IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


ඔබේ ලග්නය අනුව ලැබෙන භාර්යාව හඳුනාගන්න

 

යම් පුරුෂයකු උපත ලබන මොහොතේදී හිමිකර ගත් ලග්න රාශිය සහ එහි ග්‍රහ පිහිටීම් එම තැනැත්තාගේ ජීවිතයේ සිදුවන සෑම කරුණු කාරණා සඳහා මූලික වන බව ජ්‍යොතිෂයේ පෙන්වාදී ඇත. ඒ අතර පුරුෂයකු ලබන භාර්යාව පිළිබඳ සියලු තොරතුරුද දැනගත හැක.   


ස්ත්‍රීන්ගේ ගතිගුණ සහ ක්‍රියාකලාපයන් අනුව සත් වර්ගයකට වෙන්කර ඇත. එනම් මාතෘ භාරී, දාස භාරී, භගිනි භාරී, චෝර භාරී, ස්වාමි භාරී, සකී භාරී, වදක භාරී යනුවෙනි. ජ්‍යොතිෂයේදී ඒ ඒ ග්‍රහ පිහිටීම් අනුව ඒ ඒ ලග්න හිමියන්ට එම භාර්යාවන් බෙදී යන ආකාරය මෙයින් ඉදිරිපත් කරමි.   


මේෂ ලග්න හිමියන්ට අයත් වන භාර්යාව   


මේෂ ලග්නයේ අධිපතිකම දරන්නේ අඟහරු හෙවත් කුජය. කුජ නිර්භීත තේජවන්ත සටන්කාමීත්වයට මූලිකත්වය දෙන ග්‍රහයෙකි. මේ නිසා ඉතා තියුණු ආකාරයට සහකරු පාලනය කරයි. කතාව සහ ක්‍රියාවන් තේජාන්විත වේ. මෙම ලග්න හිමියන්ගේ යෝග කාරක ග්‍රහයා වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිය. මේ නිසා ගුණවත් නැණවත් ක්‍රියා ඇති කෙනෙකු වේ. තවද හත්වැන්න හෙවත් විවාහක ස්ථානය අධිපති වන්නේ සිකුරුටය. එබැවින් සිකුරුගේ ගතිගුණ අනුව රූප සම්පත්තිය ලැබෙනු ඇත. මේ නිසා සැමියාට පක්ෂව අනට කීකරුව සියලු සම්පත් රැකගනිමින් කටයුතු කරන භාර්යාවක් ලැබෙනු ඇත. ඒ අනුව මේෂ ලග්න හිමියන්ට ලැබෙනුයේ දාසි භාර්යාවකි.   


වෘෂභ ලග්න හිමියන්ට අයත් වන භාර්යාව   


මෙම ලග්නයට අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ ඔපය සංදර්ශනය ආලය කරුණට යහපත සැපත යන කරුණුවලට මූලික වේ. මේ නිසා නිවැරදි දැක්මක් නිදහස් පාලනයක් ආදියට සරිලන වැඩපිළිවෙළක් ඇති අයද විවාහයට ලැබෙනු ඇත. සිතුවිලි යහපත් වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ සෙනසුරු නිසා කරන කියන කටයුතුවලදී දුකක් වේදනාවක් කණගාටුවක් පසුතැවීමක් ඇති වේ. මෙම ලග්නයේ හත්වැන්න අධිපති කුජය. එනිසා සැර පරුෂ තදබල බිහිසුණු ගති ඇතිවීමට පුළුවන. ධනය ඉපයීමට දක්ෂය. චෞර ගතිවලින් යුක්තය. මේ නිසා වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන්නේ චෝර භාර්යාවකි.   


මිථුන ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මිථුන ලග්නය අධිපති ග්‍රහයා වන්නේ බුධය. නුවණ සත්‍යවාදී බව ඉ​ෙගනීම කථාව ලිවීම ආදියට මූලික වේ. මේ නිසා බුද්ධියට මූලිකත්වය දෙමින් සෞඛ්‍ය ගතිගුණ ඇතිව උදාරව කටයුතු කරන කෙනෙකු වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා සිකුරුය. එබැවින් නැටුම් ගැයුම් ආදී කලාවන්ට ළැදි එම අදහස්වලින් පෝෂිත අයකු වේ. හත්වැන්න අධිපති ගුරු නිසා කාලයක සිට හඳුනන කෙනෙකුගේ දැනෙන කාන්තාවක් විවාහයට සම්බන්ධ වේ. ඇය යෙහෙළියක් බඳුය. ඒ නිසා මිථුන ලග්න හිමියන්ට ලැබෙන්නේ සකී භාර්යාවකි.   


