IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතරගම දෙවියන් දැකිය හැකි රහස මෙන්න

අනාදිමත් කාලයක සිට කතරගම දෙවියන් තරම් අප රටේ ජනතාව අතර ඇදහීමට පාත්‍රවූ වෙනත් දෙවි කෙනෙකු නැති තරම්ය. ඒ බව දිනපතාම පාහේ කතරගම දෙවොලට රැස්වන බැතිමතුන්ගෙන් හා කතරගම දෙවියන් පිළිබඳව පුවත්පත්වල පළවෙන ලිපි මගින්ද පෙනෙයි.   
නමුත් දෙවියන් ඇදහීම පිළිබඳව බොහෝ දෙනකුට පැහැදිලි අවබෝධයක් ඇති බව නොපෙනෙන අතර දෙවියන් ඇදහීමෙන් තමන්ට ලැබෙන්නේ කුමන විධියේ ආනිසංසද යන වගද නොදන්නා බව පෙනෙයි. සෑම දෙවි කෙනෙක්ම සෝවාන් ඵල හෝ උසස් ඵලයක් පතා පාරමීදම් පුරන උතුමෝය. කතරගම දෙවියන් බුදු බව පතා පිං අපේක්ෂාවෙන් වැඩ සිටින බව විශ්වාසයයි.  

 
මේ විශ්වයේ උපත ලබන මිනිසුන්ට තෝරාගත හැකි මාර්ගයන් දෙකකි. එනම්  

 
1. අාධ්‍යාත්මික (ලෝකෝත්තර) මාර්ගය   
2. ලෞකික මාර්ගය   


ලෝකෝත්තර මාර්ගය තෝරාගැනීමට නම් සංසාරගතව පැවතෙන පුරුද්දක් එම පුද්ගලයාට හිමිව පැවතිය යුතු අතර තමන්ට ලෝකෝත්තර මාර්ගය හිමි බව නොදන්නා පුද්ගලයෝ ද සිටිති. මිනිසුන්ගෙන් බොහෝදෙනකු පතන්නේ මිල මුදල්, යාන වාහන, දේපළ වස්තුව, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික වර්ධනයි. දෙවිවරුන් ඇදහීම හා දෙවිවරුන්ගෙන් පිහිට ලබාගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියානු ජ්‍යොතිෂයෙන් මග පෙන්වීමක් ලබාදී ඇත. පාරම්පරික ජ්‍යොතිෂ්‍යවේදීන් ‘ගුරු මුෂ්ටි’ ලෙස සඟවාගෙන භාවිත කළ කරුණු කිහිපයක් මම හෙළි කරමි.   


එක් එක් ග්‍රහයන් විසින් නිවේදනය කරනු ලබන දෙවිවරුන් මෙසේය

  
1. රවි - ශිව   
2. සඳු - ගව්රි   
3. කුජ - ස්කන්ද   
4. බුධ - විෂ්ණු   
5. ගුරු - සම්බශිව   
6. සිකුරු - ලක්ෂ්මි   
7. සෙනසුරු - නාරායන   
8. රාහු - දුර්ගා   
9. කේතු - ගණපති   


‘ස්කන්ද දෙවිඳුන්’ කතරගම ප්‍රදේශයේ වැඩ සිටින බැවින් ‘කතරගම දෙවියන්’ නමින් ව්‍යවහාර කරන අතර ඉන්දියාවේ හා හින්දු භක්තිකයෝ ‘මුරුගන්’ නමින්ද හඳුන්වති.   


ලෝකෝත්තර හා ලෞකික යන මාර්ගයන් අනුව මනුෂ්‍ය ජීවිතය තුළ දෙවිවරුන් නිවේදනය වන ආකාර තුනකි.   


1. ඉෂ්ට දේවතාවන් ලෙස   
2. ධර්ම දේවතාවන් ලෙස   
3. පාලන දේවතාවන් ලෙස   

 

1) ඉෂ්ට දේවතාවන්   
ඉෂ්ට දේවතාවන්ගේ අරමුණ වන්නේ ජන්මියා මෝක්ෂ මාර්ගයට යොමු කිරීමයි. ලෝකෝත්තර දියුණුව ලබාගැනීමට නම් ජීවිතයේ සත්‍යය අවබෝධ කරගත යුතු අතර තෘෂ්ණාවෙන් මිදීම හෙවත් බැඳීම් අත්හැරීමට ජන්මියා යොමුවිය යුතුය. එම නිසා ලෞකික දියුණුව අපේක්ෂාවෙන් යම් පුද්ගලයකු තමන්ගේ ඉෂ්ට දේවතාවන් අදහන්නේ නම් එම පුද්ගලයාගේ අපේක්ෂාවන් ඉටු නොවන අතර ජීවිතයේ තවත් කරදර හා බාධකවලට මුහුණදීමට සිදුවිය හැකිය. එවිට එම පුද්ගලයා නිතැතින්ම අාධ්‍යාත්මික පැත්තට නැඹුරු වන බැවිනි. ස්කන්ද දෙවියන් යම් පුද්ගලයකුගේ ඉෂ්ට දේවතාවන් වන්නේ නම් එම පුද්ගලයාට ‘දෙවියන් දැකීමේ භාග්‍යය’ හිමිවනු ඇත.   
‘දෙවියන් දැකීම’ යන කරුණ තුළ සිද්ධි දෙකක් නිවේදනය කරයි. එනම් වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකීම හෝ දෙවියන්ගේ බලය තමන්ගේ ජීවිතය තුළින් අත්දැකීම යන්නයි. ස්කන්ද දෙවිඳුන් ඉෂ්ට දේවතාවන් වන පුද්ගලයකුට වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකිය හැකි බව කියැවෙයි. අනෙක් බැතිමතුන්ට, දෙවියන්ගේ බලය තම ජීවිතය තුළ අත්දැකිය හැකිය. මේ කුමන ආකාරයට හෝ දෙවියන් දැකීමට නම් එම පුද්ගලයා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ධර්මානුකූල ජීවිතයක් ගත කළ යුතුය. දෙවියන්ව රැවටිය නොහැකි බව සෑම කෙනෙකුම දැනගත යුතුය.

