IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගුරුදා ගුරුගේ නැකතකින් සිදු​ෙවන ගුරු මාරුව ඔබට රටට

ජ්‍යොතිෂය කෙරෙහි උනන්දුවක් දක්වන සියලුදෙනාම පාහේ ග්‍රහමාරු පිළිබඳව සැලකිලිමත් වෙති. එයිනුදු ශනි, ගුරු, රාහු සහ කේතු ග්‍රහමාරු විශේෂ වන්නේ ඒවා වසරකට හෝ ඊට වැඩි කලක් පවතින හෙයින් කාලසීමාව දිර්ඝ වූ තරමට එහි බලපෑමද දිගුකලක් දැනෙන බැවිනි. ඒ අනුව සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් එක් රාශියක ගත කරන ගුරු මෙවර තුලා රාශියේ සිට වෘශ්චික රාශියට පිවිසෙන්නේ 2018.10.11 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රී 7.21 ටය. 2019.11.05 වන අඟහරුවාදා දින අලුයම 5.17 ට ධනු රාශි ගතවන තෙක් ගුරු වෘශ්චික රාශිය තුළ ගමන් ගනී.  


ගුරු මාරුව ලෝකායන කේන්ද්‍රයට අනුව 7 වැන්නේ සිට 8 වැන්නට පිවිසීමයි. ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයට අනුව 9 වැන්නේ සිට 10 වැන්නට පිවිසීමයි. ගුරු දිනක ගුරුගේම නැකතක් වන විසා නැකතේ 2 වැනි පාදයෙන් මෙම ස්ථාන මාරුව සිදුවීම විශේෂත්වයකි. පසුගිය වසර පුරාවට ගුරු ග්‍රහයා සතුරු රාශි ගතව සිටි අතර ඉදිරි වසරක කාලය තුළ ගත කරන්නේ මිත්‍ර රාශියකය. වෘශ්චිකය ගුරු ග්‍රහයාට මිත්‍රය. නමුත් මෙම කාලය තුළ එනම් 2019.03.29 සිට මසක පමණ කාලයක් ගුරු ග්‍රහයාගේම රාශියක් වන ධනුවේ ඉතා බලවත්ව සිටින බවද සැලකිය යුතුය. ඒ අනුව යළිත් 2019.04.23 දින සිට ආපසු වෘශ්චික රාශියේම ගමනේ යෙදේ.  


ගුරු මාරුව සිදුවන තත්කාල කේන්ද්‍රයට අනුව ලග්නය මේෂ වේ. එය කුජගේ රාශියකි. ගුරු පිවිසෙන්නේද කුජගේ රාශියක් වන වෘශ්චිකයට වීම තවත් විශේෂත්වයකි. තත්කාල කේන්ද්‍රයේ 1 යුරේනස්, 4 රාහු, 6 රවි, 7 සඳු, බුධ සිකුරු, 8 ගුරු, 9 ශනි, 10 කුජ, කේතු 11 නැප්චූන් තැන්පත්ව සිටී. එම ග්‍රහ පිහිටීම ලංකා කුම්භ ලග්නන කේන්ද්‍රයට අනුව ගැළපීමේදී පහත පරිදිය.  


මෙම කේන්ද්‍ර සහ අදාළ වසරක පමණ කාලය තුළ සිදුවන ග්‍රහ යුද්ධ ආදියද සැලකිල්ලට ගත්කළ අපරට සම්බන්ධයෙන් හෙළිවන තොරතුරු කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය.  


ලංකා කේන්ද්‍රයේ ගුරු පැමිණ ඇත්තේ කුජගේ දිග්බල ස්ථානයක් වන 10 වැන්නටය. ගුරු වෘශ්චිකයට මිත්‍ර සේම කුජට ද මිත්‍ර ග්‍රහයෙකි. රජය පිළිබඳව තතු පෙන්නුම් කරන්නේ 10 වැන්නෙනි. පසුගිය වසරට වඩා ශුභදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. ආර්ථිකයේ දියුණුවකට අඩිතාලම වැටේ. නමුත් රාජ්‍ය කාරක රවි සිටින ස්ථානයට අනුව ප්‍රබල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බව පෙනේ. රවි ජනතාව නියෝජනය කරන 7 වැන්න අධිපතියා වන හෙයින් ජනතා ප්‍රසාදය ලබාගැනීමට රජය දැඩි කැපවීමක් කළ යුතු බව පෙනෙන්නට තිබේ. නව නීති සම්පාදනය වී නීතියේ උද්දීපනයක් දක්නට ලැබේ. හමුදා ශුභසාධනය වැඩි දියුණු වේ.  