කටක ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


කටක ලග්නයේ අධිපති වන්නේ සඳු ග්‍රහයාය. සඳු මනුෂ්‍යයාගේ සිතට අධිපති වේ. රූපය කෙරෙහිද බලපානු ලැබේ. ඒ අනුව චංචල සිතක් ඇති රූමත් තරමක ස්ථුල ශරීරයක් ඇත්තියක් වේ. මෙම ලග්නයට යෝග කාරක ග්‍රහයා වන්නේ අඟහරු හෙවත් කුජය. එබැවින් කුජගේ බලපෑම නිසා තරමක සැර පරුෂ වීමට පුළුවන. මේ අයට දරා ගැනීමේ ශක්තියක් ඇත. තවද එදිනෙදා කටයුතුවලදී තදින් බලපෑම් කරනු ඇත. 

 
සිංහ ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයේ ලග්නාධිපති වන්නේ හිරු හෙවත් රවිය. රවි තේජසින් යුත් අභිමානයෙන් යුත් ග්‍රහයෙකි. මේ හේතුකොටගෙන ගැටුමට බර තේජසින් යුතු අහංකාර ගති ඇති භාර්යාවක් වේ. ඉහළ පෞරුෂයක් ඇති දරා ගැනීමේ හැකියාවක්ද ඇත. මේ අය නිතර තම සැමියාට බලපෑම් ඇති කරයි. මේ අනුව සිංහ ලග්න හිමියාට ලැබෙන්නේ වදක භාර්යාවකි.   


කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන භර්යාව   


කන්‍යා ලග්නයේ අධිපතිවන්නේ බුධය. බුධ බුද්ධිය, ඉ​ෙගනීම ආදියට මූලික වේ. මේ නිසා බුධගේ ගතිගුණවලට අනුරූපව ගුණය සහ දැනුම ඇති ආදර්ශමත් රූමත් සිරුරක් ඇති අයකු වේ. මෙම ලග්නයට යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරුය. ඒ නිසා ලෞකික ජීවිතයට ඇලුම් කරන සත්‍යවාදී මත දරන කෙනෙකි. හත් වැන්න අධිපති වන්නේ ගුරුය. ඒ නිසා යෙහෙළියක සේ සමබරව විවාහ ජීවිතය ගෙනයනු ලබයි. ඒ අනුව කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන්නේ සකී භාර්යාවකි.   


තුලා ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයට අධිපති වන්නේ සිකුරුය. සිකුරු නැටුම් ගැයුම් රූපය පිරිසිදුකම ආදියට මූලික වේ. මේ නිසා ප්‍රසන්න පෙනුම, ගතිපැවතුම් ආදරය සත්‍යවාදී යථාර්ථවාදී ගතිගුණවලින් යුතු කෙනෙකු වේ. වැඩ කටයුතු කිරීමේදී මන්දගාමී බවක් පෙන්නුම් කරයි. ඔරොත්තු දීමේ ශක්තියද ඉහළය. මෙම ලග්නයේ හත්වැන්න අධිපතිවන්නේ කුජටය. ඒ නිසා බිහිසුනු ගති පෙන්වන අවිචාරවත් ලෙස කථා කරන කෙනෙකු වේ. එබැවින් තුලා ලග්න හිමියන්ට ලැබෙනුයේ චෝර භාර්යාවකි.   


