මැණික් නිම්නයේ යකඩ මිනිස්සු
“මැණික් පතල් කරනවා තමා. ඒ වුණාට මේ පතල් කරන අපට කොළේ වහලා කරන හොරකම් නවත්වා ගන්න එක තමා අමාරුම වැඩේ. කිසිම මිනිහෙක් පතල් රස්සාවෙදී විශ්වාස කරන්න බෑ. කහවත්තේ මගේ පතල් පොළක් තියනවා. මීට මාසයකට විතර ඉස්සර ඒකේ ගලක් හොරකම් කළා. ලක්‍ෂ විස්සක් විතර වටින ගල ඒකේ හතරෙන් එකකට අඩුවෙන් හොරා ගත්ත කෙනා විකුණලා තියෙන්නේ.”
“මේවාට පොලිසි ගිහිං වැඩක් නෑ. කොහොමද ඔප්පු කරන්නේ? පොලිසියට තව ටිකක් වියදම් කරනවා හැරෙන්න හොරාට විරුද්ධව කිසිම දෙයක් කරන්න බෑ. ඇත්ත තත්ත්වය ඒක. හොරා පතල් පොළෙන් අයින් කරනවා ඇරෙන්න වෙන යමක් කරන්න බෑ.”
තට්ටු පතල් කිහිපයක් පවත්වාගෙන යන පැල්මඩුල්ල ප‍්‍රදේශයේ මැණික් කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයෙක් මැණික් පතල්වල සිදුවන අකටයුතුකම් ගැන සිය අත්දැකීම් විස්තර කරමින් කතාවට මුල පිරුවේය.
“ඇත්තටම... කියන්න බොහෝ දේවල් තියනවා. අපි තවම මේ කර්මාන්තයේ නිරතව ඉන්න හින්දා නම් ගම් කියන්න බෑ. අපේ ආරක්‍ෂාව නැතිවෙනවා. දැනටමත් එහෙමයි. පතල්පොළේ වරදකට කෙනෙක් අයින් කළාට පස්සේ ගලක් එහෙම හම්බවුණොත් අයින් කළ කෙනා අපිට පුදුම වදයක් දෙන්නේ.”
“ගලක් හම්බවෙන්නම ඕනෑ නෑ. පතලෙන් පැන්නුවාට තරහේ නොයෙක් දේවල් කරනවා. පතල්පොළේ වැඩකරන අයට යම් යම් දේවල් කරනවා. සමහරු පෙත්සම් ගහනවා. 119 එකට කෝල් දෙනවා. කරදර හිරිහැර කෙළවරක් නෑ. ඒ හින්දා සමහරුන් මැණික් පතල් කර්මාන්තය කළාට සතුටකින් කරනවා නෙවෙයි. ඒ වගේම ඉස්සර මිනිස්සු වගේ දැන් පතල්වල වැඩට එන අයගේ හැදියාවක් නෑ. දැනුමක් නෑ. හරිම කලබලයි. ඇත්තම කිව්වොත් කෙළෙහි ගුණයක් ඇත්තෙම නැති මිනිස්සුත් ඉන්නවා. හොඳ මිනිස්සු හොය හොය ඉන්න ගියොත් බලපත‍්‍ර කාලය ඉකුත් වෙනවා.”ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම් පැහැදිලි කළේය.
ඔහුට බාධා කරමින් පෙත්සම් සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන පැමිණිලි මොනවාදැයි ඇසුවෙමි.
“ඇත්තටම මැණික් පතලකට ලයිසන් එකක් ගත්තාම ඒකේ තියන කොන්දේසිවලට පතල් කපන්න බෑ. පුංචි පුංචි කොන්දේසි කඩවෙනවා තමා. ඒක ඉතිං කාටවත් හානියක් නෑ. ඉඩම් අයිතිකාරයත් විරුද්ධ නොවන නිසා සමහර වෙලාවට මේ වගේ දේවල් වෙනවා. නමුත් පතලෙ වැඩට එන සමහරු මොකක් හෝ දෙයක් නිසා පතල් පොළෙන් අයින් කළොත් දැන් කරන්නේ පෙත්සම් ගහන එක. එක්කෝ පතල් කොන්දේසි කඩකරලා අල්ලපු වත්තට ගොව්වා කරනවා කියලා පෙත්සම් ගහනවා. නැත්නම් පතල් පොළට හොරෙන් විදුලිය අරං කියලා පෙත්සම් ගහනවා. පතල් පොළක තියාගන්න බැරි උපකරණ තියාගෙන ඒවා පාචිච්චි කරනවා කියලා පෙත්සම් ගහනවා. ඒ වගේ දේවල් නිසාම අපට දැන් කෙනෙක් විශ්වාසයෙන් පතලේ වැඩට ගන්න බෑ.”
