IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


කෙප්ලර් සොයා ගත් අඳුරු වාමනයා

ඇමෙරිකා නාසා අභ්‍යවකාශ ආයතනය ‘කෙප්ලර්’ දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා ඇත්තේ, පෘථිවියට සමාන ග‍්‍රහලෝක අප සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇතිදැයි සෙවීමේ ප‍්‍රධාන අරමුණින්ය. ඒ අනුව විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකිවී තිබේ. මේ සටහන ‘කෙප්ලර්’ විසින් සොයා ගනු ලැබූ ‘අඳුරු වාමනයා’ ගැනය.   

‘අඳුරු වාමනයා’ යනුවෙන් විද්‍යාඥයන් නම් කර ඇත්තේ 2007 වසරේ දී කෙප්ලර් දුරේක්ෂය සොයා ගත් ‘2007 ඕආර් 10’ නමැති වාමන එසේත් නැතිනම් කුරු ග‍්‍රහලොවය. අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති කුරු ග‍්‍රහයන් අතරින් විශාලතම ග‍්‍රහයා ‘2007 ඕආර් 10’ යැයි මේ වනවිට හඳුනාගෙන තිබේ. එපමණක් නොව, එය අබිරහස් පිරුණු තැනක් යැයි ද පැවැසෙයි. එම අබිරහස් එකිනෙක විසඳා ගන්න නාසා විද්‍යාඥයන් මේ වනවිට සමත් වී සිටිනවා යැයි ද පැවැසෙයි.   


ඒ අනුව, කලින් සිතූ ප‍්‍රමාණයට වඩා ‘2007 ඕආර් 10’ විශාල යැයි ලැබුණු දත්තවලින් අනාවරණය වී තිබේ. ‘2007 ඕආර් 10’ ග‍්‍රහයා සොයා ගත්තේ මෙග් ෂ්වබ් සහ මයිකල් බ‍්‍රවුන් නමැති උපාධිධාරීන් දෙදෙනාය. පෙණුනු විදියට මේ කුරු ග‍්‍රහයා විශාල මෙන්ම සුදු පැහැයෙන් යුක්තය. ඒ අනුව, එය ‘හිම කුමරිය’ (ස්නෝව් වයිට්) යනුවෙන් නම්කර තිබේ. කුරු ග‍්‍රහයාගේ නිල නාමය ‘2007 ඕආර් 10’ ය.   


කෙසේ නමුත් පසුගිය දා විද්‍යාඥයන් රැස් කරගත් නවතම දත්තවලට අනුව, මේ කුරු ග‍්‍රහයා අඳුරුය. අනෙක් කුරු ග‍්‍රහයන්ට වඩා ඉතා සෙමින් මෙය හිරු වටා ගමන් කරයි. එක් දිනක් ගත වීමට පැය 45 ක් ගතවෙයි. විශ්කම්භය කිලෝ මීටර් 1,535 කි. මෙම අඳුරු වාමනයා දෙවැනි වන්නේ, එවැනිම තවත් වාමනයෙකු වන ‘මේක්මේක්’ ට පමණි. ‘2007 ඕආර් 10’, ‘මේක්මේක්’, ‘හෝමියා’ සහ ‘ඒරීස්’ යනු ප්ලූටෝ මෙන්ම අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති කුරු ග‍්‍රහයන්ය.   


ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග‍්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුවේ. ඒ අතරින් පළමු සුදුසුකම වන්නේ එය හිරු වටා භ‍්‍රමණය වීමය. එය තවත් ග‍්‍රහලොවක චන්ද්‍රයකු නොවිය යුතුය. දෙවැන්න තමන්ටම කි‍යා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. අවසන් සුදුසුකම වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයක සෙසු ග‍්‍රහලෝක ගමන් කරන ආකාරයට හිරු වටා භ‍්‍රමණය විය යුතුය. කුරු ග‍්‍රහයන්ට එසේත් නැතිනම් වාමන ග‍්‍රහයන්ට මෙම සුදුසුකම් නැත. අප සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන ක්ෂීරපථයේ හෙවත් කිරිසයුර තුළ වාසයට සුදුසු ග‍්‍රහලෝක බිලියන ගණනක් ඇතැයි පසුගිය වසර හයක් තිස්සේ විද්‍යාඥයන් විසින් කළ අධ්‍යනයකින් හෙළිවී ඇත. තාරකා විද්‍යාඥයන් වසර හයක් තිස්සේ තරු පිළිබඳව කළ සියුම් අධ්‍යයනයකින් පසු මිනිසාට ජීවත් විය හැකි ග‍්‍රහලෝක බහුලව ඇති බව සොයාගෙන තිබේ.   

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න



අදහස් (0)

කෙප්ලර් සොයා ගත් අඳුරු වාමනයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site