IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අත්ලේ පිහිටි ලප වලින් හෙළි​ෙවන රහස්

අත්ලේ පිහිටන රේඛා, මණ්ඩලවල ස්වභාවය මෙන්ම අත්ලක පිහිටන විවිධ සලකුණු මගින්ද කෙනෙකුගේ ජීවිතයට බලපාන සුභ අසුභ තත්ත්වයන් විග්‍රහ කළ හැකිය. ඒ අයුරින් අත්ලේ පිහිටන විවිධ සලකුණු පිළිබඳව පසුගිය ලිපිවලින් විස්තර කළ ඔබට මතක ඇතැයි සිතමි. අද අපි විස්තර කරන්නේ තවත් එවැනිම සලකුණක් පිළිබඳවයි. ඒ අත්වල පිහිටන ලප පිළිබඳවයි.  

ලපය කියා හැඳින්වුවත් හැම එකක්ම රවුම් ආකාර නොවේ. නොයෙකුත් හැඬයට ඒවා පිහිටිය හැක. සමහර ඒවා දිගැටි හැඩයෙන් යුක්තවන අතර සමහර ඒවා තිතක් මෙන් පිහිටිය හැක. සමහර ලප ප්‍රමාණයෙන් ලොකු වුවත් පුංචි ලපද දැකිය හැකියි. පාට ගැන කිව යුත්තේත් ඒ ටිකමයි. හැම ලපයක්ම කළු නොවන අතර දුඹුරුපාට, රතුපාට ලපද පිහිටිය හැකියි. අත්ලේ පිහිටි කළු පාට ලපවලින් අසුභපල වැඩිවන අතර දුඹුරු හෝ රතු පාට ලපවලින් ඒ තරමට අශුභ තත්ත්වයක් නොවන බව හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි.  


සමහර අයගේ අත්වල උපතින්ම ලප පිහිටිය හැකි අතර සමහර අයගේ ටික කලකට ලප වැටිය හැකියි. මේ අයුරින් කුමන විදියේ ළප වූවත් අත​්ලෙන් එම ලප දර්ශනය වන තාක්කල් ඒවායෙහි විපාක ලැබෙන බව විශේෂයෙන් අමතක නොකළ යුතුය. මේ අයුරින් අත්ලේ යම් යම් ස්ථානවල ලප වැටීමෙන් ඇතිවන පළාපල කෙසේද කියා දැන් අපි සලකා බලමු.  


මණ්ඩලමත   


1. මේ සමග පළවන රූප සටහනේ 1 සටහන කර ඇති ස්ථානය දෙස දැන් බලන්න. ගුරු මණ්ඩලය මත වැටෙන එම ලපය සුභ පිහිටීමක් නොවේ. කොපමණ සැප සම්පත් තිබුණත් නිරන්තරයෙන්ම එය මානසික පීඩාවන් ඇතිවීමට හේතුවෙයි.  


2. මැදඟිල්ලේ මුල පිහිටි සෙනසුරු මණ්ඩලය මත පිහිටි ලපයෙන් හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවන බව පෙන්නුම් කරයි.  


3. නොයෙකුත් විදියේ නින්දා අපහාස විදීමට සිදුවෙන හෙයින් රවි මණ්ඩලයටත් ලපය අසුභය. එවැන්නන්ගේ ඇස්වල ආබාධ ඇතිවන අතර සමහර විට ඇස් අන්ද වීමටද හේතුවෙයි.  


4. අංකය සටහන් වී ඇත්තේ බුධ මණ්ඩලයේය. ලපය එම ස්ථානයේ පිහිටීම ස්නායු දුර්වලතා ඇතිවීමට හේතු වන්නකි.  


5. කැපීම්, කැඩීම්, වැටීම වැනි දෙයකින් තුවාල සිදුවිය හැකි බැවින් දෙවෙනි කුජ මණ්ඩලයටත් ලපය අසුභ පිහිටීමකි.  


6. චන්ද්‍ර මණ්ඩලයේ කළු හෝ රතු ලපයෙන් හදිසි විපතක් මූර්තිමත් වෙයි. අනුන් හට ණය වී පීඩා විඳින අයගේ අත්වලද ඉහත සලකුණු පිහිටිය හැක.   


7. යම් සමාජ රෝගවලින් පීඩා විදින අයගේ අත්වල එම සිකුරු මණ්ඩලය මත කළුලප දැකිය හැක. එම ලප දුඹුරු පැහැයෙන් යුතුනම් ඔහු හෝ ඇය නෂ්ට කාමයෙන් පෙළෙන අයෙකු බව සඳහන් වෙයි.  


8. වැනි අංකය සඳහන් වැදගත් ස්ථානය අයත් වන්නේ 1නි කුජ මණ්ඩලයටයි. කුජ ග්‍රහයා සටන් කාමියෙකි. මේ නිසා තුවක්කු, පිහි, කඩු කිනිසි වැනි අවි අයුධ වලින් මරණයට පත්වෙන අයගේ අත්වල මෙම පළමුවෙනි කුජ මණ්ඩලයෙහි කළු පාට ලප වැටිය හැක.  


