මුලංකාවිල් කියන්නේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත‍්‍රික්කය මායිමේ තිබෙන වැදගත් ප‍්‍රදේශයක්. කාලයක් එල්ටීටීඊ ග‍්‍රහණයේ තිබුණු මුලංකාවිල් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මුදා ගනු ලැබුවේ 2008 අවුරුද්දෙදියි. යුද හමුදාවේ ක‍්‍රියාකාරකම්, එල්ටීටීඊයේ ක‍්‍රියාකාරකම් විතරක්ම නිසා නොවෙයි මුලංකාවිල් වැදගත් වෙන්නේ. මුලංකාවිල් ගණදෙවි කෝවිල නිසාත් මුලංකාවිල් ප‍්‍රසිද්ධයි.
ආගමික ඇදහීම් මැද බෞද්ධ, හින්දු කියා ආගම් වෙනසක් නැතිව මිනිස්සු විශ්වාසයන් පොදි බැඳගෙන ජීවත් වෙනවා. මිනිස්සුන්ගේ විශ්වාසයන් ඇතැම් විට පුහු දේවල් කියලා බොහෝ දෙනෙක් ප‍්‍රතික්ෂේප කළත් ඒ විශ්වාසයන් තුළ මිනිස්සු ජීවිතය ගොඩ නගා ගන්නා අවස්ථා තිබෙනවා. මුලංකාවිල් ගණදෙවි කෝවිලත් ඒවගේ තැනක්. මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරු කරමින් අපි මුලංකාවිල් දෙස බලමු. අපි මේ කියන්නේ ගමේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු, වැඩිහිටියන් කිහිප දෙනකු කියපු කතා. එක් අයෙක් කියන කතාව අනිත් අයත් තහවුරු කළා.
සාමකාමී මෙන්ම කාලයක් ඉතා සශ‍්‍රීක ප‍්‍රදේශයක් වුණු මුලංකාවිල්වලට කණ කොකා හඬන්න ගත්තේ යුද ගිනි දැල් ඇවිළෙනවාත් සමඟයි. යුද්ධය ආරම්භ වෙලා වැඩි කාලයක් යන්න කලින් මුලංකාවිල් ප‍්‍රදේශයේ පාලනය සියතට ගැනීමට එල්ටීටීඊය සමත් වුණා. එල්ටීටීඊ මුලංකාවිල් භාවිත කාළේ ප‍්‍රධාන ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයක් ලෙසයි.
එල්ටීටීඊ සංවිධානයේ බොහෝ දෙනෙකු යුද්ධයට වගේම ආගමික විශ්වාසයන්ටත් බරයි. ඒ වගේම තමයි මුලංකාවිල් ප‍්‍රදේශය පාලනය කළ එල්ටීටීඊ නායකයනුත් නොපෙනෙන බලවේග ගැන විශ්වාසය තිබ්බා. විශේෂයෙන් ගණ දෙවියන් ගැන විශ්වාසය තිබ්බා. ගණපති, ගණේෂ, පුල්ලෙයාර්, පිල්ලෙයාර් වගේ නම් ගොඩක් ගණ දෙවියන් හඳුන්වන්න භාවිත කරනවා. හැඳින්වීම සඳහා වැඩිම නම් ගොඩක් භාවිත කරන දෙවියන් අතර ඉදිරියෙන්ම ඉන්නවාය කියන්නේ ගණ දෙවියන්. නම් එකසිය ගණනකින් ගණ දෙවියන් හඳුන්වනවා.
ගණ දෙවියන්ගේ මුලංකාවිල් කෝවිල හඳුන්වන්නේ මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල කියලයි. කලින් සඳහන් කළා වගේ එල්ටීටීඊයේ මුලංකාවිල් නායකයන් මේ කෝවිල ගැන දැඩි ලෙස විශ්වාස කළා. එල්ටීටීඊයේ මොකක් හරි ප‍්‍රාදේශීය වැඩක් තිබෙනවා නම් මේ මුලංකාවිල් කෝවිලට ඇවිත් වන්දනාමාන කරලා වැඩේ පටන් ගැනීමේ පුරුද්දක් ඒ කාලේ එල්ටීටීඊයට තිබිලා තියෙනවා.
ඇයි මෙච්චර මේ කෝවිල විශ්වාස කරන්නේ? මේ කෝවිල වටා ගෙතුණු පැරණි කතා ගොඩක් තිබෙනවා. මේ කෝවිලේ විශාල ළිඳක් තිබෙනවා. කොච්චර පෑව්වත් එහි වතුර හිඳෙන්නේ නැහැ කියලයි ගමේ උදවිය විශ්වාස කරන්නේ. මේ දිනවල උතුරට තද නියඟය. ළිං රැසක වතුර නෑ. බවුසරවලින් වතුර බෙදනවා. හැබැයි මෙච්චර පෑවිල්ලෙත් මුලංකාවිල් කෝවිලේ ළිඳේ වතුර හිඳිලා නෑ. තවමත් වතුර තිබෙනවා.
