IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අපෙන් ඈත්වන අපේ සඳ

 

නොයෙකුත් කාලවලදී මානවයාගේ පැවැත්ම උදෙසා දායක වූ චන්ද්‍රයා ක්‍රම ක්‍රමයෙන් පෘථිවියෙන් ඈතට ගමන් කරන බව තාරකා විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. යම් දිනක චන්ද්‍රයා බොහෝ දුරස්ව විනාශවන බවත් එනිසා පෘථිවියද අස්ථාවර තත්ත්වයකට පත්වන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.   


විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි චන්ද්‍රයා නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.5 කට ඉහතදී අඟහරු ග්‍රහයා තරම් විශාල වූ තියා (Theia) නම් වූ ග්‍රහලෝකයක් පෘථිවිය හා ගැටීමෙනි. ගැටීමෙන් හටගත් පාෂාණ සුන්බුන් අහසට විසිවී ඇති අතර අවසානයේදී එම සුන්බුන් එකට බැඳි විෂ්කම්භය සැතපුම් 2165 ක් වූ (කි.මී. 3473) චන්ද්‍රයා නිර්මාණය වී තිබේ. අපගේ පෘථිවිය අංශක 23.5 ක් ඇලවී භ්‍රමණය වන්නේ මෙම ගැටීම හේතුවෙනි. මෙම අවධියේ චන්ද්‍ර ගෝලය තිබී ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් 15,000-20000 ක් දුරින් බව විද්‍යාඥයන්ගේ මතයයි. එදින සිට චන්ද්‍රයා පෘථිවියෙන් දුරස්ථ වෙමින් පවතින අතර වර්තමානයේදී එම දුර සැතපුම් 240,000 කි. (කි.මී. 385000) ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරන චන්ද්‍රයා රැඳි පවතිනුයේ පෘථිවියේ ඇති ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙනි. චන්ද්‍රයා සතුවද යම් ගුරුත්ව බලයක් පවතින අතර පෘථිවිය දෙසට ඇද ගැනීමේ බලයෙන් ගැලවීමට යත්න දරමින් සිටී. මෙම ඇද ගැනීමේ හා තල්ලු කිරීමේ සංසිද්ධියෙන් හටගන්නා ප්‍රතිඵලය ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පෘථිවි සාගරයේ ඇතිවන උදම් රළ ය. චන්ද්‍රයාගේ ගුරුත්ව බලයෙන් චන්ද්‍රයාට මුහුණ පා සිටින පෘථිවි සාගර ජලය  චන්ද්‍රයා දෙසට ඇද ගැනීම සිදුවන අතර ප්‍රතිවිරුද්ධ පෙදෙසේ නිෂ්ක්‍රීයතාව නිසා තවත් උදම් රළක් ඇතිවේ. පෘථිවිය පැයට සැතපුම් 1000 ක වේගයෙන් සූර්යයා වටා ගමන් ගන්නා නිසා උදම් රළ නිරතුරුවම චන්ද්‍රයාට මුහුණ පා සිටින සාගරයේ සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. උදම් රළ සංසිද්ධියෙන් හටගන්නා බලපෑමෙන් චන්ද්‍රයාගේ කක්ෂය තවත් ඈතට යන බව විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති. 


ඇපලෝ ගගනගාමීන් විසින් චන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ නියැදි නාසා ආයතනයේදී පරික්ෂා කර ඇති අතර ඒ අනුව චන්ද්‍රයා වසර මිලියන 50 ක් පැරණි බව (අපගේ සෞරග්‍රහ මණ්ඩලය ඇතිවූ මුල් අවධියේ) වාර්තා කර ඇත. 


මේ අනුව චන්ද්‍රයාගේ පෘෂ්‍ඨය පෘථිවියට වඩා බොහෝ පැරණි බැව් පෙනේ. චන්ද්‍රයා පෘථිවියෙන් ඈතට යන දුර ප්‍රමාණය විද්‍යාඥයින් විසින් ගණනය කරනුයේ ලේසර් කිරණ උපයෝගී කරගනිමිනි. නිව් මෙක්සිකෝ, ප්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ පිහිටි අභ්‍යවකාශ නිරීක්ෂණාගාරවලින් චන්ද්‍රයා මත අැපලෝ ගගනගාමීන් විසින් පිහිටුවන ලද පරාවර්ථක පුවරු වෙතට ලේසර් කිරණ යවා ඒ සඳහා ගතවන කාලය අනුව චන්ද්‍රයා පෘථිවියෙන් දුරස්වන ප්‍රමාණය අනාවරණය කරගනී. මෙම නිරික්ෂණවලින් චන්ද්‍රයා නිශ්චිත හා අනුකම්පා විරහිත ලෙස පෘථිවියෙන් ඈත් වෙමින් පවතින බව සොයාගෙන තිබේ. මේ හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ වේගයද අඩුවන බව විද්‍යාඥයෝ සඳහන් කරති.

 

තාරකා විද්‍යාඥයින් සඳහන් කරන පරිදි චන්ද්‍රයා පෘථිවියෙන් ඈත්වනුයේ වසරකට අඟල් 1.48 කිනි. (සෙ.මි. 3.78) මේ අනුව චන්ද්‍රයාගේ විනාශය සිදුවනුයේ වසර බිලියන 15 කින් පසුවය. මෙම සංසිද්ධිය සියැසින් දැක ගැනිමට පෘථිවිවාසින් කිසිවකුට නොහැකි වනු ඇත. මන්ද යත් විද්‍යාඥයන් ගේ මතය අනුව මානවයා වසර මිලියන 7.8 කදී වඳව යාම හේතුවෙනි.

 

ශාස්ත්‍රවේදී ඩී.ඩබ්ලිව්. ගුණතිලක 
තොරතුරු අන්තර්ජාලයෙනි. 



අදහස් (0)

අපෙන් ඈත්වන අපේ සඳ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site