IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


අහිංසක කොල්ලෙක් අමාරුවේ දාන්න ගිය තරුණියකගේ බොරු පැමිණිල්ල

රටක හැටි

බොරු දූෂණ පැමිණිල්ලක්

 

 

 

ගණකාධිකාරී පාඨමාලාවක් හද‌ාරණ 26 වියේ පසුවන ඇය තරමක හැඩකාර යුවතියකි. වැදගත් පවුල් පසුබිමක් ඇති අැයගේ පියා ද ඉහළ වෘත්තියවේදියෙකි.   


එදත් ගණකාධිකාරි පාඨමාලාව හැදෑරීමට ගිය ඇය ආපසු නිවසට ආවේ නැත.   


මව්පියෝ කලබලයට පත්ව ඇයගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුම් දුන්නත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මව්පියන්ගේ හිස ගිනි ගත්තේ එබැවිනි.   
දියණියගේ අතුරුදන්වීම ගැන මව්පියන් පැමිණිලි කළේ බොරලැස්ගමුව පොලිසියටය. ඒ, ඔවුන් පදිංචිව සිටින්නේ බොරලැස්ගමුව පොලිස් වැයික්කියේ නිසාය.  
‘දුව කාඑක්කහරි ප්‍රේම සම්බන්ධයක් එහෙම පවත්වාගෙන ගියාද?’ පැමිණිල්ල ලියන පොලිස් නිලධාරියා විමසීය.   


‘අපි දන්නා තරමින් එහෙම දෙයක් තිබුණේ නැහැ’ මව්පියෝ කීහ.  


කෙසේ වෙතත් මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටි අතරවාරයේ ඇය නිවසට පැමිණ ඇත. ඒ ආවේ දින දෙක තුනකට පස්සේය.  
දින දෙක තුනක් තිස්සේ දුක් කඳුලැලි සලමින් කාලය ගත කළ මව්පියන් සදාදරණීය දියණිය යළි දකින්නට ලැබීමෙන් ඇතිවූ හැඟීම් ඉහවහා ගොස් ඇය වැලඳගෙන සතුටු කඳුළු වැගිරූහ.  
‘දුවේ ඔයාට මොකද වුණේ. ඔයා කොහෙද ගියේ. ඔයා නැති දවස් ටිකේ අපේ පපුවේ පත්තු වුණ ගින්දර ගැන දන්නේ අපි දෙන්නා විතරයි. හරියට කෑමක් බීමක් නැහැ. නින්දක් නැහැ. මමයි තාත්තයි බලාගත්ත අතේ බලාගෙන හිටියා’.  
වැලපෙන අතරේම මව කියාගෙන ගියාය.  


‘අම්මේ මම ෆේස්බුක් එකෙන් හඳුනා ගත්ත කොල්ලෙක් එක්ක යහළුවෙලා හිටියා. එයා මාව ක්ලාස් ගිහින් එද්දි හම්බවෙන්න ආවා ෆේස්බුක් බෝයි එක්ක යාළුවුණේ ගිය අවුරුද්දේ. මීට කලින් අපි දෙන්න කවමදාවත් මුණ ගැහිලා නැහැ. මුලින්ම හම්බ වුණ දවසේ එයා මාව ත්‍රීවීල් එකක දාගෙන කොළඹ පැත්තේ ලොජ් එකකට එක්කගෙන ගියා. එයා මීට කලින් මගේ නිරුවත් පින්තූර ඉල්ලා තිබුණා. මම ඒවා ෆෝන් එකෙන් එයාගේ ෆෝන්එකට යැව්වා. ඒ පින්තූර අන්තර්ජාලයට දාලා ප්‍රසිද්ධ කරනවා කියා බය කළා. ඊට පස්සේ එයා මාව තුන් පාරක් දූෂණය කළා. මම වැඳල කිව්වා මට කරදර කරන්න එපා කියා. එ්ත් එයා මම කියන දේ ඇහැව්වේ නැහැ. ඊට පස්සේ මාව ත්‍රීවීල් එකේ ද‌ාගෙන ඇවිත් මසාජ් ක්ලිනික් එකකට බාර දීලා යන්න ගියා. ඒත් එතැන හිටිය උන් මාව දවස් දෙකක්ම බලහත්කාරයෙන් තියාගෙන හිටියා. මට එක එක මිනිස්සු සතුටු කරන්න වුණා’ යැයි ඇය මව තුරුලු කරගෙන හඬන්නට වූවාය.  
ජීවත්ව සිටියදී අහන්න ලැබෙන අමිහිරිතම කතාව දියණියගේ මුවින්ම ඇසීමෙන් මවගේ හදවත පැලීයන්නාසේ දැනෙන්ට ඇතිවා නිසැකය.  
දියණියගේ ජීවිතය සදහටම අඳුරු අගාධයකට ඇද දැමූ පාපතරයින් ගැන කියන්නට මව සිය දියණියත් කැටිව පොලිසියට ගියේ නීතියේ පිළිසරණ සොයාගෙනය.  
මව සමග කිව්ව විස්තරේම ඇය පැමිණිල්ල ලියාගැනීමට ආ පොලිස් කාන්තාව සමග ද කිව්වාය.  


