ඇය රංගනයටත් වඩා නර්තනයෙන් කාගේත් සිත් වසඟයට ගැනීමට සමත් වූවාය. සිනමාවේදි රංගනයේදී ඇය නර්තනයටද වැඩි ඉඩකඩක් ලබාදෙන්නේ මේ ආකර්ෂණය නිසාවෙනි. මේ නිසාවෙන්ම අැය නර්තන රියැලිටි තරගවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත්වූවාය. නර්තනයේදී ඇය විදුලියක් මෙන් තම හැකියාව පෙන්වන්නේ ප්‍රේක්ෂකයාගේ සිත් ඇඳ බැඳ ගනිමිනි. ටෙලි නාට්‍යයෙත් රිදී තිරයේත් දස්කම් දක්වන ඇය, අද දවසේදී වේදිකාවටද ගොඩ වී තිබෙන්නීය. ඒ ‘ඩාන්සින් ස්ටාර් මිස් නාගීනා’’ වේදිකා නාට්‍යයෙනි. නර්තනයට එතැනද තිබෙන්නේ විශාල ඉඩකඩකි. ඇය නමින් අනූෂා දමයන්තිය. පසුගිය කාලයේ විවාහ වීමට ඔන්න මෙන්න තිබියදී, ඒවා නැති වී ගිය අතර, ඒ නිසා මෙන්ම අනූෂා ගැන හැමෝම කතාබහ කරන්නට පටන්ගෙන තිබේ. මේ සියලු කාරණාවල ඇත්ත නැත්ත දැන ගැනීමේ අරමුණින් අනූෂාට ‘‘ආදරය, ප්‍රේමය සහ විවාහය’’ යන පරිච්ඡේදය ලියන්නට මා ආරාධනා කළ විට ඇය එය සතුටින් භාරගත්තාය. දැන් ඒ පරිච්ඡේදය මෙසේ ලියා තබන්නෙමි.
ඔයා ආදරයට කොයිතරම් ආදරේ කෙනෙක්ද?
මා හිතන්නේ ආදරය, ප්‍රේමය මේ ලෝකේ ඉපදුණු පළමු දවසේ ඉඳන් පටන් ගත් දෙයක් කියලයි. උත්පත්තිය ලබපු දවසේ ඉඳන් අපි ඒ ආදරය, ප්‍රේමය සොයනවා. ඒකට තමයි අපි වැඩි කැමැත්ත දක්වන්නේ. ඉපදුණු දවසේ ඉඳන් අම්මා, තාත්තාගේ ඇස් දෙක බලමින්, ඒ අයගේ ආදරය, රැකවරණය, කැමැත්ත සොයනවා. ඉතිං මම හිතන්නේ ආදරය ඉපදුණු දවසේ ඇස් දෙක ඇරිය වෙලාවේ ඉඳන් හොයන දෙයක් කියලයි.
ඔයාට විරුද්ධ ලිංගික ආදරයක් මුලින්ම ඇතිවුණේ කොයි කාලයේදීද?
මා හිතන්නේ පාසල් යන කාලයේ. ඒක ආදරයද කියන්න දන්නේ නෑ. විරුද්ධ ලිංගික ආකර්ෂණය බැෙඳන කාලයේ මට ගොඩක් පිරිමි ළමයින්ගේ අවධානය තිබුණා. ආදර සබඳතා කීපයක් තිබුණ. ඒ අතරතුරේ විශේෂ කෙනෙක් හිටියා. දවසක් අපි ඔක්කොම එකතුවෙලා බස් එකේ යන්න එනවා. ඒ සාමාන්‍ය පෙළ කරන කාලයේ ඔක්කොම එකතුවෙලා අයිස්ක්‍රීම් කෑමේ පුරුද්දක් අපට තිබුණා. සල්ලි එකතු කරලා තමයි කන්නේ. එක ළමයෙක් සිගරැට් එකක් අරගෙන පැත්තකට වෙලා හිටියා. ඔහුගේ ඉතිරි සල්ලි මුදලාලි ළඟ එහෙමම ට්‍රේ එකේ තිබුණා. මම සල්ලි දුන්නාම මුදලාලි ගත්තේ නෑ, අන්තිමට මම ඒ ළමයාගේ සල්ලි උඩට මගේ සල්ලි දාලා අපි ඔක්කොටම අයිස්ක්‍රීම් දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ ළමයා මගේ මුහුණ බැලුවා. මාත් බලලා අහක බලා ගත්තා.
