IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ආතතිය නිසා කෙස් ඉක්මනට සුදු වෙනවාලු

 

 

ආතතිය නිසා මිනිසුන්ගේ කළු කෙස් සුදු වෙන බවත්, ඉන්පසු ඒවා නැවත කවදාවත් පෙර තිබූ තත්ත්වයට පත් නොවන බවත් නවතම පර්​ෙ‌ය්ෂණයකින් සොයාගෙන තිබේ. මෙය අනාවරණය කළේ හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමකි.   


කිසියම් තර්ජනයක් නිසා ආතතිය ඉතා වැඩිවී සටන් කරන්නට හෝ පළා යන්නට ශරීරයෙන් ආතති හෝමෝන නිකුත් කරන අවස්ථාවේදී නොරෙප්‍රින්පයින් නමැති තවත් හෝමෝනයක් රුධිරයට එකතු වේ. එමගින් හදගැස්ම වේගවත් කර සටනට සුදුසු තත්ත්වයකට සිරුර සූදානම් කරවයි. එහෙත් මෙම හෝමෝනය කෙස්ගස්වල වර්ණක නිපදවන සෛලවලට හානිදායක බව හෙළි විය.   


මෙම පර්​ෙ‌ය්ෂණය සඳහා මීයන් යොදාගෙන තිබූ අතර ආතතිය නිසා සිදුවෙන කෙස් සුදුවීම ස්ථිර හානියක් බව ඔවුහු කියා සිටිති. විද්‍යාඥයන් මුලින් සිතා සිටියේ කෝටිසෝල් හෙවත් ආතති හෝමෝනය නිසා මෙසේ සිදුවෙන බවයි. එහෙත් කෝටිසෝල් නිපදවන ඇඩ්රිනල් ග්‍රන්ථිය ඉවත් කළ පසුත් මීයන්ට එම හානිය දිගටම සිදුවූ අතර ඔවුන් සිතා සිටි පරිදි කෝටිසෝල් හෝමෝනය නොව, වෙනත් හෝමෝනයක් වන නොරෙප්‍රින්පයින් බව ඔවුනට අවබෝධ විය.   


සාමාන්‍ය වයසට අනුව කෙස් සුදු වීම ඇරඹෙන්නේ අවුරුදු 30 දීය. අවුරුදු 50 වෙන විට හිසකෙස්වලින් භාගයක් පමණ සුදු වේ. මේ සාමාන්‍ය ක්‍රියාවලියට ඔබ්බෙන් කෙස් සුදුවෙන්නේ ආතතිය නිසාද යන්න වසර ගණනාවක සිට විද්‍යාඥයන්ගේ වාද විවාදවලට හේතු වූ මාතෘකාවකි. අකලට කෙස් පැසීම බොහෝ දුරට හිරිමල් වියේ සිදුවන්නක් වෙන අතර එයට බලපාන්නේ ජාන බව ඔවුහු කියති. 

 


නිසංසලා



අදහස් (0)

ආතතිය නිසා කෙස් ඉක්මනට සුදු වෙනවාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site