IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ඔබගේ හැකියාව හා රැකියාව සුබදායකද ?

ලග්නාධිපති, නවාංශක අධිපති හා සඳු යන ග්‍රහයන් තිදෙනා පලාපල කථනයේ දී ජන්ම කේන්දරයක ප්‍රධාන ග්‍රහයන් ලෙස සැලකේ. ජන්මියාගේ පෞරුෂත්වය ගතිපැවතුම් පැහැදිලි වන්නේ ලග්නාධිපති ග්‍රහයාගේ තත්ත්වය අනුවය. ලග්නාධිපතියා හය අට දොළහ දුෂ්ට රාශියක පිහිටීම පෞරුෂත්වය දුර්වල වීමට හේතු වේ. ලග්නාධිපති ග්‍රහයා හයවැන්නේ නම් ජන්මියා කොපමණ උගතෙකු වුවද ඔහුගේ හෝ අැයගේ හැකියාව දක්ෂතාව අන් අයට ​නොවැටහේ. ලග්නාධිපති අටවැන්නේ පිහිටීම ආත්මාර්ථකාමී ගතිපැවතුම් පිහිටීමට හේතු වේ. 

 
රාශි කේන්දරයේ දැක්වෙන දළ විස්තරයට වඩා නවාංශක සටහනේ දී ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය පැහැදිලිව දැනගැනීමට හැකිය. ඒනිසා නවාංශක අධිපතියාගේ තත්ත්වය ද වඩාත් වැදගත් වේ. එසේම රාශි තුල්‍ය නවාංශක ක්‍රමය යටතේ එහි සියුම් විස්තර අවබෝධ කර ගැනීමට පැරණි දෛවඥයෝ සමත් වූහ.   


සිතුවිලිවලට අධිපති සඳු ග්‍රහයා උසස් තත්ත්වයක සිටින අය මානුෂිකත්වයෙන් උසස් මට්ටමක සිටින බැවින්, සමාජ කටයුතුවල දී විශේෂයෙන් කැපී පෙනේ. සඳු ග්‍රහයා දුර්වල බොහෝ දෙනෙකු ශරීර ස්වභාවය දුර්වර්ණ වීම මෙන්ම බොහෝවිට කෝප සහගත ගතිපැවතුම් ද පිහිටන බැවින්, අන් අය සමග මත ගැටුම්වල ද යෙදෙනු අප අත්දැක ඇත.   


මූලික අධ්‍යාපනය පැහැදිලි වන්නේ කේන්දරයක පස්වැනි රාශියෙන්ය. උසස් අධ්‍යාපනය භාග්‍යස්ථානය හෙවත් නමවැන්නේ පැහැදිලි කෙරේ. බාධක ග්‍රහයාගේ බලපෑමක් නොමැති වුවද ඉහත කී ත්‍රිකෝණ රාශිවල අධිපති ග්‍රහයන්ගේ තත්ත්වය හා ඊට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටිය ද තිබේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.   


රැකියාවට සම්බන්ධ කුමන අංශයක ඉගෙනීමක් ලැබිය යුතු දැයි දැන ගැනීමට නම් කර්මස්ථානය හෙවත් දස වැන්නෙන් පස්වැන්න (කේන්දරයේ දෙවැන්න) විමසිය යුතුය. නවාංශක කේන්දරයේ දසවැන්නාධිපතිගෙන් (අසූ දෙවැනි නවාංශකය) රැකියාවේ ස්වභාවය ඉලක්කයටම දැනගත හැකිය. 82 නවාංශක අධිපතියා බලවත් රාශියක දක්නට ලැබේ. නම් ඔහුගේ හෝ ඇයගේ රැකියාව ද බලවත් වේ. ඉහත කී ග්‍රහයා පිහිටි රාශියේ කාරක අයිතියට සම්බන්ධ වෘත්තියක් හිමි වේ. ක්‍රියාකාරී ග්‍රහයකු වන රාහුගේ පිහිටීම ද රැකියාවේ ස්වභාවය විමසීමේ දී ඇතැම් ගුරු කුලයක දෛවඥයෝ සම්බන්ධ කරගනිති. (උදා: රාහු ග්‍රහයා සිංහ රාශියේ පිහිටා තිබේ නම් රජයේ රැකියාවකට හිමිකම් කියන බව පැවසේ)   


වැඩිම නවාංශක ගණනක් වැළඳූ (ආත්මකාරක) ග්‍රහයා පිහිටි නවාංශකය රාශි කේන්දරයට ආදේශ කළ විට ඊට සඳු, බුද, සිකුරු ග්‍රහයන් තිදෙනාගෙන් යටත් පිරිසයින් දෙදෙනකු හෝ දැක්මක් තිබේ නම් විදේශ පුහුණුව ලබන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වීමේ වාසනාව ඇත. කේන්දරයේ හයවැන්න (රෝගය) හා දොළොස්වැන්න (රෝහල) සම්බන්ධ රාශිවල ග්‍රහ පිහිටීමක් තිබේ නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ සාමාන්‍ය වෛද්‍යවරුන් හෙදියන් උපස්ථායකයන් වැනි වෘත්තියක හිමිකම් පෙන්නුම් කෙරේ. ඉහත කී ග්‍රහයාගේ තත්ත්වය (බල දුබලකම්) සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි හෝ ග්‍රහ සංයෝග අනුව ඊට අදාළ වෘත්තීය මට්ටමෙහි වෙනස්කම් දක්නට ඇත.   


