IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අර්ධ කාල සර්ප ​ෙයා්ගයත් සමග උදාවෙන 2018 නව වසර

නව වසරක් උදාවන විට ලෝකවාසී ජනතාව තුළ ඉතා යහපත් නැවුම් බලාපොරොත්තු රැසක් මුදුන් පමුණුවාගෙන ගෙවී යන වසරේ කටුක අමිහිරි අත්දැකීම් අමතක කර සාමය සතුට සෞභාග්‍යයපිරි යහපත් මිනිස් සිතුවිලි තුළින් පෝෂණය වනු ඇත.  

2018 නව වසර උදාවත් සමග අහස් සිතියමේ උදාවනු ලබන ග්‍රහ තාරකා බලය මිනිස් සිතට මෙන්ම ස්වභාවධර්මයට තදින් බලපානු ඇත. එනම් ජනවාරි පළවෙනි දින සූර්ය උද‌ාවත් සමග ගුරුට හිමි ධනු රාශියත් අර්ධ කාල සර්ප ග්‍රහ යෝග බලයකින් යුතුව හා කුජට හිමි සිරස නැකතින් 2018 නව වසර උද‌ා වනු ඇත. මෙහිදී ලග්නාදිපති ගුරු ග්‍රහයා කුජ සමග යෝග කාරකව තමාට සතුරු රාශියක් වන තුලා රාශිගතව එකොලොස්වැනි භාවයේ ගමන් කරමින් සිටින අතර සෙනසුරු ග්‍රහයාද ධනු රාශියේ මන්දගාමි ග්‍රහ ගමනක යෙදෙනු ඇත. ලග්නයෙන් දෙවැන්නේ හෙවත් ධනස්ථානයේ කේතු සතුරුව හා ලග්නයෙන් අට වැන්නේ රාහු සතුරුව සිටින මොහොතේ අට වැන්නාධිපති සහ මිනිස් සිතට අධිපති සඳු ග්‍රහයා පාපි රාහු සහ කේතුට මැදි වී පාපි සෙනසුරුගෙන් හත්වැන්නේ සප්තම දෘෂ්ඨියකින් යුතුව තදබල ලෙස පීඩා විදිණු ඇත. මෙම අවස්ථාව විසම අර්ධ කාල සර්ප යෝගයක් වශයෙන් හඳුන්වනු ලබයි.  


මෙහිදී ජ්‍යොතිෂ සිද්දාන්ත මුල්කර ගැනීමේදී විශ්ව ශක්තීන්ගේ බලපවතින පංච මහ භූතයෝ වශයෙන් සැලකෙන ආපෝ - තේජෝ - වායෝ - පඨවි හා ආකාශ කියන බලශක්තීන්ද අයහපත් විෂ අර්ධ කාල සර්ප යෝගයේ ග්‍රහ කිරණට හසුවෙනු ඇත. මෙහිදී දින අධිපති සඳු ග්‍රහයාද දැඩි පීඩාකාරිත්වයට පත්වීමෙන් මිනිස් සිතුවිලි ද ව්‍යාකූලතාවට පත්වනු ඇත. දොළොස්වැන්නාදිපති හෙවත් වැය ස්ථානාධිපති කුජගේ නැකතකින් සමන්විත අවුරුදු උදාව ආර්ථීක වශයෙන් දැඩි අපහසුකම් මහ ජනතාවට දැනෙනු ඇත. වැය ස්ථානයේ බුධ ග්‍රහයා ගමන් කරන අතර ජාතික අධ්‍යාපනික වශයෙන්ද අවුල් සහගත ප්‍රශ්න රාශියක් උද්ගත වීමේ ප්‍රවණතාව වැඩිය. රාජ්‍ය කාරක රවි සහ සෙනසුරු සිකුරු සමග ධනු රාශියේ යෝගවීමද යහපතක් වශයෙන් දැකිය නොහැකිය. දේශපාලනික වහයෙන් රට අස්ථාවර වීම් ප්‍රධාන පක්ෂ අතර අභ්‍යන්තර බල අරගල වඩ වඩාත් ඉස්මතු වෙමින් ඇතැම් වගකිය යුතු නායකයින්ගේ තනතුරු පවා ගිලිහී යනු ඇත. කලා ක්ෂේත්‍රයේ නිරතවන අයටද එතරම් සුබ ද‌ායක තත්ත්වයක් මෙහිදී පෙන්නුම් නොකෙරේ. මිනිස් ජන ජීවිතයටද විවිධ ප්‍රශ්න ගැටලු හා වස විස සහිත රෝග විපත් සෞඛ්‍ය පිරිහීම් දුක් කරදරවලට මුහුණ පෑමට සිදුවනු ඇත.  


රටේ ජාතීන් හා ආගමික වශයෙන් විවිධ මතවාද භේද බින්නවීම් හා උගත් විද්වතුන් මෙන්ම කම්කරු සාමාන්‍ය ජනතාව අතරින් ඉස්මතු වන විවිධ වැඩවර්ජන උද්ඝෝෂණ නිසාවෙන් රාජ්‍ය දැඩි අපහසුතාවකට හා අපකීර්තියට පත්වනු ඇත. අප බලාපොරොත්තු නොවන ආකාරයේ ස්භාවික හානිද‌ායක විපත් මෙන්ම හදිසි රිය අනතුරු, ලේ වැගිරීම් ආහාරපාන විෂවීම් වැනි කණගාටු ද‌ායක සිද්ධින් මෙන්ම විෂම අර්ධ කාල සර්පයෝගයෙන් නව අවුරුදු උදාවට දැඩි ලෙස අහිත කර බලපෑමේ ගෙනදීමේ ප්‍රළවණතාව වැඩිය පොදුවේ ගත් කල සමස්තයක් වශයෙන් ලග්න දොළහටම මෙම අසුභවාදී ග්‍රහ කිරණ බලය ගලාඑනු ඇත. විශේෂයෙන් රාහු - කේතු සඳු සහ කුජ සෙනසුරු මහ දශා අතුරු දශාවන් බලපවතින අයට මෙහි ග්‍රහ පීඩාකාරී බව තදින්ම දැනෙනු ඇත. උද‌ාවන නව වසරේ සෞභාග්‍යය ළඟා කර ගැනීම පිණිස ඔබ කළ යුතු දේ බොහෝය.  


තම අාගම දහමට අනුව යුක්ති ගරුකව සමාජයට යහපතක් වන අයුරින් ගුණ ධාර්මික මෛත්‍රී කරුණාවෙන් ජීවන රටාවක් පවත්වාගෙන යනු ලබන යහපත් මිනිසුන්ට මෙහිදී ඉතා සැනසුම් සහගත සැනසීමක් ලැබෙනු ඇත. ඔබ සැමට සුභ නව වසරක් වේවා.  

 

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාරද   
ජේ.එම්. ජයන්ත ඒකනායක  
සියපත කාර්යාලය  
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල  
0773530607   



අදහස් (0)

අර්ධ කාල සර්ප ​ෙයා්ගයත් සමග උදාවෙන 2018 නව වසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site