ඊට පස්සේ අයිස්ක්‍රීම් අරන් එනවිට ඒ ළමයා පාරේ අනෙක් පැත්තෙන් එන ළමයකුට කිව්වා. ‘‘අම්මෝ මෙයා හරි සැරයි කියලා’’ ඊට පස්සේ ඒ පිරිමි ළමයා ඇහුවා කවුද ඒ කියලා. අපි 4 දෙනෙක් හිටියා. මම එකපාරට හැරිලා කිව්වා, ‘‘ඇයි මම තමයි’’ කියලා ‘‘අම්මෝ මෙයාෙග් සැර’’ කිව්වා. ඊට පස්සේ අපි බස් එක එනතුරු හිටියා. බස් එක ආවාම අර ළමයා ඇඩ්‍රස් එක ලියලා ගෙනත් දැම්මා. මට තව කේන්තියි. මේ කොළය බස් එකේ එහෙන් මෙහන් පාස් කරනවා. මම කිව්වා ‘‘ඕක මට දෙන්න, යන ගමන් ඕකෙන් ගහමු කියලා’’ එහෙම කිව්වාට, ඒ ඇඩ්‍රස් එක මම සාක්කුවේ දාගත්තා. ඊට පස්සේ මම හැමදාම පාසල් ඇරිලා එනවිට බලාගෙන ඉන්න පුරුදු වුණා.
ඒ කියන්නේ ආදරය ඉල්ලගෙන ඔයා පස්සේ එන්න ගත්තා කියන එක නේද?
ඔව්. ඔය බලාගෙන ඉන්න වැඩේට මට තරහා ගියා. මාව යාළුකරලා දෙන්න කියලා මගේ යාළුවන්ට කියලා. ඔවුන් මේ ළමයාගෙන් ටොෆි, චොකලට් කන්න අරන්. හැමදාම මට චිත්‍රයක් ඇඳලා දෙන්න ඒ ළමයා පුරුදුවෙලා හිටියා. ලස්සනට චිත්‍ර අදින්න පුළුවන්. ලස්සන වදන් එක්ක මට බස් එකේ වීදුරුවෙන් දානවා. මම ඔහොම ගණන් උස්සලා, නිවාඩු කාලෙක දවස් 2-3 ක් මම ඔහු එක්ක කතා කළා. හරි හොඳ වැදගත් ළමයෙක්. හැබැයි මම ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නෑ. ඊට පස්සේ මගේ හිතටත් අමුතු හැඟීමක් ඇති වෙන්න ගත්තා.
දවසක් තැපැල් අයිඩෙන්ටි ෆොටෝ එකක් දීලා තිබුණා. මම කතා කරන්නේ නෑ කියලා යාළුවෝ කිව්වාම. අපේ අම්මා ඉස්සරහ පිටම මගේ අතේ තියලා ගියා. අන්න ඒක තමයි මට දැනුණේ ආදරය කියන එක. ඊට කළින් නිකම් බලන, කියන ලියුම් දෙන දේවල් ඕනෑතරම් මට තිබුණා. හැබැයි ආදරය කියන එක මට දැනුණේ එදා තමයි. පස්සේ මට දුක හිතුණා අදත් සමහර වෙලාවට ඔහු හමුවුණාම, ඒ ගැන කතා කරලා හිනාවෙනවා.
ඒ ආදරය බිඳිලා ගියේ ඇයි?
