IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අසුපිණි ඇල්ල අස්සේ රජෙකුගේ නිධානයක්

මා ඔයේ ඉවුරු දිගේ

 

 

ලෙන් සහිත පර්වතයේ විහාරය පිහිටි පැත්තට විරුද්ධ දිශාවෙන් එනම් පිටුපසින් දිග්ගෙය නමින් හඳුන්වන කොටස පිහිටා තිබේ. එයට ඇතුළුවීමට දොරටු දෙකකි. දිග්ගෙය ඇතුළත ඇති කුඩා දොරටුවකින් උමගක් වේ. වළගම්බා මහ රජතුමා සතුරන්ට විරුද්ධව සේනා සංවිධානය කරමින් සතර කෝරළ ප්‍රදේශයේ ජීවත් වූ සමයේදී ආරක්ෂාව පතා මෙම ගල්ලෙ​ෙනහි සැඟව සිටි බව කියවෙන නිසාවෙන් මෙම උමග ද ඒ සඳහා යොදාගත් බව විශ්වාස කෙරේ.   

එකල මොරොන්තොට ධම්මක්බන්ධ ස්වාමීන් වහන්සේ සැලව මහාවිහාරයේ වැඩ සිටි ශ්‍රේෂ්ඨ හිමි නමකි. සියම් සංඝයා වහන්සේලා ලක්දිව භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ඥානය පරීක්ෂා කරනු පිණිස ගැඹුරු දහම් පාඨ කිහිපයක් රන්පොතක ලියාගෙන පැමිණියහ. එය කියවීමට සුදුසු භික්ෂුන් වහන්සේලා ලබාදෙන ලෙස ඉල්ලූ කල රජු විසින් වැලිවිට සංඝරාජ හිමියන් ඒ බව දන්වන ලදී. පොත නොබලා ධර්මය දේශනා කළ නොහැකි බව උන්වහන්සේ දැන්වූ කල්හි සංවේගයට පත් රජු සැලව විහාරයේ වැඩ සිටි මොරොන්තොට හිමියන්ට පණිවිඩ යැවීය. රන් පොතෙහි ඇත්තේ බුදු බණ පොත බැලීමට අවශ්‍ය නැතැයි පැවසූ උන්වහන්සේ දළදා මන්දිරයේ පැනවූ ධර්මාසනයේ එහි ධර්මය විස්තර කර දුන්හ. රජතුමා ඇතුළු සියම් දේශයෙන් වැඩම කළ සංඝයා වහන්සේලා මහත් සතුටට පත්ව රන්පෙත ඇතුළු තුටු පඬුරු මොරොන්තොට හිමියන්ට පිදූහ. උන්වහන්සේ පසුව රාජගුරු වූහ.   


සැලව විහාර භූමිය වර්තමානයේදී ප්‍රදේශවාසීන්ගේ හා ලක්වැසියනගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ පින් බිමකි. ගෞරවය මත පදනම් වූ විශ්වාසයන් බොහොමයක් අදටත් මේ ස්ථානය හා බැඳී පවති. ඒ නිසාම විහාරස්ථානයේ ආරක්ෂාව බාහිර වශයෙන් තහවුරු වී ඇතත් කාලයෙන් කාලයට භික්ෂුන් වහන්සේලා වැඩ වාසය නොකිරීමත් සොර සතුරු උවදුරුවලට ලක්වීමත් නිසා අභාග්‍ය සම්පන්න කාලයක්ද උදා වී ඇත. පහළ විහාරයේ ඇති බිතු සිතුවම්වලට වේයන් වැනි සතුන්ගේ හානි ඇති අයුරුද අද වනවිට දක්නට ඇත්තේ ඉහත ප්‍රශ්නවලට අමතරවයි. සැලව විහාරස්ථානයට මෙන්ම සැලව ගම්මානයට එම ගම්මානයේ ගොවිතැන් කටයුතු සිදු කිරීම පවා ජලය අදටත් ලබා ගන්නේ කුඩා ඔය සහ අවට කඳුවලින් ගලා එන ස්භාවික දිය පහරවල් වලිනි. ඒ නිසා මේ ප්‍රාදේශයේ ප්‍රධාන ජල සම්පත කුඩා ඔය පදනම් කර ගෙන පැවතීමද විශේෂ ලක්ෂණයකි. වෙහෙස මහන්සි වී වැඩ කරන ගමේ ගොවියන් සැන්ඳෑ යාමයේ කුඩා ඔයට බැස ස්නානය සිදු කරන අතර මේ ප්‍රදේශයේ හෙල් මැලි ක්‍රමයට සකස් කරන ලද වෙල් යාය නිසාත් අවට කඳු පන්ති කුඩා ඔය වැනි ස්වභාවික පිහිටීම් නිසා ඉතා අලංකාර වූ ප්‍රදේශයක් හැටියට පැවතීමද විශේෂ ලක්ෂණයකි.   