“එහෙම පෙත්සම් යවන කෙනා වාඩියේ ඇතුළේ, පතල් පොළේ විස්තර දන්න නිසා ඒවාත් එක්ක ලියලා යවන්නේ. විමර්ශනයට එන නිලධාරීන් හරියටම සමහර දේවල් ඇහින් දැක්කා වගේ අහනවා. ඉතිං සමහර වෙලාවට ඒ අය අපිට දඩයක් පවා නියම කරනවා. මේ පතල් කර්මාන්තේ කරනකොට ඔය වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා.” ඔහු සඳහන් කළේය.
“මේකට තමා කළ හොඳ පස්සෙන් එළවනවා කියලා කියන්නේ. දැන් බලන්න පතලක වැඩට එන කෙනෙකුට කරදරයක් වුණොත් ඒ පතලට වියදම් කරන කෙනා තමයි ඒ බර කරට ගන්නේ. ඒවාට වියදම් කළා කියලා ආය අයකරගන්නේ නෑ. එහෙම කළාට සමහරු අර වියදම් කරපු කෙනාට විරුද්ධව විවිධ වැඩ කරනවා. ඔහොම තමයි මේ ව්‍යාපාරය.”
“ඇත්තටම මැණික් ව්‍යාපාරිකයා, පතල් හිමියා, බලපත‍්‍රකාරයා හැම වෙලාවෙම ඉන්නේ පීඩාවෙන්. උදව් කරලත් බෑ. නොකරත් බෑ.” නමගම් නොකියන ලෙස ඉල්ලා සිටිමින් ඇත්ත තත්ත්වය පැවසුවේය.
ඔහු කියන ආකාරයට මැණික් පතලක හොරකමක් වෙන්නට ක්‍ෂණික මොහොතක් ඇති. කුරුවිට ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ පතල් පොළවල් කිහිපයක්ම මීට දශක හතරක පහකට පෙර පැවතුණි. ඒ එක පතල් පොළක තට්ටු පතල් කිහිපයක්ම එක ළඟ තිබුණි. මේ සමහර පතල් තට්ටු දහ පහළොව ගැඹුරු වූ අතර තවත් සමහර ඒවා තට්ටු විස්ස විසිපහ ගැඹුරු ඒවා විය. “ඉල්ලම් පාර තමයි පතලේ ගැඹුර කියන්නේ” යැයි පතල්වල ගැඹුර ගැන විමසන විට වැඩකරන අය කියති.
ඒ නිසා මේ පතල් පොළවල් අවුරුදු දෙක තුන පවත්වාගෙන යන ඒවාය. සමහර අවස්ථාවල බලපත‍්‍රකරු එක්කෙනා නම් පතල් දෙකේ වාඩි ආසන්නයෙන් හදාගන්නා අවස්ථාද තිබේ. විවේක අවස්ථාවලදී මෙන්ම මහ වැහි ඇද හැලෙන විට වාඩිවලට එකතුවන පිරිස, වෙහෙස නිවෙන තුරු, වැස්ස තුරල් වන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙති. එසේ කතා බහකරන විනෝද කතා, සිදුවීම් ආදිය ගෙවල්වල සිටින අඹු දරුවන් සමඟ පසුව රසකර කියන වැඩිහිටියෝ බොහෝ දෙනෙක් සිටිති.
හේනේකුඹුර, පුහුවළ, අඹගහ කනත්ත, තොටුපළ කුඹුර, නිධානය, පරගහයාය, පන්සලේ ලියැද්ද ආදී නම්වලින් හැඳින්වූ පතල් පොළවල් ගණනාවක් දැනට දශක තුන හතරකට ඉහතදී තිබුණි.
කුරුවිට නගරයට ආසන්නයේ පදිංචිව සිටි එච්.කේ. පොඩිමහත්මයා මහතා එවැනි පතල් පොළක වැඩකළ කෙනෙකි. මේ වනවිට ඔහු මියගොස් වසර විස්සකට ආසන්නය. ඔහුගේ දියණියක් මා සමඟ කීවේ සිය පියා ජීවත්ව සිටිය දී පතල් පොළේ දී ඇසූ විවිධ කතා ගෙදර ඇවිත් පවසන බවයි.