විරුද්ධ පක්ෂය පිළිබඳව තොරතුරු හෙළිකරන 4 වැන්නේ ග්‍රහයින් නොමැති අතර එහි අධිපති සිකුරු ස්වක්ෂේත්‍රව පුණ්‍ය ස්ථානයේ සිටීම ශුභදායක වුවද එහි සිටින බුධ සිකුරුට මිතුරු වන අතර සඳු සතුරු වේ. එබැවින් තම කණ්ඩායම තුළ එකඟතාවලට බාධක සිදුවිය හැකිය. ගුරුගේ දෘෂ්ටිය 4 වැන්නට ලැබේ. මේ අනුව විරුද්ධ පක්ෂය හා රජයේ පාර්ශව අතර යම් එකඟතාවක් සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත.  


ගුරු ග්‍රහ මාරුව එක් එක් ලග්නවලට බලපාන ආකාරය මෙසේය.  


මේෂ - මේෂ ලග්නයට ගුරු මිතුරෙකු වුවද පැමිණෙන ස්ථානය වන 8 වැන්න ශුභ නැත. විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත. අවිනිශ්චිත රෝගාබාධ විය හැකිය. තම කේන්ද්‍රයේ ගුරු 8 වැන්නේම සිටිනම් යම් සහනයක් ලැබෙනු ඇත.  


වෘෂභ - ලග්නයට අශුභයෙකු වුවද කේන්ද්‍රයේ 7 වැන්නට පැමිණීම ශුභදායකයි. දියුණුවට කටයුතු සිදුවේ. විවාහ කටයුතු ඉටුවීම, ප්‍රේම සබඳතා ඇතිවීම. උසස් අයගේ ඇසුර ලැබීම ආදිය ඉටුවනු ඇත. මුත්‍රාබාධ හටගත හැකිය. අෂ්ඨම ඒරාෂ්ටකයක් පවතින හෙයින් බාධක තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවිය හැකිය.  


මිථුන - ලග්නයට අශුභ ගුරු පැමිණෙන්නේද අශුභ ස්ථානයක් වන 6 වැන්නටය. සතුරු කරදර, ආර්ථික පීඩා යටිබඩ ආශ්‍රිත ආබාධ මෙන්ම යුග දිවියේ අමිහිරි අවස්ථාවන්ට මුහුණ පෑමට ද ඉඩ තිබේ.  


කටක - කටකයට ගුරු උච්ච වන අතර කේන්ද්‍රයේ පූර්ව පුණ්‍යස්ථානය වන 5 වැන්නට පැමිණීම ද ශුභදායකයි. ඉගෙන ගන්නා අය හට ඉතා ශුභයි. ජයග්‍රහණ ලැබේ. සමාජ පැසසුමට ලක්වේ. උසස් තනතුරු හිමිකම වාසනාවන්ත දරුලාභ අනුව සැපත සතුට ලැබේ.  


සිංහ - ලග්නයට මිතුරෙකු වුවද කේන්ද්‍රයේ 4 වැන්නට පැමිණීම ඉහළ ශුභඵල ගෙනදීමට හේතු නොවේ. කුලී නිවාසවල සිටින්නන් තවදුරටත් එහිම තබනු ඇත. භෞතික සම්පත් සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකිය. නමුත් ශුභ දසා කාලයක් ගත කරයි නම් නිවාස හා දේපළ ලාභ හිමිවේ.  


කන්‍යා - කන්‍යා ලග්නයට ගුරු සතුරෙකි. 3 වැන්නට පැමිණීමද හිතකර නැත. ආර්ථික දුෂ්කරතා, ණය වීම්, පදිංචි ස්ථාන වෙනස් කිරීම් ඉගෙනීමේ කටයුතුවලට බාධක ගෙනදීමට ඉඩ තිබේ.  