අසුපිනි ඇල්ල සහ මා ඔය සම්බන්ධයෙන් කරුණු සොයන මට පසුගිය දිනක මේ සම්බන්ධයෙන් ලියූ තවත් ලිපි කිහිපයක් සොයා ගැනීමට හැකි වූයේ කෑගලු පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථය මගිනි. සතර කෝරළයේ සාහිත්‍ය සංගමය මගින් ලියා පළ කර ඇති මෙම පොතෙහිද අපගේ ලිපියට වටිනා කමක් ඇති පුරාණ විස්තර කිහිපයක් තිබුණි.   


ඒ පොතෙහි 29 පිටුවේ අසුපිනි ඇල්ල සම්බන්ධයෙන් මෙවැනි ජනප්‍රවාදයේ පවතින රසවත් කථාවක් ඇත. එක්තරා රජෙකු සතුරු කරදරවලින් බේරිම සඳහා අසුපිනි ඇල්ල අසල පිහිටි ලෙනක සිය පුරෝහිතයාත් සමග විත් වාසය කර ඇත. රජු සඳහා රන් ඇඳක් ද සැරසිල්ලක් ලෙස රන් පුහුල් හතක් ද තබාගෙන තිබිණි. රජතුමා එතැනින් ඉවත්ව ගිය පසු මේවා එසේම තිබී නිධානයක් බවට පත්විය. පසු කාලයේදී මෙම තොරතුරු පිළිබඳ දැනගත් එක්තරා බමුණෙකු දෙබත්ගම ( දිප්පිටිය ගැවිලිපිය ප්‍රදේශයට පසු කරන විට තිබෙන ගම්මානයක් ) ප්‍රදේශයට පැමිණ වැන්දඹු ස්ත්‍රියක් සමග වාසය කර පිරිමි දරුවෙකු ලබා ගත්තේය. ඔහු නෑවීම සඳහා නිරන්තරයෙන් අසුපිනි ඇල්ල අසලට වළට රැගෙන ගිය අතර කුඩා කල සිටම පිහිනීමට පුරුදු කළේය. වැඩිහිටිවියට පැමිණි පසු ඔහු දක්ෂ පිහිනුම්කරුවෙකු විය.   


දිනක් මොහු අසුපිනි ඇල්ල අසල වළ හරහා පීනා ගොස් ලෙනට රිංගා එහි ඇති රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු තම පියාට දැන්වීය. එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පුතුට කීවේය.   


නිධානය ලබා ගැනීමට බිල්ලක් දිය යුතු විය. බමුණාට අවශ්‍ය වූයේ තම පුත්‍රයා බිල්ලට දී නිධානය ලබා ගැනීමටයි. උඳු, මුං ආදී පුළුටු ද දිය ගොඩ මස්ද, රතුමල් ආදියද තබා බමුණා, මන්ත්‍ර ජප කළේය. අනතුරුව ලෙනෙහි ඇති රන් පුහුලක් ගෙන එන ලෙස පුතුට උපදෙස් දුණි. පුතු ද පියා කී ආකාරයෙන්ම ලෙනට රිංගා රන් පුහුලක් ගෙන ආවේය. කෑදරකමින් රන් පුහුල අතට ගත් බමුණා එක් වරම සිය ඇදුම් අතර සඟවාගෙන සිටි කඩුව අතට ගෙන බිල්ල සඳහා පුතු මරා දැමුමේය. පසුව බමුණා රන් පුහුලත් රැගෙන හොර රහසේම පිටව ගොස් ඇත.   


ආඳත් නෑ බොඳත් නෑ.   


