මොහොතේ සිට පසුදා නැවත හිරු පායන්නට පෙර, කැති, අස්ලිස, උත්‍රපල්, හත, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකතකින් උපත ලැබිය යුතුය. උපන් ලග්නය ස්ත්‍රී රාශි වූ වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන විය යුතු වේ. එපමණක් නොව රවි සහ සඳු යන ග්‍රහයින්ද එම ස්ත්‍රී රාශියක තැන්පත් විය යුතුය.  


මේ අන්දමට පුරුෂයින් දිවා කාලය තුළද, ස්ත්‍රීන් රාත්‍රී කාලය තුළ උපත ලබන විට සඳහන් කර ඇති ආකාරයට නැකත, ලග්නය, හිරු, සඳු පිහිටන්නේ කලාතුරකිනි. ඒ ඉතා වාසනාවන්තයින්ට පමණය. පෙර ආත්මවලදී දන් පින් කර ඇති අයද වෙති.  

 

 

 


ජ්‍යොතිර්ෂවේදී ඇස්. සිරිවර්ධන  
133 සී, ජයන්ති පාර, දොම්පේ. 

 

 

 

 



අදහස් (0)

ග්‍රහයින් ගැනත් ටිකක් දැනගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 607 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 351 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site