නැතිවෙලා ගියේ ඒ ආදරය කියන එක මට වැටහුණේ නැති හින්දයි. පාසල් යන කාලයේ කා එක්කවත් යාළුවෙන්න හොඳ නෑ කියලා නීතියක් වගේ දෙයක් මගේ ඔලුවේ තිබුණා. පිරිමි ළමයි එක්ක කතා කරන්න හොඳ නෑ, ඒක පාසලට හොදත් නෑ කියන දෙයක් මගේ සිතේ තිබුණා. ඒ හින්දා කොච්චර ළමයි මා එක්ක යාළු වෙන්න ආවත්, මම කිසි කෙනෙක් එක්ක යාළුවුණේ නෑ. වැඩිපුරම තිබුණේ ඔරවන, ගස්සන, හප්පන වැඩ තමයි. මට ලියුම් දීලා තිබුණා. හැබැයි මම දීර්ඝ ආදරයකට ගිහින් තිබුණේ නෑ.
ඔය කාලයේදී තෑගිබෝග එහෙම හුවමාරු වෙන්නත් ඇති නේද?
තෑගි බෝගවලට මට තීන්ත පෑනයි ෆයිල් එකයි හම්බවෙලා තිබෙනවා. ඒ වගේම ලේන්සු හම්බවෙලා තිබෙනවා. මට මතකයි මම දවසක් කේක් කෑල්ලක් දුන්නා. බර්ත්ඩේ එකට, එච්චර තමයි
ඔයා රංගනයට ආවාට පස්සේ අධ්‍යක්ෂවරුන්ගෙන්, නළුවන්ගෙන් ආදර යෝජනා එහෙම එන්න ඇති නේද?
මෙහෙමයි. මම O/L කරන්නත් ඉස්සෙල්ලා තමයි සිනමාවට ආවේ. O/L ප්‍රතිඵල එනවිට, මම චිත්‍රපට 3-4 ක රඟපාලා. එතකොට අම්මත් එක්කම තමයි හිටියේ. ක්ෂේත්‍රයට ආවාම මම යමක් දැක්කා. ඒ තුළ තිබෙන සම්බන්ධතා, අයුතු යෝජනා, වචන සියල්ල මට අහන්න ලැබුණා. ඒකට මම බයවුණා. මට ඕනෑ වුණා එහෙම කෙනෙක් නොවී ඉන්න. ගොඩාක් අය මට කැමැත්තෙන් හිටියා. හැබැයි ඒ අය එක්ක මම රඟපෑවා විතරයි. ඒ ඇල්ම බැල්මට මා හසුවුණේ නෑ.
තාරුණ්‍යයේදී ඕනෑම කෙනෙක් තව කෙනකුට ආදරය කරන්න පුළුවන්. මටත් ඔවුන් ගැන ආදරයක් ඇති නොවුණා නොවෙයි. හැබැයි ඒක මම හංග ගත්තා. හංගගෙන මම ඒවාට යොමුවුණේ නෑ හැඟීම් වලට කැමැත්ත නොදී. මම ඒවායින් වැළකුණා. ඒ කටකතා කතන්දරවලට බයවූ හින්දයි. මට අවශ්‍ය වුණේ වෘත්තියේ ගරුත්වය ඇතිව වැඩ කරන්නයි. මට ඒ කාලයේ හැමෝම ආදරෙයි.
ඔය අතරේ එක නළුවෙක් ඔයාට තදින්ම ආදරේ කළා නේද?
ඔයා කොහොමද ඒක දන්නේ. ඔව්. ඒක ඇත්ත. එක නළුවෙක් මට හරියට ආදරේ කළා. ඔහු ටික කාලයකදී ලංකාවෙන් පිටවුණා. සිනමාවෙන් ඈත්වෙලා පිටත්වෙන දවසේදීත් ෂූටිං. අපේ මේකප් කරන කාමරයේ ඔහු නිදාගෙන ඉඳලා. අපි ඔක්කොම මේකප් කරමින් හිටියේ. මේකප් කරලා නැගිටිනකොටම ඔහු ඇඳෙන් නැගිටලා ඇවිත් ‘‘මම යනවා, හැබැයි මම ලංකාවට කවදා හරි එනවා. එතකොට අනුෂා, ඔයා ජනප්‍රිය වෙලා ඉන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. හැබැයි එදාට ඔයා ලක්ෂ 50 ක් කිව්වත් මම ගන්නවා කිව්වා. එයා හදන චිත්‍රපටයකට’’ එච්චරට ආදරයක් මා කෙරෙහි ඔහුට තිබුණා. එහෙම දේවල් තිබුණා.
