IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කුජ මාරුව ඔබට කොහොමද බලන්න

 

ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 ජුනි මස 22 වන දින මෙතෙක් ගමන් කළ මිථුන රාශියෙන් සඳුට හිමි කටක රාශියට පැමිණෙයි. 2019 අගෝස්තු මස 09 දින දක්වා කුජ ග්‍රහයා කටක රාශියේ නීචව ගමන් කරමින් සිටී. අඟහරු, භූමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තීක්ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද, රුධිරය සම්බන්ධ රෝග ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ අඟහරු විසිනි.  


මේෂ හා වෘශ්චික රාශි කුජට අයත්ය. තමාගේම නිවසයි. මකර රාශියේ උච්ච බලය ලබන අතර කටක රාශියේදී නීච වේ. යම් ජන්ම පත්‍රයක කුජ 10 වන භාවයේ තැන්පත් වී ඇති නම් එය දිග්බලය යැයි කියනු ලැබේ. එවිට කුජ බලවත් වී සුභඵල දෙනු ඇත. ඔබේ ජන්ම කේන්ද්‍රයේ කුජ බලවත් නම් ඔබ ආත්ම විශ්වාසයෙන් යුතු, එඩිතර හා නිර්භීත කෙනෙකු වෙයි. කුජ දුර්වලව පිහිටා තිබේ නම් ඉක්මනින් අධෛර්යයට පත්වන අතර බියගුලු ගතිය පෙන්නුම් කරයි.  


උසස් හමුදා නිලධාරීන් ඇතුළුව ආරක්ෂක සේවාවන්හි විවිධ නිලයන්ට අයත් අයද ශල්‍ය වෛද්‍යවරුන්, අධිකරණ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් වැනි තනතුරු කුජගෙන් නියෝජනය වේ. මේ අතර බුධ ග්‍රහයා 2019 ජුනි මස 21 වන දින සිට 2019 අගෝස්තු 26 වන දින දක්වා කටක රාශියේ ගමන් කරයි.  


කුජ මාරුව ලග්නවලට බලපාන අයුරු  


මේෂ   


මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ දුර්වලව හතරවැන්නට පැමිණීම සුබදායක නොවේ. ගෘහ ජීවිත ගත කිරීමේදී ක්ෂණික කෝපය පාලනය කර ගන්න. අලුතින් නිවාස තැනීම ආරම්භයට එතරම් යහපත් නොවේ. මව්පියන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මේ අතර සිත් තැවුල්ද ඇතිවීමට ඉඩ ඇත. පපුවේ ආබාධ ඇති අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.  


වෘෂභ  


වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ තුන්වැන්නට පැමිණීම සුබඵල තරමක් අඩු වේ. අසල්වැසියන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. බාල සහෝදරයින්ට එතරම් යහපත් නොවේ. නිෂ්ඵල ගමන් යෙදීමට ඉඩ ඇත. දැනටමත් සෙනසුරු අපලයක් ගත කරන නිසා සෙනසුරුට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.  


මිථුන  


මිථුන ලග්න හිමියන්​ගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ සමග කුජ දෙවැන්නේ ගමන් කරයි. පවුලේ කටයුතු සඳහා වියදම් අධික වේ. තැන්පත් ධනය පරිහණයේදී වඩාත් සැලකිලිමත් වන්න. ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. දුරදිග බලා කතා කරන්න.  


කටක  


කටක ලග්න හිමියන්​ගේ කේන්ද්‍රයේ කුජ ලග්නයට පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනයෙන් පාඩු සිදුවීමට ඉඩ ඇත. පෙම්වතුන්ට යහපත් නොවේ. රැකියා කටයුතුවලදී වඩාත් කල්පනාකාරී වන්න.  


සිංහ  


සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ දොළොස්වැන්නේ ගමන් කරයි. එතරම් යහපත් නොවේ. ගෘහජීවිත ගත කිරීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. වියදම් පාලනය කරගන්න. ගෘහ නිර්මාණ කටයුතුවලට යහපත් නොවේ. මව්පියන්ට සුබදායක නොවේ.  


කන්‍යා   


කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට කුජ පැමිණේ. මිශ්‍රඵලදායක වේ. ඔබගේ ආදායම් තත්ත්වයට එතරම් යහපත් නොවේ. සහෝදරයින්ට සුබදායක නොවේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමේදී කල්පනාකාරී වන්න.  


තුලා  


තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ මෙතෙක් ගමන් කළ නවවැන්නෙන් දසවැන්නට පැමිණේ. රැකියා කටයුතුවලට උසස් අයගේ සහයෝගය බොහෝදුරට ලැබේ. හවුල් ව්‍යාපාරවලට තරමක් සුබ වේ. විවාහ සහකරුගේ රැකියාවේ ගැටලු විසඳේ.  


වෘශ්චික  


වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ කේන්ද්‍රයේ නවවැන්නට පැමිණෙයි. බලාපොරොත්තු වූ විදේශ ගමන් සාර්ථක වීමට ඉඩ ඇති අතර දුර වන්දනා ගමන් යෙදේ. රහස් සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ආගමික කටයුතුවලට සිත යොමුවේ.  


ධනු  


ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ අටවැන්නට පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. මුදල් ආයෝජනය කිරීමේදී දුරදිග බලා කටයුතු කරන්න. හදිසි අනතුරුවලින් පරිස්සම් වන්න. ශනි ඒරාෂ්ටක අපලයක් ගත කරන නිසා අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.  


මකර 

 
මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ හත්වැන්නට පැමිණේ. අවිවාහක අයගේ මංගල යෝජනාවලට බාධා ඇතිවීමට ඉඩ ඇත. විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලදී අපේක්ෂිත ලාභ නොලැබීමට ඉඩ ඇත. උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන.  


කුම්භ  


කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ හයවැන්න හෙවත් රෝගස්ථානයට පැමිණෙයි. සහෝදරයින් හා අසල්වැසියන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවල නිරත වීමේදී බාධා ඇතිවීමට ඉඩ ඇත. සතුරු කරදරවලින් හා සෞඛ්‍ය ගැටලුවලින් පරිස්සම් ​ෙවන්න.  


මීන  


මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ කුජ පස්වැන්නට පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක නොවේ. දරුවන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. පෙම්වතුන්ට අපලදායකයි.  


මේ අනුව කුජ මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. කුජ අපලය ඇති අය අඟහරුවාදා දිනවල බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුබය. කරණීයමෙත්ත සූත්‍රය භාවිතය සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිට වීම හා අභය දානය දීම වැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කරගත හැක.  

 


ජ්‍යෝතිර්වේදිනී,  


අජන්තා ඒකනායක, මැදමහනුවර.   



අදහස් (0)

කුජ මාරුව ඔබට කොහොමද බලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 118 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 41 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 82 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1239 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 312 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site