ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු රැස්කිරීමේ දී ලිඛිත සාක්ෂි මගින් දත්ත රැස් කිරීමේ දුර්වලතා හේතුවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි මත යම් යම් අනුමානයන්ට එළඹීමට සිදුවන බව අපි දනිමු. අතීතයේ ඉන්දු නදිය ආශ්‍රිතව පැවැති මොහෙන්ජෝදාරෝ හා හරප්පා ශිෂ්ටාචාරය එදා පැවැති යුප්‍රටීස් ටයිග්‍රීස් හා නයිල් ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාරයන්ට සමකාලීනව පැවැති උසස් ශිෂ්ටාචාරයක් ලෙස හැඳින්විය හැක. මෙම ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.පූ. 1500 අතර කාලය තුළ පැවැති බවට සාක්ෂි ඇත. මෙම ඉන්දු නදී ශිෂ්ටාචාරය වර්ග සැතපුම් 1200 - 700 ක පමණ ප්‍රදේශයක් පුරා පැවැති බවත් මේ මොහෙන්ජෝදාරෝ හා හරප්පා ශිෂ්ටාචාර සැතපුම් 400 ක් පමණ ඈත දුරකින් මේ නගර ද්විත්වය පිහිටා තිබී බවත් පිළිගනී. මේ ශිෂ්ටාචාර සමයේ එහි ජීවත් වූවෝ කවුරුන්ද යන්න පිළිබඳ මතබේද පවතින අතර මෙහි නිර්මාතෘවරුන් ද්‍රවිඩයන් හෝ ආර්යයන් විය හැකි බවට ද මත පළ වී තිබේ.
මේ පිළිබඳ නටබුන් මොහොන්ජොදාරෝ ප්‍රදේශයේ මැනවින් ආරක්ෂා වී ඇති බවත් හරප්පා නගරයේ මේ ලක්ෂණ හඳුනාගැනීමට බැරි තරමට විනාශ වී ඇති බවත් කිය වේ. මේ ශිෂ්ටාචාර සමයේ සමෘද්ධිමත් කාල පරිච්ඡේදය ක්‍රි.පූ. 3000 ට ආසන්න කාලය ලෙස නම් කර තිබේ.
මොහෙන්ජෝදාරෝ නගරයේ මැනවින් කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස සැලකෙන්නේ එහි නගර සැලසුම් කර ඇති ආකාරයයි. උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් සෘජුව දිවයන පරිදි මාර්ග පද්ධතිය ඉතාම අලංකාරවත්ව නිර්මාණය කර ඇත. අඩි 34 ක් පමණ පුළුල් මාර්ග පද්ධතියක් ගොඩනගා තිබෙන අතර ඒවායේ දෙපස පදික වේදිකා තනා ඇත. වීදි දෙපස පිළිස්සූ ගඩොල් මැටි හා හුණු බදාම සහිත නිවාස ගොඩ නගා තිබූ අතර ඒවා කාමරයකින් හෝ කාමර කීපයකින් සහ වැසිකිළි නානකාමර සහිතව නිර්මාණය කර තිබේ. ඇතැම් නිවාස තට්ටු නිවාස විය. ගල් අල්ලා සකස් කළ දර්ශනීය ගෙමිදුල් පැවතිණි. වාතාශ්‍රය ලැබෙන පරිදි ක්‍රමානුකූලව ගොඩනැගුණු ජනේල නිවාසවල සකස් කොට තිබුණි.
මොහෙන්ජෝදාරෝ නගරයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි පැවැති විසිතුරු ජල ප්‍රවාහන පද්ධතියයි. එවැනි පද්ධතියක් මේ කාලයේ ලෝකයේ වෙනත් කිසිම තැනකින් දැකගත නොහැකි විය. නගරයේ ප්‍රධාන ජල ප්‍රවාහන පද්ධතියට පහසුවෙන් සම්බන්ධ වන අයුරින් නිවෙස්වල පාවිච්චි කෙරෙන ජලය ක්‍රමානුකූලව බැස යාමට හැකිවන පරිදි ඒවා තනා තිබුණි. නගරයේ ගොඩනැගිලි අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලැබුවේ මහා ස්නානාගාරය විද්‍යාල ගොඩනැගිල්ල මහා ශාලාව ආදියයි. අඩි 30x23x8 විශාල පිහිනුම් තටාකය ආකර්ශනීය එකක් විය. අපිරිසිදු ජලය ඉවත් කිරීමටත් අලුත් ජලය පිරවීමටත් ක්‍රම නිර්මාණය කර තිබුණි.
කාර්මික දැනුම උසස් මට්ටමක පැවතිනි. කුඹල්කරුවා, වඩුවා, පෙදරේරුවා, ආභරණ සාදන්නා, ඇත්දත් ශිල්පියා. රන්කරුවා, සන්නාලියා, ලෝකුරුවා, රෙදි සායම් කරන්නා වැනි විවිධ ශිල්පීන්ගෙන් යුත් වෘත්තීයමය පන්තියක් විය. අලංකාර කැටයම් මැටි බඳුන්, සෙල්ලම් බෝනික්කන් නිපදවිය. කාන්තාවන් මෙන්ම පිරිමින් ද විලාසිතාවන්ට ප්‍රිය කළහ. ඔවුහු ආභරණ පැළඳවූවෝය. මාල කවඩි, මුදු, කරාබු, පබලු ආදී විසිතුරු දේවල් හමු වී ඇත. ඔවුහු නිර්මාණ ශක්තියකින් යුක්ත අය වූහ. වටිනා ප්‍රතිමා නිර්මාණය කළේය. නටන යුවතියගේ ප්‍රතිමාව අතිශයින් ප්‍රසිද්ධය. ඔවුහු යකඩ භාවිතා නොකළ අතර තඹ හා ලෝකඩවලින් නිර්මාණයන් කළහ. ඔවුහු මෙලෙස ලෝකඩ කණ්ණාඩි ඇත් දතින් නිර්මාණය වූ විවිධ හැඩයෙන් යුතු පනා, තෙල්සායම්, නෙත් ගල්වන අඳුන් වර්ග භාවිත කළෝය. භාණ්ඩ ප්‍රවාහනයට ඔවුහු කරත්ත භාවිත කළෝය.
හමුදාව සඳහා බලකොටු නිර්මාණය කර තිබූ අතර පොරොව, හෙල්ල, කිරිච්චිය. ගල්විදින යන්ත්‍ර, ඊතල, කඩු, දුනු හමු වී ඇත. ආහාර තැන්පත් කිරීමට ධාන්‍යාගාරයක් ගොඩ නගා තිබුණි. වෙළෙඳ කටයුතුවල නිරත වූ ඔවුහු කිරුම් මිනුම් ක්‍රම, මුද්‍රා තැබීම ආදිය ද භාවිත කළෝය.
නිරන්තරයෙන් ඇති වූ ස්වභාවික පීඩා හේතුවෙන් මේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය විනාශ වී ගිය බවට සාක්ෂි ඇත.
කැනීෂියස් පලිහවඩන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්දු නදී ශිෂ්ටාචාරය වඳ වී ගියේ කොහොමද?