ඒ ආදරය නැතිවෙලා ගියාද?
ඊට පස්සේ එයා රට ගියා. ඒ නිසා ඒක එතනින් ඉවරවුණා. ඒක එයා විතරක් කළ ආදරයක් වෙන්න පුළුවන්. මට හැම තිස්සෙම තිබුණේ පරිස්සම ගැනයි. කටකතා, කතාන්දර අහන්නේ නැතුව ඉන්න තමයි මම කැමති. මගේ අම්මත් එක්ක තමයි ආවේ ගියේ. ඒ නිසා සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මට ආදරේ වුණත් ඒක කියා ගන්න බැරිව. අදහස් ප්‍රකාශ කරගන්න බෑ. ඒගොල්ලෝ බයයි. එහෙම ගොඩාක් තිබුණා. දිගටම ලොකු ආදරයක් ඇති කරගන්නේ නෑ.
වෘත්තිය ඇතුළේ ඔයා එහෙම සම්බන්දයක් ඇති කරගන්නේම නැද්ද?
නෑ. වෘත්තිය ඇතුළේ රැඳීම හා ඒ වෙනුවෙන් කැපවීම තමයි මගේ ප්‍රධාන අරමුණ වුණේ. අනෙක් එක ඔය ආදරය, ප්‍රේමය, විවාහය කියන එකට මට තිබුණ සිහින වගයක්. ගැහැණු ළමයෙක්ට නිතරම සිහින ගොඩාක් තිබෙනවා. එයා නිතරම හීන ඇතුළේ ඉන්න කෙනෙක්. ආදරය, විවාහය ගැනත් මට ලොකු හීනයක්, ආසාවල් ගොඩාක් තිබුණා. මගේ ආදරය මෙහෙම වෙන්න ඕනෑ. මගේ විවාහය මෙහෙම වෙන්න ඕනෑ කියලා මට හීන තිබුණා. ඒ හීන නිසාම මම ආදර සබඳතා ඇතිකරගන්න උනන්දුවක් දැක්වූයේම නෑ. මට ඕනෑ වුණේ ආදරය කරන කෙනා එක්කම විවාහ වෙන්නයි. එයා මට ආදරය කරන්න ඕනෑ මෙන්න මෙහෙම කියලා සිහිනයක් තිබුණා. මම ඒ හීනය සොයපු නිසා තමයි මම ආදර සබඳතාවලට පැටලුණේ නැත්තේ කියා සිතනවා.
ඔයා විවාහවෙන්න ගියා නේද? ඒ විවාහය බිඳී ගියේ ඇයි?
මට විවාහ යෝජනා හරියට ආවා. එක පාරක් තාත්තා මාව සිනමාවෙන් අයින් කරලා රට එක්ක යන්න හැදුවා. ඉතාලියේ කෙනකුට බන්දන්න හැදුවා. එතකොට මගේ සීයා නැතිවුණා. ඒ එක්කම ඒ දේ නැතිවෙලා ගියා. 2008 දී තමයි මට හොඳින් ආදරය කියන එක දැනුණේ. ඒ කාලයේදී මට රසිකයෙක් හමුවුණා ‘‘ඩාන්සින් ස්ටාර්’’ එකේදී ඔහු මට කතා කළා. ඔහු මට කැමතියි කිව්වා. පහුවැනිදා ඉඳන් ඔහු මට SMS එවන්න ගත්තා. හැම දෙයක්ම ලස්සන වචන එව්වේ. මට හැමදාම උදේට SMS එවනවා. ඒත් කතා කරන්නේ නෑ, ඊට පස්සේ මම කතා කළා. ඒත් ‘‘හලෝ’’ විතරයි කිව්වේ ‘‘සිරස ඩාන්සින් ස්ටාර්’’ එකෙන් ඉවත් වූ දවසේදී මට Call එකක් ආවා. අන්න එදා තමයි මම ඔහු එක්ක වැඩියෙන් කතා කළේ.
