IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනාවෙන් බේරෙන්න ගව මුත‍්‍ර පානය කළ ඉන්දියානුවෝ

ලෝකෙන් ටිකක්  

 

මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ නන්දෙසින්, පළමු කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ, බටහිර බෙංගාල ප‍්‍රාන්ත සභාපති දිලීප් ගෝෂ්, ප‍්‍රාන්තයේ හින්දු වැසියන්ටත්, ඉන්දියාව පුරා සිටින හින්දු වැසියන්ටත් අපූරු ඔවදනක් දුන්නේය. ඒ ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයෙන් බේරීමටය. ‘කොරෝනාවලින් බේරෙන්න ගව මුත‍්‍ර බොන්න’ එම ඔවදනය.


‘මේ ඉන්දියාව. ක්‍රිෂ්ණා උතුමන්ගේ භූමිය. අප ගවයන්ට වන්දනාමාන කරනවා. ගව මුත‍්‍ර බීමෙන් නිරෝගීව සිටින්න හැකියාව ලැබෙනවා යැයි මා කියද්දී බොහෝ දෙනා හිනා වෙනවා. ඒත් ඒක විහිළුවක් නොවෙයි’ යැයි දිලීප් ගෝෂ් පැහැදිලි කළේය. ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලෙස, අතීතයේ පටන් හින්දු වැසියන් ගව මුත‍්‍ර පානය කිරීම අරුමයක් නොවෙයි. හින්දු වැසියන්ගේ විශ්වාසය, ගව මුත‍්‍ර පානය කිරීමෙන් ඔවුන්ගේ සිරුරු පිරිසුදුවන බවය. ආත්මය පිරිසුදුවන බවය. හින්දු භක්තිකයන්ට ගවයා පූජනීය සත්වයෙකි. ගවයන් මරන්නේ හෝ ගව මස් අනුභව කරන්නේ හෝ නැත. එසේ කිරීම මහා පාපයකි. ඉන්දියානුවන් බොහෝ දෙනකුගේ ජීවනෝපාය වන්නේ ද ගවයාය. 
ගව මුත‍්‍ර පානය කිරීමෙන් සිරුරේ ප‍්‍රතිශක්තිය ඉහළ යන බවත්, වයිරස සහ බැක්ටීරියා ආසාදනවලින් වැළැකී සිටිය හැකි බවත් පැවැසෙයි. ගව මුත‍්‍ර පානය කිරීමෙන් සුවය ලැබූ පිළිකා රෝගීන් ද ඉන්දියාවේ සිටින බව පැවැසෙයි. උණ රෝග, ලාදුරු, චර්ම රෝග, ඇදුම, වකුගඩු රෝග ආදියට සාර්ථක ප‍්‍රතිකර්මයක් ලෙස ගව මුත‍්‍ර පානය කෙරේ. ඉන්දියාවේ ප‍්‍රධාන ආයුර්වේද සමාගම වන ‘පාටාංජලී ආයුර්වේද’ ගව මුත‍්‍ර ඇසුරුම් කර විකුණයි. 


ගව මුත‍්‍රවලින් රෝග සුවවීම සහ ප‍්‍රතිශක්තිය වර්ධනය වීම, බටහිර වෛද්‍යවරුන් පිළිගන්නේ නැත. ගව මුත‍්‍ර බීමෙන් කොරෝනාවලින් බේරීමට හැකියාවක් නැති බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති. අද ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එම ආසාදිතයන් අතර ද කොරෝනාවලින් බේරීමට ගව මුත‍්‍ර පානය කළ හින්දු වැසියෝ ද වෙති. කොරෝනාවලින් බේරීමට ගව මුත‍්‍ර පානය කර, රෝගී වූ පුද්ගලයන් ගැන ද වාර්තා වෙයි.

 


ගව මුත‍්‍ර විෂබීජනාශක දියරයක් ලෙස ද භාවිතයට ගනී. රාජස්ථානයේ සෞඛ්‍ය අමත්‍යාංශය සෘජුව මැදිහත් වී, ඉන්දීය රුපියල් මිලියන 40 ක් (ඇමෙරිකන් ඩොලර් 560,000) වැය කොට ගව මුත‍්‍ර පිරිපහදු කම්හලක් ජල්හෝර් නුවර පිහිටුවා ඇත්තේ ඒ සඳහා ය. ඉන්දියාවේ පමණක් නොවෙයි, මියන්මාරයේ, නේපාලයේ සහ නයිජීරියාවේ ද ගව මුත‍්‍ර ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙයි. අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, කුඩා දරුවන්ගේ වලිප්පුවට පාරම්පරික ඔසුවක් ලබා දෙයි. එම ඔසුව තැනීමට දුම්කොළ, සුදුලූනු, දෙහි යුෂ, වෙඩි ලුණු සහ ගව මුත‍්‍ර යොදා ගනී. කෙසේ නමුත් වලිප්පුවෙන් පෙළෙන දරුවන් බොහෝ දෙනතු මියයෑමට මෙම ප‍්‍රතිකර්මය හේතුවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. එම දරුවන් මියගොස් ඇත්තේ ස්වසන අපහසුතා හේතුවෙනි.


ඩිස්කවරි නාළිකාවේ, වීර වික‍්‍රමවල යෙදෙන, බෙයා ග්‍රීල්ස්ගේ ‘ඉන්ටු ද වයිල්ඞ්’ රූපවාහිනී වැඩසටහනට එක් වූ නවතම බොලිවුඞ් තරුව ආක්ෂේ කුමාර්ය. බෙයා ග්‍රීල්ස්ගේ සහ ආක්ෂේ කුමාර් සහභාගී වූ ‘ඉන්ටු ද වයිල්ඩ්’ වැඩසටහන පසුගිය දා ඩිස්කවරි නාළිකාවෙන් විකාශය විය. ලොව බොහෝ දෙනා එය ආසාවෙන් නැරැඹූ බව ද පැවැසෙයි. ජලය නොමැතිව වනාන්තරයේ අතරමං වුවහොත්, දිවිගලවා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස, අලි බෙටි මිරිකා, බීමක් සකස් කර ගන්නා අයුරු බෙයා ග්‍රීල්ස්, ආක්ෂේ කුමාර්ට කියා දෙයි. ආක්ෂේ කිසිදු පැකිළීමකින් තොරව, අලි බෙටි බීම පානය කරන්නේ ‘අපූරුයි’ කියමිනි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. ඒ, ඉන්ස්ටග‍්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ය. බොලිවුඩ් නිළි හුමා කුරේෂී එම අවස්ථාවේදී ආක්ෂේගෙන් ‘අලි බෙටි පානය’ ගැන විමසුවාය. ආක්ෂේ කියා සිටියේ තමන් ආයුර්වේද ප‍්‍රතිකර්මයක් ලෙස දිනපතා ගව මුත‍්‍ර පානය කරන බවය.

ලූසිත ජයමාන්න
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

 

 



අදහස් (0)

කොරෝනාවෙන් බේරෙන්න ගව මුත‍්‍ර පානය කළ ඉන්දියානුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 111 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site