දරුවන්ට ඉඳුල් කට ගෑමේදී සහ කන් විදීමේදී නැකත් නැතිනම් ශුභ මුහුර්ත සකසා ගැනීෙම්දී ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත කීපයක් පවතී.
ඉඳුල් කට ගෑම නැතිනම් බත් කැවීම
ආයු, වර්ණ සැප, බල ප්‍රඥා යන මිනිසාට අවශ්‍ය ගුණයන් ලැබෙන්නේ. ආහාරයෙනි. එැවින් මුල් ආහාර පිළිගැන්වීම සුබ මොහොතකට සිදු කිරීම පෙරදිග සිරිතකි. ඉපිද සත් මසකින් නව මසකින් එකොළොස් මසකින් බුධ ගුරු සිකුරු යන දිනයක සඳු පුර පක්ෂයේ සිටියදී දරුවා උපන් නැකතේ පටන් ගැනෙන ජන්ම සම්පත් විපත් ක්ෂේම ප්‍රත්‍යාරී සාධක වද, මෛත්‍රී, පරම මෛත්‍රී කී පිළිවෙළින් විපත් ප්‍රත්‍යාරී වද නැකත් හැර පහත සඳහන් නැකැත් ඇති දිනයක බත් කැවීමට නැකත් සාදා ගත යුතු වේ. එම නැකත් නම් අස්විඳ, මුවසිරස, පුනාවස, පුෂ, උතුරු පල්, හත, සිත, සා, අනුර, උතුරු සල, දෙනට සියාවස, උත්‍රපුටුප, රේවතී වේ. මා, මුල, විසා නැකත් ඉතා අශුභ වේ.
4 6 8 9 10 යන රාශිවල ගුරු සිටියදී ද 9 10 තැන් වල බුධ සිටියදී ද 6 7 8 12 සිකුරු සිටියදී ද 5 8 9 12 තැන් වල සඳු සිටියදී ද කුජ 8 ද 10 වැන්නේ කුමන ග්‍රහයෙකු සිටියදී ද ඉඳුල් කට ගෑමට අශුභයි.
ශනි රවි කුජ 3 6 11 ට ද සුබ නැත.
කන් විඳීමට
අතීතයේදී ඉන්දියාවේ නම් කන් විඳීම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතීව සිදු කෙරිණි. දැනට මෙම ක්‍රමය වෙනස් වෙමින් යයි. දරුවා උපන් 10 වන දවසේ පටන් ඉරට්ටේ මාස වර්ෂවලදී කන් විදීම යෝග්‍ය වේ.
රික්තා ආදී දෝෂයන්ගෙන් තොර සඳුදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයක ලග්නෙය් ගුරු සිටියදී කන් විදීම යහපත්ය. 6 7 8 තැන් වල සිකුරු සිටියදී ද 6 8 12 තැන් වල ගුරු සිටියදී ද 8 වැන්නේ කුමන හෝ ග්‍රහයකු සිටියදී කන්විදීම අශුභයි. මුව සිරස අද පුනාවස පුෂ උතුරු පල් හත සිත උතුරු සල සුවණ දෙනට උතුරු පුටුප ෙර්වතී යන නැකත් ඇති දිනයක ඡන්ම නැකතට සීහෙන නැකතක් ද තෝරාගෙන කන් විදීම සුදුසුය.
ජ්‍යොතීර්වේදී හංවැල්ලේ
ඇස්. සිරිවර්ධන
133 සී. ජයන්ති පාර දොම්පේ.
0767133886, 0717322467

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd