වේලාව - 1245 පැයයි. ‘‘යාල් දේවිය’’ යාපනයට ළඟා වේ. කොටුවෙන් දුම්රියට නැගී ඉතා වැඩි කොටසක් බසින ලද්දේ යාපනයෙනි. දුම්රියෙන් පැමිණි ගුරුනගර් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරී කරන්නන් යාපනයෙන් බැස ගත යුතු වේ. ‘‘යාල් දේවි’’ ගමනාන්තය වන කන්කසන්තුරයට පැමිණෙන විට එහි ඇත්තේ ඉතා සුළු මගීන් සංඛ්‍යාවකි. හමුදා, පලාළි මූලස්ථානය හා මාදගල්, තොන්ඩමනාරු හා වෙල්වෙටිතුරය යන අනුකණ්ඩ වෙත යාමට මෙම දුම්රියපළෙන් බැස ගතයුතු වේ. මේ අනුව, වෙල්වෙටිතුරය වෙත යාමට නියමිත අනෙක් හමුදා නිලධාරී කන්කසන්තුරයෙන් බසී. ඔහු රැගෙන යාමට ආරක්‍ෂක මුරයක් සහිත ජීප් රථයක් පැමිණ ඇත. ජීප් රථයට ගොඩවූ පසු මුරය භාරව සිටි කෝප‍්‍රල් ස්ටැන්ලි (පසු කලෙක ඔහු නිලධාරියකු විය) ‘‘කොහොමද සර් යාල් දේවී ගමන?’’ යනුවෙන් අසයි. ‘‘ගමන නම් නියමයි! හැබැයි නිතරම ගියොත්... එස්කොට් නැතිව’’ වෙඩි කන්න තමයි වෙන්නේ’’ මෙලෙස නිලධාරී පිළිතුරු දේ.
1957 වර්ෂයේදී ඇරඹි ‘‘යාල් දේවීය’’, 60 හා 70 දශකයන්හිදී උතුරේ සේවය කළ හමුදා අය සියල්ලකගේම පාහේ ගමන් රිය විය. එවකට ඔවුන්ගෙන් ඇතැමෙක් තම පවුලේ විනෝද ගමන් සඳහා තමනට හිමි වාර්ෂික ‘‘නිදහස්’’ දුම්රිය ගමන් බලපත‍්‍රය භාවිතයට ගෙන ඇත්තේ ද යාපනයේ චාරිකාව සඳහාය.
එකල, දුම්රිය තුළ දමිළ - සිංහල සුහදතාවට බාධාවක් වී ඇත්තේ ‘‘භාෂාව’’ පමණි. එහෙත්, 70 දශකයේ අවසාන භාගයේදී බෙදුම්වාදය සන්නද්ධව හිස එසවීමෙන් එකී තත්ත්වය වෙනස් විය. ඉන් ඇතිවූ ඝාතනයන්, බැංකු මංකොල්ලකෑම්, පොලිසියට එල්ල කළ ප‍්‍රහාර යනාදී ක‍්‍රියාකාරකම් හේතුෙවන් උදාවූ තත්ත්වය මත ‘‘යාල් දේවී’’ ගමන, විශේෂයෙන් හමුදා හා පොලිස් අයහට තරමක අවදානම් සහිත ගමනක් විය.
දිනය - 1981 ඔක්තෝබර් 15 දිනයි. හමුදා රථයකට ‘‘ප‍්‍රථම වරට’’ ප‍්‍රහාරයක් එල්ල වේ. එය ‘‘එල්ටීටීඊ’’ ය විසිනි. මීට පිළියමක් ලෙස නිසි ආරක්‍ෂක මුර නොමැතිව හමුදා රථ කඳවුරුවලින් පිටතට යාම තහනම් කෙරේ. ඒ සමඟම, බස් රථ හා ‘‘යාල්දේවී’’ දුම්රිය භාවිතය සීමා කරන ලෙස උපදෙස් ලැබේ. ඔක්තෝබර් 23 දින රාත‍්‍රීයේ ‘‘ප්ලොට්’’ කල්ලිය කිලිනොච්චිය බැංකුව මංකොල්ල කති. බැංකුව ඉදිරිපස පන්සල් මුරය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් සෙබළෙක් වෙඩි වැදී මිය යයි. සන්නද්ධ ප‍්‍රහාර, විටින් විට ඇතිවීමේ තත්ත්වයක් ඇති වේ. දිනය - 1982 ජුනි 08. ‘‘යාල් දේවී’’ රාත‍්‍රී තැපැල් දුම්රියේ කුඩා බෝම්බයක් පිපිරේ. ඉන් කිසිවකුට හෝ හානි ඇති නොවීය. කුමන සන්නද්ධ කල්ලියක් එය සිදු කළාද යන්න නොදනී. දිනය - ජූලි 23 දාය. ‘‘එල්ටීටීඊ’’ය තින්නවේලිහිදී හමුදා මුර සංචාරයකට ප‍්‍රහාර එල්ල කරයි. එහි ප‍්‍රතිඵළයක් ලෙස ‘‘කළු ජූලිය’’ ඇති වේ. පැනවූ ඇඳිරිනීතිය හා ආරක්‍ෂක හේතූන් මත ‘‘යාල් දේවී’’ ගමන තාවකාලිකව අවලංගු කෙරේ. සති කීපයකට පසු තත්ත්වය යථා තත්ත්වයට පත්වේ. ‘‘යාල් දේවීය’’ යළි ගමන් අරඹයි.
‘‘යාල් දේවී’’ ගමන නැවත අරඹා මාස කීපයකට පසු එනම්, ‘‘වර්ෂයේ අවසන් භාගය වන විට යුද හමුදාව තම නිවාඩු යන හා නිවාඩු ගොස් ආපසු එන භට පිරිස් ‘‘ යාල් දේවීය’’හි යැවීමට තීරණය කළේය. ඒ-9 මාර්ගය ක‍්‍රමයෙන් ‘‘අනාරක්‍ෂිත’’ වීම මීට හේතුවයි. 83 ‘‘කළු ජූලියෙන්’’ පසු ප‍්‍රධාන සන්නද්ධ කල්ලි වෙත විශාල වශයෙන් තරුණයන් බැඳීම හා ඔවුන් පුහුණුව සඳහා තමිල්නාඩුව වෙත ගොස් නැවත පැමිණීමෙන් පසු මෙකී කල්ලි, ‘‘සංවිධානයන්’’ බවට ‘‘පරිවර්තනය වීම’’ හා ඉන් ලැබූ සන්නද්ධ බලය එම තත්ත්වයට හේතු විණි. පළමු වරට යුද හමුදාව, ‘දුම්රිය ආරක්ෂක මුරයක්’’ /Train escort යටතේ ‘‘යාල් දේවීය’’ ධාවනය කරවන්නේ මේ අවස්ථාවේදීය. මේ සඳහා නිලධාරියකුගෙන් (ලුතිනන් හෝ කපිතාන්) යුත් 25 දෙනෙකුගේ කණ්ඩායමක් යෙදැවිණි. පලාලි උතුරු ආඥා පෙදෙස් මූලස්ථානයේ ක‍්‍රියාන්විත බළඇණි මුලස්ථානය මගින් මුරයට අණ දීම හා එහි පාලනය සිදුකෙරිණි. එසේම, ‘‘යාල් දේවී’’ හි ගමනාන්තය යාපනය දක්වා සීමා කෙරිණි. පලාලි සිට යාපනය දුම්රියපළ දක්වා ආරක්‍ෂක මුර රථ පේළියක් මගින් භට පිරිස් රැගෙන යාම හා එහි සිට රැගෙන ඒම සිදුවිණි. සියලු අය නිල ඇඳුමෙන් ගමන් කිරීම හා සිවිල් මගීන් ඇතුළු දුම්රිය පාලන නිලධාරීන් හට කිසිදු අපහසුවක් ඇති නොවන සේ කටයුතු කිරීම අනිවාර්යය විය. මෙම කාලයේදී පාබල හා ගැමුණු බළඇණිවල ‘‘තරුණ නිලධාරීන්’’ කීපදෙනකු යටතේ ‘‘යාල් දේවී’’ හට ආරක්‍ෂාව සැපයිනි. ලුතිනන් උපුල් විතානගේ (වර්තමානයේ මේජර් ජෙනරාල්) හා ලුතිනන් ජගත් පක්‍ෂවීර (වර්තමානයේ බ්‍රිගේඩියර්) එකී නිලධාරීන් අතුරෙන් දැනට සේවයේ සිටින දෙදෙනෙකි.
දිනය - 1984 අප්‍රේල් 10 ය ය. යාල් දේවි දුම්රිය ආරක්‍ෂක රථ පෙළට යාපනය දුම්රියපළ අසලදී කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වේ. ඉලක්කය වරදී. රථයකට සුළු අලාභ හානි සිදුවේ. සෙබළු කිහිප දෙනෙක් සුළු තුවාල ලබති. මෙහිදී සන්නද්ධ ‘‘සැලඩින්’’ රථයේ ප‍්‍රධාන මිමි 30’’ කැනන් අවිය‘ භාවිතයෙන් අසල තිබූ ක්‍රිස්තියානි පල්ලියේ වැදීමෙන් එහි බිත්තියක කුහරයක් සෑදේ. මෙය හිතා මතා අගෞරව කිරීමට කළ දෙයක් බවට චෝදනා එල්ල වේ. සන්නද්ධ රථ පෙළ භාරව සිටි නිලධාරියා ‘ක‍්‍රිස්තියානුවෙකු’ හෙයින් එම චෝදනාවෙන් නිදොස් වීමට හැකි වේ. මෙකී නිලධාරි කපිතන් ශ්‍රීමාල් කස්තුරිආරච්චි විය. ප‍්‍රහාරය කුමන සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කෙරිනි දැයි යන්න හෙළි නොවුණි.
දිනය - 1985 ජනවාරි 19 ‘ටෙලෝ’ සංවිධානය විසින් මුරුකන්ඩිහි ‘යාල්දේවි’ රාත‍්‍රී තැපැල් දුම්රිය ඉලක්ක කොට ගෙන බිම් බෝම්බ 07 ක් පුපුරුවා හැරිණි. ඉන් 05 ක් පුපුරා යාමෙන් දුම්රියේ මැදිරි කිහිපයක් පීලි පැන අලාභ හානි වේ. හමුදාවේ 29ක්ද සිවිල් අය 11ක්ද මිය යති. කපිතන් ඇන්ජිලෝ පීරිස් මෙම දුම්රිය ආරක්‍ෂක මුරය භාරව කටයුතු කළ අතර ඔහු දක්ෂ ලෙස තම භට පිරිස් හැසිරවීම හේතුවෙන් ‘‘ටෙලෝ’’ ගරිල්ලා ත‍්‍රස්තවාදීන්හට ආසන්නයට පැමිණ ප‍්‍රහාර එල්ල කිරීමට නොහැකි වුණි. මෙකී ක‍්‍රියාව අගය කිරීමක් වශයෙන් කපිතාන් ඇන්ජිලෝ පීරිස් හට ‘‘රණ ශූර’’ පදක්කම් පුද කෙරිණි. (බලවේගය’’ මෙහෙයුමේදී ජීවික්‍ෂයට පත්විය) මින්, ‘‘යාල් දේවී’’ ගමන තාවකාලිකව නතර වේ.
‘‘යාල් දේවීය’’ එල්ල කොට ගත් ප‍්‍රහාරය, ‘‘එල්ටීටීඊ’’ ය විසින් සිදු කෙරුණු බවට වාර්තා අදටත් පලවේ. එය නිවැරදි විය යුතුය. මෙම කාලයේදී, ‘‘ටෙලෝ’’ හා ‘‘එල්ටීටීඊ’’ ය කරට කර සිටි කණ්ඩායම්ය. ‘‘ටෙලෝ’’, විශේෂයෙන් යාපනය - තෙන්නමරච්චි කලාපයේ චාවාකච්චේරි ප‍්‍රදේශයේ හා වන්නි කලාපයේ කොකාවිල්, මුරුන්කන් යන ප‍්‍රදේශයන්හි තම තහවුරුකොටගෙන සිටියහ. 1984 නොවැම්බර් 20 දින චාවකච්චේරි පොලිසියට පහරදී එම ගොඩනැගිල්ල පුපුරුවා හැර ආධාරක භට පිරිස් එන ඒ 9 මාර්ගයේ බිම් බෝම්බ වලලා පුපුරුවා හැරියේ ද ‘යාල් දේවි’ ප‍්‍රහාරයෙන් පසු එම වර්ෂයේ ජුනි මසදී සන්නද්ධ තහඩු සවිකළ ‘ඩෝසරයක්’ යොදා ‘කොකාවිල්’ කඳවුර වෙත පළමු ප‍්‍රහාරය එල්ල කළේද ‘ටෙලෝ’ සංවිධානයයි. එසේම ‘යාල් දේවි’ ප‍්‍රහාරයට හේතුව අන් කිසිවක් නොව හමුදා භට පිරිස් ප‍්‍රවාහනය සඳහා මෙකී දුම්රිය යොදා ගැනීමය.