ළිඳට වතුර කොහෙන්ද කියලා ඔබ නොදන්නවා ඇති. එය ඓතිහාසික කතාවක්. ගමේ අති බහුතරයක් විශ්වාස කරන කතාවක්. එක්දහස් අටසිය ගණන්වල ඉඳන් එන මේ කෝවිල් බිමේ ළිඳක් තිබිලා නැහැ. අවට වතුවල තිබෙන ළිංවලින් තමයි වතුර අරගෙන තිබෙන්නේ. කොහොම හරි මේකේ හිටපු පූසාරි කෙනෙක් තීරණය කරලා තියෙනවා කෝ්විල් භූමියට ළිඳක් අවශ්‍යයි කියලා. ඉතින් කල් වේලා බලලා කරන්න තියෙන වතාවත් කරලා ළිඳ කපන්න පටන් ගත්තා. අවශ්‍ය බඹ ගණනට හෑරුවත් වතුර හමු වෙලා නැහැ.
දින ගණනක් මහන්සි වෙලා හාරපු ළිඳේ වතුර නැති නිසා ළිඳ කපපු මනුස්සයා හොඳටම කලකිරිලා සහ මහන්සියෙන් කපපු ළිඳට ටිකක් ඔබ්බෙන් නිදාගත්තා. මේ ළිඳ තියෙන්නේ කෝවිල අසලමයි. මේ පුද්ගලයා නිදාගෙන තියෙන්නේ කෝවිලේ මඩුවක. ඔය කාලේ වෙද්දි ලොකුවට ගොඩනැගිලි හදලා තිබිලා නෑ. පොඩියට මඩුවක තමයි කෝවිල තිබිලා තියෙන්නේ.
එදා වැස්ස පොඩ්ඩක්වත් නැති පැහැදිලි රාත‍්‍රියක්. ඇගේ පතේ මහන්සිය සහ බලාපොරොත්තු කඩවීම නිසා ගොඩක් රෑ වෙනකම් ළිඳ කපපු මනුස්සයට නින්ද ගිහින් නෑ. මධ්‍යම රාත‍්‍රිය ඔන්න මෙන්න කියලා ළිඳ කපපු පුද්ගලයාට නින්ද ගියා. එදා පූසාරි නිදාගෙන තියෙන්නේ කෝවිලේ වතාවත් කරන මඩුව ඇතුළෙමලු. කොහොමෙන් කොහොමෙන් හරි අලුයම වේගන එද්දි ළිඳ කපපු මනුස්සයා ඉඳලා තියෙන්නේ තද නින්දේ. මේ නින්ද මැද්දේ එක පාරටම ලොකු සද්දයක් ඇහිලා. ඒ සද්ෙදත් එක්කම ළිඳ කපපු මනුස්සයා ගැස්සිලා ඇහැරුණාලු.
ඇස් අරිද්දිම දැක්කලු අාකාශයේ ලොකු විදුලියක් කොටනවා. වැස්සක සේයාවක්වත් නැතිවයි විදුලිය කොටලා තියෙන්නේ. ඒ වෙලාවේ ලොකු සුළඟකුත් ආවලු. මිනිත්තු කිහිපයක් යද්දි තවත් විදුලි සැරක් අර කපපු ළිඳට එනවා වගේ දැක්කලු. ඒ එක්කම වතුර පොදක් ඇවිත් ළිඳ කපපු මනුස්සයාගේ මූණේ වැදිලා. වහින්නෙත් නැතිව, වැස්සක පාටක්වත් නැතිව මේ වෙච්ච දේ ගැන ළිඳ කපපු මනුස්සයට හිතාගන්නත් බැරි වෙලා.
කොහොම හරි උදේ නැගිටලා ආයෙත් ළිඳ කපන්න හිතාගෙන මේ මනුස්සයා ළිඳ ළඟට ගියාලු. යද්දි ළිඳ පිරෙන්න වතුර. කලින් දවසේ වතුර හමු නොවුණු ළිඳ උදේ වෙද්දි වතුරෙන් පිරිලා. මෙයාට එකපාරට කලින් දවසේ රෑ වුණු සිදුවීම මතක් වුණාලු. ඒ කියන්නේ ලොකු සද්දයක් එක්ක විදුලියක් ළිඳට ආවට පස්සේ මුහුණට වතුර පොදක් විසිවුණු එක. තමන් විශ්වාස කළ දෙවියන් අද්භූත ආකාරයට ළිඳට වතුර දුන්නාය කියන විශ්වාසය මේ ප‍්‍රදේශයේ ජනතාවගේ සිතේ පැළපදියම් වුණේ එදායින් පස්සේ.