ඔන්න ඊට පස්සේ දිගටම කතා කරන්න පටන් ගත්තා. මාත් දිගටම කතා කළා. මාස 6 ක් විතර මාත් එක්ක කතා කළා. මම එයා දැකලා නෑ. අදහස් හුවමාරු කරගත්තා විතරයි. මම කිව්වා ඔයා බලන්න කැමතියි. මගේ ගෙවල් පැත්තේ ඇවිත් කැරකෙන්න කියලා. මම උඩ තට්ටුවේ ඉඳන් බලන්නම් කියලා. ඔහුට මම කිව්වේ ඉඩමක් බලන විදිහට එන්න කියලා. ඇත්තටම මම කියපු විදිහටම ඔහු ආවා. ඇවිත් බැස්සා. මම බලලා දුරකතනයෙන් ඔහුට එහෙට මෙහෙට හැරෙන්න කිව්වා. ඒත් මගේ ගෙදර පරිසරය හින්දා කතාබහ කරන්න ගියේ නෑ. ඔහු කෙළින්ම කතාබහ කළා.
මම ආගමට. දහමට හරිම ලැදියි. ඔහුත් එයට බොහොම ලැදියි. ඊට පස්සේ පන්සලක බෝධි පූජාවක් ලෑස්ති කළා. ඔහුට බෝධි පූජාව ලෑස්ති කළා කියලා Call එකක් දෙනවා. එයා ව්‍යාපාරිකයෙක්. මම ඉතිං තෑගි දෙනවා. ඔහුත් මට තෑගි දෙනවා. ප්‍රසන්ට් යැව්වාට දකින්න ලැබෙන්නේ නෑ. පළමුවෙන්ම හමුවී කතාබහ කරන්න ඕනෑ කියලා ඔහු කිව්වා. අපේ කට්ටිය ඔක්කොම දළදා මාළිගාවට ගියා. ඒ අය එහෙන් ආවා. අපේ අම්මලා මුකුත්ම දන්නේ නෑ. මාලිගාවට ගිහින් වඳින අතරතුර, මගේ මිතුරිය තුෂාරිත් එක්ක වැල් බෝධිය ළඟට ගිහින් ඔහු මුලින්ම මුණ ගැසුණා. අපි දෙන්නා පළමු පඬුර බැන්ඳා. වැල් බෝධියේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න එදා තමයි අපි දෙන්නා මුලින්ම හමුවූ දවස.
ඊට පස්සේ ඒක විවාහයකට ගියා නේද?
ඔව්. එදා මම ඔහුට කිව්වා ගෙදරින් ඇවිත් අහන්න කියලා. ගෙවල් දෙකේම අය එහෙට මෙහෙට ගියා. කතා කරලා හඳහන් බලන්න ගත්තා. කේන්දර ගැලපීම්, නැති තත්ත්වයක් තිබුණා. හැබැයි ඒවා ලොකු දේවල් නොවෙයි කිව්වා. විවාහ ෙවන්න ඔන්න මෙන්න කියලා ඒක නැතිවුණා. එහෙම තමයි ආදරය කළේ. මගේ ආදරය වගේම එයාගේ ආදරයත් ඉතා පිරිසුදු එකක්. මාත් දැඩි ලෙස ඔහුට ආදරය කළා. ඔහුත් මට දැඩි ලෙස ආදරය කළා. ඒ ආදරය කවදාවත් නතර වුණේ නෑ,
ඒ කියන්නේ තවමත් ඒ ආදරය තිබෙනවාද?
