IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනා වෛරසය ඇමෙරිකාවටත් පැතිරිලා

 

 

චීනයේ වුහාන් ප්‍රාන්තයේ මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය මේ වෙන විට 300කටත් වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර හයදෙනෙකු මියගොස් තිබේ. චීනයේ සිට ඇමරිකාවේ සියැටල් දක්වා ගමන් කළ එක් පුද්ගලයෙකුට ද මෙම කොරෝනා වෛරසය වැලඳී ඇත. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් චීනයට සංචාරය කරන අය වෙනුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.   


මෙම වෛරසය ආසාදිත මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට වශයෙන් බෝවන බව චිනය මෑතකදී තහවුරු කරන ලදී. බීජිං හා ෂැංහයි ඇතුළු චීනයේ ප්‍රධාන නගරවලින් රෝගීන් වාර්තා වී ඇතත්, බහුතරයක් වාර්තා වෙන්නේ වූහාන් නගරයෙන් බව කියැවේ. එහි ජනගහනය මිලියන 11 ද ඉක්මවයි. මෙම කොරෝනා වෛරස වසංගතය පළමුව වාර්තා වූයේ පසුගිය වසරේ අග භාගයේදී ය. පණ ඇති සතුන් පවා විකිණීමට තබා ඇති මුහුදු ආහාර පොළකින් මෙම වෛසරය පැතිරෙන්නට ඇතැයි කියවේ.   


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් පසුගිය 22 වෙනි බදාදා ජිනීවා හිදී රැස්වූයේ මෙම කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් හෝ අන්තර්ජාතික අවධානයට ලක් විය යුතු රෝගයක්ද, ඒ පිළිබඳව කළ යුත්තේ කුමක්ද හා රෝගය පැතිර යාම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන සාකච්ඡා කිරීම පිණිසය.   
චීන සෞඛ්‍ය බලධාරීන් බදාදා වෙන විට වාර්තා කළේ රට පුරා වෛරස් රෝගීන් 440ක් සිටින බවය. කොළරා වැනි වසංගතයකදී ගන්නා, ඒ පන්තියේ ආරක්ෂිත ක්‍රියාමාර්ග හා මර්දන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව චීනය ප්‍රකාශ කළේය. ඒ අනුව රෝගය පැතිරී තිබෙන කලාප සීමා කිරීමටද, රෝගීන් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබේ. චීනයේ ජාතික සෞඛ්‍ය කමිෂනර්වරයා වන ලී බින් පවසන්නේ වෛරස් වාහකයන් සමඟ සමීප වූ පුද්ගලයන් 2200ක් පමණ ඉන්නා බවයි. රෝගීන් යැයි සැක කළ අය අතරින් හත් සිය ගණනක් රෝහල්වලින් නිදහස් කර යවා ඇති නමුත් තවත් තුන්සිය ගණනක් රෝගීහු දැඩි සුපරීක්ෂාව යටතේ රෝහල්වල සිටිති.   


මෙම රෝගය පැතිරෙන්නේ ශ්වසන මාර්ගයෙන් බව ලී බින් අනාවරණය කළේය.   


එක්සත් ජනපදයට අමතරව දකුණු කොරියාව, තායිලන්තය, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවලින්ද රෝගීන් වාර්තා වී තිබේ. ජනවාරි මස මැද සිට පෙබරවාරි මස දක්වා යෙදී තිබෙන චීන අලුත් අවුරුද්ද හේතුවෙන් චීන වැසියෝ මිලියන ගණනක් රට පුරා මෙන්ම විදේශයන්හි පවා සංචාරය කරති. වැඩිදෙනෙක් ඒ සඳහා යොදාගන්නේ දුම්රිය හා ගුවන්යානා ය. ආසාදිතයෙකුගෙන් තවත් බොහෝ දෙනෙකුට රෝගය වැලඳෙන නිසා මෙම දිගු සංචාර හේතුවෙන් රෝගය පාලනය හා වැළැක්වීම දුෂ්කර වේ.   


මෙම කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් වැනි මට්ටමේ උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හැඳින්වේ. මෙය මිනිසුන් හා සතුන් යන දෙවර්ගයෙන්ම බෝවෙන්නකි. ඇමරිකාවේ ටෙක්සාස් හා නිව්​ෙ‌යා්ර්ක් හි මෙන්ම චීනයේ විද්‍යාඥයන් එකතු වී මෙම වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිති. කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම හා භයානකම සෞඛ්‍ය තර්ජනයක් බව එම විශේෂඥයෝ ප්‍රකාශ කරති.
අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා



අදහස් (0)

කොරෝනා වෛරසය ඇමෙරිකාවටත් පැතිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site