IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


ගිනි පාගන දොස්තර මහත්තයා

 

 

ගිනි පාගන දොස්තර මහත්තයෙක් මේ රටේ අංකුඹුර දිසා රෝහලේ ඉන්නවා.   

ගිනියම් වූ අඟුරු මතින් මේ දොස්තර මහත්තයා ගමන් කරන්නේ මහ පාරක ගමන් කරනවා වාගේ. සාමාන්‍ය විදිහට. කිසිම පිලිස්සීමක් වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. ඇඟේ කටු ගහගන්නත් උණු වතුර නාන්නත් ඒ මහත්තයා දක්ෂයි.   


හැබැයි මේ දොස්තර මහත්තයා අඩි 10 - 20 දිග අතුරා ඇති ගිනි අඟුරු මතින් වුවත් ගමන් කරන්නේ අනිත් දේවල් කරන්නෙත් කිසිම දේව බලයකින් හෝ වෙනත් අද්භූත බලවේගයකින් නම් නෙමේ. 


බැතිමතුන් යැයි කියනා සමහර ගිනි පාගන්නේ සති ගණන් මස් මාළු නොකා අරක්කු නොබී කිළිවලට අසු නොවී පේවෙලා. නමුත් මේ දොස්තර මහත්තයා ගිනි පාගන්නේ මේ වත්පිළිවෙත් කිසිවක් කරන්නේ නැතිව. දේව බලයෙන් ගිනි පාගන බව කියා ඕනෑම ගිනි මැලයක් තරණය කරන්න එතුමා සූදානම්. තිස්වතාවක් විතර එවැනි අභියෝගය භාර අරගෙන ගිනිපාගා තිබෙන අතර පතුල් නම් පිලිස්සීමක් වෙලා නැහැ. 


මේ හපන්කම කරන්නේ අංකුඹුර දිසා රෝහලේ සමින්ද ජයරත්න කියන දොස්තර මහතාය. 
ඒ මහත්තයාගේ මග පෙන්වීම යටතේ ගිනි පෑගූ සිය ගණන් දෙනා අතරේ කුඩා දරුවන්ද සිටින අතර ඒ කිසිම කෙනෙක් පිලිස්සීමකට ද ලක්වී නැහැ. 


දොස්තර මහත්තයා කියන්නේ කිසිම කෙනෙකුට ගිනි අඟුරු මත නොසෙල්වී විනාඩියක් සිටගෙන සිටීමට නොහැකි බවය. 


එසේ සිටීමට සමත් ජගතෙක් මේ ලෝකයේ කොහේවත් නැහැ යැයි වෛද්‍යවරයා අවධාරණයෙන්ම කියනවා. 


එවැනි කෙනෙක් ඉදිරිපත් වුණොත් එම හැකියාව පරීක්ෂාකර බලන්නත් තමා සූදානම් බව දොස්තර මහත්තයා අවධාරණය කරනවා. 


ගිනි පාගන්න කිසිම දේව බලයක් හෝ අද්භූත බලවේගයක් බලපාන්නේ නෑ. ඒක ඉතා සරල විද්‍යාත්මක සිද්ධාන්තයක් සමින්ද දොස්තර මහතා පවසයි. 


පාදයේ ඇති යටි හමේ තිබෙන ඝනකම මෙයට බලපාන සාධකයක්. ගිනි අඟුරු මත පාදය ගැටෙන කාලය ඉතාම සීමිතයි. ඔන්න ඔය කියන කාරණය මත තමා පිලිස්සෙන්නේ නැත්තේ එහෙම නැතිව අද්භූත හාස්කමක් නිසා නම් නොවෙයි. 


ගිනි පෑගීමට විතරක් නෙවේ. දේව බලවේගයකින් තොරව සිරුරට කටු ගසා ගැනීමට ද උණු වතුර නෑම වගේ දේවල් කරන්නත් සමින්ද දොස්තර මහත්තයාට පුළුවන්. ඔහු මේවා ප්‍රසිද්ධියේම කරලා පෙන්වා තිබෙනවා. ඉදිරියටත් කරන්න ලෑස්තියි. 


මිනිස්සු දේව වරමින් යැයි කියා ගනිමින් ගිනි අඟුරු මතින් ඇවිදිනවා. තම ශරීරයේ කටු ගහ ගන්නවා. ජන්මශක්තියෙන් ලෙඩ රෝග සුවකරන්න පුළුවනි කියා කියනවා. මේවගේ දේවල් අපි කුඩා කාලයේ ඉඳලම දැකලා තිබුණා. බලලා තියෙනවා. මේවගේ දේවල්වල ඇත්ත නැත්ත මොකක්ද කියන එක හොයලා බලන්න තියෙන කුතුහලය මට පොඩි කාලේ ඉඳලම තිබුණා. 


ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ පොත්පත් තුළිනුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාගේ ක්‍රියාකාරකම් නිසාත් ඒ උනන්දුව තවත් වැඩිවුණා. වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සමත්වෙලා රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට පටන්ගත්තා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ දේවල්වලින් ලෙඩ රෝග සුව කිරීමට ගොස් මිය ගිය රෝගීන් ගැන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරද්දී මට අසන්න ලැබුණා. ඒ නිසා මෙවැනි මිථ්‍යා විශ්වාස ගැන ජනතාවට ඇත්ත පහදා දීමට මම කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් සංවිධානයක් හදාගත්තා. වෛද්‍ය සෙනරත් වේරගම මහත්මයාගෙන් මේ කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා. ජනතාව විද්‍යාත්මක දැනුමෙන් සුපෝෂණය කරන්න අපි රට පුරා දේශන පවත්වනවා. 