අසුපිනි ඇල්ලෙන් මිනීකඳ වළෙහි සිටි රත්රන් කඩුක්කන් සහිත විශාල ආඳෙකු දුටු එක්තරා පිරිසක් ආඳා අල්ලා ගැනීමට කතිකා කර ගත්හ. බිලී කොකු දමා ආඳා අල්ලා ගන්නට උත්සාහ කළ ද සියලුම බිලී ආඳා විසින් ගිල දමන ලදී. පිරිස කිසිවක් කර කියා ගත නොහැකිව සිටින විට ඇත් ගොව්වෙකු සිය ඇතා ද සමග උදව්වට පැමිණ ඇත.   


විශාල බිලියක් දමා එය බොඳා නමැති ඇතා ලවා අද්දවා දීමට ඉදිරිපත් විය. ඇතාගේ කර වට වරපටක් බැඳ බිලිය එහි අමුණා වළට දැමුවේය. බොඳා ගොඩටත් ආඳා දියටත් අදින්නට විය. අවසානයේදී ආඳාගේ ශක්තියට බොඳා මිනීකඳ වළ තුළට ඇදී ගොස් දියේ ගිලුණි. නියං සමයේදී ඇතාගේ දළ දෙක වළ ඇතුළේ දැනුදු දකින්නට ඇති බව ගැමියෝ කියති.   


එවකට අරණායක පොලිසියේ සේවය කරන ලද පෙරමුණ නැමැති ස්ථානාධිපතිවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අසුපිනි ඇල්ල සහ මා ඔය පරීක්ෂණ කටයුතු කරන ලද පිරිසකට අසුපිනි ඇල්ල ප්‍රදේශයේ ජීවත් වන අබේරත්න මහතාගේ නමද යෝජනා කර තිබුණේ මේ සම්බන්ධයෙන් එම පැමිණි කණ්ඩායමට තොරතුරු මාර්ග හා විස්තර රැසක් එතුමා පැහැදිලිව දන්නා නිසාවෙනි. එම පරීක්ෂණ කණ්ඩාම ගිය බොහෝ ස්ථානවලට කැඳවා ගෙන යාමේ මාර්ග උපදේශකයා අබේරත්න විය.


ඒම පරීක්ෂණ සිදු වන විට අබේරත්න මහතාට වයස අවුරුදු 32 ක් පමණ වෙයි. උතුවන්කන්දේ සිට ආරම්භ කරපු මේ අසුපිනි ඇල්ල තෙක් එම පරීක්ෂණ කටයුතු සිදු කළා. උතුවන්කන්ද ගල උඩට අසුපිනි ඇල්ල හොඳින් පේනවා. උතුවන්කන්ද එදා නිජ බිම කර ගත් සූර සරදියෙල් ද අසුපිනි ඇල්ලට සෙනෙහස ආදරය දැක්වූ පුද්ගලයකු ලෙස ඔවුන් විශ්වාසය පළ කළා. උතුවන්කන්දේ සිට බලන විට ඔහුට නිතරම පෙනුණේ අසුපිනි ඇල්ල. අදටත් අසුපිනි ඇල්ල සුන්දර විදිහට උතුවන්කන්දට ඈතින් පෙනෙනවා.   


සරදියල් නිරන්තරයෙන් මා ඔය දිගේ අසුපිනි ඇල්ලට පැමිණි බවද ජනප්‍රවාදයේ පවතිනවා. සරදියෙල් මිය යන තෙක්ම දකින ලද සුන්දර දසුන උතුවන්කදේ සිට අසුපිනි ඇල්ල පේන දර්ශනය බවද ගැමියෝ විශ්වාස කරන බව අබේරත්න මහතා මෙම පර්​ෙ‌ය්ෂණ කටයුතු සඳහා එම විශ්ව විද්‍යාල දරුවන් සමග ගමන් කරද්දී දැන ගැනීමට හැකි බව ද කියයි.   