‘යාල් දේවි’ ප‍්‍රහාරයෙන් පසු නිවාඩු සඳහා යන භට පිරිස් ප‍්‍රවාහනය සඳහා ගුවන් යානා යොදා ගත යුතු බවට තීරණය විය. ඒ සඳහා ‘ඇව්රෝ’ යානා භාවිතයට ගැනිණි. සති කිහිපයකින් පසු විනාශ වූ දුම්රිය මාර්ග කොටස යථා තත්ත්වයට රැගෙන ඒ. එහෙත්, නැවත ‘යාල් දේවිය’ ධාවනය කිරීම අනතුරුදායක බව පවසා රියදුරන් එය ප‍්‍රතික්ෂේප කළහ. කෙසේ වුවද බඩු ප‍්‍රවාහන දුම්රිය කෙසේ හෝ ධාවනය කළ යුතු බවට තීරණය කෙරේ. මේ අතරතුර ‘එල්ටීටීඊ’ හා ‘ප්ලොට්’ අතර දරුණු සටන් හට ගනී. නායකයා ඝාතනයවීම සමගින් ඉතිරි ‘ටෙලෝ’ සාමාජිකයෝ සටන් අත්හැර පලා යති. ‘ප්ලොට්’ හා ‘ඊපීආර්එල්එෆ්’ හට ද අයත් වන්නේ එම ඉරණමය.
බඩු ප‍්‍රවාහන දුම්රිය ධාවනය වීමට ප‍්‍රථම මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වවුනියාවේ සිට කන්කසන්තුරය දක්වා එන්ජිමක් ධාවනය කෙරිණි. ඉන් අනතුරුව බඩු ප‍්‍රවාහන දුම්රිය ධාවනය වීම, විටින් විට සිදුවුණි. මෙහිදී දුම්රියේ ගැල් විසින් රැගෙන එනු ලබන විවිධ භාණ්ඩ ‘අසත්‍ය’ පුද්ගලික ලිපිනයන් අමතා තිබිණි. සැබැවින්ම ඒවා අන් කවරකුගේ හෝ නොව හමුදාව (පලාලි මූලස්ථානය) වෙත ලැබිය යුතු ඒවාය. විවිධ ඉංජිනේරු හා ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණද ඇතැම් වෛද්‍ය උපකරණද රථ වාහන කොටස් ඊට අයත් විය. තවද, මේ සියල්ලටම වඩා ආරක්‍ෂක අතින් ඉතා අනතුරුදායක දෙයක් එහි තිබිණි. එය, දුම්රියේ තෙල් ටැංකි රැගත් (AVTOR), ලෙස හඳුන්වන ‘ගුවන් යානා ඉන්ධනයි’ මේ සියල්ල කොළඹ සිට පැමිණෙනුයේ ඉතා රහසිගතවය. දුම්රිය වවුනියාවෙන් පිටත් වූ පසු ගුවන් හමුදා ‘ගන් ෂිප් හෙලිකොප්ටරයක්’ විටින් විට දුම්රිය මග හා දුම්රිය පිළිබඳව ‘සැඟවුණු විමර්ශනයක්’ Covert recconaisance, සිදු කළේය.