ඒ ආදරය විවාහය ඇත්තටම නතර වෙනවා. නමුත් මා තුළ තිබූ ඒ බැඳීම කවදාවත් නතර වුණේ නෑ. ඒ ආදරය නතර නොවුණු නිසාම, තව කෙනෙකුට ආදරේ කරන්න බැරිවුණා. ඒ නිසා තවමත් ඒ ආදරයමයි. එයත් එහෙම තමයි. මටත් වඩා එයා හොඳ කෙනෙක්. එයා අදත් ඉන්නේ එකම තීරණයක. එයාගේ පළමු ආදරය ඒකයි. අද වනතුරුත් එයා කිසිම සම්බන්ධයක් නැතිව මාව බලාගෙන ඉන්නවා.
ඒක නිසාම එයා සුවිශේෂී ආදරයක් වෙනවා. ඒක ලස්සන ආදරයක්. තවමත් මම ඉන්නේ ඒ ආදරයේ. හොඳයි නේද?
ළඟකදී ඔබ රන්ජන් එක්ක විවාහ වුණා කියලා ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. මොකක්ද ඒකේ තේරුම?
ඇත්තෙන්ම ඔව්. මායි රන්ජන් එක්ක වෙඩින් ෂූට් එකක ගත්ත ෆොටෝ කීපයක් හින්දයි මේ කතාව පැතිරුණේ. දැනටත් ඈත ගම්වල අය හිතාගෙන ඉන්නේ මම රන්ජන් රාමනායක එක්ක විවාහ වුණා කියලයි. සමහරු හිතන්නේ අපි දෙන්නාගේ පෙම් හුටපටයක් තිබෙනවා කියලා. ඊට පෙර වෙනත් නළුවන් එක්කත් මගේ නම ඈඳිලා තිබෙනවා. ඒක වෘත්තිය ඇතුළේ සිදුවෙන දෙයක්. එවැනි කටකතා නිර්මාණය වෙනවා. ඒ වගේ දේවල් ඇත්තක් නෑ. ඇත්තේ සහෝදරත්වයක් පමණයි.. රන්ජන් අයියයි මායි පක්ෂ දෙකේ හිටියත් අපි හොඳ යාළුවෝ. ඒක තමයි දැඩි සහෝදරත්වය. වෘත්තියේදී එහෙම ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවුණේ නෑ, මට විශේෂ ආකර්ෂණයක් ඇති වූ නළුවෙක් හිටියේ නෑ,
රංගනයේදී මට ආකර්ෂණයක් ඇතිවුණේ ෂාරුක් ඛාන් එක්කයි. එයාගේ හිතුවක්කාරකමට, ඇක්ටින් වලට මගේ ආදරයක් තිබෙනවා. එහෙම නැතුව මෙහේ අයගේ ආකර්ෂණයක් මා දැක්කේ නෑ. හැබැයි දක්ෂතාවලදී මම ඔවුන් අගය කර තිබෙනවා. එහෙම නැතුව නළුවෙක් එක්ක ආදරයක් කරන්න තරම් ආකර්ෂණයක් මට ඇතිවුණේ නෑ.
‘‘ලිවිං ටුගෙදර’’ සංකල්පයට ඔයා කැමතිද?
අපේ සංස්කෘතියට අනුව එ්ක ගැලපෙන්නේ නෑ, හැබැයි මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒකේ වරදක් නෑ කියලයි. ඒක වරදක් විය යුතු දෙයකුත් නොවෙයි. විවාහය අපි ලෝකෙට පේන්න අත්සන් කරන්නේ නීතියට අනුවයි. හැබැයි දෙන්නෙක් ජීවත් වෙන්නේ දෙන්නාගේ කැමැත්ත මත තමයි ‘‘ලිවිං ටුගෙදර්’’ ඉන්නේ. ඒක හැගීම් මුදාහරින තැනක්. ඉන්න කෙනාට ප්‍රශ්නයක් නැත්නම්, එහි වරදක් නෑ, ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නෑ, දෙන්නා එකට ජීවත්වෙලා බලනවා දෙන්නට හොදට ඉන්න පුළුවන්ද කියා. මගදී වෙන් වෙලා යන්න පුළුවන් ඒක වැරැදි සංකල්පයක් නොවෙයි ‘‘ලිවිං ටුගෙදර්’’ හරහා දරුවෙක් හිටියොත් ඒක ප්‍රශ්නයක්.