තුලා - ලග්නයට සතුරු ගුරු කේන්ද්‍රයේ 2 වැන්නට පැමිණීම සමඵලදායක තත්ත්වයකි. ගැටලු බාධක මැද වුවද රැකියා ව්‍යාපාර අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ලෙස කරගත හැකිය. සුහද කථාබහ අනුව කා සමගත් සමගිව සිටිය හැකිය.  


වෘශ්චික - මිත්‍ර ගුරු පැමිණෙන්නේ ලග්නස්ථානයටය. ඉතා ශුභ තත්ත්වයකි. දැනට පවත්නා ඒරාෂ්ටක බලය ද යම් තරමකින් හෝ අවමකර ශුභඵල ලබාදෙයි. ඒ අනුව සමාජ ගෞරවය අධ්‍යාපන, රැකියා, භෞතික සම්පත් දියුණුව සැල​සේ.  


ධනු - ධනු ලග්නයට ස්වක්ෂේත්‍ර ග්‍රහයා ගුරු වුවද 12 වැන්නට පැමිණීම සතුටුදායක නොවේ. සතුරු කරදර, නීතිමය ප්‍රශ්න, විවාහ දිවියේ අසතුට, විවාහ ප්‍රමාද අනතුරු වැනි තත්ත්වයන්වලට මුහුණදීමට සිදුවිය හැකිය. ඒරාෂ්ටක බලපෑමද පවතින බැවින් ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු වේ.  


මකර - මකර ලග්නයට ගුරු නීච වුවද කේන්ද්‍රයේ අයස්ථානය වන 11 වැන්නට පැමිණීම ශුභදායකයි. විවාහ දිවියේ ගැටලු විසඳේ. ප්‍රේම සබඳතාවලටද ඉඩ ඇත. ආදායම් තත්ත්වය ඉහළ නගී. නමුත් ඒරාෂ්ටකයක් පවතින බැවින් යම් යම් බාධක ද සිදුවන බව පෙනේ.  


කුම්භ - කේන්ද්‍රයේ 10 වැන්නට පැමිණෙන ගුරු කුම්භ ලග්නයට සමඵල දෙන ග්‍රහයෙක් වුවද ඉදිරි වසරේ ශුභඵල ගෙනදෙයි. රැකියා ලාභ, සතුටුදායක ස්ථාන මාරු, උසස්වීම්, මෙන්ම දියුණුවට මංපෙත් විවර කරදෙනු ඇත.  


මීන - ලග්නයට ඉතා ශුභ ගුරු කේන්ද්‍රයේ පුණ්‍යස්ථානය වන 9 වැන්නට පැමිණීමද ඉතා ශුභය. වන්දනා ගමන් යෙදේ. පිනට දහමට ලැදි වේ. අධ්‍යාපන රැකියා දියුණුව සැලසේ. විවාහය ඉක්මන් වීම ධනලාභ විදේශ ගමන් වැනි ශුභ කටයුතු ඉටුවේ.  


එක් එක් කේන්ද්‍රවල සඳු සිටින ස්ථානය අනුව ඒරාෂ්ටක බලපෑම ඇතිවන හෙයින් සහ කේන්ද්‍රවල පවත්නා ග්‍රහ බල දුබලතාවයද පවත්නා දශා අනුදශා අනුවද මෙම තොරතුරු වෙනස් විය හැකි බව සැලකිය යුතුය. තවද ගුරු පැමිණෙන ස්ථානයේ සඳු සිටියහොත් ඇතැම්විට ශුභඵල ලැබීමටද එම සංයෝගය කර්ම ගුරු බවට පත්වුවහොත් අශුභඵල ගෙනදීමටද හේතුවිය හැකිය.  

 

 


ගෞරව සම්මානලාභී ජ්‍යොතීර්වේදී  
එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ)  
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල. 



අදහස් (0)

ගුරුදා ගුරුගේ නැකතකින් සිදු​ෙවන ගුරු මාරුව ඔබට රටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1590 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1381 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site