IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉදිරියේදී සිදු​ෙවන ගුරු ගෝචරය කෙසේ වේද ?

ග්‍රහ මණ්ඩලයේ නෛසර්ගික ශුභ ග්‍රහයෙකු වන ගුරු හෙවත් බ්‍රහස්පති 2018.10.11 ගෝචරෙන් වෘශ්චික රාශියට පැමිණියේය. එය ගුරුට මිත්‍ර රාශියකි. 2019.03.30 එම ගුරු ගෝචරෙන් ධනු රාශියට පැමිණ බලවත් වේ. එය ගුරුට ස්වක්ෂේත්‍ර රාශියයි.   


එදින ලංකා කේන්ද්‍රය අනුව කුම්භ ලග්නයෙන් 11 වැන්නටත්, ජන රජ කේන්ද්‍රය අනුව සිංහ ලග්නයෙන් 5 වැන්නටත් ගුරු පැමිණේ. පොදුවේ ගත් කළ මෙම ස්ථාන 2 ගුරුට යහපත් ස්ථාන දෙකක් නිසා රටේ නව නීති ක්‍රියාත්මක වීම් යහපත් ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම්, අන්තර් ජාතික මිත්‍ර සබඳතා සිදුවිය හැකිය. විදේශාධාර, පොදු මහජන අභිවෘද්ධිය සඳහා නව සමිති සමාගම් ඇති කිරීම්, රාජ්‍ය ආද‌ායම් වැඩිදියුණු වීම්, අධ්‍යාපන ක්​ෂේත්‍රයේ දියුණුව, නැවැතී තිබුණු කටයුතු ආරම්භ වීම ද සිදුවේ.   


 යහපත්, උසස් දරුවන් බිහි වේ. සෞඛ්‍යය කටයුතු වල ප්‍රගතියක් ඇති වේ. මේ වන විට ශනි ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන අතර ශනිගේ මිත්‍රයකු වන ගුරු ද ධනු රාශියට පැමිණීම යහපත් වුවත් 2019.03.08 රාහු, මිථුන රාශියටත්, කේතු ධනු රාශියටත් පැමිණෙන නිසාත් ගුරුගේ වක්‍රවීම් අනුවත් ප්‍රතිඵල වෙනස් විය හැකිය. ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වේ.   


2019.04.12 ගුරු වක්‍ර වී, අප්‍රියෙල් 23 නැවත වෘශ්චික රාශිය පැමිණේ. ඉන්පසු මැයි 01 දින නැවත ගුරු වක්‍ර වී අගෝස්තු 12 දක්වා ගමන් කරයි. 2019.11.05 ස්ථීර වශයෙන් මගුරු ධනු රාශියට පැමිණේ. ඉන්පසු 2020. 03.30 දක්වා එම රාශියේ ගමන් කරයි.   


විශේෂයෙන් ගුරු ලග්නෙන් 3, 6, 8, 12 යන ස්ථානවල ගමන් කිරීම එතරම් ශුභද‌ායි නොවන බව ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. 4, 10 යන කේන්ද්‍ර ස්ථානවල ගෝචර වීම ද ඇතුළු ලග්නවලට අගුණ ගෙන දිය හැකියි. වඩාත් යහපත් වන්නේ 5, 7, 9, 11 සහ 2 වැන්නේ ගමන් කිරීමයි. 2 වැන්න ධනස්ථානය බැවින් ධන කාරක ගුරු එහිදී යහපත් ප්‍රතිඵල ගෙන දෙන අතර 11 අයස්ථානය බැවින් එහිදී ද ශුභද‌ායි වේ. ගුරු ලග්න භාවයේ ගමන් කිරීම ඇතුළු ලග්න හිමියන්ට අශුභ වන්නේ එය කේන්ද්‍රස්ථානයකට ද අයිති වීම නිසාය.   
මේ වන විට මේෂ ලග්න හිමියන්ගේ ලග්නෙන් අටවැන්නේත්, වාෂභ ලග්නෙන් 7 වැන්නේත්, මිථුන අයගේ 6 වැන්නේත්, කටක ජන්මීන්ගේ 5 වැන්නේත් ගුරු ගමන් කරයි.  
සිංහ ලග්නෙන් 4 වැන්නේත්, කන්‍යා ලග්න අයගේ 3 වැන්නේත්, තුලා ලග්නෙන් 2 ත්, වෘශ්චික අයගේ ලග්න භාවයේත් ගුරු ගෝචර වේ.  


ධනු ලග්න හිමියන්ගේ 12 වැන්නේත්, මකර අයගේ 11ත් කුම්භ අයගේ 10ත් මීන ලග්නෙත් 9 වැන්නේත් ගුරු ගෝචර වේ. මේ අනුව ඉහත සඳහන් කළ ආකාරයට ගුරුට අශුභ ස්ථාන සහ ශුභ ස්ථාන කවරේ ද යන්න ඒ ඒ ලග්න හිමියන්ට තේරුම් ගත හැකිය.  


