IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කෝටිපතිනියක වූ ‘‘කේක්’’ රැජින

අධිශ්ඨානයක ජයග්‍රහණය

 

තම මවත් පියාත් සමඟ ගොවිපොළක දුක්ඛිත ජීවිතයක් ගෙවූ ඇය දැන් ලෝකයේ කෝටිපතියන්ගේ ලේඛනයට ඇතුළත්ව සිටින්නීය. ඒ තමන් අතීතයේ විඳි සියලු දුක්ඛ දෝමනස්සයන් තුළින් ලද පන්නරයෙන් අපූරුවට ජීවිතය ජය ගනිමිනි.   


මේ අන් කවරකු හෝ නොව ඇමෙරිකාවේ “කප් කේක්” රැජන වන ගිගී බට්ලර්ය. 


ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ගොවි පවුලක උපන් ඇය හැදුණේ වැඩුණේ ගොවිපොළේය. ළමා කාලයේ දී ඇයට සැපවත් ජීවිතයක් උරුමකර දෙන්නට මාපියන්ට ප්‍රමාණවත් වත්කමක් තිබුණේ නැත. 


ඇගේ මවත් ආත්තම්මාත් කටට රසට කෑම විවිධ ආකාරයෙන් සාදන්නට දැක්වූ දක්ෂතාවට ගිගී ද ප්‍රිය කළාය. ඒ නිසාම ගොවිපොළ ආසන්නයේ පාසලක ඉගෙනුමෙන් ලබන විවේකයෙන් ඉසිඹු ලද සෑම අවස්ථාවකදීම ඇය තම කාලය ගත කළේ අත්තම්මාත් අම්මාත් දන්නා කෑම වර්ග සෑදීමට ඉගෙන ගනිමිනි. 


පාසලේ අධ්‍යාපනයට වඩා ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ සංගීතයට හා ගායනයටය. ගායන ශිල්පිනියක වීම තම අනාගත සිහිනය බවට පත්කරගත් ඇයට සංගීතය හැදෑරීමට තරම් වත්කමක් තිබුණේ නැත. 


“මට ගායන ශිල්පිනියක් වෙන්න අවශ්‍ය වුණත් මුදල් තිබුණේ නැහැ. ඒ නිසා මම මේ සිහිනය අතහැර දැම්මා. නමුත් පසුව මට හිතුණා මටම මුදල් උපයාගන්න පුළුවන් නේද කියා. ඒ නිසා මම ගෙයින් ගෙට ගොස් නිවෙස් සුද්ද පවිත්‍ර කර මුදල් උපයන්න පටන් ගත්තා. එතකොට මට වයස අවුරුදු 15යි. නමුත් මම සැලකිය යුතු මුදලක් උපයා ගත්තා. ඒ මුදල්වලින් මම ගෙදරටත් ශක්තියක් වුණා. අවුරුදු කිහිපයක් මේ විදියට මම කරගෙන ගියා.” ඇය පසුකාලයක පවසා ඇත. 


ඇය පවසන්නේ වැසිකිළි පවා ඇය පිරිසිදු කළ බවයි. ඇය වයස අවුරුදු 17 දී නිවාස පිරිසිදු කිරීමේ කාර්යය ව්‍යාපාරයක් බවට පත්කරගන්නීය. ඉන් අනතුරුව පිරිසිදු කිරීමේ සමාගමේ කටයුතු දිවාකාලයේ දී අවසන් කර රාත්‍රියේ නගරයේ වීදි දිගේ ඇවිද යන්නේ ගායනය හුරු පුරුදු වෙමිනි. 


“මගේ මේ ව්‍යාපාරය හුඟක් දෙනෙකුට උදව්වක් වුණත් හැමෝම හිතුවා මට පිස්සු කියලා. ඇතැම් අය මට උපහාස කළා. නමුත් මට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා මම කෙසේ හෝ දියුණු විය යුතුයි කියලා. ඒ නිසා මම උත්සාහය අත්හැරියේ නැහැ.” 


ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ ව්‍යාපාරය තුළින් ජීවිතය ජය ගැනීමයි. මේ සඳහා ඇයට විවිධ අදහස් තිබුණ ද මූලික ප්‍රාග්ධනයක් තිබුණේ නැත. බැංකු වෙත ගොස් ආයෝජනය සඳහා මුදල් ඉල්ලා සිටිය ද බැංකුවලින් ලැබුණේ ද යහපත් ප්‍රතිචාරයක් නොවේ. 


නොපසුබස්නා උත්සාහයෙන් යුතුව ඇය 2008 පෙබරවාරි මස 21 වැනි දා ඇමෙරිකාවේ නෙස්වීල්හි, ටෙනසි ප්‍රදේශයේ දී තම මුල්ම කප් කේක් අලෙවි සල ආරම්භ කළාය. ඒ වනවිට ඇයට තිබූ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් 33ක් පමණි. නමුත් තම වෙළෙඳාම ගැන ඇති බලවත් විශ්වාසය නිසාම ඇය සේවකයන් දෙදෙනකු බඳවා ගත්තේ ලැබෙන ආදායමෙන් කෙසේ හෝ වැටුප් ගෙවා දැමීමේ අපේක්ෂාවෙනි. 

 

 


“මගේ අම්මා හා ආත්තම්මා ඉවුම් පිහුම්වල දක්ෂයන්. ඒ හැකියාව ජානවලට කා වැදී තිබෙන්න ඇති. මම මුලින්ම මේ කේක් නිෂ්පාදනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. අම්මා තමයි මට කප් කේක් වට්ටෝරුව සකස් කරගෙන උසස් තත්ත්වයේ කේක් නිෂ්පාදන සඳහා මූලික අඩිතාලම දාලා දුන්නේ. තාත්තා තමයි අපූරු ආකාරයෙන් මේ කේක් ඇසුරුම් කිරීමේ කලාව කියා දුන්නේ. මේ දෙන්නාගේ සහයෝගය නොතිබුණා නම් මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ. 