  
2) ධර්ම දේවතාවන්   
යම් පුද්ගලයකු මේ ලෝකයේ උත්පාදනය ලැබීමට හේතුවන මූලය වන්නේ පූර්ව භවයන්හිදී තමන්ට ඉටුකර ගැනීමට නොහැකිවූ අරමුණු හා ආශා ඉටුකර ගැනීමයි. එම නිසා ධර්ම දේවතාවන්, යම් පුද්ගලයකුගේ ආත්මීය උවමනාවන් ඉටුකර ගැනීමට මග පාදනු ඇත. එම උවමනා ලෝකෝත්තර මාර්ගයට හෝ ලෞකික මාර්ගයට හෝ යොමුවිය හැකිය. මේ තුළින් යහපත් කර්මයන් මෙන්ම අයහපත් කර්මයද උත්පාදනය වෙයි.

  
3) පාලන දේවතාවන්   

මේ ලෝකයේ උත්පාදනය ලබන මිනිසුන්ගෙන් බහුතරයකට අැත්තේ මිල මුදල්, යාන වාහන, ඉඩම්කඩම්, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික ආශාය. ජන්මියාගේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට පාලන දේවතාවන් පිහිටවනු ඇත.

  
ස්කන්ද දෙවිඳුන් ඔබගේ ඉෂ්ට දේවතාවන්ද, ධර්ම දේවතාවන්ද, පාලන දේවතාවන්ද යන වග දැනගන්නේ කෙසේද?   
බොහෝ බැතිමතුන් දෙවියන් අදහන්නේ මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිව නොවේ. අප රටේ භාවිත කරන ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් තුළින්ද දෙවියන් ඇදහීම පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබානොදෙයි. එම නිසා ඔබ භාවිත කරන සාමාන්‍ය දළ කේන්දරයෙන් මෙම තොරතුරු සොයා ගැනීමට නොහැක. මේ සඳහා වේදීය ක්‍රමයට කේන්දරයක් සාදාගත යුතුය.   
ආත්ම කාරක ග්‍රහයා සහ අමාත්‍යකාරක ග්‍රහයා සොයාගෙන, එම ග්‍රහයන් නවාම්ශයේ සිටින ස්ථානය අනුව දේවතාවන් සොයාගත යුතුය. කුජ ග්‍රහයා මගින් ස්කන්ද දෙවිඳුන් නිවේදනය කරයි.   


ස්කන්ද දෙවිඳුන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද?   
කතරගම වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් බො​ෙහා් දෙනෙකුට ‘කඳ සුරිඳුන්’ දැකගැනීමේ අපේක්ෂාව ඇත. නමුත් එය හැමෝටම උදා නොවන භාග්‍යයකි. සමහරවිට ඔබද එම භාග්‍යය හිමි බැතිමතකු බව ඔබ නොදැන සිටින්නට පුළුවනි. එම නිසා මුලින්ම ඔබගේ දේවතාවන් දැනගත යුතුය. කෙසේ නමුත් දෙවිඳුන් දැකීමට හෝ පිහිට ලබාගැනීමට හෝ ඔබ තුළ පූර්ව සූදානමක් තිබිය යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් මෙසේය.   


දෙවියන් වෙත ළංවීමට අපට බාධාවන් පවතී. එම බාධා හෙවත් අඳුර ඇති කරන්නේ රාහු විසිනි. එම බාධා දුරු කළ හැකි වන්නේ ගණ දෙවියන්ටයි. එම නිසා එක් එක් පුද්ගලයාගේ කේන්දරයට අනුව හිමිවන ‘වචන තුනක ගණ දෙවි මන්තරයක්’ අඟහරුවාදා දිනවල ගායනා කළ යුතුය.   


ස්කන්ද දෙවිඳුන් වෙනුවෙන්වූ පහත සඳහන් මූල මන්තරය අඟහරුවාදා දිනවල උදේ 6-7 අතර හෝ දහවල් 1-2 අතර හෝ රාත්‍රී 8-9 අතර වේලාවක පළමු දින 324 වාරයක් ගායනා කර තමන්ට සිද්ධි කරගෙන ඉන්පසු 108 වාරයක් ගායනා කරන්න.   
මන්තරය ‘ඕම් ශරවණභවාය නමාහ’ මෙම පිළිවෙත් අනුගමනය කළ බැතිමතුන්ට නොසිතූ ආකාරයට ව්‍යාපාර දියුණුව ලැබී ඇත. දැවෙන ප්‍රශ්නවලින් මිදී ඇත. විවාහය, දරු සම්පත් ලැබී ඇත.   


ප්‍රසන්ජන සිල්වා   
ජ්‍යොතිෂ්‍යවේදී පාරම්පරික වෛද්‍ය   
වෙද​ ගෙදර අංක 19 මිනුවම්පිටිය පාර, පානදුර.

 



අදහස් (0)

කතරගම දෙවියන් දැකිය හැකි රහස මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site