උතුවන්කන්දෙන් පස්සේ මා ඔය අසබඩ පිහිටි වදමල්දෙනිය කියන ප්‍රදේශයට ආවා. එහිදී දැනගැනීමට හැකි වුණා. වදමල්දෙනියේ විශාල සද්ධන්ත කුලයේ හස්ති රාජයෙක් සහ අලි කිහිප දෙනෙක් හිටියා කියලා ආරච්චි වුණා. (මේ ස්ථානය පිහිටා ඇත්තේ අරණායක පරණ පොලිසිය පිහිටා ඇති ස්ථානයේය) එම ස්ථානයේ මෙම පරීක්ෂණ කටයුතුවලදී වාර්තා අරන් තිබෙනවා. එමෙන්ම මාවනැල්ලේ ගඩොල් පාලම පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලද ඔවුන් පවසන්නේ මාවනැල්ලේ ගඩොල් පාලම මාවනැල්ලට තිබෙන ඓතිහාසිකත්වය මවාපාන ප්‍රධාන ස්ථානයක් වූ බවයි.   


එමෙන්ම ඔවුන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒ දඩුවාව වලව්ව (උස්සාපිටිය හා හතරමං හන්දිය අතර කලාපයේ පිහිටා ඇත) එම ස්ථානයේද අලි ගාලක් තිබූ බවට සාධක මෙම පරීක්ෂණ කටයුතුවලදී ඔප්පු වුණා. ඊට පස්සේ උස්සාපිටියේ රත්වත්ත වලව්වට (අද වන විට එම ස්ථානය නවීන හෝටලයක් බවට පත් වී ඇත) එම ස්ථානය තමයි රත්වත්තේ මුල් පරම්පරාවේ නිවස පිහිටා තිබෙන්නේ. ඉන් පසුව තල්ගමුව ඔයවල් දෙක එකතු වන ස්ථානයට මේ එකතු වෙන ඔයවල් දෙක තමයි මා ඔය සහ අම්බුළුවේ සිට ගලා බසින කුඩා ඔය, ඊට පස්සේ නියනපලාවේ අලි වෙද මහතා හමුවීමට ගියා. එම ස්ථානයේද අලි ගාලක් තිබුණා.   


එතැනින් වේරගොඩ වලව්ව, මාවතගොඩ දිප්පිටිය රාජගිරි මල්පා විහාරස්ථානයට, වැලිමන්න විහාරස්ථානය, හකුරුගම්මන අරණායක අල්විස් අලි වෙද මහතාගේ නිවස, අරම පන්සල, ගල් කැපූ වළ කියන ස්ථානයේ තමයි හතර කෝරළයේ සහ මධ්‍ය පළාතේ මායිම තියෙන තැන සහ ඒ මායිමේ ඇති අකුරුමුල්ලේ ගල, මිනිකඳ මල, ඇත්දත් වලින් අසුපිනි ඇල්ල, උඩුවැල්ල ගම, අම්පිටිය පුරාණ පන්සල, පරගල වත්ත, පලාගල, රස්සාව වත්ත, රස්සාකන්ද යන දක්වා මෙම පරීක්ෂණ කටයුතු සිදු කළා. මම මේ කථාව කීවේ මාඔය අසබඩ තිබෙන බොහෝ දෙනෙක් නොදන්න මේ ස්ථාන ගැන අවබෝධයක් ලබා ගන්නටයි. එදා එම පරීක්ෂණවල අවසන් නිගමනයන් හා වාර්තා මම දන්නේ නැහැ. ඒ කාලේ අපේ තරුණ කාලේ නිසා වැඩි උනන්දුවක් කළේ නැහැ ඒ මහත්වරුන්ගෙන් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න යැයිද එතුමා මෙහිදී පැවසීය.   


මට හිතෙනවා සරදියෙල්ට ලැබුණු ශක්තිය ලැබුණේ මා ඔයෙන් කියලා මා ඔයෙන් නෑවේ ජීවත් වුණේ මා ඔය අසබඩ අදටත් බිලි ගන්න ස්ථානවලින්. සරදියෙල් ගියේ ගල්වලින් පැන්න මුත් කිසිදාක ඔහුට කරදරයක් වේලා නැහැ. උදේ පාන්දර අසුපිනි ඇල්ල දැක්කේ. ඒ වාගේම දැවැන්ත හස්තියන්ට පවා මා ඔය සරණක් වී ඇති බව මෙහිදී අපට දැන ගැනීමට ලැබුණා යැයිද පැවසීය.   

 

 


ඡායාරූප හා සටහන:- මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර



අදහස් (0)

අසුපිණි ඇල්ල අස්සේ රජෙකුගේ නිධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 14 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 11 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 19 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 29 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 38 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 15 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1270 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1534 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site