“ගලක් හම්බවෙන්නම ඕනෑ නෑ. පතලෙන් පැන්නුවාට තරහේ නොයෙක් දේවල් කරනවා. පතල්පොළේ වැඩකරන අයට යම් යම් දේවල් කරනවා. සමහරු පෙත්සම් ගහනවා. 119 එකට කෝල් දෙනවා. කරදර හිරිහැර කෙළවරක් නෑ. ඒ හින්දා සමහරුන් මැණික් පතල් කර්මාන්තය කළාට සතුටකින් කරනවා නෙවෙයි. ඒ වගේම ඉස්සර මිනිස්සු වගේ දැන් පතල්වල වැඩට එන අයගේ හැදියාවක් නෑ. දැනුමක් නෑ. හරිම කලබලයි. ඇත්තම කිව්වොත් කෙළෙහි ගුණයක් ඇත්තෙම නැති මිනිස්සුත් ඉන්නවා. හොඳ මිනිස්සු හොය හොය ඉන්න ගියොත් බලපත‍්‍ර කාලය
ඉකුත් වෙනවා.”
“අපේ තාත්තා මැණික් පතල් කැපීම කළේ. සමහර පතල්වල තාත්තාට ඉඩම් අයිතිය තියනවා. ඒ අයිතියට හවුලක් හම්බ වෙනවා. සමහර වෙලාවට ඒ හවුලට තාත්තා වැඩ කළා. කරු හවුල්වලට වැඩ කරන අයට සුමාන කාසි හම්බ වුණා. හරි හවුල්වලට වැඩ කරන කොට මැණික් ගලක් හම්බ වුණොත් කොටස තමයි ලැබෙන්නේ. තාත්තාට බිම් පංගුවෙන් කොටසකුත් ලැබෙනවා, හරි හවුලට ලැබෙන කොටසකුත් හම්බ වෙනවා.”
“ඔය කතාව අහන කාලේ මං ගොඩාක් පුංචියි. පත්තරේ මේ කතා පෙළ මම කියවනවා. එතකොට මට හිතුණා මම තාත්තාගෙන් අහපු මේ කතාවත් කියන්න. මේ කතාවත් තාත්තා අහල තිබුණ කතාවක්.”
“එක්තරා පතලක ඉල්ලම් මට්ටමට කැපුවාට පස්සේ වැඩකරන කට්ටිය විවේකයක් එහෙම අරගෙන ඉල්ලම් ගොඩදාන්න පටන් අරං. එතකොට මේ පතල්වල කිරිමැටි වගේ ඉල්ලමක් තිබිලා තියෙන්නේ. එක මනුස්සයෙක් පතල් පොළට ආපු දවසේ ඉඳලම අර පතලෙන් ගොඩ දාන පස්වල මැටි වගේ කොටස් අරගෙන නිකං ඉන්න වෙලාවට පොඩි ගුලි ගුලි හදනවලු”
“පතල් පොළක ඒ වගේ සාමාන්‍ය ක‍්‍රියාවලියෙන් බැහැර දෙයක් වෙනකොට අනික් අය ඉන්නේ බොහොම අවධානයෙන්. නමුත් මේ මනුස්සයා මැටි ගුලි කරන එක එයාගේ සාමාන්‍ය වැඩක් කියලා පස්සේ හැම කෙනෙක්ම අවබෝධ කරගෙන තිබුණලු. මේක මේ මනුස්සයාගේ පුරුද්දක් නිසා කවුරුත් ඒ ගැන හිතලා නෑ. ඔය සමහරු ඉන්නවා කඩේකට ගියාම හාල් ගෝනිය දැක්කම හාල් ඇටයක් දෙකක් කටට දාගන්න අය. ඒක පුරුද්දකට කරනවා මිසක් හොරකමකට හෝ වෙනත් අදහසකින් කරන ඒවා නෙවෙයි. ඒ වගේ මේ මනුස්සයාගෙ මේ පතලෙන් හම්බවෙන පස් ගුලි කරකර ඉන්න එක ගැන සාමාන්‍ය දෙයක් කියලා පතලේ අයට එත්තු ගියා.”