ස්ථානය - පලාලි උතුරු ආඥා පෙදෙස් මූලස්ථානය ‘හදිසි ක‍්‍රියාන්විත පෙර කථනයකට’ උසස් අණදෙන නිලධාරීන් කිහිප දෙනෙක් ක‍්‍රියාන්විත මැදිරියේ රැස්වෙති. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ලද ‘අති රහස්‍ය සයිෆර් පණිවිඩයක්’ යාල්දේවි’ මාර්ගයේ එවන ලද ගුවන් යානා ඉන්ධන පැහැර ගැනීමට හෝ ඊට ප‍්‍රහාර එල්ල කළ හැක. (එල්ටීටීඊය වෙනත් අයුරින්, දෙවතාවකදී පැහැරගත් ‘සාමාන්‍ය’ ඉන්ධන නාවක්කුලි හා කිලිනොච්චි කඳවුරු වෙත ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගත්හ. ඉන්ධන බවුසරයක් පුපුරන ද්‍රව්‍ය සමග යොදා ගැනීම එහි උපායයි. ‘නාවක්කුලිය ප‍්‍රහාරය’ සූදානම් අදියරේදී පුපුරායාමෙන් එය අසාර්ථක විය. ‘කිලිනොච්චි ප‍්‍රහාරය’ කඳවුරු මාර්ග බාධකයේදී පුපුරා ගියේය. එහිදී කපිතන් කාවින්ද ගුණවර්ධන (වර්මානයේ මේජර් ජනරාල්) පිලිස්සුම් තුවාල ලැබීය.) සැලසුමට අනුව මෙවර ඉන්ධන රැගත් දුම්රිය ‘රාත‍්‍රියේ කන්කසන්තුරයට පැමිණි පසු එය ඉතා රහසිගතව පසුදින ‘අලුයම’ කන්කසන්තුරය ‘සිමෙන්ති කම්හල’ පරිශ‍්‍රයට දිවෙන දුම්රිය මාර්ගය ඔස්සේ රැගෙන ගොස් ගුවන් හමුදා බවුසරවලට පැටවිය යුතු බවට උපදෙස් ලැබිණි. මෙම වකවානුවේදී, කම්හලේ කටයුතු නතර වී තිබුණු අතර එහි ආරක්‍ෂාව සඳහා හමුදා අනුඛණ්ඩයක් ස්ථානගතව තිබිණි. මෙම ක‍්‍රියාන්විතය, නිල නොවන මට්ටමින් ‘ඔපරේෂන් කෝඩ් නේම්’ ‘මිඩ් නයිට් එක්ස්ප‍්‍රස්’ ලෙස හැඳින්වීය.
සියල්ල සැලසුම් කළ පරිදි සිදුවිය. ගැමුණු භට පිරිසක් හා විමර්ශන රෙජිමේන්තුවේ සන්නද්ධ රථ පෙළක ආරක්‍ෂාව යටතේ ඉන්ධන රැගත් ගුවන් හමුදා බවුසර් හයක් පලාලි දක්වා පා ගමනින් ඉදිරියට ඇදේ. පලාලි කඳවුරු පරිශ‍්‍රයට ඇත්තේ තව සැතපුමක් පමණි. රථ පෙළ නිවාස අවමව පිහිටි Mix terrain ප‍්‍රදේශයට ළඟා වේ. හදිසියේම ඉදිරි භට කණ්ඩායමට ග්‍රෙනේඩ් ප‍්‍රහාර කිහිපයක් එල්ල වේ. ඒ සමගම පිටු පස කණ්ඩායම සැහැල්ලූ අවි ප‍්‍රහාරයකට හසුවේ. ‘ඔය ඉස්සරහ බවුසර් දෙක ඕපන් ඒරියා එකෙන් පන්නලා. තල් ගස් අස්සට දාගන්න කියන්න’ ‘අනික් ඒවා පාරෙන් පන්නලා.........’ පන්නලා...... ඒ, ලුතිනන් දම්පත් ප‍්‍රනාන්දු ගේ හඬය. මේ අතර ඉදිරි හා පසු පස භට පිරිස් ප‍්‍රතිප‍්‍රහාර දේ. (ඉන්ධන බවුසර් අතර පරතරය මි. 