විවාහය ගැන ඔයාට දැන් මොකද හිතෙන්නේ?
මම හැමදාමත් හිතන්නේ විවාහය තමයි ප්‍රබලම බැඳීම කියන්නේ. හේතුව විවාහය කියන්නේ දෙන්නෙක් කායිකවත් මානසිකවත් එකතු වීමයි. ඒක ලොකු බැඳීමක්. ලිංගිකත්වය වගේම තමන්ගේ ශරීරය කතා කරන තැනක් තමන්ගේ කැමැත්ත මුදාහරින තැනක් විදිහටයි මා දකින්නේ. එය ආදරයටත් එහා ගිය ගෞරවනීය, පූජනීයත්වයට පත්විය යුතු තැනක්. හැමෝම කාලයකදී අපව දාලා යනවා. නමුත් මගේ කියන්න ඉතුරු වෙන්නේ ඔහු පමණයි. ඒක තමයි විවාහ බැම්ම ඇතුළේ තිබෙන පූජනීය හා සුන්දර බැඳීම. ඒක රැගෙන යා යුතු දෙයක් විදිහටයි මා සලකන්ෙන්.
ඔයා ඔහොම කිව්වාට අද නළු නිළියෝ හරි ඉක්මනට විවාහවෙලා, ඒ ඉක්මනටම වෙන්වෙලා යනවා නේද?
මම එය ඇත්තටම ප්‍රශ්නයක් විදිහට තමයි දකින්නේ. මටත් හිතෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක අද වන විට ලොකු ගැටලුවක් වෙලා. අවුරුදු 7-8 ක් ආදරය කරලා, ලෝකෙට පේන්න ලොකු වෙඩින් එකක් ගන්නවා. හරි ඉක්මනට විවාහය දෙදරලා ගිහින් දික්කසාදත් වෙනවා. ඒක ලෝකයක් ඉස්සරහ කියාපාන්න දෙපාරක් හිතන්නේත් නෑ, එහෙම සිද්දවෙන්නේ කොහොමද කියලා ගත්තාම, මා හිතන්නේ ඒක මටත් ප්‍රශ්නයක්. දෙදරලා යන්න බලපාන හේතු මොනවාද කියලා මට හිතාගන්න බැහැ. ඒක කණගාටුවට කරුණක්. ඉස්සර සංස්කෘතිය ඇතුළේ සියල්ල දරාගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න කාලයට ඉඩදීමක්, අද එහෙම නෑ. ඉක්මන් තීරණ ගන්නවා. විවාහයත්, ආදරයත් අද විහිළුවක් වෙලා කියලයි මට හිතෙන්නේ.
අනූෂා ජීවිතය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බව මේ පරිච්ඡේදය ලිවීමේදී මට වැටුහුණි. ඇය නිතරම සිනාසෙන රැවැත්තියකි. ඒ සිනාව හදවතින්ම පැන නැගෙන නිසාය. ඇයගේ වදන්ද අව්‍යාජය. බොහෝ දේ ඇයත් සමඟ කතබහේදී ලිවීමට ඇතිමුත් ඉඩකඩ මදි බව පෙනෙන නිසාවෙන්ම මේ සටහන නිමා කරන්නේ ඇයට විවාහ දිවියේ සුන්දරත්වය විඳීමට ඉක්මනින්ම ඉඩ ලැබේවා යන ප්‍රාර්ථනය සමඟිනි.
සටහන් කළේ
සමන්ත යහම්පත්
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
එක නළුවෙක් මට පිස්සුවෙන් වගේ ආදරේ කළා