9. මෙම ස්ථානය කුජ තලාව ලෙස හඳුන්වෙයි. මෙයත් කුජ ග්‍රහයාගේ බලපැම් ලබන ස්ථානයක්. අත්ලේ මැද පිහිටි කුජ තලාවේ ඇතිවන ලපයෙන් නඩුහබ හෝ සතුරු කරදර ඇතිවන බව පෙන්වයි.  


10. මහපටැඟිල්ලේ නිය පිහිටි පුරුකේ ඇති ලපයෙන් කියැවෙන්නේ එම අයට ස්නායු දුර්වලතාවක් ඇති බවය. එවැනි ලපයක් ඇත්තේ නම් ඔහුගේ හෝ ඇයගේ පියා මියගොස් තිබිය යුතුයි.  


11. මහපටඟිල්ලේ ඇති ලපයෙන් සතුරු කරදරයක් නිසා සිදුවන හදිසි විපතක් පෙන්නුම් කරයි   


12. කරන කියන කටයුතු සියල්ල නිශ්ඵලවන බව දඹර ඇඟිල්​ෙල් නිය පිහිටි පුරුකේ පිහිටි ලපයෙන් කියාපායි.  


13. මෙම ස්ථානයේ ලපය ඉතා අසුභයි. ඉතා සමීපව ඇසුරු කරන අයකුට කරදරයක්. විපත්තියක් සිදුවිය හැක.  


14. එම ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ ලපයද අසුභය. රැකියා සම්බන්ධ කරදරයක් පෙන්වයි.  


15. එම ලපයෙන් ඔහුට හෝ ඇයට මැලේරියාව වැනි බෝවෙන රෝගයක් වැලදෙන බව ප්‍රකාශවෙයි.  


16. ජලයාත්‍රාවක ගමන් කරමින් සිටින අවස්ථාවක සිදුවන අනතුරක් කියැවෙයි.  


17. පදිංචි ස්ථානයට සම්බන්ධ සතුරු කරදර බලපාන බව පෙන්නුම් කරයි.  


18. වෙදගිල්ලේ එවන් ලප නිසා ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටෙන බව මතක තබගන්න.  


19. සමාජ තත්ත්වයේ කිසියම් බිඳ වැටීමකට හේතුවෙයි.  


20. ඇස්.කන්, නාසා වැනි හිසට සම්බන්ධ ඉන්ද්‍රියක ආබාධ ඇතිවෙයි.  


21. සුළැගිල්ලේ නිය පිහිටි පුරුකේ ලපය අධ්‍යාපන කටයුතු වලට අසුභය.  


22. දුරදිග නොබලා කරන කාර්යයන්වලින් කරදර ඇතිවිය හැක.  


23. ජලය, ගිනි, සුළි සුළං වැනි ස්වභාවික හේතුවකින් තමාට ලොකු අලාභයක් සිදුවේ.  

 


රේඛාමත ලප සලකුණු  


කිසිම රේඛාවකට ලපයේ සලකුණ සුභ පිහිටීමක් නොවේ. උමතු රෝග හෝ උණ රෝග වැළදීමට හේතුවන බැවින් ජීවන රේඛාවට කළු ලපය අසුභය. ශීර්ෂ රේඛාවටත් ලපය අසුභ පිහිටීමක් වෙයි. මොලයට සම්බන්ද රුධිර නාළවල දුර්වලතාවන් නිසායි. එවැනි ලප පිහිටන්නේ හෘදය රේඛව මත කළු ලපයක් පිහිටීම හෘදයාබාදයක් හෝ වකුගඩු සම්බන්ද රෝගයක් ඇති බව පෙන්නුම් කරන අතර දෛව රේඛාවේ ලප දර්ශනය වේනම් අද‌ාළ වයස් සීමාවේදී තමාගේ ජීවන තත්ත්වයේ පහත වැටීමක් ප්‍රකට කරයි.   


සුඛ රේඛාවේ දිස්වෙන රක්ත වර්ණ ලපවලින් රක්තවාත රෝගයෙන් පෙළෙන රෝගියකු හඳුනාගත හැක. ඉහත ලපවලින් හෙළිවෙන දෝෂ මඟ හැරෙන විදියේ වෙනත් සුබ ලක්ෂණද සමහර අයගේ අත්වල පිහිටිය හැකි බැවින් සමස්තයක් වශයෙන් අනිකුත් ලක්ෂණද බලා පලාඵළ ප්‍රකාශ කළ යුතුය.  

 

 

 

 

 

 

 

 

 

 

 


හිඹුටානේ 
පියතිලක ද අල්විස්  
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට)  
මුල්ලේරියාව නව නගරය  
දු.අ 0112419574, 0716212020   



අදහස් (0)

අත්ලේ පිහිටි ලප වලින් හෙළි​ෙවන රහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site