‘මගේ ෆේස්බුක් පෙම්වතා මාව කොළඹ ලොජ් එකකට අරගෙන ගිහින් තුන් පාරක් බලහත්කාරයෙන් රේප් කළා. මාව මසාජ් ක්ලිනික් එකට බාරදීලා ගියා. පළමු දවසේ ආපු හතර දෙනෙක් අවස්ථා හතරකදී මාව රේප් කළා. දෙවැනි දවසේ තුන් දෙනෙක් රේප් කළා. එදාම මම කාටත් හොරෙන් එතැනින් පැන ගත්තා’.   
විසිහය හැවිරිදි තරුණිය ගිරවියක සේ එහෙම කිව්වේ පොලිස් කාන්තාව ඇයගෙන් වැඩිදුර ඒ ගැන විමසද්දීය.  
‘මගේ ෆේස්බුක් පෙම්වතා කළුතර පැත්තේ කෙනෙක්. එයා ත්‍රීවීල් රියැදුරෙක්.’ ඇය හෙළි කළාය.  
දින දෙකක් තිස්සේ නව වතාවක් පිරිමින් අතින් දූෂණය වූ බව පැවසූ තරුණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා ලක්කිරීමට යොමු කෙරුණේ රජයේ මහ රෝහලක් වෙතය.  
අනතුරුව බොරලැස්ගමුව පොලිසිය ඇයගේ ෆේස්බුක් පෙම්වතා බව කියන තරුණයා සොයාගෙන කළුතර ප්‍රදේශයට ගොස් ඔහු කැඳවාගෙන පොලිසියට ආවේ මෙ ගැන තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමටය.  


‘අනේ සර් මම ඔය ගැහැනු ළමයා එක්ක අවුරුද්දක් විතර කාලයක් ඉදලා ෆේස්බුක් එකෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය එක නම් ඇත්ත. ඒත් මම තවම ඒ ගැහැනු ළමයාව හැබැහින් දැකලා නැහැ. ගැහැනු ළමයා කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු. අනේ සර් මම කියන කතාව විශ්වාස කරන්න’.  
පොලිසියට කොටු වූ තරුණයා පොලිස් නිලධාරීන් හමුවේ බැගෑපත් වූවේ කඳුළු සලා වැලපෙමිනි.   
දහඅට හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයා ත්‍රිරෝද රථ රියැදුරෙකු නොව තවමත් පාසල් යන සිසුවෙකු බව පොලිසිය දැනගත්තේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.  
මේ තරුණයා කියන කතාව සත්‍යයක් බව පොලිසිය තහවුරුකර ගත්තේ තරුණිය පරීක්ෂා කර බැලූ වෛද්‍ය මහාචාර්යවරයා කී කතාවෙනි.  
‘මේ තරුණිය තවම කන්‍යාවියක්. ඇය කියන විදිහට ඇය කාගේ අතින්වත් දූෂණය වෙලා නැහැ. සිරුරේ සීරීම් තුවාලයක්වත් දකින්න නැහැ. මගේ වෛද්‍ය සේවා කාලය තුළ මේ වගේ කතාවක් ඇහැව්වේ පළමුවෙනි වතාවට’.  


වෛද්‍ය මහාචාර්යවරයා පොලිස් නිලධාරීන් සමග පැවසීය.  
වෛද්‍ය මහාචාර්යවරයා කී කතාව පොලිසිය තරුණියගේ මවට හා පියාට පැවසූ අවස්ථාවේ ඔවුන් ඒ කතාව අසා පුදුමයෙන් පුදුමයට පත්ව ඇති බව කියති.  
තමා කී කතාව බොරුවක් බව අවසානයේ තරුණිය ද පිළිගත්තාය.  
මෙවැනි පට්ටපල් බොරුවක් ගොතා කිව්ව හේතුව හෙළිකර ගැනීමට පොලිසිය ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.  
ගලෙන් පට්ටා ගත්තත් ඇයගෙන් මේ ගැන වචනයක් එළියට ගැනීමට පොලිසියට නොහැකි විය.  
තරුණිය මේ වගේ බොරුවක් ගොතා කීමට හේතුව නම් තවමත් අබිරහසකි.   
ඒ ගැන අසද්දී ඇය මුනිවත රකින්නීය.  
තව පොඩ්ඩෙන් අමාරුවේ වැටෙන්නේ තවමත් පාසල් යන අහිංසක තරුණයෙකි.  
අවසානයේ පාසල් සිසුවා පොලිසිය මුදාහැරියේ සත්‍ය හෙළිවීම නිසාය.  


‘ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලෝ එක්ක චැට් කරන්න ගිහින් තව පොඩ්ඩෙන් මම අමාරුවේ වැටෙනවා ෆේස්බුක් එකෙන් ඉන්න නාඳුනන කෙල්ලෝ එක්ක සම්බන්ධකම් පවත්වන්න යන එක හොඳ පාඩමකට ගත්තොත් හොඳයි’.   
තරුණයා පොලිසියෙන් පිටත් වී ගොස් ඇත්තේ එහි සිටි කොයිකාටත් ඇසෙනසේ එසේ පවසමිනි.  
නුගේගොඩ පොලිස් අධිකාරි (01) රොහාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

අහිංසක කොල්ලෙක් අමාරුවේ දාන්න ගිය තරුණියකගේ බොරු පැමිණිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2013 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 711 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site