IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇ​මෙරිකාවට නත්තල් නැති වෙන ලකුණු

 

දෙපාර්ශ්වය ඉක්මනින් එකඟතාවකට නොපැමිණියහොත් ඇමරිකන් ඩොලර් බිලියන 156ක් පමණ වටිනාකමකින් යුත් චීනයෙන් ගෙන්වන, පාරිභෝගික භාණ්ඩ සඳහා සියයට 15කින් බදු නුදුරේදීම වැඩි කරන බව කියමින් ට්‍රම්ප් අනතුරු අඟවයි. වාර්තා වෙන අන්දමට මෙම බදු වැඩි කිරීම සිදුවීමට නියමිත දෙසැම්බර් 15 වෙනි දාය. 
නත්තලට සති දෙකක් පමණ තිබිය දී ඇමරිකානු ජනපති ට්‍රම්ප් චීනයෙන් ගෙන්වන භාණ්ඩවලට ගෙවිය යුතු බදු වැඩි කළහොත්, නත්තල් සැමරුම් කඩාකප්පල් වීමට නියමිත ය. එසේ වීමට හේතුව නම් දුරකතන, ලැප්ටොප්, වීඩියෝ ගේම් කොන්සෝල්, කම්පියුටර් මොනිටර් ඇතුළු තාක්ෂණික උපාංග සහ සෙල්ලම් බඩු, නත්තල් සැරසිලි හා නත්තලට බහුලව බෙදා ගන්නා තෑගි ආදියේ මිල වැඩිවීමයි. 


අතීතයේ මෙන් නොව, අද වෙන විට නත්තල වැනි ලෝකයේ ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීමට සාමාන්‍ය මිනිසුන්ට පවා වෙළෙඳ භාණ්ඩ නැතිව බැරි තත්ත්වයක් උදාවී තිබෙන බැවින් තෑගි දෙන්නට හෝ ලබාගන්නට අසීරු නත්තලක් උදා වීම යනු සැබෑම දඬුවමකි. 


චීනය හා ඇමරිකාව අතර කාලයෙන් කාලයට නොයෙක් අමනාපකම් ආරවුල් හටගන්නා අතර සමහර අර්බුද පෙර පැවති අමනාපකම්වලම දිගු ය. දැන් මේ නත්තල් උත්සවයට බලපාන නෝක්කාඩුව නිසා අමාරුවේ වැටෙන්නේ ඇමරිකාවේ සිටින නත්තල සමරන සාමාන්‍ය මිනිසුන් ය. 
ඇමරිකාවට පාඩමක් ඉගැන්වීම සඳහා චීනය ද ඔවුන් පොරොන්දු වී සිටි ගොවිපොළ භෝග මිල දී ගැනීම් නොකර ඉන්නට යන බව වාර්තා වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් 50ක පමණ වටිනාකමකින් යුත් සෝයා බෝංචි, ඌරු මස් හා වෙනත් කෘෂිකාර්මික නිපැයුම් කිහිපයක්ම මිලදී ගැනීමට පොරොන්දු වී සිටි චීනය ඒ අදහස අත්හැර තිබෙන්නේ එමගින් ඇමරිකාවට වැඩි වාසි අත්වන බව වැටහුණු පසුවය. 


වෙළෙඳාම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ආරක්ෂිත සීමාවක් සකසාගෙන තිබිය යුතු යැයි කියන චීනය සැබැවින්ම අදහස් කරන්නේ යම් ගැටලුවක් ඇති වුවහොත් මිල දී ගැනීම් නවත්වන බවය. 


නත්තලට අවශ්‍ය කරන දේවලින් බහුතරයක් නැව් මගින් කලින්ම ඇමරිකාවට ගෙන්වා ගැනීම සාමාන්‍ය ක්‍රමය බවත්, ඇමරිකාව සතු එම භාණ්ඩ තොග වෙළෙන්දන් විසින් නව බද්දෙන් පසු වැඩි මිලට විකුණන්නට යන සූදානමක් පවතින බවත් ඇමරිකානු ආරංචිමාර්ග සඳහන් කරයි. 


ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම සහ චීනය එයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව සලකා බලන කල තේරුම් යන්නේ ඔවුන්ගේ හොඳහිත මෙන්ම ගැටුම් ද ලෝක ආර්ථිකයට කොතෙක් බලපාන්නේ ද යන්නයි.  

 


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා දිසානායක



අදහස් (0)

ඇ​මෙරිකාවට නත්තල් නැති වෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site