සමහර දේවාලවල සිදු කෙරෙන ගිනි පෑගීම් හා කටු ගැසීම් ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒවායේ කරන උප්පර වැට්ටි ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා. බාහිර කථිකාචාර්යවරයෙක් වන දයා සිසිර මහත්මයාගෙන් දේව බලයකින් තොරව ගිනි පෑගීම හා කටු ගැසීම ගැන ප්‍රායෝගිකව පුහුණුවීම් ලැබුවා. සිසිර මහත්තයා ඒ සඳහා ගුරුහරුකම් දුන්නා. 


කිසිම පැකිළීමකින් තොරව මම මුලින්ම ප්‍රසිද්ධියේ ගිනි පෑගුවේ මාතලේ දේවාලයක. අනිත් අය තමන් දේව බලයෙන් ගිනි පාගද්දී මම කිසිම දේව බලයකින් තොරව ගිනි පෑගුවා. මාව පිලිස්සුණේ නැහැ. මේ වෙනකොට මම ගිනි පෑගීම් 30 විතර සිදුකර තිබෙනවා. අපේ උපදෙස් මත කිසිම දේව බලයකින් තොරව නොපිලිස්සී ගිනි පෑගූ සිය ගණනක් ඉන්නවා. 


වරක් අම්පාරේ අපි මේවගේ ගිනි පෑගීමේ සංදර්ශනයක් කළා. ඒ ගිනි පෑගීමේ සංදර්ශනයේදී අවුරුදු 7ක දරුවෙකු ගිනි පාගන්න ඉදිරිපත් වුණා. ඒ දරුවාගේ යටි පතුල් පරීක්ෂාකර බැලීමේදී ගිනි පෑගීමේ සුදුසු තත්ත්වයක තිබෙන බව අපට පෙනී ගියා. ඒ දරුවා නොපිලිස්සී ගිනි පෑගුවා. මව්පියන්ගේ කැමැත්ත මත තමා ඒ දරුවා ගිනි පෑගුවේ. ගාල්ලේ පැවති මෙවැනි ගිනි පෑගීමේ අවස්ථාවකදී 12 හැවිරිදි දරුවෙක් එයාගේ තාත්තා එක්ක 12 වතාවක් නොපිලිස්සී ගිනි පෑගුවා. 
දොස්තර සමින්ද ජයරත්න මහතා මෙවැනි අපූරු තොරතුරු හෙළිකරමින් මෙසේද පැවසීය. 


‘‘සාමාන්‍යයෙන් ගැහැනු ළමයි ගිනි පාගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මතුගම ප්‍රදේශයේ පැවැත්වූ වැඩ සටහනකදී අවුරුදු 12 සහ 15 අතර විතරක් ගැහැනු ළමුන් 30ක් විතර නොපිලිස්සී ගිනි පෑගුවා. මස් අනුභව කරමින් තමයි අපි ගිනි පෑගීමේ නිරත වෙන්නේ. එහෙම කරන්නේ දේව වරමක් ඒ සඳහා අවශ්‍ය නොවන බව ඔප්පු කර පෙන්වීමටයි. මිථ්‍යාව හඳුනා ගනිමු කියන තේමාව යටතේ අපි පාසල්වලත් මේ වැඩසටහන පවත්වා තිබෙනවා. මේ කාර්යයේ මූලික අරමුණ ජනතාව මිථ්‍යාවෙන් මුදාගැනීමයි. ගිනි පෑගීම සිරුරේ කටු ගසා ගැනීමට අමතරව උණු වතුර නෑම මිනිස්සු ගල් කිරීම දෙහිවලින් ලේ ගැනීම හා පොල් ගෙඩියට පණදීම වගේ දේවල් පවා මේ සංදර්ශනයට ඉදිරිපත් කරනවා. සමහර කපුවන් මේවාට විශ්ව ශක්තියක් තිබෙනවා යැයි කියන අය මේවා කරන්නේ ඒ බලවේගවල පිහිටෙන් බව පැවසුවත් අපි එ්ව්වා කරන්නේ කිසිදු බලවේගයකින් නොවේ කියන එක නැවතත් පැහැදිලිවම පවසනවා යැයි සමින්ද ජයරත්න දොස්තර මහත්තයා අවධාරණය කළේය.

 

 


සටහන 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

ගිනි පාගන දොස්තර මහත්තයා

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

සුන්දරත්වයෙන් අධ්‍යාපනයෙන් පොහොසත් - චාමිකා කරුණාරත්න (ෂැංග්‍රිලා සන්නිවේදන හා අලෙවිකරණ අංශයේ කළමනාකාරිනී)
2025 මාර්තු මස 20 30 0

තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.



අක්කා හරියට මගේ දෙවැනි අම්මා වගෙයි පියුමාලි අක්කා ගැන සිත්මි නංගිගෙන්
2025 මාර්තු මස 20 27 0

සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙ


“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 83 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 44 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 137 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1115 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site