“දවසක් මේ මනුස්සයා කෑම ගෙනත් නෑ. උදේ ආපු වෙලේ ඉඳලා ගෙදර මායියා (බිරිඳට) බැන බැන වැඩලු. වෙලාවට කෑම ටික උයලා දෙන්න උනන්දුවක් නෑ. මේ වගේ ගෑණුන්ගෙන් වැඩක් නෑ වගේ දේවල් කියකිය තමයි දොස් තියලා තියෙන්නේ. ඒ වෙලා අනික් අය කිව්වාලු කමක් නෑ අපි ගෙනාපු කෑම බෙදාගෙන කමු කියලා වැඩ පටන් අරං”
“ටිකක් දවල් වෙන කොට කෑම එකකුත් අරගෙන අර මනුස්සයාගේ ගෑනු කෙනා ආවලු. ඇවිල්ලා කෝ මේ මනුස්සයා කෑම උයනකං ඉන්නැතුව ආවා. මම මේ කෑම ඇන්න ආවා. උදේටත් නොකා මාත් එක්ක ඔරොට්ටු අල්ලලා ආවේ කියලා කෑම එක වාඩියේ තියලා. ඒ වෙලාවෙ කට්ටිය වැඩලු. ගොඩ ඉඳලා තියෙන්නේ දබරෙ කරකවන දෙන්නයි ඉල්ලම් ගොඩ ළඟ හිටපු ඒ ගෑනු කෙනාගේ මනුස්සයයි කියන තුන්දෙනා විතරයිලු.”
“ඉල්ලම් ගොඩ ළඟ ඉඳලා තියෙන්නේ ආපු ගෑනු කෙනාගේ මනුස්සයා. ගෑනි එනවා දැකලා ගල් ගිල්ලා වගේ ඉඳලා බත් එක තියලා ආපහු යන ගෑනිට මේ මිනිහා පස් ගුලියකින් ගහලා. ඒක උන්දැගේ ඇගේ වදිනවා අනිත් දෙන්නා දැකලා. ගෑනි නැවතිලා පිටිපස්ස බලලා බිමට නැමිලා මොනවද අහුලගෙන ගිහිං.” “සති දෙකකට විතර පස්සේ මේ මනුස්සයා ආවාට ගියාට වැඩට එන්න පටං අරං. පතලේ අනිත් අය දොස් තියලා. එක්කෙනෙක් වැඩ නොකරන කොට අනික් කට්ටියට අමාරුයි. එන්න බැරිනම් වෙන කෙනෙක් ගන්න හරි නවතින්න කියලා. දවස් තුනකට පස්සේ ඉල්ලම් ගැරුවලු, ඒ ඉල්ලම් ගැරිල්ලෙන් පස්සෙ මිනිහා නැවතිලා.”
කුඹුරක කපන ලද පතලක්
මැණික් පතල් පොළක වාඩියක්
ගොඩ දමන ලද ඉල්ලම් ගොඩක්
“මාස දෙකකට විතර පස්සේ ආරංචියක් එනවලු මිනිහ පතලක ගලක් උස්සලා ඒක ලොකු ගාණකට විකුණලා දැන් වැඩට යන්නේත් නෑ කියලා. මිනිහා අර මැටි ගුලි හැදිල්ල කරලා තිබිලා තියෙන්නේ ගල් හොරකමේ මුල් පියවර. මැටි ගුලි කිරිල්ල පුරුද්දක් කියන එක අනික් අය අතරේ ගොඩ නගලා, ඉල්ලම් ගොඩේ තිබුණ ගලක් මැදි වෙන්න මැටි ගුලියක් හදලා ඒක අනික් මැටි ගුලිත් එක්ක සැක නොහිතෙන විදියට තැන්තැන් වල දාලා. ගෑනිත් එක්ක කතා කරගෙන දවල්ට කෑම එක ගෙනත් දීලා යන කොට ගෑනිට ගහපු මැටි ගුලයේ තමයි මැණික් ගල තිබිලා තියෙන්නේ. ගෑනි ඒ මැටි ගුලිය අහුලං ගියා. මාසයක් විතර සද්ද නැතුව හිටියේ සැක හිතෙනවට. පස්සේ ඒ මැටි ගුලිය ඇතුළේ තිබුණ මැණික් ගල විකුණලා. කාටවත් හවුල් නෑ. විකුණපු සල්ලි ඔක්කොම මිනිහටලු. මේ හොරකම පසු කාලීනව හෙළි කරලා තියෙන්නෙත් මිනිහමයි. පදමට වෙරි වුණ වෙලාවක මේ කතාව කියලා තියෙන්නේ. ඒක පතලෙ අයට ආරංචි වුණ වෙලාවේ මිනිහගේ කපටිකමට අහුවුණ බව අනික් කට්ටිය පිළිගත්තලු” යැයි ඇය මේ කතාව පැවසුවේ මැණික් පතල්වල කෙරුවාවල් ගැන සිය පියාගේ අත්දැකීමක් විස්තර කරමිනි.
