IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉස්ලාම් අන්තවාදයට බ්ය නැති යුවතියක්

 

කාන්තාවන්ට පවතින සීමාවන් අභියෝගයට ලක්කරමින් නර්තන කණ්ඩායමක් පිහිටුවා ගත් අභීත යුවතියක පිළිබඳව පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් පසුගියදා වාර්තා විණි. දැඩි ඉස්ලාමීය නීති යටතේ පාලනය වන ඇෆ්ගනිස්ථානය වැනි රාජ්‍යයක ඇය ප්‍රමුඛ එම නර්තන කණ්ඩායමට එම අභියෝගය ජය ගැනීමට සිදුව ඇත්තේ ඉස්ලාම් අන්තවාදී තර්ජන මධ්‍යයේ බව සඳහන් වේ.   


පුරුෂයින් ඉදිරිපිට කාන්තාවන්ට නර්තනයේ යෙදීම තහනම් රටක් ලෙස යුදමය වාතාවරණයක් පවතින ඇෆ්ගනිස්ථානය ප්‍රකටයි. කෙසේ වෙතත් එම තහංචියට අභියෝග කරමින් නර්තන කණ්ඩායමක් පිහිටුවා ගත් යුවතියක් වන්නේ ෆාහීමා මිර්සායි (Fahima Mirzaie) ඇයගේ නර්තන කණ්ඩායම හඳුන්වන්නේ සාමා ඩාන්ස් බෑන්ඩ් ( Sama dance band) නමින්ය. ෆාහිමා නර්තන කණ්ඩායමේ නිර්මාතෘවරියයි. ඇයගේ නර්තන ශෛලීය වන්නේ සාමා නර්තනයයි.   


දැනට විසිතුන් හැවිරිදි වියේ පසුවන ෆාහිමා මිර්සායි, තලේබාන් පාලනය ඇෆ්ගනිස්ථානය වෙළා ගැනීමට පෙර උපන්නාය. 2006 වසරේදී ඇය සහ ඇයගේ පවුලේ උදවිය ආරක්ෂාව පතා ඉරානයට පලා ගොස් ඇත.   


මානසික සුවය තමන් සාමා නර්තන ශෛලිය කෙරෙහි යොමුවීමට බලපෑ ප්‍රධානම හේතුව බව ඇය ප්‍රකාශ කරන්නීය. ඇෆ්ගනිස්ථානයේ උරුමයක් ලෙස සැලකෙන සාමා නර්තන ශෛලියට 13 වන සියවස දක්වා දිගු ඉතිහාසයක් පවතියි. මුස්ලිම් ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙන එම නර්තනයේ යෙදෙන්නට අවසර හිමිවන්නේ පුරුෂයින්ට පමණකි.   
කෙසේ වෙතත් 2019 වසරේ ජනවාරි මාසයේ ෆහීමාගේ මූලිකත්වයෙන් කාබුල් නුවර විවෘත වූ මේ නර්තන පාසල එම සීමා බිඳ ඇත. කිසිදු භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වයටම සාමා නර්තනය හැදෑරීමට එම පාසලේ දොරටු විවර කිරීමට ඇය පියවර ගෙන තිබුණි.   


ඇෆ්ඝනිස්ථාන තොරතුරු හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රට තුළ කාන්තාවන් සාමා නර්තනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි.   
කාන්තාවන් සහ පුරුෂයින් ඇතුළු 20 දෙනෙක් පමණ මේ නර්තන කණ්ඩායමේ සාමාජිකත්වය දරති. සතියකට තෙවරක් ඔවුන් පුහුණුවීම් කටයුතුවල නිරත වන අතර මේ වනවිට විශේෂ උත්සව අවස්ථාවලට ඔවුන්ගේ සහය ලබා ගැනීමට බොහෝ දෙනෙකු පෙලඹී ඇති බවත් සඳහන්.   


කෙසේ වෙතත් තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ යළි ශක්තිමත් වී තිබීම මොවුන්ට විශාල තර්ජනයක් වී ඇත. 1996 වර්ෂයේ සිට 2001 වර්ෂය දක්වා තලෙයිබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය දැඩි ඉස්ලාමීය නීති යටතේ පාලනය වූ අතර කාන්තාවන්ට කලාව තහනම් විෂයක් බවට පත්වුණි.   


ඇමෙරිකාව මැදිහත් වී තලෙයිබාන් පාලනය පෙරළා දැමීමෙන් පසුව ගෙවුණු කාලය තුළ සිය අයිතිවාසිකම් රැසක් දිනාගැනීමට එරට කාන්තාවන් සමත් වී ඇත.   


කෙසේ වෙතත් වසර 18 කට අධික කාලයක් පවතින යුද්ධය අවසන් කිරීමේ අරමුණින් එකඟතාවකට පැමිණීමට අමෙරිකාව තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡා මාර්ගයට පිවිස ඇති අතර ඒ හේතුවෙන් ඉතා ආයාසයෙන් හා කැපවීමකින් දිනාගත් නිදහස තමන්ට අහිමි වනු ඇතැයි ඇෆ්ගන් වැසියන් බියට පත්ව සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.   


වී.අයි.ඕ. නිව්ස් වෙබ් අඩවිය ඇසුරෙනි.....   
සටහන  තිළිණි ද සිල්වා

 



අදහස් (0)

ඉස්ලාම් අන්තවාදයට බ්ය නැති යුවතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site