තම ලග්නෙන් 3, 6, 8, 12 ගමන් කරන විට ශරීර සෞඛ්‍යය පිරිහීම්, ස්ථාන හෝ පදිංචිය වෙනස් වීම් අධික වියදම්, ගෙනදෙන කාරණා, තත්ත්වයෙන් පහළට වැටීම්, ණය වීම්, නිෂ්ඵල ගමන්, අසල්වාසීන්ගෙන් කරදර හදිසි විපත්, වැටීම් තැලීම් පවුලේ අයට කරදර, නඩුහබ සතුරු කරදර, නරක නාම, සිර ගතවීම්, නීතිමය කටයුතු වලින් පරාජය ගෙන දිය හැකියි මේවා එක් එක් අයගේ දශා අනුව අඩු වැඩිවීම් විය හැකියි.  


ලග්නෙන් 4 සහ 10 යන ස්ථානවල ගුරු ගෝචරවීමේදී තම ආද‌ායම් අඩුවීම් ගෞරවයට හානි, නෑයන්ගෙන් කරදර, රැකියාවලට බාධා, අනතුරු, රැවටීම් වලට හසුවීම්, අසාර්ථක විවාහයකට යොමුවීම් ආදිය ඇතිවිය හැකිය. එහෙත් ගුරු ශුභ ග්‍රහයකුව සිටී නම් ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ලැබීම් ද ගෙන දිය හැකිය.  
අශුභ දශා ගත වන විට ගුරු 3 අධිපති වී ලග්නෙන් 10 ගමන් කිරීම නිසා විපත් ගෙන දීමට ද ඉඩ ඇත. ස්ථාන වෙනස්වීම්, ඥ‌ාති මිත්‍රයන් අහිමිවීම්, සමාජයේ අප්‍රසාදයට ලක්වීම්, ගෙදරදොර ආරවුල්, රෝග පීඩාද ගෙන දේ.  


උච්ච, මිත්‍ර, ස්වක්ෂේත්‍රම ගුරු 2 සහ 11 වැන්නේ ගමන් කිරීම නිසා ගරු නම්බු ලැබීම්, උසස් රැකියා, කුම්භ .... ........ වැඩිවීම්, යහපත් වස්ත්‍රාභරණ, පෝෂ්‍යද‌ායි ආහාර, දරු ලාභ ලැබිය හැකියි. එසේම ලොතරැයි වාසනා, කථාවෙන් ජය ලැබීම්, ප්‍රීති උත්සව, ශරීර සනීපය ඇතිවීම් විවාහ සැප ලැබීම් ඇති වේ.  


ගුරු ලග්නෙන් 5 සහ 9 වැන්නේ ගෝචර වන විට නැවැතී තිබුණු කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වේ. යහපත් උසස් දරුවන් ලැබේ. ධන ලාභ, වෙ​ෙළඳ ව්‍යාපාර වලින් ලාබ ලැබේ. වාසනාවන්ත ස්ථානයකට යන්නට හැකි වේ. ආදර බන්ධන පවත්වන්නට ඉඩ ලැබේ. තනතුරු ලාභ, අලංකාර වස්තු ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.  


 විභාගවලින් ජය ලැබේ. අන්‍යයන්ගෙන් විවිධ උපකාර ලැබේ. යහපත් විදෙස් ගමන් වන්දනා ගමන් ඇති වේ. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙනීමට ලැබේ. පිනට දහමට සිත යෙදවේ. ගේ දොර වාසනාවන්ත මේ පෙර පිං පල දෙන කාලයක් වේ. සිතේ සැනසිල්ල ඇති වේ.  


ගුරු ඔබේ ලග්නෙන් 7 වැන්නේ ගමන් කරන විට බොහෝ විට මංගල කටයුතු ඉටුවිය හැකියි. අනියම් කම් සැප ලැබීමට ද හේතු විය හැකියි. ශරීර සනීපය ඇති වේ. ආද‌ායම් යහපත් වේ. පවුලේ සාමය සතුට ඇති වේ. රජයෙන් හෝ තම ප්‍රධානීන්ගෙන් ගරු සැලකිලි ලැබේ. වැඩි උත්සාහයක් නැතිව මිල මුදල් ඉපයිය හැකිය. නඩුහබවලින් ජය ලැබිය හැකියි. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබේ. ඉන්ද්‍රියයන් පිනවීමට අධික වියදම් දැරීමට ද සිදුවිය හැකිය.  


කෙසේ වෙතත් 2020.01.24 දක්වා ශනි ග්‍රහයා ද ධනු රාශියේ ගමන් කරන නිසා ගුරු ද එම රාශියට පැමිණි විට ප්‍රතිඵලවල යම් යම් වෙනස්කම් ද ඇතිවිය හැකියි. ශනි ග්‍රහයා ඇතැම් ලග්නවලට අයහපත් ප්‍රතිඵල ද ගෙන දීමට ඉඩ ඇති බැවින් එරාෂ්ටක ගතකරන අය සැලකිලිමත් විය යුතුයි. 2019.03.08 රාහු, මිථුන රාශියටත්, කේතු, ධනු රාශියටත් පැමිණෙන බැවින් එම ඡායාග්‍රහයන්ගෙන් සංයෝග වීම් දෘෂ්ටි අනුව ද පලාපල වෙනස් විය හැකිය. සැමට ජය පතමි.  

 

 


ජ්‍යොතිර්වේදිනී 
ඛේමා සුභාෂිණී වීරතුංග,  
219/ A 02,   
මාඉඹුල,  
නිට්ටඹුව. 



අදහස් (0)

ඉදිරියේදී සිදු​ෙවන ගුරු ගෝචරය කෙසේ වේද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 275 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site