IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අශෝකගේ තිස්ස සොහොයුරා ලක්දිවට පලා ආවාද?

ඉතිහාසය

ප්‍රතිචාර

 

ඉතිහාසය ඉගෙනගැනීම පිණිස අසමි.   


මෙය ලියන මම සාමාන්‍ය පෙළ සමත්කමවත් ඉතිහාසය විෂයය පිළිබඳව නොලද්දෙක්මි. ගණන් කළ හැකි තරමේ සුළු ප්‍රමාණයක් පමණක් විවිධ කතුවරුන්ගේ ඉතිහාස පොත් කියවා ඇති මගේ හිතට නැගුණ අදහස් කිහිපයක් මෙසේ ලියමි.   


මෙම ලිපිය ඉතිහාසය පිළිබඳ විද්වතුන්ගේ විවේචනයට, විවාදයට, අවවාදයට, කරුණු පහදාදීමකට යන ඕනෑම තත්ත්වයකට යටත්වීම පිණිස ලියමි. සම්මත ඉතිහාසය වෙනස් කරන්නට යනවා යැයි චෝදනාවකට මා ලක්වේදැයි මම නොදනිමි.   


අශෝක අධිරාජයාට තිස්ස හෙවත් විගතාශෝක නම් සහෝදරයෙකු සිටි බවට ඉන්දීය ඉතිහාසය සැක සහිත ඉඟියක් දෙයි. (ඉන්දීය ඉතිහාසය - 1 කාණ්ඩය සිංහ සහ බැනර්ජි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 94 පිටුව)   


විගතාශෝක - (විගත + අශෝක) යන්නෙහි තේරුම වෙන්ව ගිය අශෝක යන්න නොවේද?   


ඒ අනුව දේවානම්පියතිස්ස යනු මුටසීව රජතුමා හදා වඩා ගත් අශෝක අධිරාජයාගේ සහෝදර ඝාතනයට බියෙන් මෙහි පලා ආ බවට සැක කළ හැකි එම අධිරාජ්‍යයාගේ තිස්ස (විගතාශෝක) සහෝදරයාද?   


මුටසීව රජතුමා හා එතුමාගේ දරුවන් කාරුණික මනුෂ්‍යයින් වූ බැවින් තිස්ස කුමරුට අනුකම්පා කොට ආරක්ෂා කරගත්තාද?   


තමා මෙන්ම, තමාගේ දරුවන්ද පාලනයෙහි අදක්ෂ සුකුමාර, අහිංසක පුද්ගලයින් වීම නිසා වඩාත් දක්ෂ ලෙස පෙනුණ තිස්ස කුමරුට රාජ්‍ය බාර දුන්නාද?   


එහෙත් එවිට මහජනයා නොකැලඹුණා දැයි සිතේ.   


වෙනත් අයුරකින් කල්පනා කළහොත් අශෝක අධිරාජයාට යටත්ව රාජ්‍ය තිස්ස කුමරුට පැවරීමට මුටසීව රජතුමාට සිදුවීද?   


මව් පාර්ශ්වය ගැන නොසලකා පිය පාර්ශ්වයෙන් පමණක් ජාති කුල ගෝත්‍ර උරුමවේ යැයි සිතුවහොත් මුටසීව රජතුමා ශාක්‍ය වංශිකයෙකි. 

 
දේවානම්පියතිස්ස රජතුමාට මෞර්ය වංශිකයෙකු ලෙස ඔටුනු පලන්ඳා දේවානම්පිය යන විරුද නාමය ආරෝපණය කළේ සැබැවින්ම ඔහු බින්දුසාර රජතුමාගේ දරුවෙකු නිසාද?   


මිහිඳු හිමියන් සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට එවන ලද්දේ දේවානම්පියතිස්ස රජු ඔවුන්ගේ ලේ ඥාතිවරයා නිසාද?   


මුටසීව රජතුමාට දරුවන් දස දෙනෙකු (පුතුන්) හෝ නව දෙනෙකු සිටියදී මහානාග යුව රජතුමා පමණක් විනාශ කිරීමෙන් තම දරුවාට රාජ්‍ය උරුමවේයැයි අනුලා බිසව සිතුවේ ඇයි?   


කතිකා කරගෙන මෙන් එම දරුවන් (මහාසිව, උත්තිය, සූරතිස්ස, අසේල) අවුරුදු 10 බැගින්ම රාජ්‍ය විචාළද? 

 
උත්තිය, මහානාග, මහාසීව, සූරතිස්ස, අසේල හැර ඉතිරි දරුවන් හට කුමක් වීද?   


ඉහත රජවරුන්ගේ දරු පරපුරුවලට කුමක්වීද?   


දේවානම්පියතිස්ස හා ඔහුගේ දරුවා සැබැවින්ම මෞර්ය වංශික වූ බැවින් ඔවුන් විනාශ කිරීමට යම් කෙනෙකු ඇටවූ උගුලේ අනුලා බිසව නිරපරාදේ හසුවූවාද? 

 
තමන් නොකළ වරදකට චෝදනා ලැබ සිටි අනුලා බිසව පැවිදි වුණාද?   


පිය පාර්ශ්වය ගැන පමණක් සලකා බැලූ විට පණ්ඩුකාභය රජුගෙන් පටන්ගත් කල දුටුගැමුණු, වළගම්බා, සීවලී (රේවතී) රැජිණ දක්වාම ශාක්‍ය වංශිකයෝය.   


එහෙත් ඔවුන් රාජ්‍ය විචාලේ ආරූඪ කරගත් මෞර්ය වංශිකයින්සේද?   


ඉන්පසු හදිසියේ පැන නගින ධාතුසේන රජතුමා ආරූඪ කරගත් මෞර්ය වංශිකයෙක් වූ සැබෑ ශාක්‍ය වංශිකයෙක්ද?   


එහෙත් සුභ රජතුමා වසභ නමැත්තන් මරද්දී ධාතුසේන නම් ඇති කුමරා බියෙන් පළායන්නේ ඇයි?   

 


සී. ජයවර්ධන



අදහස් (0)

අශෝකගේ තිස්ස සොහොයුරා ලක්දිවට පලා ආවාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site