IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ග්‍රහකයකට රොකටයක්

තරුපිරි අහස

පෘථිවිය ආසන්නයේ ඇති ග්‍රහක අතරින් ‘ඉතොකවා’ ග්‍රහකයට විශේෂ ස්ථානයක් ලැබී තිබේ. එයට හේතු වී ඇත්තේ එහි විශාලත්වය සේම, එම ග්‍රහකය මතට අභ්‍යාවකාශ යානාවක් ගොඩ බැස්සවීමේ සූදානමක් තිබීමයි.   
1998 වසරේදී හඳුනාගත් මෙම ග්‍රහකය නම් කර තිබෙන්නේ ජපන් ජාතික රොකට් විශේෂඥයෙකු වන හිදෙයො ඉතොකවා ගේ නමිනි.   


ජපානය ‘හයබුසා 2’ යානාව මෙම ග්‍රහකය වෙත මේ වන විටත් පිටත් කර යවා තිබේ. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එය ග්‍රහකය මතට ගොඩ බැසීමට නියමිතය. ‘හයබුසා 2 මෙහෙයුම’ ලෙසින් මෙම මෙහෙයුම නම් කර තිබේ. 


එහෙත් හබයුසා 2 යානාව ඉතොකවා මත ගොඩ බස්සවා වැඩිදුර තොරතුරු පෘථිවියට එවීමට මත්තෙන් මීට පෙර ‘හයබුසා’ යානාවෙන් ගෙනා පස් සාම්පල හා දත්ත විශ්ලේෂණය කරමින් ග්‍රහකය ගැන වැඩි විස්තර එකතු කර ගැනීමට විද්‍යාඥයෝ උනන්දු වූහ. 


‘හයබුසා’ යානාව විසින් නැවත පෘථිවියට එන විට ගෙනැවිත් තිබූ දූවිලි සාම්පල වල තිබී පොස්පේට්වලින් පොහොසත් ඛනිජවල කුඩා කොටස් විද්‍යාඥයින්ට හමු වී තිබිණි. එම පොස්පේට්වල යුරේනියම් ද අඩංගුව තිබී ඇත. විද්‍යාඥයින් එම අණු කොතරම් කොටස්වලට කැඩී ඇද්ද, ඒවා කෙතරම් කාලයක් මේ ඛනිජවල අන්තර්ගතව තිබී ඇද්ද ආදී කරුණු බො​ෙහාමයක් විශ්ලේෂණය කර ග්‍රහකයේ වයස සම්බන්ධයෙන් නිශ්චය කිරීමට සමත් වූහ. 
මීට වසර බිලියන 4.6කට පෙර දැන් පවතිනවාට වඩා විශාල ප්‍රමාණයකින් ඉතොකවා ග්‍රහකය උපත ලබා තිබේ. මීට වසර බිලියන 1.5කට පමණ මෙම විශාල ග්‍රහකය කොටස්වලට කැඩෙන්නට පටන් ගෙන ඇත. එලෙසින් කොටස් කැඩී වෙන් වී ගොස් මේ වන විට මීටර් 60ක් පමණ දිග මීටර් 30ක් පමණ පළල ග්‍රහකයක් ඉතිරි වී තිබේ. 


කෙසේ වෙතත් ඉතොකවා ග්‍රහකය ග්‍රහක පටියෙන් පිටතට විසි වී තිබෙන්නේ මීට වසර 100000 ත් 400000ත් අතර කාල සීමාව තුළදී බව විද්‍යාඥයින් සඳහන් කරයි. වසර ලක්ෂ කිහිපයකට පෙර ග්‍රහක පටියෙන් පිටතට විසි වුණාක් මෙන් තවත් වසර මිලියන කිහිපයක් ඇතුළත මෙම ග්‍රහකය කොටස්වලට කැඩී විනාශ වී යනු හෝ හෝ පෘථිවියට කඩා වැටෙනු හෝ ඇත. 


පෘථිවිය වටා ඇති ඉතොකවා ග්‍රහකය වැනි තවත් ගල්වලින් තැනුණු වස්තු සම්බන්ධයෙන් සොයා ගැනීමත් ඒවායෙන් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමත් නවතම හබයුස් 2 මෙහෙයුමේ අරමුණයි. 


එහෙත් එය පහසු කටයුත්තක් නොවේ. 2003 වසරේදී ග්‍රහක වෙතට ගමන් ගත් හබයුස් යානාව බොහොමයක් ගැටළුවලට මුහුණ පෑය. එයට ග්‍රහක මතට ගැටළුවකින් තොරව ගොඩබෑමටත් නොහැකි විය. දූවිලි සාම්පල ස්වල්පයක් පමණක් පෘථිවිය වෙතට රැගෙන ඒමට පමණක් එම යානාව සමත් විය. 


එහෙත් විද්‍යාඥයින් පරාජයන් පිළිගන්නේ නැත. ඔවුන් තවත් යානාවක් ග්‍රහක මතට යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළේ පෙර මෙහෙයුමේ සොයා ගැනීමට නොහැකි වූ කරුණු කාරණා රැසක් හබයුස් 2 මෙහෙයුම මඟින් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. 

 


පවනි උමයංගනා 



අදහස් (0)

ග්‍රහකයකට රොකටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site