පස්වැන්න හා බුද ග්‍රහයාගේ බලය ද උසස් මට්ටමේ පවතී නම් (උදා: පස්වැන්නාධිපති ගුරු ග්‍රහයා නම් නීතිය සම්බන්ධ ක්ෂේත්‍රයක හෝ) ශාස්ත්‍රීය අංශයක වෘත්තියක් හිමි වේ.   


රාශි කේන්දරයේ දසවැන්නත් දසවැන්නාධිපති ග්‍රහයාගේ තත්ත්වය ද පිරික්සා රැකියාව පිළිබඳ තොරතුරු දැක්වීමට බොහෝදෙනෙකුගේ සිරිත වේ. එහෙත් නවාංශක කේන්දරයේ ග්‍රහ පිහිටීම් සැලකිල්ලට නොගතහොත් රැකියාවේ ස්වභාවය නිවැරදි ලෙස තේරුම් ගැනීමට ​ෙනාහැකිය.   


අධ්‍යාපනයට බලපාන මහ දසාව   


කුජ ග්‍රහයාගේ කාලයේ උපත ලබා තිබේ නම් ඉගෙනීමේ කටයුතු යෙදී ඇත්තේ රාහු මහ දසාව තුළ දී ය. බුද හා ගුරු ග්‍රහයන් බලවත් යෝග බලයක නොපිහිටියේ නම් ඉහත කී රාහු දසා කාලය තුළ දී ඉගෙනීම දුර්වල වේ. අධ්‍යාපනය දුර්වල වූ විට රැකියාවේ දී ද දුර්වල තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. බුද ග්‍රහයාගෙන් උපත ලබා තිබීම ජන්මියාගේ ඉගෙනීමට යහපත් පිහිටීමක් ලෙස අපගේ වැඩිහිටියන් සලකන ලද්දේ එහි අත්දැකීම් ගුරු කොට සැලකීම නිසාය. බුදගෙන් පසු ලබන කේතු දසාවේ දී සෞඛ්‍ය තත්ත්වය මදක් දුර්වල වන නමුදු ඉගෙනීමේ කටයුතුවලට යහපත්ය. කේතුගෙන් පසු ලබන සිකුරු දසාවත්, ඉන්පසු ලබන රවි දසාවත් උසස් අධ්‍යාපන පුහුණුවකට හෝ රැකියා කටයුතුවලට වඩාත් සුදුසු වාතාවරණයක් උදා කරයි. 

 
ජන්මියාට ලබා තිබෙන දසාව අධිපති ග්‍රහයා මෙන්ම ලග්නාධිපති ග්‍රහයා හය අට දොළහ දුෂ්ට රාශියක ගෝචරයෙන් ගමන් කරන විට තමන්ගේ වැඩකටයුතු වලදී බාධා පසුබෑම් පාඩු සිදුවිය හැකිය. එසේම ඊට ඒරාෂ්ටක කාලසීමාවක්ද බලපාන අවස්ථාවකදී නම් එහි අසුබ පල තවදුරටත් වැඩි වේ.   


කේන්දරයේ පස්වැන්න අධිපති ග්‍රහයා බලවත් වුවද ලබා ඇති මහ දසාව රාහු හෝ සෙනසුරු ග්‍රහයාට අයත් නම් ඉහත කී ඉගෙනීම් කටයුතුවල දී පසුබෑම්වලට ලක්වීමට ඉඩකඩ වැඩිය. රාශි කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේ ද විද්‍යාකාරක ග්‍රහයන් වන බුද හා ගුරුගේ පිහිටීම (නියෝජනය කරන නැකැත්) විමසිය යුතුය. මූලික ඉගෙනීමට යහපත් වුවද, පාප ග්‍රහ බලපෑමක දී උසස් අධ්‍යාපනය බිඳ වැටුණු පුද්ගලයන් සමාජයේ දක්නට ඇත.   


ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් ඉහත කී බාධක හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන අතර, ඇතැම් පසුබෑම් ශාන්ති කර්මයක පිහිට ලබා නිවැරදි කර ගැනීමට ද හැකි වේ.   


කුඩා කල දරුවාට කේන්දරයක් සකස් කිරීමට වැඩිහිටියන් උනන්දුවක් දැක්වුවද වසර කිහිපයකට වරක් හෝ උගත් ජ්‍යොතිර්වේදියකු ලවා එය පරික්ෂා කර ගැනීමට අවධානය යොමු නොකිරීම බොහෝ ගැටලුවට හේතු වී තිබේ.   

 

 


ජ්‍යෝතිර්වේදී මිල්ටන් හේවාපතිරණ   
330/සී/1/3 සර්පන්ටයින් මහල් නිවාස   
බොරැල්ල, කොළඹ 08   

 



අදහස් (0)

ඔබගේ හැකියාව හා රැකියාව සුබදායකද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 610 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 817 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site