IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අම්මෙක් අප්පෙක් වෙන්න කියාපු රට ස්වීඩනය

 

 

ඔබ දන්නවාද අම්මා කෙනකු හෝ තාත්තා කෙනකු හෝ වීමට සුදුසුම රටක් වන්නේ ස්විඩනය බව. ස්වීඩනය ස්කැන්ඩිනේවියානු රටකි. දූපත් සමූහයකින් සමන්විතය. පාලම් රැසකින් ඒවා එකිනෙක සම්බන්ධ වෙයි. එසේ ඉදිකරනු ලැබ ඇති පාලම් ගණන 50 කට වැඩිය. කුඩා දූපත් 14 ක් ස්වීඩනයට අයත් වෙයි. ස්වීඩනයේ අගනුවර ස්ටොක්හෝම් වන අතර ස්වීඩන ක්‍රෝනා භාවිත වන මුදල් ඒකකයි. ස්වීඩනයේ අසල්වැසියන් වන්නේ නෝර්වේ සහ ෆින්ලන්තයයි.


අම්මා කෙනකු හෝ තාත්තා කෙනකු හෝ වීමට ස්වීඩනය හොඳ රටක් වන්නේ ඇයි? ස්වීඩන රජය ස්වීඩන රාජ්‍ය සේවකයන් වෙනුවෙන්, මාපියන්ට නිවාඩු 480 ක් අනුමත කර තිබේ. ඊට මාතෘ නිවාඩු ද ඇතුළත්ය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට මවට සහ පියාට වැඩි අවස්ථාවක් දීම මෙසේ නිවාඩු ලබා දීමේ අරමුණයි. මෙම නිවාඩු 480, භාගයට භාගයක්, එනම් 50-50 බැගින් මව සහ පියා අතරේ බෙදෙයි. 


අලූත් තාත්තලා පළමු මාස තුන අනිවාර්්‍යයෙන් නිවාඩු ගැනීම කළ යුතුය. අවුරුදු 8 ට අඩු දරුවන් සිටින අම්මලා සහ තාත්තලාට රජය විසින් රාජකාරි කරනු ලබන වේලාව කෙටි කර ඇත.


දරුවන් අසනීප නම්, අම්මලා තාත්තලාට ප‍්‍රමාද වී රැකියාවට ඒමට හෝ කලින් යෑමට හෝ නිවාඩු ගැනීමට හෝ අවස්ථාව ලැබේ. එවැනි අවස්ථාවලදී ලැබෙන්නේ වැටුපෙන් සියයට 80 ක් පමණය. 


රජයේ අනුග‍්‍රහයෙන් පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ලොකු වැටුපක් හිමි නොවන අයගේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය සහ අවශ්‍ය සේවා හිමිවෙයි. දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන්, ලොව හොඳම රට ලෙස සැලකෙන්නේ ද ස්වීඩනයයි. 

 


ලූසිත ජයමාන්න
වර්ල්ඩ් ඉකොනොමික් 
ෆෝරම් ඇසුරිනි



අදහස් (0)

අම්මෙක් අප්පෙක් වෙන්න කියාපු රට ස්වීඩනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site