මේ ආකාරයට මැණික් පතල්වලින් ගල් හොරකම් කරන්නේ ඇයි? යන්න සොයා බැලීමේ දී දැනගන්නට ලැබෙන්නේ ඊට නිසි හේතුවක් සොයාගත නොහැකි බවයි. කිසිදා හොරකමක් නොකළ යහපත් ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් වුවද මැණික් ගලක් දුටු විට එය ඔහු සන්තකයට ගැනීමේ ආශාවක් ඇතිවීම ස්වභාවික දෙයක් බව වැඩි දෙනෙක් කියති.
එච්.කේ. පොඩිමහත්මයා ඇසූ මැණික් ගල් හොරකම් කරපු තවත් කතාවක් ඔහුගේ දියණිය අපට හෙළි කළාය.
“මේ කතාවත් කිව්වේ තාත්තා. ඒකත් එයා අහපු කතාවක් කිව්වා. එක්තරා පතල් පොළක තට්ටු පතලක සිදුවූ සිද්ධියක්. මේ පතලේ ඉල්ලම් කඩමින් තිබුණ පතලක්. දෙන්නෙක් පතල ඇතුෙළ් වැඩ. ඉල්ලම් කැඩීමයි කූඩවලට පුරවා ගොඩට එවීමයි කරන්න දෙන්නෙක් පතල ඇතුළේ.”
“මේ දෙන්නා වැඩ කරමින් ඉන්න ගමන් කකුළෙ ඉල්ලංකූර ඇණුනා කියලා රෙදි පටියක් උඩ ඉන්න අයගෙන් ඉල්ලලා. පතලේ ඇතුළෙ අයට කරදරයක් වුණොත් ගොඩට ගන්න අපහසු නිසා උඩ තිබුණ පරණ ඇඳුමකින් කොටසක් ඉරලා ඉක්මනින් පහළට යවලා. තුවාලේ එතුවට පස්සෙ වැඩ කරන්න අමාරු නිසා උඩට එන්න කියලා. මිනිහා උඩට අරගෙන. බෙහෙත් ටිකක් දාගන්න යමු කියලා සමහරු කියනවලු. මඩවතුරයි මිනිරනුයි තුවාලයට ගිහිං ඇති නිසා හොඳට හෝදලා අත් බෙහෙතක් තියමු කියලා තව කෙනෙක් කියනවලු. නමුත් මිනිහා තුවාලය ලිහන්න අකමැති වෙලා.”
“මිනිහා කියන්නේම ප‍්‍රතිකාරයක් ඕනෑම නෑ කියලලු. කකුලේ මහපට ඇඟිලිකරුව ළඟට ඉල්ලම්කූර වැදිලා තිබිලා තියෙන්නේ. අනික් කට්ටිය එකතුවෙලා තුවාලේ පටිය ගලවලා. බැලින්නම් ඇත්ත නේනන්ම්. ඇඟිලිකරුවේ තුවාලයක්. ඒකෙ ලේ පිරිලා. බෝටියා දළු ටිකක් අතට අරගෙන අත් දෙකෙන් පොඩි කරලා පෙණ ටික තුවාලේ ලේ පිරුණ තැන උඩට තියලා, ඉතුරු වුණ බෝටියා රොඩු ටික ඊට උඩින් තියලා රෙදි පොටකින් බැඳලා මිනිහට විවේක ගන්න කියලා අනික් කට්ටිය වැඩ කරලා.”
“මේ මනුස්සයා කකුලේ තුවාලය නිසා අමාරුවෙන් අමාරුවෙන් අඩිය තියලා ගෙදර ගිහිං. සති දෙකකට විතර පස්සේ ආරංචි වෙනවලු මිනිහා ඉල්ලම් කඩද්දී ගලක් හම්බවෙලා ඒක හොරෙන් ගේන්න ඇඟිලිකරුව තුවාල කරලා ඒ තුවාලයට ගල දාලා රෙදි කෑල්ලකින් ගැට ගහලා. උඩදී බෙහෙත් දානවට බයවෙලා තිබුණේ තුවාලෙට තියලා ගැට ගහපු ගල අහුවෙයි කියලාලු” තම පියා හෙළි කළ මැණික් ගල් හොරකමක් විස්තර කළා ය.
ලබන සතියට තව කොටසක්.....
අජිත්ලාල් ශාන්තඋදය
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඉල්ලංකූර ඇනුණු තුවාලෙන් පසිංගලයක් මතුවෙයි