IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කැමරාවට හසුවූ හඳුනා නොගත් යානා පෙළක්

ත්‍රාසජනක සංදර්ශනයෙන් ගුවන් නියමුවා මවිතයට

 

පෙන්ටගනයේ විද්‍යාඥයන්ට අනුව කෝපයට පත් ගුවන් හමුදා නියමුවෙකු හඳුනා නොගත් යානා පෙළ හා මුහුණට මුහුණ ගැටීම විශ්වයෙන් එහා ලෝකය හා සම්බන්ධ නවතම තොරතුරයි.   

 

ආසන්නතම තොරතුර වන්නේ මෙම පෙරළිය සිදු වූ චීනයේ දකුණු මුහුදු සීමාවට ඉහළ අහසේ නොවැම්බර් 4 වන දින මතුවුනු අත්භූත එළි නවයකින් බැසයන වළාකුළුවල රටා ඇඳ ඇසිල්ලකින් සැඟව යන අයුරු දැක්වෙන ත්‍රාසජනක වීඩියෝ පටයයි. “මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා” හඳුනා නොගත් යානා පිළිබඳ සොයමින් අන්තර්ජාලයේ සැරිසරන්නන්ගේ නොමඳ තිගැස්මට හේතු සපයමින් විනාඩි 53ක් දිවෙන, අනන්‍යතාව තහවුරු නොවූ වර්ණ වීඩියෝ පටයක් තුළින් වික්ෂිප්ත වූ නියමුවාගේ හඬ ඇසේ. “ඒක මහ අමුතු *** - ඒක පියාඹනවා”  


හමුදාව විසින් අනන්‍යතාව හෙළි නොකරන නිර්භීත ගුවන් නියමුවා එම අමුතු පියාසර වස්තුව ඇස ගැටුණු මුළු කාලයේම චීනයේ හොංකොංවලට අඩි 39,000ක් ඉහළ අහසේ පියාසර කරමින් ඉඳ ඇත. පසුව ඔහු එම ඡායාරූප හඳුනා නොගත් යානා ලුහුබඳින වෙබ් අඩවියකට මුදාහැර තිබුණි.   


එසේ තිබියදීත් 2004 සිට ලැබුණු හඳුනා නොගත් යානා දර්ශන 144ක් හා සම්බන්ධ සිද්ධීන් සහ පිටසක්වල යානාවක් ​ෙසවීම පිළිබඳව වූ ඡායාරූපගත සාක්ෂි ගැන කිසිදු විස්තරයක් නොකර පෙන්ටගනය මෑතක දී සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කොට තිබුණි.   


සැප්තැම්බරයේ දී, ආරක්ෂක ගිවිසුම්කරු ලොක්හීඩ් මාටින්ගේ අතිශ්‍ය රහසිගත හෙලන්ඩාල් රේඩාර් පද්ධතියට කැලිෆෝනියාවේ දී තද අලු පැහැති පියාඹන පීරිසියක හැඩයේ යානයක් හසු වී අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ වීඩියෝවක්ද නිකුත්ව තිබිණි. 

 

 
ඇතැම් විචාරකයන්ගේ අදහස වනුයේ හඳුනා නොගත් යානා යනු පිටසක්වල යානාවලට එහා ගිය යම් පෙර නිමිත්තක් විය හැකි බවත් එය යම් විදේශ හස්තයක් මඟින් තම දියුණු ආයුධ තාක්ෂණය පරීක්ෂා කිරීමක් ​ෙවන්නටත් හැකි බවත්ය.   


එක් දර්ශනයක් පිළිබඳ අදහස් විමසූ විට, නාසා හී පරිපාලක බිල් නෙල්සන් පැවසුවේ :“එයාලා (නියමුවෝ) දන්නවා එයාලා දැක්ක දේ. එයාලා ඒක යන පාර හොයාගෙන, ඒකට රේඩාර් යවලා, ඒක ලුහුබැඳලා. ඒක එක තැනක ඉඳන් තව තැනකට වේගෙන් චලනය වෙලා. මට හිතෙන හැටියට එතන පැහැදිලි යමක් තියනවා. ඒක මොකුත් පිටසක්වල දෙයක් නොවෙන්නත් පුලුවන්. ඒත් ඒක අපේ හතුරොන්ට අදාළ මොකක් හරි තාක්ෂණික දෙයක් නම් අපිට කල්පනාවෙන් ඉන්න වෙනවා”.   
නව හඳුනා නොගත් යානා සොයාගැනීම් පිළිබඳ අධ්‍යයනයට නොවැම්බර් මාසයේදී පෙන්ටගනය “පියාසර වස්තූන් හඳුනාගැනීම සහ සමමුහුකරණ කළමනාකරණ කණ්ඩායම“ AOIMSG නමින් ස්ථීර කාර්යාලයක් පිහිටෙව්වා.   


“—UFOs and the White House : What Did Our Presidents Know and When Did They Know It”” හි සම කර්තෘ විලියම් බයනස් විශ්වාස කරනුයේ පෙන්ටගනය යම් විශාල හෙළිදරව්වකට කුරුමානම් අල්ලන බවයි.   

 

“මුලින්ම පොළවට පතිත වුණු පියාසර යානය 1947 දී නව මෙක්සිකොවේ රෝස්වෙල් හි ඒරියා 51ට ගෙනගිය අවස්ථාවේ ඉඳන්ම අපි හෙමි හෙමින් යම් හෙළිදරව්වකට අවතීර්ණ වෙමින් හිටියා” ඔහු පැවසීය. “රජය දශක කීපයක සිට විශ්වයට එහා අය සමඟින් පූර්ණ තොරතුරු හුවමාරුවක හිටියා” ඔවුන් හෙමින් කොටස් වශයෙන් තොරතුරු හෙළි කිරීමට උත්සුක වනුයේ මිනිසුන්ට යම් ක්ෂණික කම්පනයකට යටත් නොවී සියල්ල ග්‍රහණය කරගැනීමට හැකිවන ලෙසයි’’ ඔහු පැවසීය.   


නැෂනල් ඉන්ක්වයරර් සඟරාව අනුග්‍රහයෙනි.

 

 

පරිවර්තනය : ගීත්මී තොටහේවා

 



අදහස් (0)

කැමරාවට හසුවූ හඳුනා නොගත් යානා පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1991 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site