IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉංග්‍රීසින් හා තනිව සටන් කළ විසිං ගෙදර කුඩාරාළ

 

 

  • 1803 දී ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කොට රජු සොයා බොහෝ ප්‍රදේශ පීරන්නට විය. එසේ ගිය එක් සේනාවකට රජු නිල්ලබ නුවර ඇතැයි සිතුන බැවින් එහි පැමිණ රජ සොයන්නට වූහ. එහෙත් රජතුමා එහි නොවූයෙන් එම සේනාව ගලහ දෙල්තොට නවනැලිය හරහා හඟුරන්කෙතට පැමිණියහ.   

 

මෙම සේනාවෝ ඉදිරියට හමුවන සියලු ස්වදේශීය ජනයා මරමින්, ස්ත්‍රීන් දූෂණය කොට මරා දමමින් කුඹුරු ගම් බිම් විනාශ කරමින් ගෙවල් ගිනිබත් කරමින් කිව නොහැකි තරම් අපරාධයන් කරමින් කොටගේපිටිය නම් වූ ගමට පැමිණියහ.   


මේ අවදියේ උනන්තැන්නේ විසිං ගෙදර කුඩාරාළ නම් හැඩි දැඩි තරුණයෙක් සිටියේය. බාල වියේ සිටම නිර්භීත ගතිගුණවලින් යුත් මේ තරුණයා ජාතිවාත්සල්‍යයයෙන් ඔද වැඩී කිසිවෙකුටත් බියක් නොදැක්වූ පසු නොබසින පුරුෂයෙක් විය.   


ඉංග්‍රීසි සේනාව සිංහලයන්ගේ ගම් බිම් විනාශ කරමින් වස්තූන් කොල්ලකන අයුරු ඇසූ කුඩා රාළ ඔවුන් හා තනිව සටන් කර ඔවුන් විනාශ කර දමමියි දැඩි අධිෂ්‍ඨානයක් ඇති කර ගත්තේය. ඔහුගේ සිහියට නැගුණේ පනිනාගල නමැති ගල් පර්වතයයි. ඔවුන් සියලු දෙනාම එගොඩ විය යුත්තේ මෙතනිනි. ඒ නිසා ඔවුන් විනාශ කර දැමීමට සුදුසුම තැන මෙතැනැයි ඔහුගේ සිහියට නැගිනි. ඔහු දිග හෙල්ලක් ගෙන පනිනාගල පල්ලේ තිබූ පැතලි ගලක සැඟවී සිටියේය. ගලේ එක් කොනක් නැමී තිබුණ හෙයින් ගලෙන් පනින කිසිවකුට ඔහු පෙනෙන්නේ නැත. එහෙත් ගලින් පනිනා සියලු දෙනා ඔහුට හොඳාකාරවම පෙනුණි.   


ඉංග්‍රීසි සේනාව එගොඩවීම සඳහා එකිනෙකා පිටුපස එකිනෙකා පැමිණ පනින්නට වූහ. පනින පනින එකාට කුඩාරාළ හෙල්ලෙන් ඇන ජීවිතක්ෂයට පත් කළේය. වීර කුඩා රාළගේ හෙල්ලේ පහරට ගොදුරු වූ එකිනෙකා ගලෙන් පහළට පෙරළී වතුරේ ගසාගෙන ගොස් නොපෙනී ගියේය.   


සේනාවේ කිසිවකුටත් සිදු වෙන්නේ කුමක් දැයි අවබෝධ කර ගත නොහැකිවිය. ඔවුන් සිතුවේ නොසැලකිලිමත්කම නිසා ඔවුන් වතුරට වැටුණාය යන්නය.   
බොහෝ වේලාවක් සේනාව ඝාතනයේ යෙදුණු මේ වීර කුඩා රාළ දැඩි ලෙස විඩාපත්ව කාය ශක්තිය පිරිහෙන ලකුණු පහළ විය. තවදුරටත් මේ කාර්යය යෙදීම අපහසු වූයෙන් මේ වීර කුඩා රාළ නම් වීරයා ගල ලෑල්ලේ ලිස්සා ගොස් රට ජාතිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළේය.   
අද දවසේ පවා විසිං ගෙදර කුඩාරාළගේ නාමය ගම්වැසියන් අතර ප්‍රචලිතව පවතී.

 

මප/මා/ග/ සිල්වත්ගල මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති
ඩබ්ලිව්. එම්. විජේරත්න



අදහස් (0)

ඉංග්‍රීසින් හා තනිව සටන් කළ විසිං ගෙදර කුඩාරාළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site