වෘෂ්චික ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයේ අධිපති කුජය. කුජ නිර්භීත සැර පරුෂ ගති ඇති කරයි. මේ නිසා කුජ හේතුකොටගෙන තරමක් උඩඟු තේජසින් යුතු අහංකාර ගති ඇති කෙනෙකි. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ රවිය. එබැවින් දරාගන්නා බව සහ ආරක්ෂා කරගන්නා කෙනෙකු වේ. මෙම ලග්නයේ හත්වැන්නාධිපති සිකුරු නිසා අහිතකර තත්ත්වයන් අඩුකරගනු ඇත. තම සැමියාට දාසියක මෙන් කටයුතු කරයි. එබැවින් වෘෂ්චික ලග්න හිමියන්ට ලැබෙන්නේ දාසි භර්යාවකි.   


ධනු ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


ධනු ලග්නයේ අධිපති ග්‍රහයා වන්නේ ගුරුය. ගුරුගේ ගතිපැවතුම්වලට අනුකූලව හොඳ පෞරුෂ තත්ත්වයක් ඇති කතක් ලැබෙනු ඇත. ලග්නයේ යෝගකාරක රවි නිසා ස්වාධීන බවක් ඇලුම් කරන තමාගේ වගකීම් හරිහැටි හඳුනාගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇත. මෙම ලග්නයේ හත්වැන්න අධිපති බුධ බැවින් ගුණවත් නැණවත් සහෝදරියක සේ සැමියාට සලකන කතකි. එ් අනුව ධනු ලග්න හිමියන්ට ලැබෙන්නේ භගිනි භාර්යාවකි.   


මකර ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මකර ලග්නයට අධිපති ග්‍රහයාවන්නේ සෙනසුරුය. සෙනසුරුට ඔරොත්තු දීමේ සහ දුක් ඉවසීමේ ශක්තියක් ඇත. මේ නිසා මැනවින් වගකීම් ඉටුකරන අයකු වේ. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. ඒ නිසා සිකුරුට අනුව තැන්පත් ගතිගුණ ඇති මනා රූපයකින් යුතු කෙනෙක් වේ. මෙම ලග්නයේ හත්වැන්නාධිපති සඳු නිසා තම සැමියාට උසස් ආකාරයෙන් ගරු සැලකිලි බුහුමන් කරන උතුම් කතකි. ඒ අනුව මකර ලග්න හිමියන්ට ලැබෙන්නේ මාතෘ භාර්යාවකි.   


කුම්භ ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මෙම ලග්නයටද අධිපති වන්නේ සෙනසුරුය. සෙනසුරු අාධ්‍යාත්මික ගුණය ඇති ලෝකෝත්තර ගතිවලින් පිරි ග්‍රහයකු වේ. මේ නිසා මෙම ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව අාධ්‍යාත්මික ගුණයෙන් පිරුන ධර්මයේ නියැළුණ කෙනෙකි. ඇය යුතුකම් ඉටු කරමින් වගකීම් දරා සිටින කෙනෙක් වේ. මෙම ලග්නයේ යෝගකාරක ග්‍රහයා සිකුරු බැවින් ඇය රූ සපුවෙන් යුක්තය. ලග්නයේ හත්වැන්නාධිපති රවි නිසා නිතර මූලිකත්වය ගෙන කටයුතු කරයි. ඒ නිසා කුම්භ ලග්නය හිමියන්ට ලැබෙන්නේ ස්වාමි භාර්යාවකි.   


මීන ලග්න හිමියන්ට ලැබෙන භාර්යාව   


මීන ලග්නයේ අධිපති ගුරුය. මෙම ග්‍රහයා ගුණයෙන් දැනුමෙන් යුතු කෙනෙකි. තවද උතුම් ගතිගුණවලින් පිරි පරිණත භාවයෙන් සත් ධර්මයේ නියැළුණ තම යුතුකම් මැනවින් ඉටුකරන අයෙකි. මෙම ලග්නයේ යෝග කාරක ග්‍රහයා වන්නේ අඟහරුය. එබැවින් පාරම්පරික දේපළක් අයිති වන නිරන්තරයෙන්ම තේජසක් පෙන්නුම් කරන කෙනෙකි. හත්වැන්න අධිපති බුධ නිසා සහෝදරියක ලෙස කටයුතු කරන්නියක වේ. මේ නිසා මීන ලග්න හිමියන්ට ලැබෙන්නේ භගිනි භාර්යාවකි.   

