IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උපත ජීවිතය හා මරණය ජ්‍යෝතිශයෙන් කියන්න පුළුවන්

කෙනෙකුගේ උපත හා ජීවන පැවැත්ම ද මරනය ද පෙර කරන ලද කර්මය අනුව සිදු වන බව ජ්‍යොතිෂය මෙන්ම බුදු දහම ද පෙන්වා දී ඇත. මහමායා දේවිය දුටු සිහිනය විග්‍රහ කළ ශාස්ත්‍ර දත් බමුණා විසින් හෙළි කරන ලද්දේ පිංවත් කුමරකු දේවිය කුස පිළිසිඳගත් බවය. ගන්ධබ්යකු යම් මව් කුසෙක පිළිසිඳ ගන්නේ පෙර කරන ලද පව් පිං අනුවය. ග්‍රහයන් බළවත්ව පිහිටි මොහොතක දරුවකු කෘතිමව බිහි කර ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇත. දරුවකුගේ උපතේ ග්‍රහ පිහිටීම අනුව ඔහු කුමන ලෝකයක සිට මනු ලොව බිහිවූවා දැයි පැහැදිලිව දැක්විය හැකි අවස්ථා ද වේ.   

දහම් තැන පති සොඳ   
උස් රැස බලව සිටි සඳ   
මනුලොවට බට කෙනෙකි දනුසඳ   


ජ්‍යොතිෂ රත්න සිතුමිණ බුදු උපතේ මෙය පැහැදිලිව දක්නට ඇත.   


උපදින අවස්ථාවේ පිහිටින ග්‍රහ බල අනුව කෙනෙකුගේ ජීවිතය ද බල හෝ දුබල වනු ඇත. මේ සඳු හැර සෙසු ග්‍රහයන් බලවත්ව කේන්ද්‍ර ගතව හෝ ත්‍රිකෝණ ගතව උත්පත්තිය ලබන ඇය හට ‘‘පංච මහා පුරිස’’ යෝගය ද ඇති වන බවක් ඔවුහු සාමාජයේ බළවත් අය වන බවත් පැරණි ඉසිවරුන් විසින් දන්වා ඇත. එසේම උප​ෙත් දී පිහිටන ඇතැම් ග්‍රහ යෝග අනුව ද සය ඉසුරු හා ධන සම්පත් ලබන බව ද හෙළිවේ.   


යමෙකුගේ කේන්ද්‍රයේ මේෂ රාශියේ රවි හා කුජ ද, වෘෂභ රාශියේ සඳු හා කිවිඳ මකර රාශියේ ශනි කුජ ද, කන්‍යා රාශියේ බුද හා රාහු ද, කටක රාශියේ ගුරු හා සඳු ද මීන රාශියේ කිවි හා පුරුදු, තුලා රාශියේ ශනි හා කිවිද, මිථුන රාශියේ බුද හා රාහු ද යන ග්‍රහ සංයෝග ඇති විට හෙතෙම ධනවත් බව ලබා ප්‍රසිද්ධියට පත් වන බව ද කියා තිබේ. විද්‍රාස්ථනෙය  වූ පස් වැන්නේ බුද බළවත්ව පිහිටීම භාෂා ශාස්ත්‍ර හැදෑරීමට හොඳ යෝගයක් බව කියැවෙන අතර, ගුරු වැනි ග්‍රහයකු එහි තැන්පත් වීමෙන් පණ්ඩිතයෙන් යුත් අයකු වනු ඇත. ගුරු වෘත්තිය, නීතිය හා පරිපාලනය කෙරෙහි යහපත් පිහිටීමක් ද වන බව කියැවේ.   


යුවති රැසේ යෙදුනෝතින් සිසිපුත්   
පුවත සිල්ප දරමින් විය පො​ෙහාසත්   
දියත ඉසුරු ලැබ සේනා පිරිසත්   
අමන විදුරු යෝගය අප මුනිලත්   

 

ජාතක රත්නය   

ලග්නාධිපති ලග්න ගතව උපදින අය උසස් පෞරුෂයෙන් හෙබි නිරෝගී අය වන බවත්, සිවු වැන්න බළවත් වීමෙන් යාන වාහන ඉඩකඩම් ගේ දොර ආදිය ලබන බවත් සත්වැන්නාධිපති එහි බලවත්ව සිටීමෙන් උසස් යුග දිවියකට හිමිකම් ලබන බව හා දස වැන්නාධිපති එහිම බලවත්ව සිටීමෙන් උසස් රැකියාවකට හිමිකම් ඇති බවත් දැක්වේ. මෙම ස්ථානවල ගුරු හා සිකුරු වැනි ශුභ ග්‍රහයන් සිටීම හා දැකීම ද යහපත් බව දැක්වේ.   


කේන්ද්‍රයක අටවැන්න මාරක ස්ථානයයි. එහි සිටින ග්‍රහයාගේ හෝ අටවැන්න අධිපතියාගේ හෝ දශ අනු දශා වලදී හෝ කෙනකුගේ මරණය සිදු විය හැකි බව දක්වා ඇත. එසේම අට වැන්නට පීඩා කරන ග්‍රහයාට අනුව මරණය සිදු වන බව කියා තිබේ. කේන්ද්‍රයක 2, 5, 8, 11 යන ස්ථානවල සිටින ග්‍රහයෝ අට වැන්න පීඩා කරති. යුරේනස් අට වැන්නට පීඩා කරති. යුරේනස් අට වැන්නට පීඩා කෙරේ නම් පක්ෂ ඝාත  ​ෙහා් මීමැස්මුර වැනි ලෙඩකින්ද, නැප්චුන් නම් තේරුම් ගත නොහැකි රෝගයකින්ද, නැති නම් දුක් පීඩාවෙන්ද, රවි නම් උණ රෝගයකින්ද, කුජ නම් ලේ සෙලවීමකින්ද, එසේම කුජ සිටියේ කටක, වෘශ්චික, මීන සහ ජල රාශියක නම් දියේ ගිලීමෙන් ද, මිථුන, තුලා, කුම්භ වැනි වායු රාශියක නම් හෘදයාබාධයකින්ද, බුද නම් සෙම් අමාරු වැනි රෝගයකින්ද මරණය සිදු විය හැකි බව දක්වා ඇත. ගුරු සිකුරු, සඳු වැනි ග්‍රහයකු අටවැන්නට පීඩා කෙරේ නම් ඉතා සාමකාමී මරණයක් විය හැකි බව ද දක්වා තිබේ.   

 


සම්භාව්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථ ඇසුරිණි   

 

 

විශ්‍රාමලත් විදුහල්පති (ශ්‍රී.ලං.වි.සේ 1) පාරම්පරික ජ්‍යොතිෂවේදී   
ඇම්.ඩී.ඊ. සුමනරත්න   
‘උදය’’ හොරවල වැලිපැන්න.   



අදහස් (0)

උපත ජීවිතය හා මරණය ජ්‍යෝතිශයෙන් කියන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site