කොහොම හරි මේ සිද්ධිය කියන්න කෝවිල මඩුව ඇතුළට මේ මනුස්සයා යද්දි පූසාරි නැතිලු. ටික වෙලාවක් බැලුවත් පූසාරි ඇවිත් නෑ. ගමෙන් විපරම් කළාමත් පූසාරි ගැන ආරංචියක් නැතිලු. කොහොම හරි ගමේ අය එකතු වෙලා පූසාරි හොයන්න ගත්තලු. කෝවිල මඩුවේ පිටුපස දොර ගාව පූසාරි එළියට ගිය අඩි සලකුණු හමුවෙලා තියෙන්නේ ඔය අතරෙයි. අඩි සලකුණු ඔස්සේ මේ පිරිසට යන්න ලැබිලා තියෙන්නේ මීටර දෙක තුනයි. ඊට හේතුව ඉන් එහාට අඩි සලකුණු නැති වීමයි. ඒ කියන්නේ කෝවිලේ ඉඳන් ටික දුරක් යනකම් පූසාරිගේ අඩි සලකුණු තියෙනවා, එතනින් එහාට නෑ. අර සිද්ධිය වගේම මිනිස්සුන්ට මේකත් හිතාගන්න බැරි වෙලා. එතනින් එහාට අඩි සලකුණු නැහැ කියන්නේ අනිවාර්යෙන්ම පූසාරි එතනින් එහාට පයින් ගිහින් නෑ. ඒ කියන්නේ පූසාරි අහසට ගිහින් කියලයි ඔවුන් විශ්වාස කළේ.
එදා අද්භූත විදියට ආගිය අතක් නැති වුණු පූසාරිව ඉන් පස්සේ අද වෙනතුරු කිසිම දවසක හමුවෙලා නෑ. මෙන්න මේ වගේ කතා ගොඩක් නිසා තමයි බොහෝ දෙනෙක් මේ කෝවිල ගැන දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නේ. කලින් අපි කිව්වා එල්ටීටීඊයත් මේ කෝවිල ගැන විශ්වාසය තිබ්බා කියලා. ඔවුන් මේ කෝවිලට පුද පූජා කළා.
එල්ටීටීඊයේ පරිපාලන ගොඩනැගිල්ල තිබූ බිමේ තමයි දැන් මුලංකාවිල් පොලිසිය තියෙන්නේ. තවමත් මුලංකාවිල් පොලිසියේ තිබෙන සමහර ගොඩනැගිලි එල්ටීටීඊ භාවිත කළ දේවල්. ඒ වගේම තමයි එල්ටීටීඊයේ මහවිරු සුසාන භූමි කිහිපය අතුරින් එකක් තිබෙන්නේ මේ මුලංකාවිල් කෝවිල ඇති ප‍්‍රදේශයේම තමයි. එල්ටීටීඊයේ පොලිසිය තිබ්බෙත් ඊට මදක් දුරින්. ප‍්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයකුට අයත් නිවසක් තමයි එල්ටීටීඊය එයාලගේ පොලිසිය විදියට භාවිත කළේ. ඉංග‍්‍රීසි බසින් සහ දෙමළ බසින් පොලිස් කියා ගැසූ ගේට්ටු කණු දෙක අදටත් දැක ගන්න පුළුවන්. එම නිවසත් අද කවුරුත් භාවිතයට ගන්නේ නෑ. එය දිරාපත් වෙමින් තිබෙනවා.
එල්ටීටීඊය පාලනය කළ මුලංකාවිල් ශ‍්‍රී ලංකා යුද හමුදාව යටතට පත් වෙන්නේ 2008 වර්ෂයේ අගෝස්තු මාසයේ මැදදියි. යුද හමුදා පාලනයට පත්වුණාට පස්සේ හමුදාවත් මේ කෝවිලට ගරු බුහුමන් කරලා තියෙනවා. කෝවිලේ පුද පූජාවලට හමුදාවේ සාමාජිකයනුත් සම්බන්ධ වෙලා තියෙනවා. මේ පැත්තේ රාජකාරි කළ හමුදාවේ සමහරු මේ කෝවිල ගැන අදටත්් දැඩි ලෙස විශ්වාසය තබාගෙන ඉන්නවා.
යුද්ධය නිසා මේ ප‍්‍රදේශය අත්හැරලා වෙනත් ප‍්‍රදේශවලට ගිය උදවිය කොතරම් දුර බැහැර හිටියත් අදටත් මේ කෝවිලට ඇවිත් වන්දනාමාන කරනවා. මේ කෝවිලට වෙන භාරයක් ඉටු නොවී තිබෙන්නේ නැහැ කියලයි ගම්මු කියන්නේ. මොන කරදරයක් බාධකයක් ආවත් මේ කෝවිලට ඇවිත් බාර වෙන්නේ ඒ නිසයි. මුලංකාවිල් ප‍්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වෙන්නේ මේ කෝවිලේ ආශිර්වාදයෙන් කියලයි මිනිස්සු විශ්වාස කරන්නේ.
මානුෂීය මෙහෙයුම යටතේ කොටින්ගෙන් මුදාගත් පසු
අකුණෙන් වතුර ලැබුණු ළිඳ
එදා එල්ටීටීඊ පොලිස් ගොඩනැගිල්ල
එදා එල්ටීටීඊයේ මහවිරු සුසානය
තරිඳු ජයවර්ධන සහ
සිතුම් චතුරංග
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොටි නායකයන්ගෙනුත් වැඳුම් පිඳුම් ලබපු මුලතිව් මුලංකාවිල් කෝවිලේ අනුහස්