 

 


ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක   
යාන්ත්‍රික ඉංජිනේරු   
නිශාන්ත විජේසේන   



අදහස් (3)

ඔබේ ලග්නය අනුව ලැබෙන භාර්යාව හඳුනාගන්න

ඊ.ඒ.ළහිරු මධුෂන්ක Saturday, 01 February 2020 05:35 AM

ඇත්තට මම හිතනවා ඔයාලා කියන දේ ඇත්ත කියලා. ඒත් කොහොමද ඔයලා හරියටම කියන්නෙ එක් එක් ලග්නයට හිමි ලැබෙන කාන්තාව මේ දැන්වීම අනුව ලැබෙමන කෙනා කියලා.

:       2       30

නෙත්නි සදරුවනි Sunday, 21 June 2020 03:56 AM

මේ වගේ බේගල් අහලා වෙන්න ගිය මගුල් කීයක් කැඩෙන්න ඇද්ද? පිරිමි කී දෙනෙක් අහිංසක ගෑනුන්ව අතහරින්න ඇද්ද ?

:       3       1

Jennifer Wallace Monday, 29 August 2022 12:26 AM

මට තියෙන ප්‍රශ්නය ඇයි මේ හැමදේම පිරිමියා මුල් කරගෙන පදනම් වෙන්නේ. ගෑනු ළමයව නේද හරිනම් ආරක්ෂා කරන්න ඕන. එයාට හරියන ගැලපෙන කෙනාවයි හොයන්න ඕන. නැත්නම් මේ පිරිමියාට වටේ යන්න දාසියක් හෝ මවක් බඳු කාන්තාවන් හොයන්නේ මොකටද වැඩකාර කමට කෙනෙක් හො තමන්ගේ අම්මත් එක්ක මැරෙනකම් ජීවත් වුණා නම් ඔයිට හොඳයි. අද කාලෙට ගැලපෙන විදිහට හැමදේම වෙනස් වෙන්න ඕනේ. ඕවා හොඳයි ගල් යුගයට. ඒකයි ලංකාව අදටත් මෙතන සහා ලෝකයේ අනිකුත් රටවල් ඉදිරියෙන් . Also just want to apologise to නෙත්ති සඳරැවනි I accidentally hit the dislike button

:       2       2

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

ගීත රචකයන්ගේ ආදරණීය රෝහණ
2024 දෙසැම්බර් මස 12 18 0

මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.


පද හැඩකල තනු
2024 දෙසැම්බර් මස 12 12 0

ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.


අරුණැල්ලක් වී පවනැල්ලක් ලෙස ඔහු ආ ගමන
2024 දෙසැම්බර් මස 12 9 0

ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද


අහසයි ඔබ නිම් හිම් නොපෙනෙන
2024 දෙසැම්බර් මස 12 5 0

වසර පනහක් හෙවත් අඩ සියවසක් යනු සුළු පටු කාලයක් නොවේ. ඒ ගෙවී ගිය කාලයේදී මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ නිර්මාණ දස දහස් ගණනාවකි.


ඉතාලියේ රියැලිටියකින් අමරසිරි පීරිස්ගේ මිනිබිරිය ඉදිරියෙන් ... - සාරා පීරිස්
2024 දෙසැම්බර් මස 04 113 0

ඉතාලියේ පැවැත්වෙන Tour Music Fest [TMF} ගායනා තරගයේදී ලක්ෂ ගණනක තරගකරුවන් අතරින් දෙවන තරග වටයේ Live Music Auditionහිදී හතළිස් දෙනා අතරට තේරී පත් වූයේ සාරා පීරිස්‍් ශ්‍රී ලාංක


අපේ තාත්තා ඇවිදින පුස්තකාලයක් වගේ - සංගීත් ඉද්දමල්ගොඩ
2024 දෙසැම්බර් මස 04 74 0

විවිධ අංශ කෙරෙහි විහිදී ගිය දක්ෂතා ඇති මිනිසුන් අපට හමුවන්නේ කලාතුරකිනි. ඔහු එවැනි මිනිසකු විය. නිර්මාණශීලීත්වයේ ධාරිතාවය වැඩි නිසාම දෝ ඒ අපූරු කලාකර


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20976 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17055 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13229 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 27 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 101 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 61 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site