50ක් පමණ ඇත. එහෙත්, කොයි මොහොතක හෝ RPG රොකට් ප‍්‍රහාර එල්ල විය හැක. එසේ වුවහොත්, සියල්ල අසාර්ථකය. සිදුවන්නේ මහත් විනාශයකි.) ‘ෆෙරට් ස්කොට්’ සන්නද්ධ රථ ක‍්‍රියාත්මක වේ. ඒවායේ මැෂින් තුවක්කු වෙඩි ප‍්‍රහාර රොකට් ප‍්‍රහාර එල්ල විය විය හැකි ස්ථානයන් කරා එල්ල වේ. ලුතිනන් ගෝඨාභය පියතුංගගේ අණදීම යටතේය. ‘එල්ටීටීඊ’ ප‍්‍රහාර ක‍්‍රමයෙන් නවතී සැහැල්ලූ රථ කිහිපයකට සුළු හානි සිදුවී ඇත. පුද්ගල හානි නොමැත. ආධාරක භට පිරිස් පැමිණේ. ක්ෂණික සෝදිසියෙන් පසු රථ පෙළ පලාලි වෙත පැමිණේ. එය හමුදාව ඒ දක්වා ‘යාල් දේවි දුම්රිය එංජිම’ හා එහි ‘ගමන් මාර්ගය’ යොදා ගනිමින් සිදුකළ රහස් මෙහෙයුමේ‘ අවසානයයි. එතැන් සිට දුම්රිය ගමන් ඇන සිටී. එය නැවත ඉන්දීය හමුදාව සිටි අවදියේදී විටින් විට සිදුවිය. 1991 වර්ෂයේදී ‘එල්ටීටීඊ’ නැවත ඔවුන්ගේ ප‍්‍රහාරමාලාව අරඹන්නේ ‘යාල්දේවී’ දුම්රිය මාර්ගයේ ‘සිල්පර’ කොටන් ගැලවීමෙන් පසුවය. සෑම අයෙකුම ‘එල්ටීටීඊ’ ඒවා ආරක්ෂිත බංකර’ සැදීමට ගත් ක‍්‍රියාවක් සේ දකී. නමුත් එයට වඩා ඔබ්බට ගිය ‘උපායශීලීත්වයක්’ ‘එල්ටීටීඊ’ සතුව තිබුණි. අදටත් උතුරු ප‍්‍රජාව තුළ පවතින්නේ එම උපායශීලීත්වයෙන් ඇති කළ ‘මනෝවිද්‍යාත්මක’ බලපෑමයි.
වේලාව - 0730 පැයයි. නිලධාරීන් දෙදෙන නියාමක මැදිරියේ සිට දුම්රිය එන්ජිම දක්වා මැදිරියෙන් මැදිරියට ගමන් කරති. විවිධ තරාතිරමින් යුත් දමිළ ප‍්‍රජාව මැදිරි සියල්ලේම සිටිනු දකී. බොහෝ අය සිවිල් ඇඳුමින් සැරසුණු මෙම නිලධාරීන් දෙස තරමක් ‘‘විශේෂිතව’’ හා ‘‘සැකයෙන්’’ යුතුව බලති. ‘‘අපි ආමි එකේ කියලා මේ අයට හොඳට අඳුනගන්න පුළුවන්’’... ‘‘අනික... සිංහල කියලා කෙනෙක් දකින්න නැහැ... මේ ඔක්කොම කථා කරන්නෙ දෙමළ... කොළඹදී ඉංග‍්‍රීසි කථා කරන අයත් මේකට නැංගට පස්සේ දෙමළෙන් කථා කරන්න ඕනෑ වගේ...’’ නිලධාරීයෙක් කීය. සැබැවින්ම, ඔහු නිවැරදිය. එය, එවකට ‘‘යාල් දේවී’’ දුම්රියේ තිබූ තත්ත්වය බව පසු කලෙක මෙසේ ගමන් කිරීමේදී ඔවුනට වැටහිනි. 60 සිට 80 දශකය දක්වා කාලයේදී මෙම දුම්රියෙන් යාපනය බලා ගමන් කළ (විශේෂයෙන් අගනුවර රැකියා කළ) අය වවුනියාව පසුවෙත්ම තමන් ඇඳි යුරෝපීය ඇඳුමෙන් ජාතික ඇඳුමට මාරුවීමටද නැවත කොළඹ බලා පැමිණීමේදී ජාතික ඇඳුමෙන් යුරෝපීය ඇඳුමට මාරුවීමට පුරුදුව සිටි බව එවකට දුම්රියේ ගමන් කළ උතුරේ රාජකාරී කළ හමුදා සාමාජිකයන් සඳහන් කර ඇත. මේ අතර, ‘‘යාල්දේවිය’’ කුරුණෑගල, අනුරාධපුර යන දුම්රියපලවල නැවැත්වීය. සිංහල විය හැකි මගීන් ඉතා සුළු පිරිසක් දුම්රියෙන් බසිති. මෙකී ස්ථානයන් ගෙන් දුම්රියට ගොඩවූ දමිළ මගීන් සංඛ්‍යාවද ඉතා අල්පය. දමිළ මගීන් සියයට 95 පමණ දුම්රිය නැඟ ඇත්තේ කොටුව දුම්රිය ස්ථානයෙනි.
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කොටි ග්‍රහණයට පෙර අවසන් දුම්රිය ගමන