IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අධෝවාතයක් නිසා ජෙරුසලමේ 10,000 ක් මැරිලා

 

 

අධෝවාතයක් නිසා හටගත් ගැටුමක් මුල්කොට ගනිමින්, පුරාණ ජෙරුසලමේ 10,000 ක් මියයෑමේ සිදුවීමක් ගැන වාර්තා වෙයි. වසර 2,500 කට පෙර සිදුවුණු මෙම සිදුවීම පිළිබඳව විස්තර සටහන්ව ඇතැයි පැවැසෙන්නේ රෝම ඉතිහාසඥ ෆ්ලැවියස් ජොසෙෆස් විසින් රචිත පොතකය.


ෆ්ලැවියස් එම පොත ලියා ඇත්තේ ක්‍රි.ව. 75 දීය. එහි නම ‘යුදෙව් සංග‍්‍රාම’ යන්නය. යුදෙව්වන්  රෝමවරුන් සමඟ යුද වැදුණු ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම පොතේ අඩංගු වෙයි. අධෝවාතයක් නිසා ගැටුමක් සහ තෙරපීමක් ඇතිවුණු බව පැවැසෙන්නේ, ක්‍රි.පූ. 600 ත් 500 ත් අතර කාලයේදීය. යුදෙව් සංග‍්‍රාම සම්බන්ධයෙන් ෆ්ලැවියස් රචනා කළ දෙවැනි පොතේ, එකළොස් වැනි පරිච්ෙඡ්දයේ සඳහන් වන අන්දමට එම සිද්ධිය මෙසේය.


මේ අවදියේ ජෙරුසලම රෝම පාලනය යටතේ පැවැතිණි. යුදෙව් උත්සව පැවැත්වෙද්දී, එම උත්සව සහ පූජනීය ස්ථානවලට රෝම සොල්දාදුවන් වැඩි වැඩියෙන් යෙදවිණි. ඒ, කැරලි ගැසීම් වැළැක්වීම සඳහාය. යුදෙව්වෝ සිය ගණනින් ඔවුන්ගේ ශුද්ධ වූ ‘පාස් ඕවර්’ දිනය සමරමින්, ආගමික වතාවත්වල යෙදෙමින් යුදෙව්වන්ගේ පූජනීය දෙවොලක් වෙත එක් රොක් වී සිටියහ. යුදෙව්වන්ට රෝම සොල්දාදුවන් නොරිස්සූ අතර, රෝම සොල්දාදුවන් ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම කළේ යුදෙව්වන් නොරුස්සන අයුරින් මොකක් හෝ නොහොඹිනා දෙයක් කිරීමය. 


දෙවොලට යොදවා සිටි රෝම සොල්දාදුවන් කීප දෙනකු සහ යුදෙව්වන්  අතරේ බහින්බස් වීමක් සිදුවිය. බහින්බස්වීම දුරදිග ගියේය. ඒ අවස්ථාවේ, එක් රෝම සොල්දාදුවෙක් ඔහුගේ අැඳුම පහත් කොට, පස්ස යුදෙව්වන් දෙසට හරවා, හිතාමතා අධෝවාතයක් පිට කර ඇත. ඒ, යුදෙව්වන්ට අපහාස කිරීමක් වශයෙනි. මෙය යුදෙව්වන්ගේ කෝපයට හේතුවක් වූ අතර, තමන්ට අපහාස කළ රෝම සොල්දාදුවා වට කර ගැනීමට ඔවුන් උත්සාහ දරා ඇත. සෙසු සොල්දාදුවන් ඊට හරස් වෙද්දී, දෙපිරිස අතර ගැටුමක් නිර්මාණය විය. ඒ සමඟ සීරුවෙන් සිටි රෝම සොල්දාදුවන්ගේ බළඇණියක් ද දෙවොලට පැමිණ තිබේ. එවිට සිය ගණනක් වූ යුදෙව් බැතිමතුන් අතරේ මහා කලබලයක් සහ තෙරපීමක් හටගත්තේය. ජීවිත හානි සිදුවී ඇත්තේ මේ තෙරපීමෙනි. ‘අධෝවාතයක් කළ හදියක්’ යනුවෙන් මෙම සිදුවීම ජොසෙපස් සිය වාර්තා අතරේ සටහන් කර තිබේ. 

 


ලූසිත ජයමාන්න
‘ද සන් ඇසුරිනි’

 



අදහස් (0)

අධෝවාතයක් නිසා ජෙරුසලමේ 10,000 ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site