IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත උපන් බ්ළිඳ‌ාට ජීවිතයේ එක් වරක් පමණක් දිය හැකි වටිනාම තෑග්ග

සුරතල් දරු සිඟිත්තකු මෙලොවට ද‌ායාද කරන්නට ඇඟිලි ගනිමින් සිටින ඔබට එම දරුවා වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් දිය හැකි උතුම් වටිනා වස්තුව දරුවාගේ නමයි. දරුවාට නම් තැබීමේදී මාපියන් වන ඔබ අතිශයින්ම බුද්ධිමත් විය යුතුය. ඕනෑම මාපියකුගේ මූලික පරමාර්ථය දරුවාට ලස්සන නමක්, එසේත් නැති නම් අන් අය භාවිත නොකරන නමක් තම දරුවාට තැබීමට උත්සාහ කිරීමයි. 


ලස්සන නමක් දරුවා වෙනුවෙන් තැබීම අවශ්‍ය වුවත් එම නම ලස්සන කියන්නා වූ ගුණාත්මකභාවයෙන් සම්පූර්ණ වීම පමණක් කිසිසේත් සාධනීය නොවේ. ඔබ විසින් තබා ගන්නා නම දරුවාගේ උපන් නැකතට අනිවාර්යයෙන්ම සීහෙන නැකතකින් විය යුතුය. එම සීහෙන නැකතට අනුව ගත් අක්‍ෂරය මවට, පියාට, සහෝදරයින්ට වෛරි අකුරක් නොවිය යුතුය. එසේම අඹතල චක්‍රය අනුව යෝනි බලා මහා වෛරී යෝනි අත්හැර නමට ඔබින අක්ෂරය යොද‌ා ගත යුතුය. 


අප නමට අකුරක් තෝරා ගැනීමේදී දිව්‍ය, මනුෂ්‍ය අක්ෂරවලට මුල්තැන දිය යුතුය. අපාය අක්‍ෂර යොද‌ා නොගැනීමට දැඩිසේ උත්සාහ දැරිය යුතුය. 


එසේම අලුත උපන් ජන්මියාගේ ජන්ම පත්‍රයට අනුව එහි බලවත්ම ග්‍රහයා තෝරා එයට ද ගැලපෙන ලෙස අක්ෂර තෝරා ගත යුතුය. එම අවස්ථාවේදී ද ග්‍රහයා බලවත් වුවත් උපන් නැකතට එම අද‌ාළ අක්ෂරය නොසීහේ නම් එම අක්ෂරය යොද‌​ා ගැනීම නොකළ යුතුය. 


මේ සියලුම ගුණාත්මකභාවයන්ගෙන් පරිපූර්ණ වූ අක්‍ෂරයක් අප නම සඳහා යොද‌ා ගත යුතුය. 


මෙසේ තෝරා ගන්නා අක්ෂරය නියම ආකාරයෙන් ගණ පිහිටුවා පංච භූත චක්‍ර අක්ෂර මිත්‍රාදී චක්‍ර අනුවත් සලකා බලා නම සෑදීම කළ යුතුය. 


මෙසේ සෑම ගුණයන්ගෙන්ම සම්පූර්ණ වූ නමක් තම බිළිඳ‌ාට තැබීමෙන් එම නම කියවන වාරයක් වාරයක් පාසා සෙත් කවියක් කියවනවා මෙන් ගුණ ලැබේ. සැප, බල, ආයු වර්ධනය වේ. ශ්‍රියාව වැඩේ. නිදුක් නිරෝගීභාවය ගෙනදේ. 


හෙට උපදින ඔබේ දරුවාට ශාස්තානුකූලව සැදූ ජන්ම පත්‍රයට අනුව, ශාස්ත්‍රානුකූල ආකාරයෙන් ගැලපෙන නමක් තබමු. 

 


ඩබ්ලිව්.එම්.පී. දමයන්ති 
නාමකරණ හා ජ්‍යොතිෂ විද්‍යා 
කැලණිය විශ්වවිද්‍යාලය



අදහස් (0)

අලුත උපන් බ්ළිඳ‌ාට ජීවිතයේ එක් වරක් පමණක් දිය හැකි වටිනාම තෑග්ග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site