මාස කිහිපයක් ගත වෙද්දී ගිගී බට්ලර්ගේ කප් කේක් නගරය පුරා ජනප්‍රිය වූයේ රසවත් අතුරුපසක් ලෙසිනි. ඇගේ අලෙවි සල නිතරම ගනුදෙනුකරුවන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. ගිගීට ලැබුණු ආදායම සරු වෙද්දී ඇය තම ඉලක්කය පුළුල් කළාය. තවත් කේක් අලෙවි සැල් ආරම්භ කිරීම කෙරෙහි සිත් යොමු කළ ගිගී ඒ සෑම අවස්ථාවකදීම සිතුවේ තමන්ගේ නිෂ්පාදන අලෙවිය පමණක් නොව පිරිවැය දරාගන්නා ආකාරය ගැනයි. 


දැන් ඇය ලෝකය ජයගෙන ඇත. කප් කේක් නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් ඇය ගිගී බට්ලර් කප් කේක් ලෝකයේ රටවල් 23ක අළෙවි කරමින් සිටින්නීය. ඒ තම ව්‍යාපාරික ජාලය සතු වෙළෙඳ සල් 92කදීය. 


දින දින අලුත් අලුත් හැඩයන්, වර්ණයන්වලින් සුසැඳි “ගිගීස්” කප් කේක් ලෝකයේ ජනප්‍රියම කප් කේක් සන්නාමයක් බවට පත්ව ඇත්තේ ගිගී බට්ලර් ඇමෙරිකාවේ කෝටිපතියන්ගේ ලේඛනයට එක්ව ඇත්තේ ලෝකය ජයගත් තරුණ කාන්තාවක් ලෙසිනි. 

 

 


“ මගේ ජීවිතය ගැන ආපසු හැරී බලද්දී ඇතිවන්නේ පුදුමාකාර සතුටක්. කවදාවත් මම හිතුවේ නැහැ මට මේ තරම් සාර්ථක වෙන්න හැකි වේවි කියා. මම පටන් ගත්තේ ඉතාමත්ම පුංචියට. ඇමෙරිකාවේ ව්‍යාපාර ආරම්භ කරන හැමෝම ලොකු සාප්පු, ලොකු ලොකු කාර්යාල දාගෙන පටන්ගන්නවා. නමුත් මට උදව්වට හිටියේ අම්මා තාත්තා සහ තවත් දෙන්නෙක් විතරයි. අපිට ලොකු විශ්වාසයක් තිබුණා සැළකිය යුතු ලාභයක් ලබන්න හැකි වේවි කියා. මේ නිසා අපි කප් කේක් විවිධ රසයෙන් විවිධ වර්ණයෙන් විවිධ හැඩයෙන් නිර්මාණය කළා. හැම තිස්සේම අපේ පාරිභෝගිකයා ගැන අපි හිතුවා. දැන් අපි සාර්ථක වෙලා. පොඩියට පටන්ගත්තු ව්‍යාපාරය අපිටත් නොදැනීම විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා. මට දැනෙන්නේ හරිම සතුටක්.” 


ලෝකය පුරාම ජනප්‍රිය ගිගී බට්ලර් කප් කේක් නිෂ්පාදනයෙන් ඇය වාර්ෂිකව අවම වශයෙන් ඩොලර් මිලියන තිස්පහක ලාභයක් උපයන්නීය. මෙය දැවැන්ත ලාභයකි. සුළු පිරිවැයක් යොදා ආරම්භ කළ ව්‍යාපාරය 2019 අවසානය වනවිට ලෝකය පුරා වෙළෙඳ සල් 250 ක් දක්වා පුළුල් කිරීමයි. 


අතීතයේ තමන් විඳි සියලු දුක්කම්කටොලු මධ්‍යයේ ජීවිතය ජයගත් ඇය ඕනෑම කාන්තාවකට කොතරම් බාධක තිබුණ ද ජයග්‍රාහී මාවතකට පිවිසිය හැකි බවත් ව්‍යාපාරික ලෝකය පහසුවෙන් ජයගත හැකි බවත් සනාථ කළාය. 


ඇය පවසන්නේ තමන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය පිටුපස කිසිදු ආයෝජකයකු හෝ නොසිටි බවයි. එමෙන්ම කේක් ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා කිසිදු ප්‍රචාරණයකට මුදල් නොතිබූ බව ද ඇය පවසයි. ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්තටම නැගි කාන්තාවක් වන ඇය තම සිහිනය ද අතහැරියේ නැත. 


ඇය ගායිකාවක වීමේ සිහිනය ද සැබෑ කරගත්තාය. මේ වනවිට ගිගී බට්ලර් ගායිකාවක පමණක් නොව ගීත රචනා කරන්නියක ද ලෙස නමක් දිනා ගනිමින් සිටින්නේ ව්‍යාපාරික ලෝකයේ ජය කෙහෙළි නැංවීමට අමතරවය. 

 

 


‘‘ගිගීස් කප් කේක් රැජන ඇයයි’’ 
සජීව විජේවීර



අදහස් (0)

කෝටිපතිනියක වූ ‘‘කේක්’’ රැජින

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 0 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 3 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 2 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 2 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 6 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 1 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1284 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1347 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site